ඇයි මෙහෙම hire යන්න ඒ ඒ පැති වල අය යන්න දෙන්නෙ නැත්තෙ. ඇත්තටම ඒ පළාත්වල අයට මේක අසාධාරණයක් ද? නැත්නං ඒ පළාත්වල පික්මී uber නැති නිසාද?
නැත්තං ඉරිසියාව ද ?
ඇත්තටම මෙතන මොකක් හරි valid පොයින්ට් එකක් තියෙනවද?
View attachment 198036
කිසිම වැලිඩ් පොයින්ට් එකක්/ කරපු දේ සාධාරණතාවක් මට පෙන්නේ නැ.
මිරිස්සේ කරවල හදනවා කියලා, අපිට බැරිද මිරිස්සේ ගිහින් කඩේකින් මන්නාරමේ කරවල සල්ලි වලට ගන්න. එතකොටත් මිරිස්සේ එකා අපිට නැ නැ මෙහෙ ගන්න පුලුවන් මිරිස්සෙ මාලු විතරයි කියන්න පුලුවන්ද?බැ නේද?
පාරිභෝගිකයන් ලෙස අපිට අයිතියක් තියනවා අපි කැමති දේට පමණක් මිලදි ගන්න සේවාව ලබාගන්න. ඒක පළාත අනුව ස්ථානය අනුව සුවිශේෂිභාවයක් ලැබෙන්නේ නැ.
ටැක්සි ඇප් වල වාසිය කලින් ගාන පේනවා. කාඩ් ගෙවන්න පුලුවන්. ඉමර්ජන්සි කෝල් ගන්න පුලුවන්. Gps මගින් ට්‍රැක් වෙනවා.
ඕනාම රියදුරෙකුට පුලුවන් රෙජිස්ටර් වෙන්න. නොවි ඉන්නත්. නමුත් කාටවත් බැ ලංකාවේ නිත්‍යානුකුලව කර ව්‍යාපාරක් අපේ පැත්තේ කරන්න එපා කියන්න. හරිනම් මුලු රටම මේ වගේ ඇප් සිස්ටම් එකකට ගේන්න කටයුතු කරන්න ඔනා. එහෙම කරලා මිසක් අපි අද කතා කරන ට්‍රිවිල් අකටයුතු කම් නවත්නන්න බැ.
දැනට සමහර රටවලින් කියලාම තියනවා ලංකාවේ එද්දි ටුක් ටුක් වල යන්න එපා, ශෙයාරින් ඇප් හෝ මිටර් නැත්තම් කියලා. අපියි රටක් හැටියට පරක්කු නිති හදන්න. එක සුද්දියෙක් දෙන්නෙක් මැරෙනකං ඉන්නවා ඇති සුවර් එකට.