මේවා හදන්නේ කොහොමද?

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මේවා හදන්නේ කොහොමද?

    මචන් උඹල කවුරුත් දන්නවනම් හදන්නේ කොහොමද කියල ටිකක් මෙතන කියල දියල්ලා.

    හැලප,
    පොලොස් මැල්ලුම්,
    කන්කුන් කීරවලින් හදන සූප් (ලංකාවේ සමහරක් බාර්වල බයිට් එකට දෙනවා. චීනේ හරි ප්‍රසිද්දය්)
    අවුරුදු දවස්වල කිරිබත් එක්ක දෙන රතු සම්බෝලේ (සම්බොලේ පමනක්)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලබලේට ගහන්නේ අකුරු ටිකක් අංජබජල් ඇති ගනන් ගන්න එපෝ!!
    හැලප-අපේ පැති වල හදන විදියට. දැං කියන්න එපා අපි කන ඒවායේ මැද පැනි පොල් නැ කියලා!!!

    කුරක්කන් පිටි, හාල් පිටි සහ පාන් පිටි සම පමණ ගෙන, ලුනු සහ කබලේ කර කරන ලද පොල් ටිකක් සමග වතුරින් අනා ගන්න, රොටි හදන විට පිටි ගුලිය අනනවා වගේ ටෙක්ස්ටර් එක එන්න.
    පැණි පොල් හදන විදිය මගේ පෑන් කේක් හදන ත්‍රෙඩ් එකක් ඇති. බලපං මචං තරහ නැතුව හොයලා.
    කැන්ද කොල හොදින් පිසදා, පොල්තෙල් ස්වල්පයක් ගාගෙන ඇනු පිටි ටිකක් එය මත තුනි කර ගන්න. එයට පොල් පැණි ටිකක් දමා තුනී කර කැන්ද කොලය මැදින් නවා ගන්න.
    මෙය සටිමරයන විනාඩි 15ක් පමණ ස්ටිම් කර තම්බා ගන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොලොස් මැල්ලුම.
    මැල්ලුමට ගන්නේ කොස් සහ පොලොස් අතර ඇති කොස් ගෙඩි. මෙය සිහින් ව ලියා පොලවල් වල එහෙම විකුනනවා. එය ගෙර ගෙනවිත් හොදින් වතුරින් සෝදන්න ලුනු සහ දෙහි ඇඹුල් ටිකක් දාලා. වතුර මිරිකා පසකින් තියන්න.
    ගාපු පොල්, ලුණු, රතු ළූණු, රම්පේ, කරපිංචා,කහ ටිකක්, මිරිස් කුඩු ස්වල්පයකක්. තුන පහ ස්වල්පයක්, අමු මිරිස් සහ අබ කුඩු ටිකක් එක්ක හොදින් අඹරා ගන්න. නැත්තං මන්දරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න.
    මෙය අර සේදු පොලොස් සමග ලිප තබා මද ගින්නේ දිය සේරම වාස්ප වී මැල්ලුමක වියලි බව එන තෙක් පිස ගන්න.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කට්ට සම්බලය-
    රතු ළූණු, මිරිස් කුඩු, මිරිස් කෑලි, උම්බලකඩ කුඩු, ලුනු කුඩු යන මේවා ගලේ අඹරා ගන්න. නැත්නම් මන්චරයක් ආධාරයෙන් අඹරා ගන්න. දෙහි ඇඹුල් එක් කොට නැවත අනා ගන්න. රස අනුව ලුනු සහ දෙහි එක් කර ගන්න.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    පොලොස් මැල්ලුම.
    මැල්ලුමට ගන්නේ කොස් සහ පොලොස් අතර ඇති කොස් ගෙඩි. මෙය සිහින් ව ලියා පොලවල් වල එහෙම විකුනනවා. එය ගෙර ගෙනවිත් හොදින් වතුරින් සෝදන්න කුනු සහ දෙහි ඇඹුල් ටිකක් දාලා. වතුර මිරිකා පසකින් තියන්න.
    ගාපු පොල්, ලුණු, රතු ළූණු, රම්පේ, කරපිංචා,කහ ටිකක්, මිරිස් කුඩු ස්වල්පයකක්. තුන පහ ස්වල්පයක්, අමු මිරිස් සහ අබ කුඩු ටිකක් එක්ක හොදින් අඹරා ගන්න. නැත්තං මන්දරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න.
    මෙය අර සේදු පොලොස් සමග ලිප තබා මද ගින්නේ දිය සේරම වාස්ප වී මැල්ලුමක වියලි බව එන තෙක් පිස ගන්න.

    කට්ට සම්බලය-
    රතු ළූණු, මිරිස් කුඩු, මිරිස් කෑලි, උම්බලකඩ කුඩු, ලුනු කුඩු යන මේවා ගලේ අඹරා ගන්න. නැත්නම් මන්චරයක් ආධාරයෙන් අඹරා ගන්න. දෙහි ඇඹුල් එක් කොට නැවත අනා ගන්න. රස අනුව ලුනු සහ දෙහි එක් කර ගන්න.

    බොහෝම ස්තූත්යි යාලුවා කියල දුන්නට,

    මේවා සෑහෙන්න ඉස්සර පොඩිකාලේ කාපු කෑම.මෙදපෙරදිග මේවා හම්බවෙන්නේ නැහැ.
    Thanks Again
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කට්ට සම්බලය-
    රතු ළූණු, මිරිස් කුඩු, මිරිස් කෑලි, උම්බලකඩ කුඩු, ලුනු කුඩු යන මේවා ගලේ අඹරා ගන්න. නැත්නම් මන්චරයක් ආධාරයෙන් අඹරා ගන්න. දෙහි ඇඹුල් එක් කොට නැවත අනා ගන්න. රස අනුව ලුනු සහ දෙහි එක් කර ගන්න.
    ;);)මචන් කටේ කෙළ ඉනුනා...:angry::angry::angry:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කලබලේට ගහන්නේ අකුරු ටිකක් අංජබජල් ඇති ගනන් ගන්න එපෝ!!
    හැලප-අපේ පැති වල හදන විදියට. දැං කියන්න එපා අපි කන ඒවායේ මැද පැනි පොල් නැ කියලා!!!

    කුරක්කන් පිටි, හාල් පිටි සහ පාන් පිටි සම පමණ ගෙන, ලුනු සහ කබලේ කර කරන ලද පොල් ටිකක් සමග වතුරින් අනා ගන්න, රොටි හදන විට පිටි ගුලිය අනනවා වගේ ටෙක්ස්ටර් එක එන්න.
    පැණි පොල් හදන විදිය මගේ පෑන් කේක් හදන ත්‍රෙඩ් එකක් ඇති. බලපං මචං තරහ නැතුව හොයලා.
    කැන්ද කොල හොදින් පිසදා, පොල්තෙල් ස්වල්පයක් ගාගෙන ඇනු පිටි ටිකක් එය මත තුනි කර ගන්න. එයට පොල් පැණි ටිකක් දමා තුනී කර කැන්ද කොලය මැදින් නවා ගන්න.
    මෙය සටිමරයන විනාඩි 15ක් පමණ ස්ටිම් කර තම්බා ගන්න.

    පොලොස් මැල්ලුම.
    මැල්ලුමට ගන්නේ කොස් සහ පොලොස් අතර ඇති කොස් ගෙඩි. මෙය සිහින් ව ලියා පොලවල් වල එහෙම විකුනනවා. එය ගෙර ගෙනවිත් හොදින් වතුරින් සෝදන්න ලුනු සහ දෙහි ඇඹුල් ටිකක් දාලා. වතුර මිරිකා පසකින් තියන්න.
    ගාපු පොල්, ලුණු, රතු ළූණු, රම්පේ, කරපිංචා,කහ ටිකක්, මිරිස් කුඩු ස්වල්පයකක්. තුන පහ ස්වල්පයක්, අමු මිරිස් සහ අබ කුඩු ටිකක් එක්ක හොදින් අඹරා ගන්න. නැත්තං මන්දරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න.
    මෙය අර සේදු පොලොස් සමග ලිප තබා මද ගින්නේ දිය සේරම වාස්ප වී මැල්ලුමක වියලි බව එන තෙක් පිස ගන්න.

    කට්ට සම්බලය-
    රතු ළූණු, මිරිස් කුඩු, මිරිස් කෑලි, උම්බලකඩ කුඩු, ලුනු කුඩු යන මේවා ගලේ අඹරා ගන්න. නැත්නම් මන්චරයක් ආධාරයෙන් අඹරා ගන්න. දෙහි ඇඹුල් එක් කොට නැවත අනා ගන්න. රස අනුව ලුනු සහ දෙහි එක් කර ගන්න.
    මේවාට තමයි කියන්නේ ස්නික ප්‍රතිකාර.. නියමයි මචන් :yes::):)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ඇත්ත තමයි මචන්, මට සිංහලෙන් වාක්‍ය පේලියක් ලියන්න සෑහෙන්න වෙලාවක් යනවා.
    හැබැයි දත් කිඹුලා පටගාලා රිප්ල්යි කරා.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    හරි මෙන්න මෙකත් හදන්නේ කොහොමද කියලා ටිකක් කිව්වොත් හොන්දයි

    කන්කුන් කීරවලින් හදන සූප් (ලංකාවේ සමහරක් බාර්වල බයිට් එකට දෙනවා. චීනේ හරි ප්‍රසිද්දය්)​