මේ කතාව ඇත්තද බන් ??

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේ කතාව ඇත්තද බන් ??

    මේ කතාව ඇත්තද බන් පේරා කැම්පස් එකේ ඉන්න මෙච්චර සත්තුද ??
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    වෛද්‍යවරයාට පහරදුන් සරසවි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

    - 7 08 2018 - 17:24

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිල්ඩා ශාලාව ආසන්නයේදී ස්නායූ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුන් දෙදෙනෙකු පේරාදෙණිය පොලීසිය විසින් අද (07දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    විශ්ව විද්‍යාලයේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා සිසුන්ට විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පිටවන ලෙස දැනුම් දී තිබියදී සිසුන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මෙම සිසුන් දෙදෙනා ඉඟනියාගල හා කුඩාඔය පදිංචිකරුවෝ බවද පොලීසිය පවසයි.

    මෙම වෛද්‍යවරයා හිඳගල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ඔහුගේ නිවසේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා යන අතුරතුර විශ්ව විද්‍යාලයේ හිල්ඩා ශාලාව අසළ මෝටර් රථය නවතා තිබියදී මෙලෙස විශ්ව විද්‍යාල සිසුන් පහර දීම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.

    සැකකාර සිසුන් දෙදෙනා වෛද්‍යවරයාට පහර දීම සඳහා පැමිණි බව කියන යතුරු පැදියක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකාර සිසුන් පැමිණි බව කියන යතුරු පැදිය ඔවුන්ට අයිති එකක් නොවන බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

    මෙම වෛද්‍යවරයා හිඳගල ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ඔහුගේ නිවසේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා යන අතුරතුර විශ්ව විද්‍යාලයේ හිල්ඩා ශාලාව අසළ මෝටර් රථය නවතා තිබියදී මෙලෙස විශ්ව විද්‍යාල සිසුන් පහර දීම සිදුකර තිබෙන බව පොලීසිය පවසයි.

    සැකකාර සිසුන් දෙදෙනා වෛද්‍යවරයාට පහර දීම සඳහා පැමිණි බව කියන යතුරු පැදියක්ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකාර සිසුන් පැමිණි බව කියන යතුරු පැදිය ඔවුන්ට අයිති එකක් නොවන බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

    චමිල් රූපසිංහ


    - http://www.ada.lk/breaking_news/වෛද්‍යවරයාට-පහරදුන්-සරසවි-සිසුන්-දෙදෙනෙක්-අත්අඩංගුවට/11-339035
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    GMOA eka mukuth saddayak naththe moko :rolleyes:

    "එතන සිසුන් 8ක විතර කණ්ඩායමක් සිටියා. මම රෝහල්ගතව සිටින රෝගියෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලේ සිටි වෛද්‍ය නිලධාරීන්ට දුරකතනය ඔස්සේ උපදෙස් දෙමිනුයි හිටියේ. මම ඒ බව ඔවුන්ට පැවසුවත් ඔවුන් එය ඇහුවෙම නැතුවයි මාව කාර් එකෙන් ඇදල ගන්න හැදුවේ. දැන් මට සැත්කම් සඳහා හුරු දකුණු අත සොලවන්නවත් බැහැ. එය මහනුවර රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන පිටවූ පසුවයි උත්සන්න වුණේ. එම අත සුව වෙනතුරු මට සැත්කම් කරන්න පුළුවන් කමක් නැහැ. එම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමට අද මම යළි රෝහල් ගතවෙනවා." යැයි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලේගේ අප සමග පැවසුවා.

    උතුරු මැද සහ උතුරු පළාතට හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය (දිස්ත්‍රික්ක 8ක්) සඳහා සිටි එකම විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා වන්නේ ඔහුය. එම දිස්ත්‍රික්ක 8 තුළ වෙසෙන ජනගහනය ලක්ෂ 24කට අධිකය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකය බාර වෛද්‍යවරයා වන්නේද විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලේගේය. එහි සාමාන්‍යයෙන් අසාධ්‍ය රෝගීන් 20ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනා ඒකකයක් වේ. රජරට විශ්ව විද්‍යාලයේ සිසුන්ට ස්නායු ශල්‍ය වෛද්‍යකර්මය උගන්වන්නේද ඔහු විසින්ය.

    "දිනපතා මගේ අධීක්ෂණය යටතේ රෝගීන් සිය ගණනක් ප්‍රතිකාර ලබනවා. දිනකට මොළය සුෂුම්නාව ඇතුළු ස්නායු ආබාධ සඳහා සැත්කම් 8ක් 10ක් අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ සිදුකළා. මේ සියල්ල සිදුවුණේ මගේ අධීක්ෂණය යටතේයි. මට සේවයට වාර්ථා කිරීමට නොහැකි වීම නිසා මේ කටයුතු අඩාල වෙලා තියෙනවා. ඒ රෝගීන් බොහොම අසරණ මිනිස්සු. වහළකින් වැටිලා, ගහකින් වැටිලා, එහෙම නැත්නම් අලියෙක් ගහල එන අහිංසක මිනිස්සුයි මේ නිසා අසරණ වෙලා තියෙන්නේ. ඔවුන්ට ලක්ෂ ගණන් වියදම් කරල සැත්කම් කරන්න හැකියාවක් නැහැ. උපන් ගමන් දරුවන්ට සැත්කම් කරන්න වෙනව. ඒ සියල්ල මේ වෙද්දි අකර්මන්‍ය වෙලා තියෙන්නේ. ඒ ගැන මට ලොකු කනගාටුවක් දැනෙනව. ඒත් මම ඉන්න තත්වය අනුව සැත්කම් කිරීම් හැකියාවකුත් නැහැ."

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මෙම වෛද්‍යවරයා සැත්කමක් අතරතුර වුවද සැත්කම විනාඩි කිහිපයකට නවත්වා හදිසි රෝගීන් වෙනුවෙන් කණිෂ්ඨ වෛද්‍යවරුන් වෙත අදාල උපදෙස් ලබා දෙමින් දිවා රෑ නොතකා රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කළ වෛද්‍යවරයකු බවය.

    ඔහු මෙම පහරකෑමට ලක්වන්නේද හදිසි රෝගියෙකුට ප්‍රතිකාර සඳහා උපදෙස් ලබා දෙමින් සිටියදීය.

    "මට මගේ කණිෂ්ඨ වෛද්‍යවරයකුගෙන් ඇමතුමක් එන ඕනම වෙලාවක වාහනය නවත්තල ඇයි කියල බලනව. මොකද සමහරවීට විනාඩි දෙක තුනක ප්‍රමාදයක් නිසා කෙනෙකුගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. මොළයක් මියයන්න ගතවෙන්නේ විනාඩි තුනක් වගේ සුළු කාලයක්. පණ ඇතුව රෝහලට එන හැම කෙනෙක්ම සුවපත් කරල යැවීමයි මගේ බලාපොරෝතුව වුණේ කවදත්. ස්නායු ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව මියයාමේ ප්‍රතිශතය කොතරම් පහළ අගයකට ගේන්න මට පුළුවන් වෙලා තියෙනවද කියන එක සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමෙන් බලාගන්න පුළුවන්. මේ නොහික්මුණු ප්‍රහාරය නිසා අසරණ රෝගීන් දහස් ගණනක් මේ සතිය තුළම අනාරක්ෂිත වෙලා තියෙනව."

    - http://nethnews.lk/article/57034
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අප්පට එම නීතියක් තියනවද මුන්ගේ ආ වරෙව්කෝ . කොට කලිසම් අදින්නත් බෑ වාහන නවත්තන්ත් බෑ ඇයි බන් මෙතන ප්‍රභාකරන්ගේ නීතියද තියෙන්නේ. එක අතකින් කැප්පස් ගිය එකෙක්ට කැප්පස් උන් ගහල තියෙන්නේ හා හා . එලියට ආවම විප්ලවේ ඉවරයිනේ දෑන් තේරෙනව ඇති සාමන්‍ය මිනිස්සු බොරු කියන්නේ නෑ මුන්ගේ මොලේ හොද නෑ කියල කැම්පස් ආවම. කොහෙන් හරි හද්ද වන්නියකින් අපු සෙට් එකක් ඇතුලේ ෆෝම් වෙලා කරන වැඩ. මුන්ව දාන්න ඕනේ කුඩු කාරයෝ හොමෝ කාරයෝ ඉන්න කාමර පාටියක් ඇතුලට පුකේ ඇරල ගන්න කාලකන්නි
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Doctor කෙනෙක්ට ගහපු නිසා මේක මේ තරමින් වත් කේස් එක ඇදෙන්නේ
    මුන් මේවගේ සාමාන්‍ය මිනිස්සුන්ටත් ගහල තියේද දන් නෑ..
    අඩු කුලේ තුප්පහි පර හැත්තට වාහනේ දැකල ඉරිසියා හිතෙන්න ඇති