මේ අවුල විසදමු ද?

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    මේ අවුල විසදමු ද?



    දැන් මූ කියනව නම් එඩිට් කරපු එක බොරුවක් මූ තමයි ඔරිජිනල් බුවා කියලා මේ වීඩියෝ එකේ ඉන්නේ මේ ජනා කියන එකාද?



    කවුද මුන් දෙන්නගෙන් ඇත්ත ඩයල් එක?
     
    Last edited:

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    me anthima video eke inna eka nam kawda danne ne :no:
    jana kiyana eka thamai originl singer....
     

    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    59644_301788463253996_1956368227_n.jpg


    ජනා මැරිල නෑ…


    තවත් කිසිම රාත්‍රියක ඒ කට හඬ ජීවමාන රුව මට හමුවේයැයි මා විශ්වාස කළේ නෑ. ඒ තරමටම ඒ කට හඬ මරණයේ සියුම් සංවේදනාවක් ස්පර්ශ කරල තිබුණා.

    ආදරයේ උණුසුම ළඟ…
    දුක දැනෙන්නෙ නෑ…

    අපිට හුරුපුරුදු ගීතය වෙන මොකක්දො කියාගන්න බැරි හැඟීමකින් ප්‍රතිනිර්මාණය වෙලා තිබුණා. මීට මාස කිහිපයකට පෙරදී මගේ දුරකතනයට මගේ මිතුරෙක් විසින් තිළිණ කළ ‘Broken heart’ නමැති AUDIO CLIPඑක දින කිහිපයක් පුරාවට මාව පිස්සු වැට්ටුවා. පිස්සු වැට්ටුවා විතරක් නෙමෙයි මරණය පිළිබඳ වෙන වෙන චිත්ත රූප මවන්න ගත්තා. ඒ හැඟීම් පුළුවන් තරමින් මම අකුරු කරන්න උත්සාහ කළා.

    “මචං මේ සිංදු සෙට් එක කියන කොල්ලා මැරුණෙ ඇක්සිඩන්ට් එකකින්. උගේ උපන්දිනයට ගෙදරින් ඌට තෑගි කරල තිබුණෙ බයික් එකක්. එදා ඌ ඒ ෆිට් එකට යාළුවොත් එක්ක පොඩි සැපක් අරන් ඔය සිංදු සෙට්එක කියල තියෙනවා. ඊට පස්සෙ තව යාළුවෙක් එක්ක යද්දී අර බයික් එක ඇක්සිඩන්ට් වෙලා ඌ මැරෙනවා. මැරෙන්න විනාඩි කීපයකට කලින් තමයි ඔය සිංදු ටික කියල තියෙන්නෙ.”

    ඒ කතාව ඇතුළෙ මම තව දුරටත් මරණය තුළ ජීවත් වෙන්න වුණා. හදවත රිදුම් දෙන හැම රැයකම කට්ට කළුවරේ ඒ ගීත පෙළ අහන්න මම පුරුදු වුණා. ඊටත් පස්සෙ ඒ කටහ‍ඬේ අයිතිකරු, මියගිය තරුණයාගේ නිවෙස හරි දන්න කියන කෙනෙක් හරි ඉන්නව නම් කතා කරන්න කියල ඉරිදා පත්තරේ ‘රහයි ජීවිතේ” සටහනක් තැබුවා. ඊටත් පස්සෙ ගෙවී ගියේ ඉතාමත් නිශ්ශබ්ද මාස කිහිපයක්. ඒ මාස කිහිපය පුරාවට මරණයේ රමණීය තැන් ඒ කටහඩින් මා අත් වින්දා.

    ඒත් පසුගිය දවසක මගේ කනවැකුනෙ අදහාගන්න බැරි ආරංචියක්…

    “මචං අර සිංදු සෙට් එක කියපු ඇත්තම ගායකයා ජීවතුන් අතර ඉන්නවලු.”

    ඒ මොහොත මට දැනුණේ වෙනමම හැඟීමක්. උගෙ නම “ජනා” මාව සසල කළ, හදවත මරණයට පත්කළ කොල්ලො පිස්සු වැට්ටුව ජනාට මම කතා කළා. ගිය බ්‍රහස්පතින්දා රාත්‍රියෙ මාව බලන්න ජනා කොළඹ ඇවිත් තිබුණා. පහත සඳහන් වන්නේ ඇත්තටම ජනා සමඟ වුණු හෘදයාංගම කතා බහ.

    * මට තේරෙන්නෙ නෑ. උඹගෙන් ඉස්සෙල්ලාම අහන්නෙ මොකක්ද කියලා. ඇත්තම කතාව කියපන්.

    2005 අවුරුද්දෙදී තමයි මම ඔය සිංදු ටික කිව්වෙ. එදත් රැහැයියො අඬන රාත්‍රියක්. කටුනායක කළපුවක් අයිනෙ පොඩි බැමි කෑල්ලක් උඩ, ඔය සිංදු ටික කිය කියා කොල්ලො ටිකකට සැපක් දුන්නා. ඒ වෙලාවෙ රෙකෝඩ් කරගත්ත සිංදු ටිකක් මගේ ජීවිතයට මෙච්චර දෙයක් කරයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

    * එතකොට ඔයා මැරුණා කියලා මිනිස්සු කිව්වෙ ඇයි?

    ඊට පස්සෙ ඔය සිංදු ටික ෆෝන් එකෙන් ෆෝන් එකට ගිහින් අර කැලණියෙ මැරුණු මල්ලිගෙ අතටත් ගියා. එයත් ඔය ගීත පෙළට තදින් ඇබ්බැහි වෙලා හිටියා.

    එයාගෙ උපන් දිනය දවසෙ බයික් එකක් ගත්ත සතුටට යාළුවොත් එක්ක එකතුවෙලා එදත් ඔය සිංදු ටික අහල තියෙනවා. ඒ අහල යන කොට තමයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නෙ.”

    * ඊට පස්සෙ?

    මම හිතුවෙවත් නැති විදියට මගේ කටහඬ ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්සු අතරට ගියේ ඒ සිද්ධියත් එක්ක.

    * ජනාගෙ පදිංචිය කොහේද?

    මිනුවන්ගොඩ.

    * මොනවද කරන්නෙ?

    ඇත්තටම මම ඉපදුණේ බහරේන්. මගේ තාත්තා අම්ම හැමදෙනාම හිටියෙ එහේ. මට අවුරුදු 12 දී තමයි මම ලංකාවට ආවෙ. එතකොට මට සිංහල වචනයක්වත් බෑ. මම සිංහල ඉගෙන ගත්තෙ අවුරුදු 12දී. 2 වසර පංතියටයි ඇතුළු වුණේ. පසුකාලයකදී මම ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙක් විදියට වෘත්තීය ජීවිතේ පටන් ගත්තා. දැන් ඒ හැමදෙයක්ම වෙනස් වෙලා.

    * එතකොට සංගීතය පැත්තට ආවෙ කොහොමද?

    මමවත් දන්නෙ නෑ. මිනිසුන්ගෙ FEELING කියන්නෙ පුදුමාකාර දෙයක්. හැඟීම් සමඟ ජීවත්වෙන්න මම කැමැතියි. ඒ ජීවිතය ඇතුළෙ MUSIC කියන්නෙත් හැඟීමක්. මට ගිටාර් එක ළං වුණේ ඒ විදිහට.

    * ඔය ගීත පෙළ නිසා අත්වින්ද අත්දැකීම් එහෙමත් ඇති.

    ඔව්. කවුරුත් හිතපු විදියට ඔය ගීත ඇතුළෙ මරණය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මීට මාස කිහිපයකට උඩදී කටුනායකදී හමු වුණු මිතුරන් ටිකක් මට කියල ඔය ගීත පෙළ කියව ගත්තා. එතැන හිටපු කෙනෙක් ඔය ගීත ටික අහල මට කිව්වා.

    මල්ලී මම මැරුණු දවසක මගේ මිනීපෙට්ටිය ළඟ උඹගෙ ඔය සිංදු කියපං කියල. අපි කවුරුවත් හිතපු නැති විදියට ඒ මනුස්සය සති කිහිපයකින් හදිසියේ මරණයට පත් වුණා. එයාගෙ අවසාන කැමැති පත්‍රයේ මට කියල මේ සිංදු ටික මරණය ළඟ කියවන්න කියල ඉල්ලීමක් කරල තිබුණා. ගමේ මිනිස්සු ටිකක් ඇවිත් මට කිව්වම මම පුදුම වුණා. අන්තිමට ඒ මියැදුණු මනුස්සය ළඟ මම සිංදු කිව්වා.

    * දැන් ජනා මොනවද කරන්නෙ?

    තැන් තැන්වල හමුවන යාළුවො රංචු අතරේ මට ශේන් අයියා හමුවුණා. එයා මට සංගීත් අයියා මුණ ගැස්සුවා. ඊටත් පස්සෙ අමල් පෙරේරා, ගැමුණු වන්නිනායක මේ හැමෝම මගේ ජීවිතය වෙනස් කරන්න උදව් කළා. දැන් මම සංගීත් අයියගේ වායෝ බෑන්ඩ් එකේ ගායකයෙක් විදියට කටයුතු කරනවා.

    * ජනාට මරණය ගැන අදහසක් නැද්ද?

    තියෙනවා. මගේ හැඟීම් හිස් වුණු දවසට මරණය ඉතිරි වේවි.

    * බලාපොරොත්තු තියෙනවද?

    ඔව්. මගේ ගීත අහලා ඇක්සිඩන්ට් වෙලා මියගිය මල්ලිගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව මගේම කියලා ගීත ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    ගිය බ්‍රහස්පතින්දා රාත්‍රිය තලවතුගොඩ පෝඩියම් අවන්හල සුවිශේෂී දවසක්. මමත් සංගීත ශිල්පියෙක් නිසාම අපේ “චක්‍ර” සංගීත කණ්ඩායම හැම බ්‍රහස්පතින්දාවක්ම සුන්දර කරනවා. ජනා මාව හමුවෙන්න ආවෙත් එතැන්ටමයි. වෙනදාට වඩා ඒ බ්‍රහස්පතින්දා සුවිශේෂියි. ජනාගෙ අතට මම ගිටාර් එක දුන්න. බුබුළු නඟින හැඟීම් දැනීම්, උසුළු විසුළු, සිනා සෙන මිතුරු රංචු අතරේ ජනා නැවත වතාවක් මරණයේ රමණීය ගීත පෙළ අපි ඉදිරිපිට සජීවීව කියන්නට වුණා.

    මම තාමත් කිරිකෝඩුයි
    ඉවසන්නත් බෑ..
    දුටු දාම බහ දුන්නෙ
    ඉල්ලන්නත් බෑ
    ඔය හැමදාම බොරු කීවෙ
    රැවටෙන්නත් බෑ
    ඇයි ඔහොම දුක් දුන්නෙ
    උහුලන්නත් බෑ…

    සංජක ප්‍රසාද් දෝලේවත්ත / ඡායාරූප – දිමුතු කාලිංග
    Source : මව්බිම පුවත්පතේ යං අතිරේකය ඇසුරිණි