මේ අහපල්ලකෝ..........

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20136910 said:
    වැඩක් කරන මිනිහා බලලා නෙවෙයි නේ වැඩේට උදව් වෙන්නේ, කරන වැඩේන් අන්තිමට තියෙන ප්‍රතිපලේ මතනේ.
    උබල වගේ මුහුද හත්ගවිවක් තියාගෙන අබුඩ ගහන මිනිස්සු ඉන්නකම් තමයි බන් මෙලොකෙ දෙයක් කරගන්ඩ බැරි.මහවැලි මහ සෑය ලගදිම විවෘත කරනව ,කවද හරි සදහිරි සෑයත් හදනව.ඒකට ගඩොලකින් හරි දායක වෙන්ඩ කියුවෙ අන්තිම ප්‍රතිපලේ චෙයිත්ය හදල ඉවර වන එක නිසා, "ධම්මේ භවේ රක්කති ධර්මචරි" මේකයි බුදු දහම නැතුව වස් දොස් කිලි නෙමේ ඒව බුද්ධාගමේ නැ,:no::no::no:

    වෙහෙර විහාර කරවීම අටමහ කුසල් ගනයට වැටෙන්නෙ ඒවගෙ ආනිසශ මහත් ඵ්ලයි මහානිසයි, බුදු හාමුදුර්වො කියල නැ ඒව හදන්ඩ එපා වස් වදිනව කියුල,උබ බුදු හාමුදුරුවන්ටත් උඩින් දන්නවද???:confused::confused:
     
    Last edited:
    තනිකර වැරදියි අටමස්තානය කියන්නෙ මොකක්ද කියලවත් ඔයා දන්නවද???? ඔයා හිතාගෙන ඉන්නෙ අටමස්තානෙ හැදුවෙ එක රජ කෙනෙක්ගෙ කාලෙ කියල :lol: අනේ නැ. මිහිදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉදන් අටමස්තානෙ ගැන කතා වෙනව, ශ්‍රි මහා බොධිය පිහිටුවන්නෙ දුටු ගැමුනු රජතුමාගෙ කාලෙද ???? රුවන්වැලිසෑය මෙත්න හදන්ඩ ඔනෙ කියල සෙල්ලිපිය ලියල තිබ්බෙ මිහිදු හාමුදුරුවො දේවානම්පියතිස්ස රජතුමාගෙ කාලෙ . තරුන රහතන් වහන්සේගෙ කතාව කුවුද ඔයාට කියුවෙ???? ඇයි මේ ගල් පැලෙන පච වපුරන්නෙ ඉතිහාසය දන්නෙ නැත්තන් කියවල වරෙන් දන්නෙ නැත්තන් අහපන් කියල දෙන්නම්,පච කියන්ඩ එපා රහතන් වහන්සේලා අල්ලල.


    ඉතිහාස ග්‍රන්ථයන්හී විස්තර වන අටමස්ථානය

    දීප වංශය, මහා වංශය, සමන්තප්‍රාසාදීකාව, පුජාවලිය, සිංහල බෝධි වංශය, සද්ධාර්මාලංකාරය, සද්ධර්මරතනාවලය ඇතුළු පොත පතේහි මිහිදු හිමියන් විසින් නම් කළ ආගමික ස්ථාන අටක් පිළිබඳ සදහන් වේ. මේවා නිවැරදි අටමස්ථාන සේ සැළකේ.
    තිස්සාරාමය

    ප්‍රධාන ලිපිය: තිස්සාරාමය
    භික්ෂුන් විනය කර්ම කරන කම්මාලකය

    ජන්තාඝර පොකුණ

    ප්‍රධාන ලිපිය: ජන්තාඝර පොකුණ
    ශ්‍රී මහාබෝධීන් වහන්සේ

    ප්‍රධාන ලිපිය: ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර
    මෙය පිහිටා තියෙන්නේ මිහිඳු හිමියන් වෙනුවෙන්දෙවන පෑ තිස් රජු මහාමෙව්නාවේ කර වු තිස්සාරාමයෙය. සංඝමිත්තා මෙහෙණිය විසින් මෙරට වැඩම කරන ලද්දේ බුදුන්ට ධර්මාවබෝධයට සෙවණ දුන් ඇසතු බෝ රුකේ දකුණු ශාඛාවයි. මෙය වප් මස පුරපසලොස්වක දිනයකදි මෙරටට ගෙන ආ බව මහා වංශයේ සදහන් වේ. බෝධීන් වහන්සේ අද තිබෙන තැනට වඩා පහත බිමක මුලින් රෝපණය කර ඇතත් ක්‍රමයෙන් බැමි බැදිමාදියෙන් උස් බිමක් දක්වා වර්ධනය වී ඇත.
    1907 සහ 1911 වැසි කුණාටුවකින් මෙහි ශාඛා ‍‍දෙකක් කඩා වැටිණී. 1929 උන්මත්‍තකයෙකු විසින් එක් ශාඛාවක් කපා දමන ලදි. 1985 කොටි ත්‍රස්තවාදීවන් විසින් මළුවේදි වෙඩි තබා සිවිල් වැසියන් සමූහයක් ඝාතනය කරන ලදි. 19 වන සියවසේදි උඩමළුවේ තිබු විශ්ණු දේවාලය ඉවත් කරන ලදි. මෙහි පළමු රන් වැට 1969 මහනුවර රාජසිංහ පුස්තකාලාධිපති යටි රාවන නාරද හිමියන්ගේ මුලික්වයෙන් මහනුවර ශ්‍රී බෝධී ආරක්ෂක රන් වැට සභාව කරවන ලදි. දෙවැනි රන් වැට රනිල් වික්‍රමසිංහ මහාතාගේ උපදෙස් පිට රන්වැට ආරක්ෂක කමිටුව මගින් 2003 කරවන ලදි.
    පෝය ගෙය (ලෝවමාපාය)

    ප්‍රධාන ලිපිය: ලෝවාමහාපාය
    ලෝවාමහාපාය හෙවත් හෙවත් ලෝහප්‍රාසාදය යනු මහා විහාරයේ පෝය ගෙයයි. දෙවන පෑතිස් රජු මෙතන භික්ෂුන් වහන්හසේට අඩමසකටවත් පැති මෝක්ෂය කියවිම සදහා පෝය ගෙයක් ඉදි කළ අතර දුටුගැමුණු රජු (ක්‍රි.පු 161-137) එය නව මහල් කරවා තඹ ලෝහ සෙවිළි කරවීය. මෙහි සැකැස්ම තව්තිසාවෙහි භරණි නම් දෙවඟනගේ ප්‍රාසාදයට සම විය. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂුන්ද දෙවැනි මහලේ සිට නවවැනි මහල දක්වා රහතුන් වහන්සේලාද වැඩ සිට ඇත. වස් අවසාන කාලයේ භික්ෂුන් මෙතැනට රැස්වීමේ සිරිතක්ද පැවත ඇත. මෙය සද්ධාතිස්ස , දෙවැනි සිරිනාග , මහසෙන් , කිත්සිරිමෙවන් , මහා පැරකුම්බා ආදි රජවරැ පිළිසකර කර ඇත. මෙහි ගල්කණු 1600 ක් වේ. ලෝවාමහාපාය අසල ඇති වෙනත් ස්ථාන ලහවත්තේ, රංසිමාලකය, හා චතුශාලාව හෙවත් දාන ශාලාව පිහිටා ඇත.
    ලහබත් ගෙය

    දාන ශාලාව

    රුවන්වැලි සෑය

    ප්‍රධාන ලිපිය: රුවන්වැලිසෑය






    දෙවන පෑතිස් රජතුමා රුවන් මළුව නම් බිමේ ශිලා ස්ථම්භයක තම මුණුබුරෙකු අනාගතයේදී මෙහි ස්ථුපයක් කරවන බව සදහන් කර ඇත. මෙය දැක දුටුගැමැණු රජු මෙහි මහාසෑය කර වූ බවත් පසුව ඵය රුවන්වැලිසෑය ලෙස ප්‍රසිද්ධ වී ඇත. මහා වංශයේ සදහන් වන ලෙස විශ්කම්භයෙන් අඩි 370 පමණ වූ ස්ථුපය ගිලා නොබැසීම සදහා රියන් සතක් ගැඹුරට අත්තිවාරම් කපා ගල් දමා ඇතුන් ලවා පාගවා සිනිදු මැටි යොදා, යකඩ දැල් දමා ශක්තිමත් කළ අයුරු සදහන් කර ඇත. ධාතු ගර්භය ගල් පුවරු හයකින් නිමවා ඇත. එහි රනින් කළ බෝරුකක් හා එහි සෙවණේ වැඩ සිටින බුදු පිළිමයක්ද ශක්‍ර, බ්‍රහ්ම, පංච, සිඛ, කාලනාග පිරිවරද තැබීය. බුද්ධ චරිතයේ බොහෝ කතා සිතුවමට නගා ඇත. මෙහි වැඩ දුටු ගැමුණු රජ සමයේ නිමා කළ නොහැකි වූයෙන් සද්ධාතිස්ස රජු සතරැස් කොටුවට ඉහලින් ජත්‍රයද ලංජිතිස්ස රජු ප්‍රේසාවේ ගල් ඇල්ල වීමද සිදු කළ අතර සතරැස් කොටුව, දෙවතා කොටුව සහ කොත් කැරැල්ල පස් වැනි සිය වසින් පසුව ඉදි කර ඇත. ධාතුසේන රජු මෙහිජත්‍රය පිළිසකර කර ඇත. රුවන්වැලි සෑය ආශ්‍රිත වෙනත් කැටයම් හත්ථිවේදය, ඇත් පවුර, පස් පිළිම ගෙය, සූර්ය සේවාලය, කුඩා දාගැබ, සිරි පතුල් ගල්, කඩොල් ඇතුගේ දළ, සළපතළ මළු‍වේ කවය, කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල ලිපිය, භාතියාභය රූපය හා දුටුගැමුණු රූපය, ගල් ටැඹ, ශිලාචේතිය, එළාර සොහොන යන ස්ථානද මේ අසලම පිහිටා ඇත.


    ඉහලින් තියෙන්නේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිටම සම්මත අටමස්ථානය. (මේ සුද්දන්ගේ විහාර හා දේවාල්ගම් පනතේ ප්‍රකාර අටමස්ථානය නෙවෙයි).

    එතකොට මෙතෙන්දි අවසන් වරට වැඩ නිම කරන්නේ රුවන්වැලිසෑය. මම කතා කරන්නේ අන්න ඒ ව්‍යාපෘතිය ගැනයි. (ඔයා කතා කරන්නේ මුල, ඒක නූලේ මාතෘකාවට වත් මගේ ප්‍රතිචාරයටත් අදාළ නෑ) ඒ මොහොතෙදි තමා මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටුවන්නේ අටමස්ථාන පුදබිම සම්බන්ධව.

    අටමස්ථානයේ මුල්ම ඇරඹුම ගැන කතා කළොත්,

    සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු දඹදිව පැළලුප්නුවර අශෝකාරාමයේ පැවති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාව ඇතුළු සමීප රාජ්‍යයන් වෙත ධර්මදූතයන් පිටත් කර ධර්මප්‍රචාරය සිදු කෙරිණි. මිහඳු මාහිමියෝ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කළේ ඒ අනුවය. ඒ පොසොන් පුර පසළොස්‌වක පොහොය දිනක දී ය. ලංකා රාජ්‍යය විචාළේ දෙවනපෑතිස්‌ රජතුමාය. ලංකාවට පැමිණි දෙවන දිනයේ මිහඳු හිමි ප්‍රධාන පිරිසට අනුරාධපුරයේ පිහිටි රජමාළිගයෙන් දන් පිරිනැමිණි. දන් වළදා අවසානයේ මිහඳු හිමියෝ පේතවත්ථු, විමානවත්ථු සහ පච්චසංයුක්‌තයෙන් ධර්ම දේශනා කළසේක. අනතුරුව දෙවනපෑතිස්‌ රජතුමන් විසින් මිහිඳු හිමියන්ට මහමෙවුනා උයන ස`ගසතු කොට පූජාකරන ලදී. රජතුමන් විසින් දෑසමන් මල් වට්‌ටියක්‌ ද පූජා කරන ලදී. මිහිඳු හිමියෝ දෙවනපෑතිස්‌ රජු සම`ග මහමෙවුනා උයනේ ඇවිද යමින් දෑසමන් මල් ඉසිමින් අටමස්‌ථානය පිහිටන තැන් සලකුණු කළ බව වංශකථාවල ස`දහන් ය.


    එතකොට මිහිඳු හාමුදුරුවොත් මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි එහෙනම් අටමස්ථානය සැළසුම් කරල තියෙන්නේ. ඒ කියන්නේ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුම අනූවයි අටමස්ථානය ගොඩ නැගිලා තියෙන්නේ.

    එතකොට වැදගත් කාරණයක් ඉස්මතු වෙනවා. ජේතවනාරාමය ඉතිහාසගත අටමස්ථාන ලැයිස්තුවෙ නෑ. ඒක තාම සම්පූර්ණ වුණේ නෑ.
    ඒක සම්පූර්ණ නම් මිහිදු මහ රහතන් වහන්සේ කළ සැලැස්ම වෙනස් වෙනවා. නමුත් එහෙම රහතන් වහන්සේ නමකගෙ සැලැස්මක් වෙනස් කරන්න ගිහියෙක්ට තියා මහබඹාට වත් බෑ.

    සඳහිරු සෑයත් මේ විදියටම මිහිදු මහ රහතන් වහන්සේ ගේ සැලසුමට විරුද්ධව ගිය එකක් නම්, එහෙනම් සඳහිරු සෑයත් ජේතවනාරාමය වගේම වේවි.

    උබ ඉතිහාසය දන්නෙත් නැ බුද්ධාගම දන්නෙත් නැ,ඇයි මෙහෙම නොදන්න දේවල් කියවන්නෙ ????? ගල් පැලෙන පච දෙසල බලා පොරොත්තු වෙන්නෙ මොකක්ද??? සදහිරු සෑයට ඇයි මෙච්චර කුහක ඇයි පව් පුරො ගන්නෙ ???? ඒක මහින්ද පටන් ගත්ත නිසාද??? ඔච්චර නම් පහත් වෙන්ඩ එපා හොද දේට හොදයි කියපන් මම ප්‍රේමදාට කොච්චර බැන්නත් මහවැලි මහා සෑය හැදුවට බනින්නෙ නැ ඒක හරි වැඩක් කරපු හොද වැඩක්,.

    ඉතිං මහින්දට තිබුණනේ සඳහිරු සෑය අටමස්ථානයට පිටින් මිහිඳු මහ රහතන් වහන්සේගේ සැලසුමට බාධා නොවෙන අයුරින් ගොඩ නගන්න, එහෙනම් මේ ගැටළු මොකුත්ම නෑනෙ. එහෙනම් මේ වෙනකොටත් සඳහිරු සෑය සම්පූර්ණ වෙලා වන්දනීය පූජනීය ඉතිහාසගත ස්ථානයක් වෙනව නේ. ඇයි එහෙම නොකර අටමස්ථානය ඇතුලෙම ඕක පිහිටවන්න හදන්නේ ?
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    අපිට හිතෙන හිතෙන විදිහට ඕවා හදන්න බෑ බන්...එ් වගේ පුජනීය දෙයක් ගොඩ නගද්දී කළ යුතු වත් පිළිවෙත් තියෙනවා..ඒ කරලා පේ වෙලා තමා කරන්න වෙන්නේ...අනික සඳහිරු සෑය හදන්න පටන් ගත්තට මොන සිතුවිල්ලකින් හදන්න හැදුවද දන්නෑනේ...අපි යමක් කරනවා නම් සිතුවිලිත් යහපත් වෙන්න ඕනේ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉදිරියේ රාළ;20137364 said:




    ඉහලින් තියෙන්නේ ඉතිහාසයේ පටන්ගැන්මේ සිටම සම්මත අටමස්ථානය. (මේ සුද්දන්ගේ විහාර හා දේවාල්ගම් පනතේ ප්‍රකාර අටමස්ථානය නෙවෙයි).

    එතකොට මෙතෙන්දි අවසන් වරට වැඩ නිම කරන්නේ රුවන්වැලිසෑය. මම කතා කරන්නේ අන්න ඒ ව්‍යාපෘතිය ගැනයි. (ඔයා කතා කරන්නේ මුල, ඒක නූලේ මාතෘකාවට වත් මගේ ප්‍රතිචාරයටත් අදාළ නෑ) ඒ මොහොතෙදි තමා මහ රහතන් වහන්සේලා අධිෂ්ඨාන බල පිහිටුවන්නේ අටමස්ථාන පුදබිම සම්බන්ධව.

    අටමස්ථානයේ මුල්ම ඇරඹුම ගැන කතා කළොත්,



    එතකොට මිහිඳු හාමුදුරුවොත් මහ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි එහෙනම් අටමස්ථානය සැළසුම් කරල තියෙන්නේ. ඒ කියන්නේ මිහිදු මහ රහතන් වහන්සේගේ සැලසුම අනූවයි අටමස්ථානය ගොඩ නැගිලා තියෙන්නේ.

    එතකොට වැදගත් කාරණයක් ඉස්මතු වෙනවා. ජේතවනාරාමය ඉතිහාසගත අටමස්ථාන ලැයිස්තුවෙ නෑ. ඒක තාම සම්පූර්ණ වුණේ නෑ.
    ඒක සම්පූර්ණ නම් මිහිදු මහ රහතන් වහන්සේ කළ සැලැස්ම වෙනස් වෙනවා. නමුත් එහෙම රහතන් වහන්සේ නමකගෙ සැලැස්මක් වෙනස් කරන්න ගිහියෙක්ට තියා මහබඹාට වත් බෑ.

    සඳහිරු සෑයත් මේ විදියටම මිහිදු මහ රහතන් වහන්සේ ගේ සැලසුමට විරුද්ධව ගිය එකක් නම්, එහෙනම් සඳහිරු සෑයත් ජේතවනාරාමය වගේම වේවි.



    ඉතිං මහින්දට තිබුණනේ සඳහිරු සෑය අටමස්ථානයට පිටින් මිහිඳු මහ රහතන් වහන්සේගේ සැලසුමට බාධා නොවෙන අයුරින් ගොඩ නගන්න, එහෙනම් මේ ගැටළු මොකුත්ම නෑනෙ. එහෙනම් මේ වෙනකොටත් සඳහිරු සෑය සම්පූර්ණ වෙලා වන්දනීය පූජනීය ඉතිහාසගත ස්ථානයක් වෙනව නේ. ඇයි එහෙම නොකර අටමස්ථානය ඇතුලෙම ඕක පිහිටවන්න හදන්නේ ?
    ලොල් මෙලොකෙ දෙයක් ඔලුවෙ නැ ඔක්කොම ගූගල් නේද කරන්නෙ,:lol::lol::lol: ඉස්සලා කියුව තරුන රහතන් වහන්සේ නමක් කියල මම මිහිදු හාමුදුරවො ගැන කියුවට පස්සෙ කියනව ආ එහෙනම් ඒක මිහිදු හාමුදුර්වන්ගෙ එකක් ඒක නිසා අධිශ්ටනය,,,,,,,, ඔන්න ආයෙ පරන බයිල ගහනව ඇයි බන් උබ මෙච්චර මොඩ????:lol::lol::lol::lol::lol::lol: අටමහ කුසල් ගැන කියපු කතාවට එක වචනයකින් උබට උත්තර දෙන්ඩ පුලුවන්ද? ධර්ම්මේ බවේ රක්කති ධර්මචාරි කො උත්තර ඒව ඔක්කොම මකල ,උබට යාන්තන් අමුන ගන්ඩ පුලුවන් කැලි තියනව පව් බන් උබ,:lol::lol::lol:

    කරුනු ස්මතු වෙන්නෙ නැ උබ ගොනා කියල සාධනය වෙනව ,මෙලොකෙ දෙයක් දන්නෑ කියල නම් තක්කෙටම සාධනය වෙනව. මිහිදු හාමුදුරුවො මල් ඉහල ලකුනු කරපු මහමෙවුනා උයන නෙමේ ගොන්සන් අද තියෙන්නෙ, මිහිදු හාමුදුරුවන්ගෙ මහමෙවුනා උයනට මුලු අනුරාධපුරේම අයිතියි දැනගෙන කියවපන් දැන් ඒ කැල්ලත් ගූගල් කරපන් මම කියන දේ හම්බෙයි උබට,:lol::lol:උබත් නිකන් ජනාඪිපති සිරිසේන වගේ, උන්ද පත්තරේ බැලුවෙ නැත්තන් දන්නෙ නැ, උබ ගූගල් බැලුවෙ නැත්තන් දන්නෙ නැ,:lol::lol::lol::lol::lol:

    මිහිදු හාමුදුරුවන්ගෙ අධිශ්ඨානය මොකක්ද කියල දන්නෙ නැත්තන් මගෙන් අහල දැනගනින් ගොන්සන්, උන් වහන්සේගෙ අධිශ්ය්ටාන වෙන්නෙ 'අටමස්තානය සම්බුද්ධ සාසනය පවතින තුරාවට අරක්ශා වේවා' කියන දේ මිසක්, මේ අටමස්තානය ඇර වෙන ඒවා නොහැදේවා කියල එහෙම නෙමේ, නිකන් නොදැන තප්පුලන්ඩ එපා.:no::no:

    එතකොට ප්‍රේමදාසගෙ මහත්තය හදපු මහවැලිමහා සෑය දැන් හදල වන්දනා කරන්වද ????? ඒක තියෙන්නෙ අටමස්තානෙ නෙමෙනෙ, මොනවද මේ කියන ගොන් කතා,?????එහෙනම් ඒක අද හදල තියෙන්ඩ එපෑයි කො ඒකට මොකද උනේ උත්තර දීපන් බලන්ඩ ???? උබ අමු ගොනෙක් බන් උබල වගේ රජ ගොන්නු ලoකාවෙ හිග නිසයි සදහිරු සෑය හදන්ඩ එතන තොර ගත්තෙ,සද හිරු සෑය අනාගතේ අනිවාර්යෙන් හදනව් ඔය ස්තානයේ බලපන් නැද්ද කියල උබල වගේ බමුනු මත ඔලුවෙ තියාගෙන ඉන්න මොඩයන්ට නම් බෑ තමා ඒත් ඔය චෙයිතයය අනිවාර්යෙන් හැදෙනව.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    නිකන් පෞ පුරො ගන්න එපා යකුනෙ. බුදු රජානන් වහන්සේ උදෙසා කරන චෛත්‍ය, පිලිම වහන්සෙලා විවේචනය කරන්න යන්න එපා මොඩයො වගේ. මේ ජීවත් වෙන ටික කාලෙ ඒ දෙවල් දැකබලා වැද පුදා පිනක් කරගනිල්ල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට හිතෙන හිතෙන විදිහට ඕවා හදන්න බෑ බන්...එ් වගේ පුජනීය දෙයක් ගොඩ නගද්දී කළ යුතු වත් පිළිවෙත් තියෙනවා..ඒ කරලා පේ වෙලා තමා කරන්න වෙන්නේ...අනික සඳහිරු සෑය හදන්න පටන් ගත්තට මොන සිතුවිල්ලකින් හදන්න හැදුවද දන්නෑනේ...අපි යමක් කරනවා නම් සිතුවිලිත් යහපත් වෙන්න ඕනේ...
    පුරාන වත් පිලිවෙත් ඉහටත් උඩින් කරල තියෙන්නෙ,මහින්ද කියන්නෙත් ඔව ඔලුව උඩ තියාගෙන හිටපු කෙනෙක් ඔය වත් පිලිවෙත් ඔන තරන් කරල තියෙන්නෙ,ප්‍රෙමදාස කියන්නෙත් එහෙම කෙනෙක් ඒක හින්ද ඔය කතා පිලිගන්ඩ බැ,සිතුව්ල්ල කුසල් සිතක් කුසල් සිතක් නැතුව ඔය වගේ එකක් අරම්බ කරන්ඩ හිත දෙන්නෙ නැ, පේන්නෙ නැද්ද එහෙම හදපු එකෙකට වත් සාදු කියන්ඩ බැරි පව් කාරයො ඉන්නෙ ඔනෙ තරන්,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් පෞ පුරො ගන්න එපා යකුනෙ. බුදු රජානන් වහන්සේ උදෙසා කරන චෛත්‍ය, පිලිම වහන්සෙලා විවේචනය කරන්න යන්න එපා මොඩයො වගේ. මේ ජීවත් වෙන ටික කාලෙ ඒ දෙවල් දැකබලා වැද පුදා පිනක් කරගනිල්ල.
    :yes::yes:
     
    ලොල් මෙලොකෙ දෙයක් ඔලුවෙ නැ ඔක්කොම ගූගල් නේද කරන්නෙ,:lol::lol::lol: ඉස්සලා කියුව තරුන රහතන් වහන්සේ නමක් කියල මම මිහිදු හාමුදුරවො ගැන කියුවට පස්සෙ කියනව ආ එහෙනම් ඒක මිහිදු හාමුදුර්වන්ගෙ එකක් ඒක නිසා අධිශ්ටනය,,,,,,,, ඔන්න ආයෙ පරන බයිල ගහනව ඇයි බන් උබ මෙච්චර මොඩ????:lol::lol::lol::lol::lol::lol: අටමහ කුසල් ගැන කියපු කතාවට එක වචනයකින් උබට උත්තර දෙන්ඩ පුලුවන්ද? ධර්ම්මේ බවේ රක්කති ධර්මචාරි කො උත්තර ඒව ඔක්කොම මකල ,උබට යාන්තන් අමුන ගන්ඩ පුලුවන් කැලි තියනව පව් බන් උබ,:lol::lol::lol:


    ඕව් ගූගල් කරනවා තමයි, සාධක ඉදිරිපත් කරන්න සාධක හොයා ගන්න, සාධක තියෙන තැන් හොයා ගන්න පොත් පෙරලනවට වඩා ගූගල් කරන එක පහසුයි.


    කරුනු ස්මතු වෙන්නෙ නැ උබ ගොනා කියල සාධනය වෙනව ,මෙලොකෙ දෙයක් දන්නෑ කියල නම් තක්කෙටම සාධනය වෙනව. මිහිදු හාමුදුරුවො මල් ඉහල ලකුනු කරපු මහමෙවුනා උයන නෙමේ ගොන්සන් අද තියෙන්නෙ, මිහිදු හාමුදුරුවන්ගෙ මහමෙවුනා උයනට මුලු අනුරාධපුරේම අයිතියි දැනගෙන කියවපන් දැන් ඒ කැල්ලත් ගූගල් කරපන් මම කියන දේ හම්බෙයි උබට,:lol::lol:උබත් නිකන් ජනාඪිපති සිරිසේන වගේ, උන්ද පත්තරේ බැලුවෙ නැත්තන් දන්නෙ නැ, උබ ගූගල් බැලුවෙ නැත්තන් දන්නෙ නැ,:lol::lol::lol::lol::lol:


    මිහිදු මහ රහතන් ව්හන්සේ ගේ සැලසුමට මුළු අනුරාධපුරේ බැරි නම් ලංකාවම අයිති වුණත්, උන් වහන්සේගේ සැලසුම වෙනස් කරන්න බෑනෙ මොනම ගිහියෙකුට. එහෙම කරන්න ගිය එකයි මෙතන ප්‍රශ්නේ.


    මිහිදු හාමුදුරුවන්ගෙ අධිශ්ඨානය මොකක්ද කියල දන්නෙ නැත්තන් මගෙන් අහල දැනගනින් ගොන්සන්, උන් වහන්සේගෙ අධිශ්ය්ටාන වෙන්නෙ 'අටමස්තානය සම්බුද්ධ සාසනය පවතින තුරාවට අරක්ශා වේවා' කියන දේ මිසක්, මේ අටමස්තානය ඇර වෙන ඒවා නොහැදේවා කියල එහෙම නෙමේ, නිකන් නොදැන තප්පුලන්ඩ එපා.:no::no:


    ඔය හා සමාන අධිෂ්ඨානයක් කරල තියෙන්නෙ රුවන්වැලිසෑය සම්පූර්ණ කළාට පස්සෙ පහු කාලීනව වැඩ සිටි මහ රහතන් වහන්සේලා. උන්වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් පරපුරෙන් පරපුරට අනූව මුඛ පරම්පරාවෙන් රැගෙන ආපු දැනටත් අනුරාධපුර අවට වැඩ ඉන්න හාමුදුරුවරු දරන මතයක් මේක. ඒනිසයි උන්වහන්සේලා බහුතරයක් සඳහිරුසෑයට විරුද්ධ වෙලා තියෙන්නේ.

    මෙන්න ගූගල් එකෙන්ම සාක්කි. වෙන කොහෙන් වත් නෙවෙයි.

    කලා වැවේ වාදිය නිල්ලේ අෑතින් අෑතට යායට පිපි මහනෙල්ය. වැව් තාවුල්ලට මඳක් එපිටහට වෙන්නට අවුකන බුදු රදුන් වැඩ වාසය කරනා රමණීය බිම්කඩයි. වන හිසට ඉහළින් උන් වහන්සේ තුන්ලොවක් නිවා සනහාලන සේ බලා වදාරති. ජය සිරිමා බෝධියේ බෝ පත් පිරිත් සරක් වී රත්නමාලි සෑ රදුන් වටා පැදකුණු කරයි. බැතිමතුන්ගේ බැති දියෙන් ‍ෙදාහොන් වුණු දහස් ගණන් සියපත් රත්නමාලී සෑ රදුන් අබිමුව විකසිතය. ඒ සුවඳත් සිල් සුවඳත් මුසුව දෙව් බඹුන් පවා ‍ෙදාහොත් මුදුන් දී පසඟ පිහිටුවා වැඳුම් දෙන පරිසරයක් නිර්මාණය වෙයි. විටෙක බඹුන්ද විටෙක දෙවියන්ද තවත් විටෙක නාරජුන්ද ඇතුළු තුන් ලොවක යනෙන වඳින පුදන මේ අසිරිමත් පින් බිමට හානියක් වෙන්නට කරදරයක් වෙන්නට ඒ අය ඉඩ නොතබති. සියල්ලක්ම සිදුවන්නේ මහා අරුම විදියකටය. මේ අසිරිමත් බිමේ මිනිසත් වග සේම ගහකොළ සතා සී පාවා පවා එයට අනුගතව හැඩ ගැසී සිටිති. කිසිවකුට කිසිවක් හිතුවක්කාර ලෙස වෙනස් කළ නොහැකිය. ඒ ධර්මතාවට කිසිවකුගේ තරාතිරමක් අදාළ නැත. රජුන්, මහාමාත්‍යාදීන්ද ඇතුළු සියල්ලන්්ම එයට අනුගත විය යුතුය. අනුරාධපුරයේ අටමස්ථානය ඒ ඒ තැන ඉදිකෙරී ඒවා වැඩිදියුණු වී තුන් ලොවක් වඳින පුදනා තැන් බවට පත්වන්නේ ඒ සොබාදම් නියමයන් හැරපියා නොයා සියල්ලක්ම සිදුවෙන නිසාය.
    අනුරාධපුරයට තවත් අලුත් සෑයක් ඉදිවෙන කරුණු කාරණා සාකච්ඡා වෙන්නට පටන් ගන්නේ ඔය අතරය. එය රණවිරු මහා සෑය නමින් ඉදිවෙන්නට නියමිත වෙයි. ඒ අනුව එය තිස් වසරක යුද ගින්නේ ශාපයෙන් මේ පින් බිම ගලවා ගත් රණවිරුවන්ගේ තේජෝ බල වීර පරාක්‍රමය සිහි කැඳවන්නක් වන්නට නියම වෙයි. නමුත් එය තුන් ලෝවාසී බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳු වූ රත්නමාලි සෑ රදුන් අභිභවන එකක් විය යුතු බවට ගන්නා තීරණය සියල්ල වෙනස් කරයි. හුඟක් දෙනා එය නොකළ යුතු බව කියයි. එය අකටයුත්තක් බවට පත්වෙයි. භික්ෂුන් වහන්සේලා එය නොකළ යුතු බවට අවවාද කරති. නමුත් මේවා නොසලකා නොතකා ඉන්නට මුලින් මුලින් උත්සාහ දරන බලධාරීහු පසුව මේ දාගැබ රත්නමාලි සෑ රදුන්ට වඩා උසින් අඩු කොට තනන්නට කටයුතු යොදති. ඒ අනුව රත්නමාලි සෑ රදුන්ගේ උස අඩි 299 වන අතර මේ අභිනවයෙන් ඉදිවෙන්නට යන සෑයේ උස අඩි 282.6 පමණ වන බවක් දැනගන්නට තිබේ. දෙදහස් දහයේ එකොළොස් වැනි මස විසි දෙවැනිදා එවක සිටි ජනාධිපතිතුමන්ද මැති ඇමැතිවරුන්ද පිරිවැරූ පිරිසක් මහෝත්සවයෙන් මේ අභිනව මහා සෑයට මුල්ගල තබති. මෙය වසර සිය ගණනකට එපිට දවසක රත්නමාලී සෑ රදුන් තනන්නට, වෙසඟ පුන් පෝ දිනෙක දුටුගැමුණු රජ මැති ඇමැතිවරුන් පිරිවැරූ පිරිවර මැද මුල්ගල් තැබූ දා සිරිලක සිවුදෙසින් රන් රිදී මුතු මැණික් මතුවූ වගක් ජනප්‍රවාදයේ කියයි. එවන් අසිරිමත් දේ සිදුවෙන පින් බිමක තවත් සෑයක් උදෙසා මුල් ගල් තැබෙයි. වෙනසකට තියෙන්නේ දහස් ගණනක් වූ මහා සංඝරත්නය එය නොකළ යුතු යැයි කියද්දී ඒ වගක් නොහිතා නොතකා මුල්ගල තැබීමය. මේ සෑය තනන්නට මුලින්ම තෝරා ගන්නේ අනුරාධපුර බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලය කිට්ටුව බිමක් වග දැනගන්නට තිබේ.
    නමුත් ඉනික්බිති කුමන හෝ ආකාරයේ හේතු කාරණා මැද මේ සෑය තනන්නට වෙනත් බිමක් තෝරා ගනී. ඒ රත්නමාලී සෑ රදුන් පෙනෙනා මානයේ තැනෙකි. සෑයේ ඉදිරිපස මඳක් වම්පසට වන්නට ජයසිරිමා බෝ රදුන්ය. ඉන් දකුණු පසට වන්නට සාරානන්ද මහ පිරිවෙන පිහිටා තිබේ. සෑය ඉදිවෙන තැනට පිටුපස ඇති වෙල් යායට ඔබ්බෙන් රන්මසු උයනය. රන්මසු උයනට යාබදව ඇත්තේ ඉසුරුමුණියයි. ඒ අනුව අලුතින් යොදාගත් තැන සෑය ඉදිවෙනා වැඩ කටයුතු ආරම්භ වෙයි. මේ ඉදිකිරීම් කටයුතුවල වැඩි බරක් නවවැනි ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව වෙත පැවරෙන අතර ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශ මේ කටයුත්තට සක්‍රියව සම්බන්ධ වෙයි. සෑයට අවශ්‍ය ගඩොල් තැනෙන තැන් රට වටේමය. බෝයගනේ, තන්තිරිමලේ, බිංගිරිය, නාරම්මල, දංකොටුව වැනි තැන්වලින් ගෙනෙන ගඩොල් සෑ රදුන් තැනෙනා බිමට රැගෙන එති. සිරිලක සිවුකොනින් පැමිණෙන බැතිමතුන්ගේ දෑතින් ඒ ගලින් ගලින් සෑ රදුන් තැනෙනා තැනට ඇවැසි පරිදි ස්ථානගත වෙයි. පේසා වළල්ලෙන් වළල්ල ඉදිවෙයි. මෙසේ පේසා වළලු තනා නිම කොට වෙහෙර බිම යළි මහා උළෙලකට කටයුතු යොදයි. ඒ ධාතු නිධානෝත්සවයි. මේ කාලය වන විට නිදන් වස්තු රැගෙන එන බැතිමතුන්ගෙන් ද, ඒවා භාරදී ආපසු යන බැතිමතුන්ගෙන්ද මේ බිම පිරී යයි. මඟ දෙපස නිදන් වස්තු අලෙවි කරන්නන්ගේ කඩ විථීයකි. බැතිමත්හු විත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයටත් වඩා උත්සාහ කොට කුමන හෝ නිදන් වස්තුවක් මිලදී ගනිති. එය සමහර විටෙක රනින් කළ එකකි. සමහර විටෙක රිදියෙන් කළ එකකි. සමහර විටෙක පිත්තලෙන් කළ එකකි. කුමක් හෝ මේ වෙහෙර බිමේ කුටියකට එය භාර දිය යුතුයි. ඉනික්බිති තමන්ගේ නිදන් වස්තුවට රිසිට් පතක් නිකුත් වෙයි. ධාතු නිධානෝත්සවයදා බැතිමතුන් පේළි සෑදී රිසිට්පත් කාර්යාලයට බාරදී තම නිදන් වස්තුව ලබා ගත යුතුය. එදා එතැනදී නිදන් වස්තු මාරු වී තිබුණේය. රිසිට් පතට අදාළව ලැබුණේ වෙන එකකි. බැතිමතුන් මෙත්සිත් පෙරදැරිව ආ මුත් එය පොඩ්ඩක් එහෙ මෙහෙ වුණේ මෙතැනදීය. ඒ කොහොම නමුත් ධාතු නිධානෝත්සවය සරුවට කෙරුණේය.

    දැනගන්නට ලැබුණු පරිදි දාගැබ ඉදිකිරීම් කටයුතු යම් ඇනහිටීමක් වෙන්නට පටන් ගන්නේ එතැන් සිටය. උත්සවය සඳහා නතර කෙරෙනා ඉදිකිරීම් පෙරසේ පණ ගසා එන්නේ නැත. අදට ද ඒ ඇනහිටීම එහෙමමය. ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය වැලිද ගඩොල්ද සම්බන්ධ යම් අර්බුදයක් ඇතිවගක් පෙනේ. නමුත් තාමත් බැතිමත්හු එති. ඔවුහු පහළින් ගත් ගඩොල් වෙහෙර මතට රැගෙන යෑමට කටයුතු කරති. දෙදහස් දහයේ සිට වසර හතරක කාලයේ සෑයට යොදන්නට නියමිත නමද තෙවතාවක් වෙනස්ව තිබේ. එය මුලින් රණවිරු සෑයක්, දෙවැනුව මහින්ද සෑයත් බවට පත්ව දැනට සඳහිරු සෑය බවට පත්ව තිබේ. සෑය ඉදිකිරීම් කටයුතු අතරතුර බොහෝ නොසිතූ අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවිය. ඒ ගැන මුලින්ම කියූ නායක හිමිවරුන් අතර රුවන්වැලි සෑයේ විහාරාධිපතිව වැඩ වාසය කරනා පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියෝද උන්නෝය.
    පසුගිය දිනෙක 'මව්බිම' අනුරාධපුරයේ කළ සංචාරය අතර තුර උන්වහන්සේ මුණ ගැසෙන්නට අපට ඉඩක් ලැබුණේ නැත. ඒ නිසාම අපි උන්වහන්සේ දුරකතනයෙන් ඇමැතීමු.
    'මම ඕක පටන් ගන්නකොට කිව්වනෙ. දැන් ඉතිං මොනදේ වුණත් මම කියන්න යන්නෙ නෑ.' උන්වහන්සේ පවසන්නේ එවැන්නකි. කොහොමටත් අනුරාධපුර නගරයෙ සිසාරා ගමන්කොට මහ මඟ වඩිනා ස්වාමීන් වහන්සේද අනෙකුත් අවශේෂ මිනිසුන්ද, ත්‍රිරෝද රථ රියැදුරන්ද ඇතුළුව බොහෝ දෙනෙක් අපට මුණ ගැසුණෝය.
    'අනුරාධපුරයට තවත් චෛත්‍ය මොකටද?'
    සමහරෙක් කීහ.
    'රුවන්මැලි සෑයට වඩා උසට චෛත්‍ය හදන්න ගිය අයට මොකද වුණේ. මේක සෙල්ලන් කරන්න පුළුවන් තැනක් නෙවෙයි.'
    හුඟක් අය දරන්නේ එවන් මතයකි.

    'ඔය රුවන්මැලි සෑය, ජේතවනාරාමය, මිරිසවැටිය වගේ දාගැබ් හදල තියෙන්නෙ අහසෙ තරු රටා පවා අධ්‍යයනය කරල. ඒ වයේ ජ්‍යාමිතික හැඩ රටා තියෙනවා. ඒවට පිටින් ගිහිල්ල මොනවත්ම කරන්න බෑ. හැමදේම විනාශ වෙලා යනවා. මේ හැමදේම පැත්තකට වෙලා බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. මේක බුද්ධ ශාසනේ තියෙන රට.'
    මේ බොහෝ දෙනකු නම් ගම් හෙළිකරන්නට කැමැත්තක් තිබුණේ නැත. ඔවුන් කිසිවකු බය වෙන්නේ සොබා දහමට නොවේ. නමුත් සොබා දහම මේ නගරයට බොහෝ දේ කර තිබේ. අපි මේ සෑ රදුන් ගැන සොයා යන අතරේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගිරාඹේ ආනන්ද නාහිමියන්ද මුණ ගැසුණෙමු.
    'මම ඔය චෛත්‍ය හදන්න පටන් ගන්නකොටම කිව්වා ඔය වැඩෙන් දේව සාපයක් වෙන්න පුළුවන් කියල. ඒත් ඇහුවෙ නෑ. හුඟක් දේවල් වුණා. අපි පුළුවන් විදියට උත්සාහ කළා ඒව වළක්වන්න. ඒත් අන්තිමට ගංවතුර ආවා. අනුරාධපුරයම යට වුණා. කවදාවත් නැති විදියට අලි ඇවිත් මිනිසුන්ව මැරුවා. මේ වැඩේ කරන්න බෑ. ඔය චෛත්‍යය හදන්න බෑ. මම ඔය කියන අයට කිව්ව මේ විදියට මෙතැන චෛත්‍ය හදන්න ඕන නෑ කියලා. ඕනෑම නං ඔය උතුරු නැඟෙනහිර තියෙන බෞද්ධ වෙහෙර විහාරස්ථාන ටික අලුත්වැඩියා කරන්න කියලා. ඒත් ඒව ගණන් ගත්තෙ නෑ. මෙතැන හුඟක් නොවිය යුතු දේවල් වුණා.

    උන්වහන්සේ වැඩවාසය කරන සාරානන්ද මහ පිරිවෙනට මේ සෑය ඉදිකරනා තැන පෙනෙයි. මේ බිමේ සිදුවෙන කිසිවක් උන්වහන්සේට රහසින් කළ නොහැකිය. මේ පින් බිමේ සත්‍ය සැඟව යද්දී එය වෙනුවෙන් නැඟී සිටිනුයේ බෞද්ධ භික්ෂුන් වහන්සේය. දැන් ඒ සියල්ලක්ම පාහේ මේ මහපොළොව මත සත්‍ය වී තිබේ. අපි සාරානන්ද මහ පිරිවෙනේ නිසංසල ඉසව්වක එකත් පස්ව අසා සිටිමු. තව බොහෝ දේ තිබේ. සියලු දෙව් බඹුන් මේ බිම රකිනා බවට මිහිපිට සාක්ෂි තිබේ. මේ තෙවරක් බුදු පාපහසින් අතිශය පාරිශුද්ධත්වයට පත්වූ පින්බිමකි. අනු බුදු මිහිඳු මාහිමි වැඩි බිමයි. මේ සියදහස් වසර ගණනකට එපිට දිනෙක තිලෝ අමාමෑණි වූ සම්මා සම්බුදු රදුන් මේ බිම රකින්නට විෂ්ණු දෙවියන්ට භාරදුන් වගක් අප අසා තිබේ.

    සටහන ජීවන පහන් තිළිණ



    එතකොට ප්‍රේමදාසගෙ මහත්තය හදපු මහවැලිමහා සෑය දැන් හදල වන්දනා කරන්වද ????? ඒක තියෙන්නෙ අටමස්තානෙ නෙමෙනෙ, මොනවද මේ කියන ගොන් කතා,?????එහෙනම් ඒක අද හදල තියෙන්ඩ එපෑයි කො ඒකට මොකද උනේ උත්තර දීපන් බලන්ඩ ???? උබ අමු ගොනෙක් බන් උබල වගේ රජ ගොන්නු ලoකාවෙ හිග නිසයි සදහිරු සෑය හදන්ඩ එතන තොර ගත්තෙ,සද හිරු සෑය අනාගතේ අනිවාර්යෙන් හදනව් ඔය ස්තානයේ බලපන් නැද්ද කියල උබල වගේ බමුනු මත ඔලුවෙ තියාගෙන ඉන්න මොඩයන්ට නම් බෑ තමා ඒත් ඔය චෙයිතයය අනිවාර්යෙන් හැදෙනව.

    දැන් නායක හාමුදුරුවරුත් වදාරනවා නම් ඕක හදන්න බෑ කියලා, ඔයා කොහොමද කියන්නෙ පුළුවන් කියලා ? ඔයා අභිඥ්ඥාලාභී රහතෙක්ද ?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama nam danna widiyata othana nidanayak thibba eka ganna thama oya seya hadanawa kiyala start kale kiyala. hamudawen thama mula idanma wede karala thiyenne. okkoma pas pawa wenama aran gihin thiyanawa. katawath penne nethiwenna thamailu mulin harana weda ehema karala thiyenne. eka gattama thamailu oya 365 dawase dansela denna gatte. kiyanawane horen deyak gattama eka bedala yewwama paw hedila yanawa kiyala. mama nam hithanne paw aduwenne ne. but dena eka pina enawa. kohoma hari oka hadanna gatta ekata nidane gattata passe oka karan yanna thibba ona kama nethi wela. ekai slow

    ettada boruda danne ne. okkoma "LU" kiyanna wenne. open for discussion
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    මේවනම් අමු කුහක කතා, මහනුවර රාජධානියෙන් කාලෙවත් මහ සෑයක් හැදුවද??? ප්‍රේමදාස සහ ගාමිනි දිසානායක මහවැලිමහ සෑය හදන්න පටන් ගන්න කම් මෑත ඉතිහාසයේ කොහෙද එහෙම එකක් හදල තිබ්බෙ???? ඉට පස්සෙ කාලෙක මහින්ද සදහිරු සෑය හදන්ඩ පටන් ගත්ත. වැඩක් කරන්ඩ පටන් ගත්ත මිනිස්සු කරේ ආත්ම වoචාව මෙලොකෙ වැඩක් පටන් ගත්ත නැති අනිත් පාලකයො ඔක්කොම හරිම හොද මිනිස්සු, කුහක වෙන්ඩ එපා බන්. වැඩක් කරපු මිනිස්සුන්ට ගරු කරන්ඩ පුරුදු වෙයන්.
    මචන් දුටුගැමුණු රජතුමා මහා සෑයක් හැදුව. තව සමහර රජවරු මොකවත්ම සෑයක් හැදුවෙ නෑ තිබ්බ ඒව ප්‍රතිසංස්කරණය කරා තව සමහර රජවරු ඔය මොකවත් කරේ නෑ කරේ වැව් හදල රට ස්වයංපෝෂිත කරපු එක. ඒ එකම රජකෙනෙක්ටවත් ඕනි කම්ක් තිබ්බෙ නෑ තමන්ගෙ නම ගහගන්න මේක කරේ මම කියල. මහාවංශයේ ඇරෙන්න වෙන එකම එක වැවක් ලගවත් නෑ මුල්ගල් තිබ්බෙ වැඩේ කරල ඉවර වෙලා පුජා කරන ලදී කරවන ලදී කියල අතීත කාලයට අයිති වාක්‍යයක් විතරයි ඒකත් මම දැකල තියෙන විදියට කරල තියෙන්නෙ ඊළගට රජවෙන හෝ පාලනය කරන අයට දැනගැනීමට .

    රටටම තිබ්බ ඉරහද පවතින තුරු ආරක්ෂාකරන්න ඕනි මහා සම්ප්‍රදායක්. දුටුගැමුණු රජතුමා පනවපු නීති මහනුවර යුගය වෙනකම්ම තිබ්බ. දෙමළ මහා සෑය ලග පයින් යන්න ගිහින් සුද්දන්ට අහු වෙච්ච නිළමෙ කණ්ඩායමක් නිසා තමා අපිට ඒක හරියටම කියන්න පුළුවන්. ඔය කිව්ව මහා සම්ප්‍රදාය සකස් උනේ ලෝ සසුන් බැබලවීමටම විතරයි. දළදාවහන්සේට වගකියන රජකෙනෙක් රජ වුනාම බැලුව මේ දෙකෙන් මොක්ද්ද මේ වෙනකොට අඩු වෙලා තියෙන්නෙ ඒ අනුව කටයුතු කරල නැවතත් සමබරව ලෝ සසුන් බබලවන තැනට වැඩ කරා.

    උබට මහින්දල රනිල්ල ගැන තේරුම්ගන්න නන් මහාවංශයේ සංක්ෂිප්ත එකවත් කියවල බලන්න වෙනව.

    රනිල්ට සාපේක්ෂව මහින්ද සිංහල බෞද්ධ නිසා උදව් කරා මිසක් වෙන කිසිම හේතුවක් නෑ දළදාවහන්සේට වගකියන්නෙ නැති පාලකයෙක්ට උදව් කරන්න.

    මහින්ද රාජපක්ෂ කියන්නෙ රට එක්සේසත් කරපු තමන්ගේ ජන්ද පදනම නිසා සිංහල බෞද්ධ නායකයෙක් මිසක් දළදාවහන්සේට දිවුරල ලෝසසුන් බැබළවීමට වැඩ කරපු නායකයෙක් නෙව්යි.

    එහෙම ඇත්තම
    සිංහල බෞද්ධ නායකයෙක් නන් මේ වෙනකොට පන්සල් වහන තැනට රට පත්වෙන්නෙ නෑ. මොකද මහින්ද යුද්දෙ ඉවර කරනකොට සාසනය බබලවන එක ප්‍රදාන අවශ්‍යතාව වෙලා තිබ්බෙ,

    මහාසෑයවල් හදල නම ගහන වෙලාවෙ ලංකාවෙ භික්ෂු පරපුර වැඩි වෙන්න වැඩ පිළිවෙලක් සකස් කරා නන්, සූදුපොළ්වල් නොදා පිරිවෙන් ටිකක් වැඩියෙන් හැදුව නන්, දළදාවහන්සේ ලග රෙස්පදින වෙලාවෙ උඩරට ඉඩම් අහිමි සිංහලයන් ගැන හොයල බැලුව නන්, විල්පත්තුව තම්බියට ලියල දෙන වෙලාවෙ උතුරු නැගෙනහිර ඉඩම් අහිමි සිංහල දෙමළ ජනතා දෙවර්ගය ගැනම වෙනසක් නැතුව බැලුව නන් මේ වෙනකොට තාම ජනාධිපති මහින්දම තමා.

    පාලකයන් ලග නැතිඋනාටම ඉදල සිංහල මිනිස්සුන්ගෙ ඇගේ දුවන ලේවල මහාසම්ප්‍රදායෙ අවශේෂ තියෙනව පාලකය සාසනයත්, සාසනය රකින ජාතියත්, ජාතිය රකින රටත් කියන තුනෙන් එකකට හරි වැරද්දක් කරනව නන් නිරායාසයෙන්ම සිංහල බෞද්ධයන් ඒ පාලකයට විරුද්ධ වෙනව මෙන්න මේ වෙලාව හතුරට හොද අවස්තාවක්, ඔය වෙලාව තමා පාවිච්චි කරන්නෙ සුද්ද රට අල්ලගන්නත් රනිල් බලය ලබා ගන්නත්.



    රනිල් කියන්නෙ ලංකාව දෙකට තුනට හරි දීල තාවකාලිකව මමයි රටට සාමය ගෙනාවෙ කියන ආතල් එක ගන්න හදන බල ලොභියෙක්. කොහොමත් කියන්න ටයිප් කරන වෙලාව අපරාදෙ එයා ගැන.

    දෙන්නම තමන්ගෙ ජන්ද පදනම රැකගන්න වැඩ කරනව එතනදි දෙන්නම සමානයි.

    මහින්ද රජපක්ෂට පුළුවන් නන් ආත්ම වංචාවකින් තොරව ලෝසසුන් බබලන්න වැඩ කරන්න මැරෙනකම්ම ලංකාවෙ පාලකය වෙන එක අමාරු වැඩක් නෙවෙයි.

    රණවිරු සෑය හදපු එක කිසිම වරදක් නෑ වස් වැදීම ගැන කියන්න තරම් දැනුම ඒ සම්බන්ධයෙන් නෑ. කවුරුන් හරි සෑයක් හදන එක මහා කුසල කර්මයක් මෙතන වෙච්ච ප්‍රශ්නෙ තමා එක පැත්තකින් සාසයන විනාසකරන්න උදව් කරන ගමන් තව පැත්තකින් සාසනය ගොඩ නගන්න කටයුතු කරපු එක. මහසෙන් රජතුමා සාසනය විනාස කරගෙන ගියා වැරැද්ද තේරුම් ගත්තට පස්සෙ සාසනය ගොඩනගන තැනට කටයුතුකරා. එතන සිද්ධියට වඩා වත්මන් ක්‍රියාපිළිවෙත හානිකර වැඩි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    උබල වගේ මුහුද හත්ගවිවක් තියාගෙන අබුඩ ගහන මිනිස්සු ඉන්නකම් තමයි බන් මෙලොකෙ දෙයක් කරගන්ඩ බැරි.මහවැලි මහ සෑය ලගදිම විවෘත කරනව ,කවද හරි සදහිරි සෑයත් හදනව.

    උබලගෙ ඔය තරක පුස් කතා, රජ කාලෙ රාජ නියොගයට අනුව ම්නිස්සු නොකා නොබි හරි වැඩ කරා අද එහෙම නැනෙ, රජතුමා ඔනෙ නම් ගම් වරයක් දෙයි නැත්තම් නොදෙයි ඒත් පවරපු රාජකාරිය කරන්ඩම ඔනෙ අද එහෙම එකක් තියෙනවද???? ඒකාලෙ වැඩ කෙරෙන්ඩ අද මන්ද ගාම් වෙන්ඩ ඒව හේතු,ඒකාලෙ වෙහෙරක් බදිනවනම් රජතුමාට තිබ්බෙ වැඩේ ඒක විතරයි අද පාලකයන්ට තියෙන්නෙත් ඒක විතරද?????? ඇයි මෙච්චර මොඩ???

    දැන කතා කරමු දෙයක් කරන මිනිහෙට බනින්ඩ නෙමේ ගල් කැටයකින් හරි උදවු වෙයන් කුහක කම පැත්තකින් තියල.
    වෙලාවක ගිහින් බලපන් මිහින්තලේ සෙල්ලිපිය රුවන්වැලි සෑය හදන්න ගඩොල් ඇදපු එකනාට පවා රන් කහවණු ගෙවල තියෙනව. පුළුවන් නන් බොරු ලියන්න කලින් මහාවංශය කියවපන් ඒ කාලෙ රජවරුන්ට තිබ්බ වැඩ මොනවද කියල සාරාංශයක් හරි දැනගන්න.
    ඔය දැන් ඉන්න හොර ඇමතිල වගේ නෙවෙයි ඒකාලෙ ඇමතිල තමන්ගෙ ධනයෙන් කරවපු වැව් අමුණු වෙහෙර විහාර තියෙනව. නිද්දගමක් ලැබෙන්නෙ කොහොමද කියලවත් උබ දන්නවද? ඒ ගමක ඉන්න අයට ඉඩම අයිති උනේ කොහොමද ඒ වෙනුවෙන් තිබ්බ මිල මොකද්ද කියල දන්නවද? නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහන්න එපා.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    User Name එක හරියටම මතක නැහැ බං උගේ
    වතිළ කිව්වහම මේකේ නොදන්න එකෙක් නැහැ😀
    dj කෑල්ලක් තිබ්බද username එකේ ?