මේ තරම් සියුමැලිද කළුගල්...

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මේ තරම් සියුමැලිද කළුගල්...

    manjula_kumari.jpg



    මේ තරම් සියුමැලිද කළුගල්
    හිතන්නට වත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා..//

    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරි මදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා...//

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තවම තනිකඩ යැයි කියා...//

    මේ තරම් සියුමැලිද කළුගල්....
    ________________________
    සුගායනය : සුනිල් එදිරිසිංහයන්.
    සංගීතය : දර්ශන රුවන් දිසානායක.
    පද රචනය : රජීව් වසන්ත වෙල්ගම​


    තව යාලුවො කීප දෙනෙක්ගෙන් ඇහුවම උන් කිව්වෙම මේ කියන්නෙ අවුකන බුදු පිළිම වහන්සේ ගැන කියල. මට ඒක එච්චර ඇල්ලුවෙ නෑ. මම කළේ ටිකක් කල්පනා කර කර මේකට තේරුමක් ලිව්ව. මම හිතන විදියට මේකෙ සිද්දිය මේකයි. මේ රචකයාට මුණ ගැහෙනව බොහොම සියුමැලි, ඔහුගෙ හිතට ගැලපෙන තරුණියක්. මොහුගෙ හිතෙත් ඉතින් ඇය ගැන ආදර බර හැගීමක් ඇති වෙනව. මොහු කරන්නෙ හොද වෙලාව ආපු ගමන් තමන්ගෙ ආදරය ප්‍රකාශ කරනව. කොච්චර ලං වෙන්න හැදුවත් ඇය කැමතිම නෑ, ඇගේ හිත මොහුට නැමෙන්නෙම නෑ. මැගේ පෙනුම ඉතා සියුමැලි බව ඔහුට මුලදි පෙනුනත් ඇගේ දැඩි මතය නිසා පසුව ටික ටික මොහුට ඇගේ හිත කළු ගලක් වගේ පේන්න ගත්ත, සියුමැලි තරුණියක් තුල මේතරම් දැඩි මත තියෙනවද යන්න මොහුට ඉතා සංකීර්ණ ගැටලුවක් වුනා.
    මේ තරම් සියුමැලිද කළුගල්
    හිතන්නට වත් බැරි නිසා...
    පද පේළියෙන් කියන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ.

    දැන් ඉතින් ඔහුට පේන්නෙ මේ තරුණිය කළුගලක් වගේ නෙව, එහෙම උනා කියල එක සැනින් ආදරේ අඩු වෙන්නෙත් නෑ නෙව. දැන් ඉතින් මොහුට ඕනෙ කළුගල උනත් කමක් නෑ මෙල්ල කරල ගන්න. අවුකන බුදු පිළිම වහන්සේ කියන්නෙ අපේ රටේ තියෙන අති විශිෂ්ඨ ශෛලමය නිර්මාණයක් නෙව. දැන් ඉතින් මොහු යනව ඒක හදපු ශිල්පියාව හොයා ගෙන. යන කොට ඒ අති සම්භාව්‍ය ශිල්පිය කලා වැව ලග පිහිටි ඔහුගේ කුඩා නිවසේ මැටි පිලේ පැදුරක් එලාගෙන වාඩි වී සිටිනව, ඔහු නිහඩව තම අත පය පිරිමදිමින්, කලා වැවේ රළ බිදෙන දෙස බලමින් නිස්කලංකව සිටින අයුරු රචකයා මෙහෙම කියනව.
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා..//


    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරි මදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා...//


    ඔන්න දැන් රචකය කිට්ටු වෙලා හෙමින් සැරේ තමන්ගෙ ගැටළුව ඉදිරිපත් කරනව,
    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා...

    රචකය අහන්නෙ නුඹ අර ඉසුරුමුණියෙ නිර්මාණය කරපු නුඹේ ඒ පෙම්බරිය කෝ, කියල. එතකොට අර මහාර්ඝ ශිල්පියා නිහතමානී බව පිරුනු හිනාවකින් මුව සරසාගෙන කියනව, මම තවම තනිකඩයි.
    මා ඇසූ විට හිනැහුනා ඔහු
    තවම තනිකඩ යැයි කියා...//

    ඉතින් ඔහු මෙහෙම පිළිතුරු දෙනකොට රචකයාට මොනව හිතෙන්න ඇත්ද. කළුගල් මෙල්ල කරල සියුම්ව අති විශිෂ්ඨ නිර්මාණ කරපු ඒ මහාර්ඝ ශිල්පියාටත් තවම තරුණියකගේ හිත මෙල්ල කර ගත නොහැකි වූවා නම්, රචකයා ගැන කවර කතාද.

    මේ ගීතයේ පද පේලිය තුල රචකයා තම කතාව ඉදිරිපත් කරන අයුරු ඉතා විශිෂ්ඨ බවයි මගේ හැගීම. සියුමැලි තරුණියකගේ හිතේ ඇති දැඩි බව, රළු බව පෙන්වීම සදහා ඔහු විසින්ම ගොඩ නගන ලද මෙම කතාව සාහිත්‍යමය වශයෙන් ඉතා ඉහල මට්ටමක තියෙන බව හොද ගීත රසිකයෙක් විදියට මට හිතෙනව. නූතන පරපුරේ ගීත රචකයන්ටත් මෙවැනිම සාහිත්‍යමය ගීත රචනා කිරීමට හැකි නම් තව බොහෝ කලක් ඉතා විශිෂ්ඨ නිර්මාණ රස විදීමට හැකිවේවි. එහෙම නැති උනොත් තව අවුරුදු 5ක් යන කොට සිංහල ගීතයට රම්පෙට පොරිම හැලෙයි.

    ප.ලි. මෙකෙ ලිව්වෙ ඉතින් මට හිතෙන දේ හොදේ, මම මේක ලියන්නෙ ගීත රසිකයෙක් හැටියට මිස සාහිත්‍ය විචාරකයෙක් හැටියට නොවෙන බවත් කියන්න ඕනෙ. මේ පැත්තට ආව එකේ මොනව හරි පොඩ්ඩක් ලියල යන්නත් අමතක කරන්න එපා හොදේ, නොලීව කියල හිතේ කිසිම කහටක් අමනාපයක් නෑ ඕං...




    අහලා තිබ්බට වඩා වෙනසක් දැනුනා නිසා SHARE කලේ

    අන්තර්ජාලයෙන් ~ මන්ඩිපාල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කමති විදිහකට හිතාගෙන රසවිදින එකේ නම් වරදක් නැ..ඒත් ඕක නෙමේ ගීතයේ නියම් අර්තය් අර උබේ යාලුවො කියපු එක තමයි හරි තේරුම...කලාකාරයෙක් ගැන කියන්නෙ ..
     
    Last edited:

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කමති විදිහකට හිතාගෙන රසවිදින එකේ නම් වරදක් නැ..ඒත් ඕක නෙමේ ගීතයේ නියම් අර්තය් අර උබේ යාලුවො කියපු එක තමයි හරි තේරුම...කලාකාරයෙක් ගැන කියන්නෙ ..

    :):):)