මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටියේ
'මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටියේ බිරිඳට විකෘති ලිංගික හිංසන කරමින්': මුසාවාද නොකියනු..!-මුසල්මානුවෙකුගෙන් චම්පිකට බුදු දහම සිහි කැඳවන විවෘත ලිපියක්----------
දශක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී හැඟීම් ඇතිකර ගත්හ. නමුත් සිදුවෙමින් පවතින්නේ නැවත වාරයක් වාර්ගික හා ආගමික වෛරය වැපිරීමේ ඉතාම පහත් අන්තවාදී ව්‍යාපෘති කිහිපයකි. මෙරට අති මහත් බහුතරයක් වූ සිංහල බෞද්ධ යහ මිනිසුන්ගේ සිත් තුල මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම අරමුණු කොට ගත් බුදු දහමේ හා සිංහල ජාතියේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරන්නට විවිධ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක විය. මෙම සංවිධාන රටේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් බොහෝ විට නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ වක්‍ර ආශීර්වාදය ඇතිව ක්‍රියාත්මක වන්නට වුහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දර්ගා නගරය, අලූත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මිනිස් ඝාතන මංකොල්ලකෑම් නිවාස හා ව්‍යාපාර ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමේ සංවිධානාත්මක ම්ලේච්ඡ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම ම්ලේච්ඡත්වය සාධාරණීය කිරීමටත් එය මුස්ලිම් වරුන්ගේ ගිණුමට බැර කිරීමටත් ගෙන යන ප්රචාරයේ මූලිකත්වය පාඨලී චම්පික ගරු ඇමතිතුමා භාරගෙන ඇති බව මාධ්‍ය තොරතුරු මගින් පෙනෙන්නට ඇත. එනිසා එතුමා ඉදිරිපත් කරන චෝදනා කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෙම විවෘත ලිපිය ඔහුට යොමු කරමු.
ගරු චම්පික ඇමතිතුමනි,
ඔබතුමා උගතෙක් හා සමාජ වගකීමක් දරන ඇමතිවරයෙක් හා දේශපාලනඥයෙකු ලෙස අපි පිළිගන්නෙමු. නමුත් අවාසනාවට මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම උදෙසා සත්‍යයෙන් බැහැරවූ පහත සඳහන් ඔබතුමාගේ ප්‍රකාශන ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට කිසිසේත්ම සුදුසු නැතැයි විශ්වාස කරන්නෙමු.