මේ පයිලට්ල රාජද්‍රෝහීන් ලෙස නම් කල යුතුය&#3538

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පලයන් පොන්නයෝ යන්න රටකට කොහෙද හුත්තෝ ඔරොත්තු දෙන් නැත්තේ රටකට කොච්චර මුදලක් ඉතිරි වෙනවද ඒ විතරද කොච්චර ලොකු අද්යමක් එනවද අ-380 ප්ලයිට් ලංකාව උඩින් යන්න ගත්තේ මත්තල නිසා ප්ලයිට් එකක් මත්තල ට්‍රැපික් එකෙන් යන වාරයක් පාසා ඇමරිකානු ඩොලර් 200ක් ගෙවන්න ඕනා මත්තල ගුවන් තොටුපලට එක ආයෝජනයක් නෙමේද ගොබිලෝ ඒ සල්ලි වලින් බැරිද ගුවන් තොටුපල නඩත්තු කරන්න දවසට ෆ්ලියිට් 15කට වැඩියේ යනවා මත්තල උඩින් මත්තල වහලා තිබුනත් සල්ලි යකෝ තොපිට පෙන්නේ නැ කාලකන්නින්ට

    Why did emirates A380 landed in katunayake twice for emergencies?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,167
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රත්මලානේ බාන්න පුළුවන් නේද? මේ වගේ කලාතුරකින් වෙන දෙයක් නිසා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් නඩත්තු කිරීම අපේ වගේ දුප්පත් රටකට ඔරොත්තු දෙන්නේ නෑ.
    ඒකෙ බෑවොත් හොම්බ ගිහින් තාප්පෙ වදියි රනවේ එක දිග මදි නිසා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මත්තල දැන් වහලා තියෙන්නේ වහලා තියෙද්දී ඔය ගාන එන්නේ

    එයා පොට් එක වි ගබඩාවක් කිරිම වැරදි මච්න් එකෙන්ම. එයට වඩා ප්‍රයොජනබත් දෙයක් ගන්න ඔනි. මහින්දට බන්න කියලා ඔකට ගත්ත නය ගෙවෙන්නෙ නැහැනෙ
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    :lol: මහින්දගෙ කාලෙ ගෙන්නගත්ත විදිය මුන්ට කියාදිපන්කො බන්, උබෙ ආන්දුඅව්ක් නැහ කියෙන්නෙ කොහොම්ද ?? මහිදගෙ සෙට් එක ඉන්නෙ ආන්ඩුවෙ

    අපේ උන් අඩනවා අනේ අපේ රට අැමරිකාව වගේ දායුණු වෙන්නෙ කියලා
    ඊට පස්සේ හැදුවට පස්සේ අඩනවා පාඩුයි කියලා

    මන් දැක්කා මොකෙක්ද එකෙක් කියලා තිබ්බා රනිල් කියන්නෙ දකුණු අාසියාවේ ඉන්න ලාෙකම බුදිධිමතා ලංකාව දුන්නොත් නියමෙට දියුණු කරයි කියලා

    බැලින්නම් රනිල්ගේ මොලේ කොච්චරද කියනවනම් වී ගබඩා කරලා දියුණු කරන්න යන්නේ

    තව අවුරැදු විස්සකින් විතර අපේ උන්ට තේරෙයි

    Flying School එකක් අැරලා මාර්කට් කරා නම් මොකක් හරි කරන්න තිබ්බා තව Hot Air balloons වගේ leisure related මොකක් හරි එකක්

    කොහෙද ඉතින් අපේ උන්ගෙ අැග පුරාම මොලේනෙ;)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නඩත්තු කරන්නෙ නිතර පාවිච්චි වෙන ගුවන් පත. නැතුව ‍ටාර්මැක් නිකන් තිබ්බට පුස් කනවද? :lol::lol::lol:

    කව්ද උබට මේක කිවුවෙ?ගුවන් යානා ආවත් නාවත් ගුවන් පථය නඩත්තු කරන්න ඕනි.මොකද කාලගුණය හේතුවෙනුත් ඕවා සවුත්තු වෙනවා.ගොඩනැගිලි නඩත්තු කරන්න ඕනි.ප්ලේන් ආවත් නාවත් ඒවගෙ අලුත්වැඩියා කටයුතු කරන්න වෙනවා.

    කවුරු එයාපෝට් එක හැදුවත් දැන් ඒක හදලා ඉවර නිසා පාට පක්ශ නොබලා ඕකට ගුවන් යානා ගෙන්නගන්න පුලුවක් ක්‍රම වේදයක් හදනවනම් හොඳයි. මොකද ඕක ගුවන් තොටුපලක් මිසක් ගබඩාවක් නොවන නිසා.අඩුම තරමින් ඔය අවට කර්මාන්ත පුරයක් ඇති කරලා අපනයන කටයුතු වත් කරන්න පුලුවන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවනම් හොඳයි
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්ද උබට මේක කිවුවෙ?ගුවන් යානා ආවත් නාවත් ගුවන් පථය නඩත්තු කරන්න ඕනි.මොකද කාලගුණය හේතුවෙනුත් ඕවා සවුත්තු වෙනවා.ගොඩනැගිලි නඩත්තු කරන්න ඕනි.ප්ලේන් ආවත් නාවත් ඒවගෙ අලුත්වැඩියා කටයුතු කරන්න වෙනවා.

    එහෙම කාලගුනයට කරන ඕනි නඩත්තුයි ගුවන් යානා එනකොට කරන්න ඕනි නඩත්තුයි අතර විසාල පරතරයක් තියෙනවා.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රිදුනොත් සමාවෙන්න මත්තල යන්නේ කටුණායක පහුකරන් එංගලන්තේ ඉදන් එන ප්ලයිට් එක එන්නේ ඉන්දියාව හරහා ලොල් ලොලේ ලොල් හ හ හා විමලසෙන බයි දැනුම
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙම කාලගුනයට කරන ඕනි නඩත්තුයි ගුවන් යානා එනකොට කරන්න ඕනි නඩත්තුයි අතර විසාල පරතරයක් තියෙනවා.

    :yes::yes::yes:
    ඒ දවස්වල හම්බන්තොට කර්මාන්ත පුරයක්(ආයෝජන කලාපයක්) හදන්න අයිඩියා එකක් තිබුනා නේද?
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    දේශපාලන කුහකයන්ගේ හෝරාව. උඩු බිරුම්, කෙකරගෑම්, තප්පුලෑම් සමඟ ගොරොද්දෙ ඇදීම්...................................
    වැඩ බැරි ටාසන්ලාට හිතේ අමාරුව උච්චව ඉක්කාව ඉස්පොල්ලේම ගොස් ඇත.
    අනුන්ගෙන් ඉල්ලාගෙන/ඇනුන්ගෙන් ලැබෙන පින් ඇදුමින් සැරසුනු රූකඩ නලුවන්ගේ හෙලුව.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:
    ඒ දවස්වල හම්බන්තොට කර්මාන්ත පුරයක්(ආයෝජන කලාපයක්) හදන්න අයිඩියා එකක් තිබුනා නේද?

    ඔවු. තාමත් ඇති. හැබැයි කරයිද දන්නෙ නෑ.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    එයාපෝර්ට් හදන්නෙ අවුරැදු කීපයකට නමෙ‍ේ... අවුරැදු 50-60 ටත් එහා ඕවා පාවිච්චි කරන් පුලුවන්.

    Mee harak naambo air Port eka tho hithuwada parana denimak wage hama gagaha paawichchi karanna puluwan kiyala..thawa hondata lewa kaapiya maharajaage bola dheka mole peedenna
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    එහෙම කාලගුනයට කරන ඕනි නඩත්තුයි ගුවන් යානා එනකොට කරන්න ඕනි නඩත්තුයි අතර විසාල පරතරයක් තියෙනවා.

    Ammata udu umba danna dewal :lol:
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    රත්මලානේ බාන්න පුළුවන් නේද? මේ වගේ කලාතුරකින් වෙන දෙයක් නිසා දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපලක් නඩත්තු කිරීම අපේ වගේ දුප්පත් රටකට ඔරොත්තු දෙන්නේ නෑ.

    rathmalane banne hichchi plane witharai
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම කාලගුනයට කරන ඕනි නඩත්තුයි ගුවන් යානා එනකොට කරන්න ඕනි නඩත්තුයි අතර විසාල පරතරයක් තියෙනවා.

    uba hithuwada Airport ekak kiyanne bus halt ekak kiyala... ekenma ube danume tharama penawa... :lol: wassakatawath mattala airport eka paththe giyanam uba ohoma kiyanne na.. poddak gihin balapan danwath e paththata.. sellam pistol aran kauruwath enne na :lol:
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ela. gd idea. :)


    රතමලාන දිග මදි ලොකු ගුවන්යානා බාන්න. ගුවන්යානය බාන්නයි ආපහු යන්නයි අවශ්‍ය ධාවනපථයේ අවම දිගක් තියෙනවා. ගොඩක් මගී ප්‍රවාහන ගුවන්යානා ගොඩබාන්න තරම් රත්මලාන ධාවනපථය දිග මදි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එදා මත්තල මොකද වුනේ? ගුවන් යානය ගොඩබෑමේ පසුබිම් කතාව



    පසුගිය දිනවල වී ගබඩා කරපු ලෝකේ පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන ආයෙත් කතාබහ පටන් අරගෙන.


    ඒ පසුගිය 16 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලන්ඩනයේ සිට පැමිණි යූ. එල්. 504 එයාර් බස්‌ ගුවන් යානය හදිසියේ මත්තලට ගොඩබැසීමෙන් පස්‌සේ.


    මේ ගුවන් යානය 15 වැනිදා ලන්ඩනයේ වේලාවෙන් දහවල් 10.50 ට පමණ ශ්‍රී ලංකාවට එන්න ගුවන්ගත වුණේ ලන්ඩනයේ පැයක පමණ ප්‍රමාදයකට පස්‌සේ .


    මේ යානය 4 R ALN නමැති ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු නවීනතම ගුවන් යානය. ධාවනයට එක්‌වෙලත් තවම මාස කීපයක්‌ විතරයි ගතවුණේ. යානය පැදෙව්වේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉන්න පළපුරුදු වගේම දක්‌ෂ ගුවන් නියමුවන් තිදෙනෙක්‌. ඒ කපිතාන් ජනක විඡේතිලක, ඉසුරු ගුණවර්ධන, තරිඳු අරවින්ද අල්විස්‌.


    යානයේ මගීන් 244 ක්‌ ගමන් කළා, කුඩා දරුවන් කීපදෙනෙක්‌, රෝද පුටුවලින් ගමන් කරන රෝගී කීපදෙනෙක්‌ ඒ අතරේ සිටියා. නියමුවන් ඇතුළු ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය 17 ඇතුළුව සියලු දෙනා 261 ක්‌.


    යානය ශ්‍රී ලංකාවට එන්න නියමිතව තිබුණේ 16 වැනිදා දවල් 1.20 ට.


    ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන දීර්ඝ වෙහෙසකර ගමනක්‌. පැය දොළහකට වැඩි කාලයක්‌ ඒ සඳහා ගතවෙනවා. ගුවන් තොටුපළේ ඉන්න කාලයත් එක්‌ක ගත්තොත් සේරම පැය පහළොව පනිනවා . ඉතින් මගීන් ඉන්නේ කොයි මොහොතේ යානයෙන් එළියට යනවද කියන බලාපොරොත්තුවෙන්.


    යානය නියමිත පරිදි කිසිම බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට නියමිත විදිහට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබස්‌වන්න අවසරත් ගත්තා...


    එතෙක්‌ අඩි 39,000 ක්‌ හතළිස්‌ දහසක්‌ පමණ උඩින් ධාවනය වූ යානය නියමිත පරිදි ගොඩබාන්න නියමුවන් ක්‍රමයෙන් ගුවන් යානය පහතට ගත්තා. ගුවන් යානය ගොඩබාන්න දැන් සියල්ල සූදානම් ...


    එතන ඉඳලා දැන් තමයි නියම කතාව පටන් ගන්නේ ...


    ගුවන් යානයේ ලෑන්ඩින් ගියර්ස්‌ පවා දැම්මා. ගුවන් යානයේ රෝද එළියට ගත්තා. යානය තවත් පහළට ගත්තා. පොල්ගස්‌ පෙනෙන ගානට අඩි අටසීයක්‌ දහසක්‌ පමණ පහළට ගත්ත ගුවන් යානය ගොඩ බාන්න ගිය ගුවන් නියමුවන්ට තරු පෙනුනා. ගුවන් තොටුපළේ ධාවන පථය පෙනුනේ හරියට වතුර වළක්‌ වගේ. ඒ මදිවට දරුණු විදිහට සුළං හමන්නත් පටන් අරන් තිබුණා.


    මේ විදිහට ධාවන පථය පේන්නෙ නැතුව ගොඩබස්‌සන්න බැහැ. ඒක අතිශය භයානක වගේම අවදානම් සහගත ක්‍රියාවක්‌. ගුවන් නියමුවන් ක්‍ෂණික තීරණයක්‌ ගත්තා. පොළව මට්‌ටමට අඩි අටසියයක්‌. දහසක්‌ තරම් පහළින් තිබූ යානය එක්‌වරම නැවත උඩට ගත්තා. එක්‌වරම යානය අඩි අටදහසක්‌, දසදහසක්‌ පමණ උසට ගමන් කළේ ත්‍රාසජනක චිත්‍රපටියක්‌ සිහිගන්වමින්. යානය උඩට ගියේ හරියට රොකට්‌ එකක්‌ උඩට යනවා වගේ එකපාරට. මගීන්ට දැනුනේ රෝල කෝස්‌ටරයක එක්‌වරම ගමන් කරනවා වගේ. සමහර මගීන් කලබල වුණා. සමහරු කෑගැහුවා නෙමෙයි. ඉබේටම කෑගැහුනා. පුංචි ළමයි බයවෙලා කෑගැහුවා.


    නියමුවන් තත්ත්වය පැහැදිලි කළා. ගුවන් යානය අයහපත් කාලගුණය නිසා ගොඩබෑම කළ නොහැකි වූ බවත් තවත් එක්‌ වතාවක්‌ පමණ උත්සහකර ගොඩබෑම කළ නොහැකි වුවහොත් යානය ආසන්නයටම ඇති වෙනත් ගුවන්තොටුපළක්‌ වෙත ගොඩබස්‌සන බව ගුවන් නියමුවන් මගීන්ට දැනුම් දුන්නා ....


    කුමකින් කුමක්‌ වෙනවා දැයි සිතා ගන්නට බැරිව හිටපු ගුවන් මගීන්ට යන්තම් පියවි සිහිය ලැබුණේ ඒ කතාවෙන් පස්‌සේ. මේ වන විට මගීන් අස්‌වසමින් ඔවුන් සන්සුන් කරන්නට ගුවන්සේවා කාර්ය මණ්‌ඩලය වහාම පියවර ගත්තා. නැවත විනාඩි ගානක්‌ ඉහළ අහසේ සැරිසරපු ගුවන් යානය ගොඩබාන්න හැකිදැයි ගුවන් නියමුවන් බැලුවා. ගිය සැරේ තරමටම පහළට නොගත්තත් යම් උසක සිට කටුනායක ගුවන්තොටුපළ ඔවුන් නිරීක්‌ෂණය කළා. ඒත් ඔවුන් නැවත දුටුවේ ධාවන පථය වෙනුවට වතුර වළක්‌. ඒ වගේම තද සුළං.


    එම යානය එදා මත්තල දී ඒ අවස්‌ථාවේ ගුවන් ගමන් පාලකවරුන් සමග සාකච්ඡා කරපු නියමුවන් මේ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ගියා. යානය නිරුපද්‍රිතව මත්තලට ගොඩබස්‌සන්න නියමුවන් කටයුතු කළා. ඒ සවස 2.00 ට විතර.


    ඒ වෙනකොට ගුවන් යානයේ මගීන් සඳහා ආහාර අවසන් වෙලයි තිබුණේ. මගීන් සිටියෙත් බඩගින්නේ. මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් අංශයේ ඉන්නේ දෙතුන් දෙනයි. එතරම් ගුවන් යානා නොපැමිණෙන නිසා ඔවුන් ඒ සඳහා සූදානම්ව සිටියේත් නැහැ. ඒත් ඔවුන් මගීන් සඳහා කෑම විනාඩි ගණනක්‌ තුළ පිළියෙළ කළා. යානය ගොඩබාලා විනාඩි විස්‌සක්‌ ඇතුළත සැන්විචස්‌, කේක්‌, රෝල්ස්‌ වහාම මගීන් වෙත සැපයුනා. බඩගින්නේ බයවෙලා හිටපු මගීන්ට එය මහමෙරක්‌ වගේ වුනා ..


    කොහොම හරි දැන් වැඩේ සන්සුන්. කටුනායක කාලගුණ තත්ත්වයත් ක්‍රමයෙන් යහපත් වුණා. ඒත් බදාදා දිනවල හවස පැය කීපයක්‌ කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා පැමිණෙන්නේ නැහැ. ඒ එක්‌කම ජාත්‍යන්තර ගුවන් ගමන් නීති රීති අනුව ගුවන් නියමුවකුට ගුවන් යානාවක්‌ ධාවනය කරවිය හැකි උපරිම කාලයක්‌ තිබෙනවා. ඒ කාලය මේ වනවිට අවසන්ව තිබුණා. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වහාම එයාර් ටැක්‌සි යානයකින් ගුවන් නියමුවන් දෙදෙනෙක්‌ මත්තල ගුවන් තොටුපළට කටුනායක සිට යෑව්වා. ඒ ගුවන් නියමුවන් වන රජින්ද රණතුංග සහ ජානක පෙරේරා.


    මේ වන කොට ගුවන්යානය මත්තල ගුවන්තොටුපළේ පැය තුනක්‌ පමණ නවතා තැබුණා. හැබැයි මගීන්ට ගුවන් යානයෙන් පිටතට එන්න දුන්නේ නැහැ.ඒත් යානයේ පිරිසිදු කිරීම් මත්තලදී සිදුකෙරුණා.


    කටුනායකින් මත්තලට ගිය නියමුවන් දෙදෙනා යූ.එල්. 504 ගුවන්යානය නැවත කටුනායක ගුවන්තොටුපළට රැගෙන ආවා. මත්තලින් සවස 4.30 ට පිටත්වුණු යානය කටුනායක ගුවන්තොටුපළට සවස 5.10 වෙන කොට ආවා , ඔන්න එතකොට තමයි යන්තම් මගීන් සැනසුම් සුසුම් හෙළුවේ...


    මේ අතරේ ඔන්න දැන් රටේ මිනිස්‌සු ආයෙත් කියන්න පටන් අරන් මත්තල තියෙන එක හොඳයි කිsයලා.


    මත්තල අපට නොතිබුණා නම් අපිට යන්න වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළට. ඒක විශාල දුරක්‌ වගේම විශාල වියදමක්‌. රටකට දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ අත්‍යවශ්‍යයි. මේ ගැන දේශපාලන කෝණයකින් නොබලා මත්තල දියුණු කරන්නට නව රජය පියවර ගත යුතුයි. අලුත් ආණ්‌ඩුවේ ඉන්න දක්‌ෂයෝ කරන්න ඕන මත්තල නිවැරදි ව්‍යාපාරික මධ්‍යස්‌ථානයක්‌ බවට පත්කරලා, ඒ ගුවන්තොටුපළ දියුණු කරන එක. එක තමයි දක්‌ෂතාවය විය යුත්තේ. ඒවා නිවැරදි ලෙස කළමනාකරණය කරලා දියුණු කළොත් වාසිය රටට. කවුරු හැදුවත් මත්තල හදන්න චීනෙන් ගත්තු ණය අපි රටක්‌ විදිහට ගෙවන්න වෙනවා. ඒක නිසා මත්තල දියුණු කරලා ඒ ආදායමෙන් ණය ගෙවනවා හැර මත්තල ගැන විවේචනය කරකර ඉන්න එක නෙවෙයි...


    එහෙම නැතිනම් ගුවන්යානා අලුත්වැඩියා කරන මධ්‍යස්‌ථානයක්‌, ගුවන්යානා පුහුණු පාසලක්‌ එහෙමත් නැතිනම් ගුවන් හමුදාවේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස මත්තල පවත්වාගෙන යා යුතුයි. එහෙම නැතුව වී ගබඩාවක්‌ ලෙස මත්තල භාවිත කරන එක අපේ රටේ සාමාන්‍ය බුද්ධියක්‌වත් තියෙන ජනතාවවත් අනුමත කරන එකක්‌ නැහැ.


    ජනිත සෙනෙවිරත්න