ඔය වගේ සුදු පාට wrap කරපු MDF තියනවා, ඔය ගොඩක් කම්පියුටර් ටේබල් හදලා තියෙන්නෙ ඒ වගේම චිප් බෝඩ් වල wrap කරපු ඒවයෙන්(මෙලමයින් කියලා කියන්නෙ)
MDF ඒ තරම් ගානක් වෙන්නෙ නැහැ, 5/8 වගේ එකක් 4000ක් වගේ වෙයි මං හිතන්නෙ. ප්රයිස් ලිස්ට් එකක් මගේ ලග තිබ්බා දැන් හොයා ගන්න නැහැ
ඕවයෙන් හැදුවම වතුරට ඩැමේජ් වෙනවා, දාර මුලු නිකන්ම ඩැමේජ් වෙනවා ඒ අවුල තමයි තියෙන්නෙ. දෙපැත්ත සුදු පාට උනාට කැපුවම සයිඩ් එක් ලී පාටයි ඒකට edge band ගහන්න ඕන, ඒක අස්සෙන් වතුර ගිහින් තමයි ඕව ඩැමේජ් වෙන්නෙ ගොඩක් වෙලාවට
නිකන්ම MDF වලින් කරලා පේන්ට් කරන්නත් පුලුවන්, එතකොට පේන්ට් එක සීරිලා කැත වෙනවා ටික දවසකින්
MDF කපන්න කොටන්න ඕන එකක් හරි ලේසියි හැබැයි පවර් ටූල්ස් තියෙන්න ඕන
කම්පියුටර් ටේබල් එකකට අවුලක් නැහැ, හැබැයි කල් පැවැත්ම නම් අඩුයි
නිතර එහෙට මෙහෙට move කරනවා නම් ජොයින්ට් බුරුල් වෙලා වැනෙන්න ගන්නවා
හොඳ කොලිටි WPC බෝඩ් එකකින් හැදුවොත් ඊට වඩා ඩියුරබල් වෙයි.
ගානත් එක්ක ගත්තම MDF ලේසියි ලාබයි.