"මේක මහ ජාතිවාදී රටක් ඕයි..."
________________
මොර සූරන වැස්ස... පැය බාගෙකටත් වඩා මහරගමට වෙලා බලාගෙන හිටියේ වැස්ස පායනකන් .. මොන මගුලක්ද .. යන්තං අඩු කරලා ආයෙත් වහිනව තිබ්බටත් වඩා හයියෙන්..
බලං ඉඳලම ඇතිවෙලා දැම්ම අත ත්රීවිල් එකකට...
"කොහෙටද..?" යන්තං ස්ලෝ කරපු ඌ ඇහුවා...
"රත්තනපිටියට"
"ඒ කොහෙද...?"
"120 පාරේ ... බොරලස්ගමුවට මෙහා.."
"මං යන්නේ අනිත් පැත්තට .."
එහෙම කියපු ත්රීවිල් අන්කල් යන්න ගියා..
යකෝ .. එතකොට මං හොයාගන්න ඕනේ මගේ පැත්තටම යන ත්රීවීල්කාරයෙක්ද..?
- ඊළඟ ත්රීවීල් එක -
"රත්තනපිටියට ය0"
"මීටරේට බෑ සර් .. වහින වෙලාවනේ .."
"හරි.. ගාන කීයද..?"
"ගිහින් බලමු සර් .. නගින්න"
"මීටරේට යන්නැත්තං ගාන කියල ඉන්න.."
"300 ක් දෙන්න ... ය0 .. ය0.."
මං අහක බලාගත්තා.. ඌත් ගියා...
ඔය විදියට සිංහල ත්රීවිල් 8ක් මට මර්සිය දාන්න සෙට් උනා...
දැන්නං මල .... මලේ මල....
ඇයි යකෝ ....වැස්ස පායන්නෙත් නෑ...
________________
ඔන්න ඊළඟට එනවා තව එකෙක්.. ඇතුල හිස්.. කවුරුවත් නෑ.. මම අත දාන්න පාරට එබෙද්දීම මූ නැවැත්තුවා අයින් කරලා...
උගේ සෙට් එක දාල තිබුනේ තමිල්නාඩුවටම ඇහෙන්න..
කොල්ල සෙට් එකේ සද්දේ අඩු කරා...
"රත්තනපිටියට යන්න පුලුවන්ද.."
"සරි .. නගින්ඩ අයියා.." එහෙම කියන ගමන් ත්රීවිල් මල්ලි සෙට් එකේ සද්දේ ලාවට දැම්ම..
දෙමල සින්දුවක් .... ලස්සන සින්දුවක්... හැබැයි, මට තේරෙන්නේ නෑ මෙලෝ දෙයක්... ලවු සෝන්ග් එකක් වෙන්න ඇති ෂුවර් එකටම ... සිංදුවේ තාලෙන්ම මට හිතුණා ...
"මාර වැශ්ෂ අයියා...මම කෝට්ටේ හයර් එකක් ගිහිං එන ගම0 ......"
ත්රීවීල් මල්ලි හරි සුහදව හිනාවෙවී දිගටම උගේ විස්තර කියනවා... ඌ කොළඹට ආවේ හැටන්වලින්ලු - අවුරුදු 7කට කලින් .. හන්ඩ්රඩ් ප්රසන්ට් ටැමිල් කියල කතාවෙන් තේරෙනවා.. ත්රීවිල් මල්ලි මහා ගොඩාක් දේවල් කියෝනවා...
හැබැයි, කිසිම විදියකින් ඌ ජාතිබේදේ ගැන කතාකරේ නෑ.. මම කතා කරෙත් නෑ... (හැබැයි මගේ හිතේ තිබ්බ..) කොහොමටත් ඒ ඇරෙන්න කතා කරන්න දේවල් ඌට තිබුණා ...
හෙන ට්රැෆික් එක මැද්දෙන් කිසි කලබලයක් නැතුව ඒ මල්ලි බෝඩිම ළඟටම මාව ගෙනාවා..
මීටරේ 142/- යි
මම 150/- ක් දුන්න ..
මෙන්න මූ මට ඉතුරු 10/- ක් දෙනවා...
ඌ එල කොල්ලෙක් ...මට හිතුණා...
හැබැයි,...
අමතක කරන්නෙපා.....
මේක ජාතිවාදය පිරුණු රටක්...
(සඳුන් 2017.10.06 - ප.ව. 7.40 විතර )Sandun Madhuwantha Premarathne

උන්ගෙ කෑම එහෙම රසයි
මුස්ලිම් උන් තමා අවුල 