මේ කේන්දරේ බලල දෙන්ඩකෝ

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    මේ කතාව සිරා කියන්නේ...... බඳිනවනම් කේන්දර ගලපලා බඳින එක හොදයි. උඹ ආදරේ කරනව නම් කෙල්ලෙක්ට අනිවා කේන්දරත් ගැලපෙන්න ඕන. නැත්නම් උඹත් අමාරුවේ කෙල්ලත් අමරුවේ.... කේන්දර කියනදේ ආදි කාලේ ඉඳලම පැවතගෙන එන්න ඒවගේ යම්තාක් දුරට ඇත්තක් තියෙන නිසා. කොල්ලෝ කොලු කමට කියාවි ආදරේ නම් ඒ ඇති කියලා. කේන්දර ගැලපෙන්නේ නැතුව බැඳලා දුක් විඳින්න එපා. මෙතන දුක් විඳින එවුන් ඒක උඹට කියයි කියලා හිතනවද..... නැහැනේ. මාත් ඉස්සර කේන්දර ඕන නැහැ කියල ලොකු එකෙන් හිටියා, ඒත් මම දැන් දන්නවා ඒවගේ ඇත්තක් තියෙනවා කියලා. මොකද එහෙම බඳින වුන්ට ප්‍රශ්න එනවා, ඒත් උන්ට තේරෙන්නේ නැ මේවා වෙන්නේ මොන හේතුව නිසාද කියලා. ආදරේ කරලා, කේන්දර ගැලපෙන්නේ නැතුව බැඳ ගත්තම වෙන්නේ ප්‍රශ්න නිසා ඊලඟ පරම්පරා උඹේ ලමයි දුක් විඳින එක. ඒවත් හිතලා බලපන්.

    ආදරේ කලා ඒක ඇත්ත. ඒත් ආදරේ කියලා කේන්දර ගැලපෙන්නේ නැතුව දෙන්නගෙම ජීවිතේ විනාශ වෙන එකයි වෙන්නේ. ආදරේ කියන දේ හැමදාම එක වගේ ලැබෙන්නේ නැත, ලබා ගන්නත් බැරිය. එහෙම එකේ ආදරේ විතරක් ඇති කියලා මෝඩ වැඩ කරන්න එපා. සමහර වෙලාවට කේන්දර ගැලපෙන්නේ නැත්නම් ජීවිතේ ඉදිරි ජීවත සාර්ථක කර ගන්න අනෙක් පාර්ශවයෙන් සහයෝගය ලැබෙන්නේ නෑ. එහෙම වුනාම ජීවිත සාර්ථක වෙන්නේ කොහොමද......

    "යාලුවෙක් වශයෙන් ඔන්න කිව්වා තීරණය උඹේ අතේ. මම කිව්වා කියලාම විශ්වාස කරන්න එපා. දන්න අයගෙන් අහලා බලන්න. මොකද මම වැරදි වෙන්නත් පුලුවන්. කොල්ලොන්ගේ කොලු කමට මේවා අහන්නේ නැතුව, දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහන්න. "

    :oo::oo::oo::oo:

    Machan Manussayek ge hitha hiya nan,uthsahayak ,adishtanayak tiyenawanan, Kendara nemaei, loke unath peralanna puluwan, Hitha(manasa) thamai mulikama de....,anika grahayo nemei machan apiwa hasurawanne, ape hitha, eka shakthimath nan ona ma deyak karanna puluwan.
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    Machan Manussayek ge hitha hiya nan,uthsahayak ,adishtanayak tiyenawanan, Kendara nemaei, loke unath peralanna puluwan, Hitha(manasa) thamai mulikama de....,anika grahayo nemei machan apiwa hasurawanne, ape hitha, eka shakthimath nan ona ma deyak karanna puluwan.

    මචන් උඹ කියන කතාවත් ඇත්ත. ඒක මට නොතේරෙනවා නෙමේ. දෙමව්පියෝ කොහොමත් කැමති නැහැ තමන්ගේ දරුවව දැන දැන අමාරුවේ දාන්න. ඒ කියන්නේ දෙමව්පියන් දන්නව කේන්දර නොගැලපීමෙන් වෙන දේවල්. ඒක නිසා තමයි අපිට ඒවා එපා කියන්නේ. දෙමව්පියන්ගේ හිත රිද්දවලා ලබා ගන්න සතුටින් ඇති වැඩේ මොකක්ද...... ඔයත් බඳින කාලෙට තේරේවි. මට හොද අත්දැකීම් තියෙනවා දෙමව්පියන්ගේ හිත් රිදවල විපාක දුන්න. ඒක නිසාමයි මම මෙහෙම කිව්වේ. ඔයාට මේ දේවල් අද නොතේරෙයි ඒත් එක දෙයක් අනිවා ඔයාත් තාත්තා කෙනෙක් හෝ මවක් වුන දවසට තේරේවි.

    මචන් එක කෙල්ලෙක් දාල ගියා කියලා අපි තවත් කෙනෙක්ට ආදරේ නොකර ඉන්නේ නැහැ. සමහරවිට වෙනත් කෙල්ලෙක් එක්ක කලින්ටත් වඩා ආදරෙන් ඉන්නවා. ඒකයි ආදරේ කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස්ව ලැබෙනවා. හැමෝටම එක සමාන ආදරයවල් ලැබෙන්නේ නෑ.
    ජීවිතේ මේ ගන්න තීරනේ හොදට හිතලනේ ගන්න ඕන.නැත්නම් ජීවිතෙත් අවුල් වෙනවා.

    තව දෙයක් තමන් වෙනුවෙන් දුක් විඳපු ඒ අම්මා, තාත්තා වෙනුවෙන් ලගදි ලං වුනු කෙල්ලව ලොකු කරන්න එපා. ගැණු නම් රටේ ඕන තරම්. ආදර ඇතිවෙන එකත් වෙනවා. ඒත් අපට ඉන්නේ එක අම්මයි, තාත්තයි. කෝටිගානක් එක්ක ගෑනියෙක් දුන්නත් මම නම් ඒවට පයින් ගහනවා. මට මගේ අම්මයි, තාත්තයි ඇරෙන්න වෙන කවුරුත් වටින්නේ නැහැ. අම්මගේ ආදරේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒවා හීනම විතරයි. අපිට මොනවහරි වුනාම දුවන්නේ කෙල්ලෙ ලගට නෙමේ අම්මා ලගට.ඒ අපේ බැදීම. ගෑනියෙක්ට අපිව තේරුම් ගන්න බැරි වුනත් අම්මා කෙනෙක්ට ඒක පුලුවන්.....

    අම්මා, තාත්තා කියනදේ අහන්න. කිසිම දවසක වරදින්නේ නෑ. අත්දැකීම ගොඩක් ජීවිතේ විඳපු කෙනෙක් විදියට කියන්නේ. මම දුක් වෙන්නේ එදා දෙමපියන් කිව්ව දේ කලා නම් අද මට මෙහෙම වෙන්නේ නෑ කියලා. අවවාදයක් විතරයි. පිලිගන්නවා නම් පිලිගන්න නැත්නම් අයින් කරලා දාන්න.

    :yes::yes::yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    එහෙම බලද්දී ලව් කරන්න කලින් කේන්දරේ බලන්න එපැයි බං..
    නැත්තම් බූට් නේ.. :confused::confused:
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    :rofl::rofl:
    හප්පා ඔන්න දන්නා කෙනෙක්ට කියල පොරොන්දම් බැලුවා පොරොන්දම් 77.5 % ශ සීහුම් 88% ගලපෙනවලු.
    හොඳටම හොඳයිලු.

    :D:rofl::P