මේ ගැන දන්නවද ?

EVALUTION

Active member
  • Oct 11, 2014
    245
    82
    28
    Colombo, Sri Lanka
    ඇතුලට ආවනම්,,,,,,,,,,,

    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)
    ;)

    දැන් මචන් ඇමරිකාව, එක්සත් රාජධානිය වගේ රටවලනම් කවුරු හරි අන්තර්ජාලයට මොකක් හරි අප්ලෝඩ් කලොත් එයාගේ IP එකෙන් Track කරන්න පුළුවන් නේද අදාල පුද්ගලයා ? එහෙම වෙන්නේ කොහොමද ? ලංකාවේ නම් SLT පුළුවන් නේද එහෙම බලන්න ? ජංගම දුරකථන ජාල වල පුළුවන්ද ? කොහොමද මේක වෙන්නේ පැහැදිලි කරනවද ? අනික අපේ IP Details Check කරොත් වැටෛන්නේ කොළඹ කියලනේ ඇයි ඒ ? අදාල සේවාව දෙන මධ්‍යස්ථානයේ ස්ථානය ද ?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ISP keeps track of which user uses which IP at what time. So all you need is the IP and the time to find who it is. Most of the IPs here are dynamic. i.e. Owned by the ISP. So i think location is probably the province of the user or someting. I don't know for sure about the location.
     
    Last edited:

    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    mcn mma danna widiyata SLT wire connection eke nm IP wens wenne na.
    But anith ewage Dialog, Mobitel, etc..
    Un gava IP set ekk tiynwa (IP Pool). ewa connect wena unta denwa. Bt mcn IP adrs eki time eki tibboth ona knekta puluwan ape service provider haraha kenwa alla ganna...
    Mmma hitanne meka tami system eka.

    Eath ekkma mcn api data trancfer krnne "Packet" widiyata kiyla uba dannawane. me eka pkt ekk gattot, ube machine eke/ Dongle/Router/Network Card eke, me ewagen ekka MAC address ekath satahan wenwa (Mathaka vidiyata machine eke weena ona). Oya MAC adrs ek device ekta unique mcn..

    mma danna vidiyata oka tama sene eka. Any mistake, pls correct???
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    read ! read

    එඩ්වඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීමේ අරගලයේදී ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පරදුවට තැබී ඇත


    ඇමරිකානු සහ ලෝක ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි යෝධ දේශපාලන කුමන්ත‍්‍රනයක් එලිදරව් කල තරුනයෙකු ට, පලිගැනීමට හදන ආන්ඩුවකින් ගැලවීම සඳහා පලාගොස් සැඟවීමට සිදුවී තිබීම වනාහි සිත් බරපතලව සසල කරවන කරුනකි.

    එඩ්වඩ් ස්නෝඩන් ට ඔත්තු සෙවීම පිලිබඳව චෝදනා එල්ල කර ඇති අතර ඇමරිකානු දේශපාලකයෝ ද මාධ්‍ය අටුවාකරුවෝ ද ඔහු සතුරාට ඔත්තු දෙන ද්‍රෝහියෙකු යයි හෙලාදකිති. එහෙත් ඔහු තොරතුරු සපයා දී ඇත්තේ කාට ද? ඇමරිකානු ජනතාවට ය. ස්නෝඩන් ට චෝදනා කරන එවුන්ට සතුරා ලෙස පෙනෙන්නේ ඇමරිකානු ජනතාවය.

    මහජනයාගේ හැම දුර කථන පනිවුඩයක්ම, හැම ඊ-මේල් පනිවුඩයක් ම වාර්තා කෙරෙනු ඇති බවත්, හැම ස්කයිප් සාකච්ඡාවකට ම හොරෙන් ඇහුම්කන් දෙනු ලබන බවත්, සෑම අන්තර්ජාල බාගැනීමක් ම සහ ක්‍රෙඩිට් කාඩ් මගින් කෙරෙන මිලදී ගැනීමක්ම පිලිබඳ වාර්තා එක්රැස්කොට ජාතික ආරක්ෂක ආයතනයේ (එන්.එස්.ඒ) දත්ත ගොනු වල ගබඩාකොට තබාගනු ලබන බවත් දැන ගැනීමට මහජනයාට අයිතියක් තිබේ. යම් පෞද්ගලික සාකච්ඡාවකට ක්ෂනිකවම කන් නුදුන්නත්, නොකියවුවත් අනාගත ඔත්තුබැලීම සඳහා රැස්කොට තබාගනු ලැබේ.
    රටෙහි සෑම මිනිසෙකු සහ ගැහැනියකම. පිලිබඳව - ඔවුන් ආශ‍්‍රය කරන්නේ කවුරුන් ද, කියවන්නේ කුමක් ද, මිලදී ගන්නේ කුමක් ද, කාලය ගත කරන්නේ කෙසේ ද, යනාදිය පිලිබඳ - තොරතුරු රාශියක් දුරකථන සහ විද්‍යුත් පනිවුඩ මාධ්‍යවල ඊනියා "මෙටාඬේටා” (මහා දත්ත) වාර්තා මගින් මිලිටරිය සහ බුද්ධි අංශවලට සම්පාදනය කෙරෙයි. දැවැන්ත රාජ්‍ය ඔත්තු ජාලයක් පිලිබඳව ස්නෝඩන් කර ඇති එලිදරව් කිරීම ගනනට නොගෙන අමතකර දමන අය, මිනිසුන් ට සැඟවීමට කිසිවක් නැති හෙයින් බය වීමට ද කිසිදෙයක් නැතියයි කියන අය ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මොනවාදැයි කිසිවක් නොදන්නෝ ය, කිසිසේත්ම නොතකන්නෝ ය. එවැන්නන්ට ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වනාහි වැඩකට නැති දෙයකි.

    දේශපාලකයින් සහ මාධ්‍ය වල ලියන්නන් ස්නෝඩන්ට එල්ල කරන නිමක් නැති අපවාද ධාරාව එන්නෙන්නම උග‍්‍රව ගලයි. එහි ප‍්‍රථම අරමුන වන්නේ මහජන මතය නොමග යවා, අවධානය එක්සත් ජනපද ඔත්තු සේවා පිලිබඳ මෙම එලිදරව්ව මගින් ඉස්මතු කෙරෙන සැබෑ ප‍්‍රශ්න වලින් ඉවතට යොමු කිරීමය, දෙවනුව ස්නෝඩන් උදාහරනයක් බවට පත් කොට ආන්ඩුවේ අපරාධ එලිදරව් කිරීමට සැරසෙන වෙන කවුරුන් හෝ වුව බිය ගැන්වීම ය.

    ඉරිදා මාධ්‍යවල සම්මුඛ සාකච්ඡා වලදී පක්ෂ දෙකේම දේශපාලකයෝ ස්නෝඩන් අපරාධකරුවෙකු යයි හෙලාදකිමින් ආන්ඩුව කරගෙනයන නීතිවිරෝධී ඔත්තු බැලීම ආරක්ෂා කිරීමට පෙල ගැසුනෝ ය.

    ෆේස් ද නේෂන් නමැති වැඩ සටහනට කතාකල සෙනෙට් මන්ඩල බුද්ධි කමිටුවේ සභාපති ඩිමොක‍්‍රටික් පාක්ෂික ඩෑන් ෆෙයින්ස්ටයින් ”මෙම ආයතන විසින් බලය අපයෝජනය කිරීමක් දැක ගත නොහැකි යයි” කියමින් "හොඳින් වැඩ කරමින් ත‍්‍රස්තවාදී කුමන්ත‍්‍රන වැඩ එලිදරව් කල මෙම සංස්ථාවලට හානි කිරීම” ගැන ස්නෝඩන් හෙලාදුටුවා ය. ඇය මෙසේ ද කීවාය, "ඔහු අල්ලා ගෙන නඩු විසඳීම සඳහා මෙරටට ගෙනායුතු ය... ඔහුව ලුහුබැඳීම ඇරඹී තිබේ.” ස්නෝඩන් ට "ආධාර උපකාර කිරීම” ගැන වීකිලීක්ස් වෙබ් අඩවියට නඩු පැවරිය යුතු යයි ද ඇය කියාසිටියාය. "ස්නෝඩන් අපගේ පුරවැසියන් අනතුරේ හෙලමින් ජාතික නීති බිඳ ලූ අපරාධකරුවෙකැ යි” රිපබ්ලිකානුවෙකු වූ සෙනෙට් මන්ත‍්‍රී බොබ් කාටර් කියා පෑවේ ය.

    ”මීට් ද ප්‍රෙස්” වැඩ සටහන ඇමතු කොන්ග‍්‍රස් බුද්ධි කමිටුවේ සභාපති රිපබ්ලිකන් පාක්ෂික මයික් රොජර්ස් ස්නොඩන් රුසියාව සඳහා ඔත්තු බලන්නෙකැයි අඟවමින් "රට පාවා දුන්නෙකු” ලෙස ඔහුව හෙලාදුටුවේය. ඉරිදා ෆොක්ස් පුවත් ආයතනය ඇමතූ රිපබ්ලිකානු සෙනෙට් මන්ත‍්‍රී ලින්ඩ්සේ ග‍්‍රැහැම් මෙසේ කියා ඇත: "ඔහුව ලෝකයේ අන්තයටම හඹාගොස් , අධිකරනය ඉදිරියට ගෙන ආ යුතුය. මේ පුද්ගලයා තියා ගත්තොත් දරුනු විපාක ලැබෙනු ඇති බව රුසියානුන් දැනගත යුතු ය.”

    රහස් ඔත්තු සේවා රැකීමට ද ස්නෝඩන් ආක්‍රෝෂයට ලක් කිරීමට ද ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කොන්ග‍්‍රස් මන්ඩලය තුල කොතරම් "අඩස්සි (ග‍්‍රිඩ්ලොක්)” ඇති කර ගත්ත ද ව්‍යවස්ථා විරෝධී පියවර ආරක්ෂා කිරීම පිලිබඳ ප‍්‍රශ්නය පැන නැගුනු වහාම මහ කොම්පැනි වල පක්ෂ දෙක නිර්ලජ්ජිතව පුර්න එකඟතාවයක් ඇති කර ගන්නා බව ය..
    මෙය වනාහි අපරාධය ආරක්ෂා කරමින් එය එලිදරව් කිරීම සාපරාධි යයි නම් කිරීමකි.

    එපමනක් නොව, පොලිස් රාජ්‍ය ඔත්තු මෙහෙයුම ත‍්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයක් සඳහා යයි කියාපෑම මහජනතාවගේ බුද්ධියට නිගා කිරීමකි. මෙම මෙහෙයුම් මෙහෙය වෙන්නේ මහජනතාව කෙරේ ඉමහත් බියකිනි. පාලක ප‍්‍රභූව යුද්ධයේ සහ කප්පාදුවේ සිය පිලිවෙත් වලට එරෙහිව සමාජ විරෝධය නැග ඒම ගැන දැඩි බියෙන් පසුවෙයි. එය මහජනතාව මත සිය සමාජ දේශපාලන පාලනය පවත්වාගැනීම සඳහා ඒකාධිපතිත්වයක ක‍්‍රමවිධි ද ව්‍යූහයන් ද යොදාගැනීමට කැසකවයි. පොලිස් රාජ්‍යයක කාර්ය පිරිවැය දැනටම බොහෝදුර ස්ථාපිත කරනු ලැබ ඇත. සමහරවිට රාජ්‍ය යන්ත‍්‍රයේ කොටස් වල උදව් ලද නොමග ගිය පුද්ගලයෙකු විසින් කරනු ලබන ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක්, විවෘත ආධිපත්‍යවාදී පාලනයක් ඇටවීම සඳහා ප‍්‍රයත්නයකට ව්‍යාජ හේතුව ලෙස යොදාගනු ලැබීමට ඉඩ තිබේ.

    යුක්ති විරහිත සෙවිලි සහ අත්අඩංගුවට ගැනීම් පැහැදිලිවම තහනම් කරන ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සහ මූලික අයිතිවාසිකම් පනත බරක් ඔබාමා විසින් කොයි තරම් දුරට උල්ලංඝනය කරනු ලබා ඇති දැයි කිව හොත් "ඔහු, මීට අවුරුදු 39 කට පෙර රිචඩ් නික්සන්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවලට හේතු වූ උල්ලංඝනයන් ඉක්මක්වා බොහෝ දුර ගොස් සිටී. එහෙත් අද, ඇමරිකානු පුරවැසියන් ද ඇතුලුව, දහස් ගනන් ජනයා, නීති විරෝධීව මරාදමා ඇති ජනාධිපතිවරයෙකු වන, ඔබාමාට විරුද්ධව දෝෂාභියෝග ක‍්‍රියාවලියක් ඇරඹිය යුතු යයි කියා සිටින එකද දේශපාලකයෙකු හෝ, පුවත්පත් අටුවාකරුවෙකු හෝ ඇත්තේ නැත.

    එන්.එස්.ඒ. එෆ්බීඅයි, සීඅයිඒ සහ පෙන්ටගන් නිලධාරීන් ට එරෙහිව මේ පිලිබඳ අපරාධ නඩු පැවරිය යුතු යයි කියන කෙනෙක් ද ඔවුන් අතර ඇත්තේ නැත.
    එන්.එස්.ඒ. ආයතනය භාර ජාතික බුද්ධි අධ්‍යක්ෂක ජේම්ස් ක්ලැපර් කොන්ග‍්‍රස් මන්ඩලය ඉදිරියේ දිවුරා දෙන සාක්කියක දී බොරු සාක්කි කී බව හසු වී තිබේ: එහෙත් ඔහුට විරුද්ධ චෝදනා කල යුතු යයි ඉල්ලීමක් නැත.

    මෙය පෙන්නුම් කරන්නේ පාලක ප‍්‍රභූව තුල ද රාජ්‍යය සහ මාධ්‍ය තුල ද ප‍්‍රජාතන්ත‍්‍රීය විඥානය බිඳවැටී ඇති තරම සහ ඒ වෙනුවට ෆැසිස්ට්වාදී ලක්ෂන පවා දරන අධිකාරවාදී අදහස් ආධිපත්‍යය දරන තරම් ද වේ.
    පෙර නු වූ විරූ තරම් කම්පක සමාජ අසමානතාවයේ ද යුද්ධ ග‍්‍රස්ත භාවයේ ද බරින් ඇමරිකානු සමාජය ජර්ජරව ඇදහැලෙමින් පවතී.

    මුදුනේ ඉතා කුඩා සුලුතමයක් අත බලය සහ ධනය සංකේන්ද්‍රනය වීම ප‍්‍රජාතන්ත‍්‍රය සමග පෑහෙන්නේ නැත. පොදු මහජන විරෝධය නොතකා යුද්ධ කරගෙනයද්දී, සිවිල් සහ දේශපාලන කටයුතු වල දී මිලිටරිය එන්නෙන්නම වැඩි භූමිකාවක් ඉටු කරද්දී ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් රැකිය නොහැකිය. අවුරුදු පනස් දෙකකට පෙර, ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන් හවර් සිය පදවියෙන් සමු ගැනීමේ දේශනයේ දී මිලිටරි ඉන්ඩස්ටි‍්‍රයල් කම්ප්ලෙක්ස් (යුද්ධ-කාර්මික සංකීර්නය) යනුවෙන් නම් කර ගත් දෙයෙහි භයංකර අන්තරාය පිලිබඳව අනතුරු හඟවා සිටියේ ය.

    ඔහු මෙසේ කීය: "මෙම යෝධ මිලිටරි සංස්ථාපිතය සහ සුවිසල් ආයුධ කර්මාන්තය ඒකාබද්ධ වීම ඇමරිකානුවන්ට අලුත් අත්දැකීමකි. ... එහි සමස්ත ආර්ථික, දේශපාලන, සහ ආධ්‍යාත්මික බලපෑම සෑම නගරයකම සෑම ප‍්‍රාන්ත මන්ඩලයකම පමනක් නොව මධ්‍යම ආන්ඩුවේ සෑම කාර්යාලයකම සහ ආන්ඩුවේ ඉහල මන්ඩලවල පැතිර පවතී. ... අප එහි දරුනු බලපෑම වටහා ගැනීම අත්‍යවශ්‍යය... මිලිටරි කාර්මික සංස්ථාපිතය අපේක්ෂිත හෝ අනපේක්ෂිත බලපෑම් ඇත කර ගැනීම වලක්වාලීමට අප ක‍්‍රියා කල යුතු ය. නුසුදුසු බලය විනාශ කාරී ලෙස නැගී ඒමට පවතිනා ඉඩ කඩ දැන් ද ඉදිරියේ ද පවතිනු ඇත.” අයිසන්හවර් මෙසේ ද කීය: "අපගේ නිදහස රැක ගත හැකි එකම ක‍්‍රමය නම් පරික්ෂාකාරී වූ ද බුද්ධිමත් වූ ද පුරවැස්සන් රාශියක් ය.”

    දැන්, පනස් වසරකට පසු අයිසන් හවර් ගේ අනතුරු ඇඟවීම් ඔප්පු වෙමින් පවතී.
    මෙම යෝධ යුද්ධ යන්ත‍්‍රය සහ විදුලි සංදේශ සහ අන්තර්ජාල සංගත අතර සම්බන්ධය විසින් ඇති කෙරෙන ඉමහත් අන්තරාය පිලිබඳව මහජනතාවට අනතුරු හැඟවීමට ය ස්නෝඩන් උත්සාහ කර ඇත්තේ. එහෙයිනි, ඔහුට එරෙහි දඩයම. ස්නෝඩන්ච සහ ජුලියන් අසාන්ජ් සහ සෙබල බ‍්‍රැඩ්ලි මැනිං ආරක්ෂා කිරීම වනාහී අමරිකා එක්සත් ජනපදයේ ද ජාත්‍යන්තරව ම ද වැඩ කරන ජනතාවගේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයන්ගේ වගකීමකි. දේශපාලන සන්ස්ථාපිතයේ මොනම කොටසක් අතින් හෝ මෙය නොසිදුවන බව උවමනාවටත් වඩා පැහැදිලිය.

    ස්නෝඩන් ට එරෙහි චෝදනා සියල්ල ඉවත්කර ගන්නා ලෙස ද රාජ්‍ය ඔත්තු බැලීම් පිලිබඳ සියලු ලියවිලි එලිදරව් කරන ලෙස ද සියලු වැඩ බිම් වල විද්‍යාල වල සහ කම්කරු අසල්වැසි සහයෝගය ගොඩ නැංවිය යුතු ය.

    ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධි ක‍්‍රියා එලිදරව් කිරීම නිසා චෝදනාවට ලක් වුවන් ආරක්ෂා කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රහාරයක ආරම්භක පියවර විය යුතු ය. යුද්ධයේ උල්පත වන ධනවාදයට එරෙහිව ද සමාජ සමානතාවය සඳහා ද ඒකාධිපති තර්ජනයට විරුද්ධව ද ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම ව්‍යාපාරය ගොඩනැගිය යුතුව ඇත.

    ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද සමජවාදී සමානතා පක්ෂය ද එඩ්වර්ඩ් ස්නෝඩන් ආරක්ෂා කිරීමට ව්‍යායාමයක් දියත්කර තිබේ. එය හා සම්බන්ධ වීම සඳහා වැඩි තොරතුරු ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න.
    බැරී ගේ‍්‍ර


    https://www.wsws.org/sinhala/2013/2013jun/per1-29j.html