මේක සිරා සිද්ධියක්! උදව්වක් urgent ඕනේ!!! විහිළුවක් නෙවෙයි.

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඕකට කොහොමද යකෝ එලකිරි එකේ එකෙක් හරියට උත්තරයක් දෙන්නේ ඒකිව දන්නෙත් නෑ දැකලත් නෑ උබේ යාලුවා කොහොමද දන්නෙත් නෑ අඩුම තරමේ තෝ කොහොම එකෙක් ද කියලත් දන්නේ නෑ..මේකේ උන් කියාවි උන් ඔයවගේ දෙයක් මුහුන දුන්නොත් මොකද කරන්නේ කියලා ඒක එක එකාට වෙනස්.උබම හිතපන් ඒ කෙල්ල ඇත්තටම හොදයි කොල්ලත් හොදයි දෙන්නම බැදලා ආදරෙන් ඉදීවිද නැද්ද කියලා කොහොමද කියන්නේ? හැම එකකම risk එකක් තියෙනවා..මොකද ඔහොම divorce වෙලා පස්සේ බැදලා හොදට ඉන්න අය ඉන්නවා නැති අයත් ඉන්නවා නේ බන්...මේකේ උන් කියාවි එක එක ඒවා උබ හිතලා බලලා ඔච්චරම ඕනනම් යාලුවා එක්ක බොක්කෙන් කතා කරලා බලපන්..කරන උදව්වක් හිතලා මතලා කරපන් නැත්නම් ඕවා උබේ පස්සෙන් එන්නත් බැරි නෑ ඒ කිව්වේ "තෝ කිව්ව නිසා කලේ වගේ" උබේ මතය නෙමෙයි අදහස් කියපන් ඌ තීරණයක් ගනී
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    යාළුකමට අනුන්ගේ කුණ්ඩවාල කර නොගහ හිටපිය 🤣
    අනාගතය දකින්න පුළුවන් එකෙක්ට හැර වෙන එකෙක්ට ඕකට 100%ක් ඇකියුරේට් උත්තරයක් දෙන්න බෑ

    ඒකනිසා අනුංගෙ සීනී ඕනවට වඩා නොකිර ඉඳපං. ඒක තමයි මගේ උපදෙස.
    :yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,830
    21,156
    113
    adala nene
    ඤානක්කගෙන් ඇහුවා නම් මොකො අනාගතයේ වෙන දේවල් දන්නෙ එයා තමා.

    ප.ලි : ගෑනු කේස් සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති බැවින් උපදෙස් දිය නොහැක
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,394
    6,557
    113
    ඉස්සෙල්ලම අපි තුන් වේල කන්න ක්‍රමයක් හදාගෙන ඉමු.
    අස්ථිර ලෝකේ ස්ථීරයි කියලා දෙයක් නෑ. ළමයෙක් ඉන්න එක ගැටළුවකුත් නෑ.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අවුරුදු 32 වෙලා ළමයි හදන්න බෑ කියන උඹේ යාලුවට 9 වසරේ සෞඛ්‍ය පොත දීපන්.
    ඌ කියන්නේ එහෙම දෙයක් ගැන නෙවෙයි බං. ඌ කියන්නේ අවුරුදු 32 දී දරුවෙක් හදන්න හොඳටම පරක්කු වැඩියි කියල. අවුරුදු 32ක් වෙලා තාම බැඳලත් නැහැ. ඌ ගෑනු කෙනෙක් හොයාගෙන කසාද බැන්දා කියමු. කසාද බැඳලා පළවෙනි දරුවා ඉපදෙද්දී අවුරුදු 33ක්, 34ක් වේවි කියලයි ඌ කියන්නේ. ඒ විදියට කසාද බැන්දොත් ඌට දරුවෝ දෙන්නෙක් හදන්න වෙයි කියලත් අදහසක් තියෙනවා. ඒක norm එක නිසා. එහෙම වුනොත් දෙවෙනි දරුවට අවුරුදු 18ක් වෙද්දී ඌ විශ්‍රාම ගන්න වයසේ ඉඳියිලු. මැදි වයසේදී ළමයි හදන කට්ටිය ඕනේ තරම් හිටියත් උගේ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අනික ඌ කියන්නේ අලුතින් බබාලා හදලා ඇති දැඩි කරන්න තරම් ලොකු කැප කිරීමක් ඌ ඉන්න තත්වේ අනුව ප්‍රායෝගිකව කරන්න බැහැ කියලා.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    අඩේ මට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙලා තියෙනවා. මීට කලින් ත්‍රෙඩ් දෙකකම ඇහුවට හොඳ උත්තරයක් නැහැ. ඒ හින්ද මමම ත්‍රෙඩ් එකක් හදාගෙන ඇවිල්ල තමා මේ අහන්නේ. උඹල හිතයි රටේ මෙච්චර් ප්‍රශ්න තියෙද්දී මේ වගේ ප්‍රශ්න අහන්න මට මොංගල්ද කියල. මේක මහලොකු ප්‍රශ්නයක් වගේ නොපෙනෙන අයත් ඇති. ඒත් උඹලගේ අත්දැකීම්, දැනුමෙන් හරි උත්තරයක් දියල්ල මචන්ලා.

    මගේ යාලුවෙක් ඉන්නවා. වයස 32යි. ඌට කෙල්ලෙක් ඉඳලා නැතුව දැන් කෙනෙක් හොයාගෙන. ඇත්තටම වයස 37, 38 තරමේ කෙනෙක්. වැඩේ කියන්නෙ ඒකිට වයස 6ක, 7ක ළමෙකුත් ඉන්නවා. දික්කසාද හෝ වෙන්වෙලා ඉන්නෙ. මම මොනවත් කිව්වේ නැහැ, උගේ තීරණයක් නිසා. පොරත් උගත්, හොඳ රස්සාවක් තියෙන එකෙක්. ගෑනු කෙනා උනත් වාසියට ඌට හේත්තු වුනා කියල හිතන්න බැහැ. එයාටත් හොඳ ගෙයක්, වාහනයක්, රස්සාවක් හෙම තියෙනවා. කොටින්ම ඒ ගෑනු කෙනා දැක්කම මටත් හිතුන මූ කැමති වෙච්ච එක පුදුමයක් නෙවි කියලා. ඇත්තටම ලස්සනයි. තරුණ පෙනුමක් තියෙන්නේ.

    මූ කියන්නෙ දැන් උගේ වයසත් 32ක්‌ නිසා අලුතින් දරුවෙක් හදන්නත් බැහැ, පොඩි බබෙකුට කැප කිරීමක් කරන්නත් ඌට අමාරුයි කියල. ඒ ගෑනු කෙනාගේ දරුවත් හොඳ හැදිච්ච කෙනෙක් නිසා ඒ දරුවාව ආදරෙන් බලා කියාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්ලු. ඒක නම් ඌ කරයි, මොකද ඌ පට්ටම අහිංසකයි. කිසිම රණ්ඩුවකට යන්නෙ නැහැ.

    අනික පරිණත ගෑනු කෙනෙක් නිසා මෙයාට ජීවිතේ ගැන හොඳ අවබෝධෙකුත් ඇතිලු. මුදල් පැත්තෙන් ස්ථාවර වුණ ගෑනු කෙනෙක් නිසා තරුණ පියරු බබාලා වගේ හැම දේම ඇඟේ එල්ලීගෙන ඉල්ලන්නෙත් නැතිලු. අනික තරුණ වයසේ ලස්සන ගෑනු, බබාලා හම්බ වුණාට පස්සේ කැත වෙන නිසා මූට විවාහ ජීවිතෙත් එපා වේවිලු. දැන් මේ ඉන්න ගෑනු කෙනා මැදි වයසේ, දරුවෙකුත් ඉන්න කෙනෙක් වුණත් ලස්සනට ඉන්න නිසා එතනත් ගැටළුවක් නැතිලු. අනික ඌ එච්චර ලස්සන නැති නිසා තරුණ, ලස්සන, නිකැළැල් කෙනෙක් හොයාගන්නම බැරිලු.

    මේවා ඔක්කොමත් කියලා මූ මගේ අදහස ඇහුවා. මාත් එච්චර හිතන්නේ නැතුවම කිව්වා උඹේ කැමැත්ත ඒක නම් ඒ විදියට කරපන් කියලා. මේ වගේ ත්‍රෙඩ් දකින හැම වෙලාවෙම මගේ අතින් වරදක් වුනා කියල හිතෙනවා. උගේ දෙමවුපියෝ මාව දන්නවා බං. උන් දෙන්න ඕක දැනගත්තොත් පපුවත් පැලිලා මැරෙන්නේ. 😭😭😭

    තාමත් සිද්ධිය අනිත් පැත්තට හරවන්න පුළුවන්. මෙතන අත්දැකීම් ඇති එකෙක් කියපල්ලා. වඳින්නම්! ඌ අමාරුවේ වැටෙයිද? හරි, උගේ හිතෙන් ඕක අයින් කරලා දැම්මත් ඌ කියනවා වගේ කවමදාවත් ඌට ආදරයක් නොලැබුනොත්? ඇත්තටම ඌ කොච්චර හොඳ එකෙක් වුණත් මූණ අවුල්. පව් බං! ඔය වගේ දෙකට උත්තරයක් දෙන්න තරම් මටත් අත්දැකීම් නැහැ. මමත් සිංගල්. මටත් මීට කලින් තිබිච්ච ප්‍රශ්න නිසා සම්බන්ධතා කැඩුනා. ඒත් මේ වෙලාවේ උගේ ප්‍රශ්නෙ විසඳලා දෙන්න ඕනෙ. නැති නම් මටත් විඳවන්න වෙයි. මේක සීරියස්. ජෝක් නෙවෙයි. මට දැනගන්න ඕනෙ සිංගල් මම් කෙනෙක් බැන්දම උගේ ප්‍රශ්න විසඳෙයිද? ඌ තවත් ප්‍රශ්න වලට මැදි වෙයිද?
    Mcn ocata cynwa nm menna mehema
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඌ පැතුම් කරනර් වේගෙනං පේනවනෙ පැතුම්ට වයිෆ් සලකන විදිහ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඌ මම කිව්වේ උඹ කෑමති දේ කරපං. මෙක උඹේ ජිවිතේ, අනිත් එවුන්ට ඒකෙ තීරණ ගන්න දෙන්න එපා බන්. උඹ තිරණ ගන්න බය නම් බූරු පුතාට, ලපයට අද වෙච්ච දේ ගැන හිතපන්.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    වෙන කන්සිකුවන්ස් වල රෙස්පොන්සිබිලිටි එක බාරගන්න පුලුවන්නම් ඒකට ගට තියෙනවනම් විතරක් කැමති දෙයක් කරන්න කියන්න...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කසාද බදින්නයි වාහන ගන්නයි කිසිම එකෙක්ට උපදෙස් දෙන්න එපා
     
    • Like
    Reactions: awjas2621