සසර කියන්නෙ මහා භයානක තැනක් .කොයි මොහොතේ වෙනස් වෙයිද කියන්න බැහැ.අද බඹලොව දෙව්ලොව සැප විදින කෙනෙක් හෙට අපායෙහි දුක් විදින්න පුළුවන් .රාජ රාජ මහාමාත්‍යාදීන් පවා අද සතුටින් සිටියත් හෙට දුකට පත් වෙන්න පුළුවන් .
මේ තමයි සසරේ හැටි.
එසේ නම් මේ අනියත වූ බහුල වූ ගොරබිරම් වූ සසරින් මිදෙනවා හැර වෙනත් කලයුතු දෙයක් නෑ නේද ?
එයින් මිදෙන්නට කුමක් කල යුතුය ද? පලමුව සසර දුකක් බව තේරුම් ගත යුතුයි .එහි කලකිරීම ඇති කර ගත යුතුයි .ඉන්පසු දුක නැති කරන ප්‍රතිපදාව අනුගත වී කටයුතු කල යුතුය .දුක නැති කිරීම නිවන ලැබෙන ප්‍රතිපදාව හෙවත් ආර්යය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කල යුතුයි.
සත්‍යවබෝධය කියන්නේ ලෝකයෙහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමයි.ලෝකය තුලින් ලෝකය දැකීමයි. සමාන්‍යයෙන් අපි ලෝකය කියන්නේ මේ පෘථුවියටයි.නමුත් වඩාත් විමසුම් නුවනින් බැලුවොත් අපි ලෝකය කියන්නේ ඇසට පෙනෙන, කනට ඇහෙන, නහයට දැනෙන ,දිවට දැනෙන ,කයට හැපෙන දේටයි .ඒ දේවල් පිලිබදව සහ තමා සමීපයෙහි ඇති ලෝකය පිලිබදව නිවරදිව තේරුම් ගැනීමයි ලෝකාවබෝධය කියන්නේ .නියම සත්‍යවබෝධය එයයි.
අපේ බුදුපියාණන් වහන්සේ බොහෝ තැන්වලදී බඹයක් පමණ වූ මේ ශරීරය තුළම ලෝකයද ලෝකයේ හට ගැනීමද ,ලෝකයේ නැතිවීම ද ඒ ලෝකය නැති කරන ප්‍රතිපදාව ද පණවන බව දේශනා කර තිබෙනවා ....