අනුරාධපුර අලුතෙන් හදන සඳහිරු සෑය ගැන උබලගෙ අදහස් දැනගන්න කැමතියි. මට හිතෙන විදියට මේ වෙනකොට ලංකවෙ අලුතෙන් හදපු ගොඩක් පිලිම වහන්සේලා සහ තවත් ඒ වගේ දේවල් වලට මිනිස්සුන්ගෙ තියන ආකර්ශනයට වඩා අපේ අනුරාධපුරේ තියන රුවන්වැලි සෑය වගේ දේවල් වලට තියන පූජනීයත්වය ගොඩක් ඉහලයි වගේම ඒවා අසමසමයි. මට නිකමට හිතෙනවා ඒ ගඩොල් වලින් දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න තිබුන නේද කියල. අනිත් එක ඒ සෑය හදන අරමුණ විදියට පැහැදිලි කරන්නෙ යුද්ධය හෝ රණවිරුවන් සිහිපත් කිරීම වගේ එකක්. ඒකද මේ පූජනීය දේකින් අපි බලාපොරොත්තු වෙන්න ඕන කියන ප්රශ්නෙ තමයි මට තියෙන්නෙ. සංවාදයට විවෘත්තයි......දේශපාලනේ ගාවගත්තෙ නැත්තන් ගොඩක් වටිනව මං හිතන්නෙ.









