මේ ගැන හිතල බැලුවද?

Oct 15, 2015
372
62
0
මේ ගැන හිතල බැලුවද?


fb eken ussapu post ekak

කෙල්ලෙක් කියන්නෙ සියුමැලි කෙනෙක්. කෙල්ලෙක්ට තනියම ජීවත් වෙන්න බෑ. අපි කෙල්ලන්ව ආරක්‍ෂා කරන්න ඕන. රැකවරණය දෙන්න ඕන... ඒව ඔක්කොම ටික හරිනෙ. අපේ කොල්ලො ඕනෑම වෙලාවක ඔය වැඩේට ලෑස්තියි. කොච්චර නාහෙට නාහන එකෙක් වුණත්, මේ තියරිය පිළිගන්නව.
ඒත් කෙල්ලොත් ඒක පිළිගන්න ලෑස්තිද? කල්පනා කරල බලන්න. "වාසියකදි නං ඔව්..."
කෙල්ලො වාසියකදි නං හරිම සියුමැලියි. අහිංසකයි. සමහර වෙලාවට හුරතල්... මාරයි. මතක් වෙනකොටත් දුක හිතෙනව. සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට විපතකදී පිහිට වෙන්න කොල්ලො ඕනෑ තරම් ඉන්නව. හැබැයි ඒ විපතෙ කතාව ඉවර වුණාම...?
කෙල්ලෙක් බස් එකකට නැග්ගම සියුමැලියි. අහිංසකයි. අතේ ලොකු බර මල්ලක් තියෙනව නං බැල්ම පවා අහිංසකයි. ඕන කෙනෙක්ගෙ හිත කීරි ගැහෙනව. ඉතින් කොල්ලෙක් ඒ මල්ල ඉල්ල ගන්නව. ඔය කොල්ල අර කෙල්ල ඔඩොක්කුවෙ ඉන්දව ගත්ත වගේ ආදරණීය විදියට අර මල්ල ඔඩොක්කුවෙ තියාගෙන යනව. සාමාන්‍යයෙන් කෙල්ලකගෙ ගමන් මල්ලකට කර ගහන්නෙ කොල්ලෙක්ම තමයි.
ඊළඟට අර කියන කෙල්ලට ටික දුරකට වඩා හිටගෙන යන්නත් බෑ. පව් අප්ප, කකුල් රිදෙනව. ඒ ඇස් දෙක කියන්නෙ ඒ අමාරුව. එතකොට සමාජෙ උං බලන්නෙත් කොල්ල දිහා අමුතු විදියට.
"අඩෝ නැගිටපන් ඩෝ..."
වගේ එකක් හිතෙන් කියනව වගේ. ඒකට බය නැතත් කෙල්ලගෙ බැල්මට දුක හිතිල කොල්ලෙක් සීට් එකක් දෙනව. ඔන්න ඊළඟට තමයි කතාව අනිත් පැත්තට කැරකෙන්න පටන් ගන්නෙ.
දැන් අර කෙල්ල හරි බරි ගැහිල වාඩිවුණාම අර කොල්ලව දන්නෙත් නැති ගානට යන්න පටන් ගන්නව. කොල්ලව නිකමට වගේ ඇඟේ වැදුණොත් රවල බලනව. දැන් අර කොල්ලට ඉඳගෙන යන්නත් නෑ, හිටගෙන යන්නත් නෑ. හුඟක් වෙලාවට කොල්ලෙක් කෙල්ලෙක්ට සීට් එකක් දුන්නට කෙල්ලෙක් කොල්ලෙක්ට එහෙම දෙන්නෙ නෑ. හැබැයි කෙල්ලන්ගෙ වගේම කොල්ලන්ගෙත් කකුල් රිදෙනව. ඇඟට පතට අමාරු තියෙනව. ඒත් ඒව කවුරුවත් දන්නෙ නෑ.
දැන් ඔය බස් එකක යන එන අතරෙ කොල්ලෙක්ගෙ අතක් කෙල්ලෙක් ඇඟේ කොතැන හරි වැදුණොත් මොකක්ද වෙයිද.
පළමු පියවර විදියට කෙල්ල රවල බලනව. ඒක ගණන් ගන්න තරමෙ වරදක් කොල්ල කරල නැති නිසා, උෟ හිටපු විදියටම ඉන්නව. කොහොමත් ඔය බස් කියන ජාතිය හෙල්ලෙනව, ගැස්සෙනව, පැද්දෙනව... කෙල්ලො රැව්වට එව්වා නතර වෙන්නෙ නෑනෙ. කොල්ලව ආයෙත් අර කෙල්ලගෙ ඇඟේ හැප්පෙනව.
කෙල්ල දෙවැනි වතාවටත් රවනවා, වටපිටත් බලනව...
ඔන්න එතකොට බස් එක ඇතුළෙන් මතුවෙනව සහායට ඩැනීල. එයාල වහාම ඉදිරිපත් වෙලා ඇන්ටෙනා දාගෙනයි ඉන්නෙ. ඕනෑම දෙයකට එවරෙඩි වගේ. ආයෙත් බස් එක පැද්දෙනව ගැස්සෙනව. කෙල්ල අමුතු ගැම්මකින් කොල්ලට රවනව.
වැඩේ පත්තු වෙනව.
කෙල්ල ලොකු සද්දයක් දානව.
සහායට ඩැනීලගෙ සහාය ඇතිව කොල්ලව කෙල්ල පාරෙ බැහැල යන්න බැරි තැනකට දානව. බනිනවා, සමහර විට ගහනව වෙන්නත් පුළුවන්. තැනේ හැටියටයි ඇණේ සෙට්වෙන්නෙ. කොල්ලව පොලිසියට අරගෙන යන අවස්ථා, දඩ ගහන හිරේ දාන අවස්ථා එහෙමත් තියෙනවා.
සමහර විටක මේ වගේ සරල දෙයක් නිසා කොල්ලෙක් සියදිවි හානි කරගන්නත් පුළුවන් කෙල්ලෙක්ගෙ සියුමැලිකම බොළඳ කම කියලා සමාජය විසින් ඇති කරපු සම්මතය යටතේ කොල්ලෙක්ව ලොකු වැරැදිකාරයෙක් කරනවා. අපි කියන්නෙ මේ අසහනකාරී තක්කඩි ගැන නෙවෙයි. අහිංසක කොල්ලන්ව ඒ තත්ත්වයට දාන එක ගැන. මේ වගේ දෙයක හරි වැරැද්ද තේරුම් ගන්න නම් කෙල්ලෙක්ට හොඳ ඔළුවක් තියෙන්න ඕන. කොල්ලො ජාතියෙ ඔක්කොම වනචර එවුන් නෙවෙයි, නරක එවුන් නෙමෙයි. වැරැදි එකාවයි හරි එකාවයි පටලව ගන්න එපා. සම්මතයක් විදියට කොල්ලො කියන ජාතියට එරෙහිව අවි ඔසවන තැනට කෙල්ලො සුදනො වෙන්න හදන්න එපා.
එහෙම කරන්න කලින් ටිකකට මෙහෙමත් හිතන්න දැන් ඔය බස් එකක යනෙන අතරෙ කොල්ලන්ට හේත්තු වෙන කෙල්ලොත් ඉන්නවද කවුරුවත් දැකල තියෙනවද කොල්ලෙක් එහෙම කෙල්ලෙක්ගෙන් ගේම ඉල්ලනවා.
"නංගි මොකද ජැක් ගහන්නෙ කියලා"
කොල්ලෙක් අහනවා? මෙන්න මේ කෙල්ල මට හේත්තු වෙනවා
මහ වනචර කෙල්ලෙක්..."
එහෙම එකත්වත් අහල තියෙනවද? නෑනෙ. ඒත් මට නම් පෞද්ගලික අත්දැකීම් තියෙනවා. බස් එකේදී මගේ අතින් අල්ලපු කෙල්ලො ගැන උරපත්තෙන් අල්ලපු අය ගැන ඒ අල්ලන්නෙ ආදරේටවත්, වනචර කමකටවත් නෙවෙයි. උං වැටෙන තරමට බස් එකේ බේ්‍රක් ගහපුවම. අපිටත් ඕනෑ නම් පුළුවන් මේවට ගේම ඉල්ලන්න. බස් එකකදී කෙල්ලෙක් ඇඟේ හැප්පෙන වතාවල් ඕනෑ තරම්...
දැන් එතකොට මොකක්ද මේ වෙනස?
කෙල්ලන්ට කොල්ලො සලකන විදියයි කොල්ලන්ට කෙල්ලො සලකන විදියයි වෙනස්. අපි කියන්නෙ ඒ වෙනස අවුලක් කියල. මේ වෙනස විසඳන්න අපිට බෑ. ඒත් ඒ වෙනස හරියට කියවගන්න... එහෙම නැතුව බොරුවට කොල්ලො අමාරුවෙ දාන්න, කෙල්ලො වෙනුවෙන් පෙනී හිටල තමන්ගෙ ඇලපිල්ල අයින්කර ගන්න තැනට නම් පත් වෙන්න එපා. මේ කියන්නෙ කොල්ලන්ට...
 
Last edited:
  • Like
Reactions: DemonAkalanka

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව සම්පුර්ණ ඇත්ත මචන්. වැඩේ ඉතිං කෙල්ලෙක් කොල්ලෙක්ට එහෙම කරොත් එක කරදරයක් විදිහට අපේ අය ගණන් ගන්නේ නෑ නේ. කටවහගෙන තව කරපන් කියල හිතන එකනේ කරන්නේ :lol:
     
    Oct 15, 2015
    372
    62
    0
    කතාව සම්පුර්ණ ඇත්ත මචන්. වැඩේ ඉතිං කෙල්ලෙක් කොල්ලෙක්ට එහෙම කරොත් එක කරදරයක් විදිහට අපේ අය ගණන් ගන්නේ නෑ නේ. කටවහගෙන තව කරපන් කියල හිතන එකනේ කරන්නේ :lol:

    :lol::lol::lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    UUiKyF.gif