මේ ගැන ඔබේ අදහස කොටමු.

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි මෙහෙම hire යන්න ඒ ඒ පැති වල අය යන්න දෙන්නෙ නැත්තෙ. ඇත්තටම ඒ පළාත්වල අයට මේක අසාධාරණයක් ද? නැත්නං ඒ පළාත්වල පික්මී uber නැති නිසාද?
    නැත්තං ඉරිසියාව ද ?
    ඇත්තටම මෙතන මොකක් හරි valid පොයින්ට් එකක් තියෙනවද?

    FB_IMG_1677057472833.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්න හිතෙන රට 🥴

    ලංකාව මෙහෙම තියන එකත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Vermox

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,777
    113
    පාක් වල මීටර නෑ. මීටර් නැති ගොඩක් අය කියන්නෙ මීටරේ පාඩුයි කියල. උන් හිතන්නෙ මීටර් කාරයො අඩු ගානට උන්ගෙ හයර් අල්ලගන්නව කියල. ඉතින් මීටර් කාරයො එක්ක තරහයි. පාක් එකට වෙලා වේලි වේලි මීටර් කාරයො හයර් දුවනව ඉරිසියාවෙන් බලාගෙන ඉඳලා හවසට රුපියල් තුන් හාරසියක් හොයන් ගෙදර යනවා. ඔහොම ඔහොම සති මාස ගානක් කරලා දවසක පුපුරලා යන්නෙ මේ වගේ සිද්දි වලින්. උන් හිතන් ඉන්නෙ කස්ටමර්ලට ඕන විදිහට හැඩ ගැහෙන්න නෙවෙයි. උන් හදන්නෙ උන්ට ඕන විදිහට කස්ටමර්ලව හැඩගස්සගන්න. හිතවත් අයට 200යි. සාමාන්‍ය අයට 250යි. හොඳට ඇඳල නම් 300යි 400යි. පිටරට අයට 500යි 1000යි. මුන්ට කවදා නම් හරියයිද.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    ඇයි මෙහෙම hire යන්න ඒ ඒ පැති වල අය යන්න දෙන්නෙ නැත්තෙ. ඇත්තටම ඒ පළාත්වල අයට මේක අසාධාරණයක් ද? නැත්නං ඒ පළාත්වල පික්මී uber නැති නිසාද?
    නැත්තං ඉරිසියාව ද ?
    ඇත්තටම මෙතන මොකක් හරි valid පොයින්ට් එකක් තියෙනවද?

    View attachment 198036

    කිසිම වැලිඩ් පොයින්ට් එකක්/ කරපු දේ සාධාරණතාවක් මට පෙන්නේ නැ.

    මිරිස්සේ කරවල හදනවා කියලා, අපිට බැරිද මිරිස්සේ ගිහින් කඩේකින් මන්නාරමේ කරවල සල්ලි වලට ගන්න. එතකොටත් මිරිස්සේ එකා අපිට නැ නැ මෙහෙ ගන්න පුලුවන් මිරිස්සෙ මාලු විතරයි කියන්න පුලුවන්ද?බැ නේද?

    පාරිභෝගිකයන් ලෙස අපිට අයිතියක් තියනවා අපි කැමති දේට පමණක් මිලදි ගන්න සේවාව ලබාගන්න. ඒක පළාත අනුව ස්ථානය අනුව සුවිශේෂිභාවයක් ලැබෙන්නේ නැ.

    ටැක්සි ඇප් වල වාසිය කලින් ගාන පේනවා. කාඩ් ගෙවන්න පුලුවන්. ඉමර්ජන්සි කෝල් ගන්න පුලුවන්. Gps මගින් ට්‍රැක් වෙනවා.
    ඕනාම රියදුරෙකුට පුලුවන් ⁣රෙජිස්ටර් වෙන්න. නොවි ඉන්නත්. නමුත් කාටවත් බැ ලංකාවේ නිත්‍යානුකුලව කර ව්‍යාපාරක් අපේ පැත්තේ කරන්න එපා කියන්න. හරිනම් මුලු රටම මේ වගේ ඇප් සිස්ටම් එකකට ගේන්න කටයුතු කරන්න ඔනා. එහෙම කරලා මිසක් අපි අද කතා කරන ට්‍රිවිල් අකටයුතු කම් නවත්නන්න බැ.

    දැනට සමහර රටවලින් කියලාම තියනවා ලංකාවේ එද්දි ටුක් ටුක් වල යන්න එපා,⁣ ⁣ශෙයාරින් ඇප් හෝ මිටර් නැත්තම් කියලා. අපියි රටක් හැටියට පරක්කු නිති හදන්න. එක සුද්දියෙක් දෙන්නෙක් මැරෙනකං ඉන්නවා ඇති සුවර් එකට.