මේව ටිකක් කියවපල්ල

AnuradhaRa

Well-known member
  • විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවස්ථිති රාමුවල වෙනසක් සිදු නො වෙයි. අවස්ථිති රාමු අවස්ථිති රාමු ම වෙයි. එහි දී අවකාශය හා කාලය වෙන වෙන ම නො පවතී. ඒ අවකාශ කාලය ලෙස පවතියි. P = mf යන්න නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ත්‍රිමාන දෛශිකයක් ලෙස ලියැවෙන අතර විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි එය ආතානකයක් ලෙස ලියැවෙයි.
     

    AnuradhaRa

    Well-known member
  • අවස්ථිති රාමුවකට නිරීක්‍ෂකයකු ඇතුලු වූ විගස එය තවදුරටත් අවස්ථිති සමුද්දේශ රාමුවක් ලෙස නො පවතියි. නිරීක්‍ෂකයකු නැතිව නිරීක්‍ෂණය කරන්නේ කවු ද? නිව්ටන්ගේ නිරපේක්‍ෂ අවකාශය දෙවියන්වහන්සේගෙන් ගලා එන්නාවූ දි යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි හා චින්තනයෙහි සංකල්පගත කෙරුණු සංකල්පයකි.
     

    AnuradhaRa

    Well-known member
  • මාක්ගේ ආභාසය ලැබූ අයින්ස්ටයින්ට අවශ්‍ය වූයේ ඊනියා අවස්ථිති රාමුවලට කොටු නොවී ඕනෑම රාමුවක වලංගු වන ආකාරයට භෞතික විද්‍යාවේ නියම සූත්‍රගත කිරීමට ය. ඔහුගේ සූත්‍රගත කිරීමට අනුව ද්‍රව්‍ය හා විකිරණ දෙන ලද අවකාශයක (අවකාශ කාලයක) ගෙනැවිත් දමන ලද්දක් නො වී ය. අවකාශ කාලය නිර්ණය කෙරුණේ ද්‍රව්‍ය හා විකිරණ විසිනි. ඒ අනුව ද්‍රව්‍ය හා විකිරණ නොමැති විට අවකාශ කාලයක් තිබිය නො හැකි ය. එහෙත් අයින්ස්ටයින්ගේ සූත්‍රගත කිරීම වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව ඒ එසේ නො වී ය.
     

    AnuradhaRa

    Well-known member
  • මෙහි දී පැහැදිලි ව කිවයුතු කරුණු කිහිපයක් වෙයි. අයින්ස්ටයින්ට අනුව ස්කන්ධයක් යනු අවකාශ කාලයෙහි ඇති වක්‍රතාවක් නො වේ. අවකාශ කාලයෙහි වක්‍රතාව ඇති වන්නේ එහි ජ්‍යාමිතිය හේතුකෙටගෙන ය. ද්‍රව්‍ය හා විකිරණවලින් ජ්‍යාමිතිය නිර්ණය වෙයි. එහි දී අයින්ස්ටයින්ගේ ඉහත සඳහන් සමීකරණයෙහි දකුණු පැත්ත මගින් වම්පැත්ත නිර්ණය වෙයි. දකුණු පැත්තේ ශක්ති ගම්‍යතා ආතානකය දී ඇති විට වම් පැත්තෙන් කියැවෙන පරිදි අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය හා එනයින් වක්‍රතාව ලැබෙයි. එනම් ස්කන්ධ දී ඇති විට අවකාශ කාලය ලැබෙනු විනා අවකාශ කාලයෙන් ස්කන්ධ නිර්ණය වීමක් හෝ පෙනෙන්නට වීමක් හෝ නො මැත. මෙසේ නිර්ණය වූ අවකාශ කාලයක බලයක් ඒ මත ක්‍රියා නොකරන වස්තු භූමිතිකවල චලනය වෙයි. පොළොව මගින් නිර්ණය වන අවකාශ කාලයෙහි පොල්ගෙඩි භූමිතිකවල චලනය වෙයි. වැටෙන පොල්ගඩිය මත ක්‍රියාකරන ගුරුත්වාකර්ෂණ හෝ වෙනත් කිසිම බලයක් හෝ නැත. භූමිතිකයක් යනු නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි සරල රේඛාවකි. බලයක් ඒ මත ක්‍රියා නොකරන වස්තු (අංශු) නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අවස්ථිති රාමුවල ඒකාකාර ප්‍රවේගයෙන් සරල රේඛාවල චලනය වෙයි. ත්වරණය වන රාමුවල වස්තු සරල රේඛාවලට වඩා සාධාරණ වූ භූමිතිකවල චලනය වෙයි. මෙය රාමු දෙකක් පිළිබඳ කතාවකි.


    නලින් ද සිල්වා
    2016 ජනවාරි 25
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයින්ස්ටයින් කියපුව අපි කවදා තේරුම් ගන්නද නේ බං :( :(
    අපි මහ මන්ද බුද්ධිකයො ටිකක් බං :( :(
    අරහෙ සාපේක්ෂතාවාදෙයි ක්වොන්ටම් භෞතිකයයි එකතු කරන්න දඟලද්දි අපි මෙහෙ කාල අවකාශ වක්‍රතාවය තේරුම් ගන්න බැරුව දුක් වෙනව :( :(