මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

mage diviya

Member
Dec 27, 2013
174
38
0
මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටිය&#3546

'මේජර් ෆස්ලි ලා යුද්ධ කරද්දී චම්පික හිටියේ බිරිඳට විකෘති ලිංගික හිංසන කරමින්': මුසාවාද නොකියනු..!-මුසල්මානුවෙකුගෙන් චම්පිකට බුදු දහම සිහි කැඳවන විවෘත ලිපියක්----------

දශක තුනක කුරිරු යුද්ධය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවාසී සැවොම නැවුම් හා ශුභවාදී හැඟීම් ඇතිකර ගත්හ. නමුත් සිදුවෙමින් පවතින්නේ නැවත වාරයක් වාර්ගික හා ආගමික වෛරය වැපිරීමේ ඉතාම පහත් අන්තවාදී ව්‍යාපෘති කිහිපයකි. මෙරට අති මහත් බහුතරයක් වූ සිංහල බෞද්ධ යහ මිනිසුන්ගේ සිත් තුල මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම අරමුණු කොට ගත් බුදු දහමේ හා සිංහල ජාතියේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමින් කටයුතු කරන්නට විවිධ අන්තවාදී සංවිධාන ක්‍රියාත්මක විය. මෙම සංවිධාන රටේ නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් බොහෝ විට නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන මුදලින් වැටුප් ලබන නිලධාරීන්ගේ වක්‍ර ආශීර්වාදය ඇතිව ක්‍රියාත්මක වන්නට වුහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දර්ගා නගරය, අලූත්ගම සහ බේරුවල යන ප්‍රදේශවල මිනිස් ඝාතන මංකොල්ලකෑම් නිවාස හා ව්‍යාපාර ස්ථාන ගිනිබත් කොට විනාශ කිරීමේ සංවිධානාත්මක ම්ලේච්ඡ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. මෙම ම්ලේච්ඡත්වය සාධාරණීය කිරීමටත් එය මුස්ලිම් වරුන්ගේ ගිණුමට බැර කිරීමටත් ගෙන යන ප්‍රචාරයේ මූලිකත්වය පාඨලී චම්පික ගරු ඇමතිතුමා භාරගෙන ඇති බව මාධ්‍ය තොරතුරු මගින් පෙනෙන්නට ඇත. එනිසා එතුමා ඉදිරිපත් කරන චෝදනා කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෙම විවෘත ලිපිය ඔහුට යොමු කරමු.

ගරු චම්පික ඇමතිතුමනි,

ඔබතුමා උගතෙක් හා සමාජ වගකීමක් දරන ඇමතිවරයෙක් හා දේශපාලනඥයෙකු ලෙස අපි පිළිගන්නෙමු. නමුත් අවාසනාවට මුස්ලිම් පිළිකුලක් හා මුස්ලිම් භීතිකාවක් ඇති කිරීම උදෙසා සත්‍යයෙන් බැහැරවූ පහත සඳහන් ඔබතුමාගේ ප්‍රකාශන ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට කිසිසේත්ම සුදුසු නැතැයි විශ්වාස කරන්නෙමු.
 
  • Like
Reactions: shamrincool

mage diviya

Member
Dec 27, 2013
174
38
0
1. 'දර්ගා නගරයෙන් බෝම්බ පනස් පහක් සොයාගෙන ඇත. අල් කයිඩා තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මුස්ලිම් අන්තවාදයක් මුස්ලිම් ත්‍රස්තවාදයක් හා ජිහාද් සංවිධාන රටේ ක්‍රියාත්මක වෙමින් පවතී'.

ගරු ඇමතිතුමනි, මෙම පෙට්‍රල් බෝම්බ පනස් පහ සොයා ගනු ලැබුවේ අලූත්ගම මායිමේ පිහිටි කළුවාමෝදර ප්‍රදේශයේ ඇති සිරිපති පාරේ බෝක්කුවක් යට තිබීය. කළුවාමෝදර මුස්ලිම් ජනයා ජීවත්වන ප්‍රදේශයක් නොවේ. මෙය සිංහල ජනයා රැස්කර තැබූ බෝම්බ බවට නිශ්චිත මතයක් ප්‍රකාශ කරන්නට තරම් මෝඩ මුසාවාදයක් උපයෝගී කර ගැනීමට අප සුදානම් නැත. මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුවෙමින් තිඛෙන තත්ත්වයේ මෙය මුස්ලිම් වරුන්ගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට ඉදිරිපත් වීම සහතික වශයෙන්ම ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට නුසුදුසු දෙයක් ලෙස අපි දකින්නෙමු. එසේ ප්‍රකාශ කිරීම සත්‍යය වශයෙන්ම මුසාවාදයකි.

විභංග පාලියෙහි දක්වා ඇති පරිදි සම්මා වාචා යනු:

''තත්ථ කතමා සම්මා වාචා ?
මුසාවාදා වේරමණී,
පිසුනා වාචා වේරමණී,
පරුසාවාචා වේරමණී,
සම්ඵප්‍රලාපා වේරමණී,
අයං වුච්චති සම්මා වාචා''

මෙහි අර්ථය: සම්මා වාචා කවරේද යත්, මුසාවාදයෙන් වැළකීමය, පිසුනාවාචයෙන් වැළකීමය, පරුසා වාචාවෙන් වැළකීමය, සම්ඵප්‍රලාපයෙන් වැළකීමය යන මේවා සම්මා වාචා නම්වේ.

බෞද්ධ ඉගැන්වීම් අනුව මුසාවාදයේ ආනිශංස පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

අන්‍යයන් මුලාවට පත් කරන වාචික අකුසල කර්මය මුසාවාදයයි. යම් පුද්ගලයෙක් මුසාවාදය පුරුදු පුහුණු කරන ලද්දේද හෙතෙම මරණින් මතු නිරයෙහි උපදී, තිරිසන් යෝනියෙහි උපදී, ප්‍රේත ලෝකයෙහි උපදී, එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි උපන් කළ අන්‍යයන්ගේ නින්දා අපහාස ආදියට ලක්වේ. එසේම දුගඳ මුඛයක් ඇත්තෙක් වෙයි. අඥානයෙක් වෙයි, ගොළුවෙක් වෙයි. අප්‍රිය සිරුරක් ඇත්තෙක් වෙයි.

ගරු ඇමතිතුමනි, මෙම කරුණු ඉතා භයානකය. අප ප්‍රකාශ කරන කරුණු පිළිබඳව කෙතරම් ප්‍රවේශම් විය යුතු ද යන්න මෙයින් පැහැදිලිවනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඔබතුමා අල් කයිඩා හා මුස්ලිම් ත්‍රස්තවාදයක් පිළිබඳව කරුණු දක්වා ඇත. මෙය ඉහත ප්‍රකාශනයට දෙවැනි නොවන ප්‍රකාශනයකි. ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන් එතුමාගේ කාර්යාලයේදී මුස්ලිම් ත්‍රස්තවාදයක් මෙරටේ ක්‍රියාත්මක වන්නේද කියා අප සෘජුව ප්‍රශ්න කළෙමු. එවැන්නක් ශ්‍රී ලංකාවේ නොමැති බව එතුමා පැහැදිලිව අප වෙත දන්වා සිටින ලදී. මෙම සාකච්ඡාව බුද්ධි අංශ ප්‍රධානීන් සියල්ලන්ගේම පාහේ සහභාගීත්වයෙන් පවත්වන ලද්දකි. අවශ්‍ය නම් මේ පිළිබඳව සාක්ෂි ඔබතුමා වෙත ඉදිරිපත් කරන්නට අපි සුදානම් ව සිටින්නෙමු. කරුණාකර ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන්ම මෙහි සත්‍යතාව විමසා බලන්න. මෙයට අමතරව හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රුවන් වනිගසේකර මහතා විසින් 2014 ජුනි 24 වැනි දින 'සන්ඩේ ලීඩර්' පුවත් පතට කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ ජිහාද් සංවිධාන හෝ මුස්ලිම් ත්‍රස්තවාදයක් නොමැති බවට සහතික කොට ඇත. ගරු ඇමතිතුමනි, කරුණාකර මෙම මුසාවාදය රට ඉදිරියේ තබමින් මුස්ලිම් භීතිකාවක් ගොඩ නැගීමට කටයුතු කරන්නේ නැතිව ඔබතුමාගේ මෙම ප්‍රශ්නය ගරු ආරක්ෂක ලේකම්තුමා හා හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා වෙත යොමු කරන්න. උගතෙකු වූ ඔබතුමා මෙසේ හැසිරීම පිළිබඳව අප බලවත් කනස්සල්ලකට හා අපේක්ෂා භංගත්වයට පත්කර වන්නකි. මෙවන් හැසිරීම් ඔබතුමාගේ ගෞරවයට, කීර්තියට හා බෞද්ධකමට කිස්සේත්ම ඔබින්නක් නොවේ.
 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
2. 'මෙරටේ මුස්ලිම්වරුන් ඔවුන්ටම වූ වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරමින් සිටිති'.

මේ පිළිබඳව ඉදිරිපත් කරන තර්ක උගතෙකුට කෙසේ වෙතත් හෝඩියේ පන්තියේ ඉගෙන ගන්නෙකුට වුවද සුදුසු එකක් නොවේ. කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම්වරු හෙල්මට් පළඳින්නේ නැතිව යතුරු පැදියේ යෑම ඉදිරිපත් කර ඇති එක් තර්කයකි. හෙල්මට් පළඳින්නේ නැතිව යතුරුපැදියේ ගමන් කරන්නන් මා පදිංචිව සිටින කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් ඔබතුමාට දැක ගැනීමට අවශ්‍ය සියලූ කටයුතු සුනාම් කර දෙන්නට අපට හැකිය. මෙය ඉතාම ලාබාල හා බොළඳ කරුණු ඉදිරිපත් කිරීමක් බව අකමැත්තෙන් වුවද ප්‍රකාශ කළ යුතු ව ඇත. මෙය රට ඉදිරියේ තබා මුස්ලිම් භීතිකාවක් හදන්නට ලාබාල උත්සාහයක යෙදෙන්නේ නැතිව කරුණාකර පොලිපතිතුමා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තත්ත්වය නිවැරදි කරන්නට කටයුතු කරන්න. ආගම්වාදී හා ජාතිවාදී දේශපාලන පක්ෂ වලට තමන්ගේ පැවැත්ම සහතික කරගැනීම පිණිස බොහෝවිට 'මුසාවාදය' අවශ්‍ය වන බව පෙනෙන්නට ඇත. කරුණාකර මෙයින් වැළකී කටයුතු කරන්නට උත්සාහ කරන්න. එය ඔබතුමාට වඩාත් සුදුසුය.

පශ්චාත් යුධ සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලූතින් නිර්මාණය කළ යුතුව ඇත. වෛරය ක්‍රෝධය ඉවතලා සැමට සතුටින් සාමයෙන් ජීවත්වියහැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවතලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුල සියළු කරුණු සාමකාමීව විසඳා ගැනීමට අධිෂ්ඨාන ශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියළු දරුවන් එකට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.

සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා..

මෙයට

මොහමඩ් දහලන්
කැළණිය
 

mage diviya

Member
Dec 27, 2013
174
38
0
ලංකා ඊ නිව්ස් පසු සටහන:
------------------------------

පසුගිය යුද්ධයේදී මුස්ලිම් ජාතිකයන්ගේ ක්‍රියා කලාපය ගැන පසුගිය 20 දා චම්පික රණවක ඇමැතිවරයා මෙසේ කීය. ''ඔය එක මුස්ලිම් සංවිධානයක කිසිම කෙනෙක් අපේ ආරක්ෂක හමුදාවට එකතු වුණේ නැහැ.....එදා බලා හිටියා අපේ ආරක්ෂක හමුදාවට මොකක්ද වෙන්නේ කියලා එල්ටීටීඊ යුද්ධයෙදී.... අපි පැරදුනානම් එයාලා ඒ පැත්ත ගන්නවා''

මෙයද අසද්ධ බොරුවකි.

යුද්දයේදී එල්ටීටීඊයේ මුදලට එල්ටීටීඊයට ඔත්තු දුන්නා කියා ආරක්ෂක හමුදා වල සිට හසුවූ සියළු දෙනා සිංහල ජාතිකයන් වූ අතර එකදු මුසල්මානුවෙක් හසුවී නැත. එසේ වී නම් එක් අයෙකුගේ හෝ නමක් පවසන ලෙස චම්පික රණවකට කියමු.

තවත් එක් උදාහරණයක් පමණක් දක්වමු.

යුද්ධයේ ජයග්‍රහනයට තීරණාත්මක බලකායක් වූ විශේෂ බලකාය නිර්මාණය කිරීමෙහිලා මුල් වූ 5 දෙනාගෙන් එක් අයෙක් වූයේ මේජර් ෆස්ලි නම් මුස්ලිම් ජාතික තරුණයෙකි. ආරම්භයේදී විශේෂ බලකායේ කණ්ඩායම් දෙකක් තිබිණ. එකක් බි්‍රගේඩියර් රාජ් විෙජ්සිරිගේ අණ දීමෙන් තිබුණු අතර අනෙක් කණ්ඩායමට අණ දුන්නේ පෙර කී ෆස්ලිය. මහා ප්‍රහාරයක් එල්ල කරමින් මුලතිව් කඳවුර එල්ටීටීඊය විසින් යටත් කර ගත් අවස්ථාවේදී එය බේරා ගැනීමට මේජර් ෆස්ලිගේ කණ්ඩායම යැවුවේ ය. ඔවුන්ටද පරාජය අත් වූ අතර එහිදී මේජර් ෆස්ලි වෙඩි වැදී මිය ගියේය. ඉන්පසුව එවක නියෝජ්‍ය ආරක්ෂක ඇමැති මෝඩ ක්‍රියාවක් සිදුකරමින් තමාට ඉතිරිව තිබූ අනෙක් විශේෂ බලකා කණ්ඩායම වූ රාජ් විෙජ්සිරිගේ කණ්ඩායමද යැවීය. එහිදී රාජ් විෙජ්සිරිද වෙඩි පහරට ලක් වූ නමුත් දිවි බේරා ගත හැකි විය.

මේජර් ෆස්ලි වීරයෙකි. එවන් තවත් දෙදෙනෙක් ගැන පමණක් සඳහන් කරමු. මේජර් තුවාන් නිෂාම් මුතාලිෆ් සහ ලෙෆ්ටිනන් කර්නල් රිස්වි මීඩින් යන මුසල්මානුවන් දෙදෙනාද දිවි පිදුවේ එල්ටීටීඊය වෙනුවෙන් නොවේ. රට වෙනුවෙනි.

මුස්ලිම් ජාතිකයන් යුද්දයට සහාය නොදී එල්ටීටීඊය දිනන තුරු බලා සිටියා යැයි චම්පික රණවක කීම නින්දා සහගතය. ප්‍රශ්නය වන්නේ ෆස්ලි ලා යුද්ධ කරන කාලයේ චම්පික රණවක කෙළේ කුමක්ද යන්නයි. ඔහු කෙළේ ජනතා මිතුරෝ නමින් පරිසර සංවිධානයක් හදාගෙන දහවලේදී පරිසරය ගැන කතාකරමින් සිටීමත් රාත්‍රියේදී සිය බිරිඳට විකෘති ලිංගික හිංසන සිදුකරමින් සතුටු වීමත් ය. (ලිංගික හිංසන ඉවසනු නොහැකිව ඇය පසුව දික්කසාද විය)
 

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    please don't talk about colnel pasly lafir who was a great soldier and sacrifised his life in Mulathive debacle ,as far as i know he was a Malay and do not code others because there is some things regarding about col muthalif about doable agents pleases see the present Army, Navy and Air force and you will see how many Muslims recruited for security forces in SL. by see in this image
    199984

    you can comprehend the magnitude of the problem what we have
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ඉස්සර මිනිස්සු නෙවි දැන් ඉන්නෙ.අද ඉන්න හම්බයන්ට ඔන මෙ රට විනාශ කරන්න...
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Thopi Kuragala Winasa karaddi Hari...
    Thopi sinhala ganu Horakan karana eka hari...
    Dewanagala winasa karana eka hari...
    Law college ekata horen Thambi dana eka hari...
    Thopi wataraka vijithalawa bihikarana eka hari...

    Ane palayan Pak* yanna...
    Thoge ammath sinhala yako... Moko thope deiyata Ganu ewanna amathaka unane....

    Kelehe guna danne nethi Kanahila...