මේක_පිස්සු_ලෝකයක්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේක_පිස්සු_ලෝකයක්

    මේක පිස්සු ලෝකයක්


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්‍රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්‍රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්රෙතඩ් එකේ අවසානය බලන්න.


    divider_95.gif


    මේක පිස්සු ලෝකයක්

    417163_327745603934696_268458809863376_965968_1082095908_n.jpg


    කාන්තාව :- ඩොක්ටර් මට ප්‍රශ්ණයක්. මගෙ දරුවට තාම අවුරුද්දක්වත් නෑ. ඒත් මට ආයෙ දරුවෙක් ලැබෙන්න යනවා.

    දොස්තර :- හොඳයි ඉතින් මගෙන් මොකක්ද වෙන්න ඕනෙ?

    කාන්තාව :- මේ දරුවව අයින් කරන්න තමයි ඩොක්ටර්. ඩොක්ටර්ට පුලුවන් මට උදවු කරන්න.

    දොස්තර :- ඒත් මේ දේ ඔයාගෙ ජීවිතේටත් අනතුරක් වෙන්න පුලුවන්.

    කාන්තාව :- ඒත් ඩොක්ටර්... මට මේක කොහොමහරි කරගන්න ඕනෙ.

    දොස්තර :- නෑ මම ඊට වඩා හොඳ විසඳුමක් කියන්නම්. ඒක ඔයාගෙ සෞඛ්‍යටත් හොඳයි.

    (කාන්තාව හිතනවා දොස්තර වැඩේට කැමති උනා කියලා)

    දොස්තර :- ඔයාට ප්‍රශ්ණෙ තියෙන්නෙ එක පාරට ළමයි දෙන්නෙක් බලාගන්න බැරි එකනෙ.

    කාන්තාව :-
    ඔව් ඩොක්ටර්.

    දොස්තර :-
    ඉතින් ඔයාගෙ ගෙදර ඉන්න බබාව ඔයාගෙ අතින්ම බෙල්ල කපලා මරලා දාන්න.

    කාන්තාව :- අපොයි ඩොක්ටර් ඒ මොන අපරාධයක්ද?

    දොස්තර :- ඉතින් මේ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නැහැ. දෙන්නම දරුවො. වෙනස තියෙන්නෙ ඒ අපරාදේ ඔයා මගෙ අතින් කරවන්න යන එකයි. ඊට වඩා ඔයාගෙ අතින්ම කලානම් ඒක හොඳයිනෙ.

    දරු ගැබක් කියන්නෙත් ජීවිතයක්. තප්පරයක් තප්පරයක් පාසා මේ ලෝකෙ එළිය දකින්නත් කලින් මරාදාන ඒ අහිංසක දරුවන් ගැනත් මදක් හිතන්න. ඔවුන්ට මේ ලෝකෙට එන්න අයිතියක් නැද්ද? ඇයි ඒ අහිංසක දරුවට ජීවිතේ බාගෙට දීලා සරදමක් කරන්නෙ. කාටවත් කියන්න බෑ මට මේ දරුවා කුසට ආවේ පාරේ බිම බලාගෙන ඇවිදගෙන යද්දි කියලා. නැත්තන් මේ දරුවා පොතක් බල බල ඉද්දි කුසට ආවා කියලා. තමුන්ගෙ උවමනාවෙන් කරගන්න දේකට අහිංසක දරුවෙක්ගෙ ජීවිතයක් පළිද?


    divider_95.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා බොරදියේ මාළු බෑම සඳහා ත්රේඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    විශේෂ ස්තුතිය

    මාව අතක් පයක් නොකඩ මේ තත්වෙට උස්මහත් කරපු මගේ දෙමාපියන්ට,
    මාහට දැනුම ලබා දුන් මගේ ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට,
    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්‍රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට සහ මෙම ත්‍රෙඩ් එක පොස්ට් කරපු මොහොතේ සිට දිවා රෑ නොබලා මෙම ත්‍රෙඩ් එක මිහිපිට වෙනත් වෙබ් සයිට් එකක හෝ බ්ලොග් එකක තිබේ දැයි නිදි නොලබා පරීක්ෂා කිරීමට වෙහෙස මහන්සි වෙන මහත්ම මහත්මීන්ට,
    අවසාන වශයෙන් මේ ත්‍රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    20694550.jpg
     
    • Like
    Reactions: randitha chathumal