මේ පානය ඔබත් කැමතිනම් ගන්න...!!!

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
මේ පානය ඔබත් කැමතිනම් ගන්න...!!!

මේ පානය ඔබත් කැමතිනම් ගන්න...!!!

දුක පිණිස, නිරය පිණිස, මෙලොව පරලොව අඳුර පිණිස පවතින මේ පානය ඔබත් කැමතිනම් ගන්න...!!!

"රජතුමනි, හිතන්න එපා මේ තල තෙල් හෝ ගිතෙල් වගේ දෙයක් කියලා. මේ උක් පැණි, මී පැණි වගේ ප්‍රණීත, යහපත් දෙයකුත් නෙමෙයි. මේ කළයේ තියෙන්නේ හිමාලයේ වෘක්ෂයන්ගෙන් ගත් මධුවිත.

යම් මේ මධු විතක් පානය කළොත්, සමතල පොළොවෙත් පෙරළිලා යනවා. මී හරක් ලගින මඩ වළෙත්, අශුචි ගොඩෙත් මූණ ඔබා ගන්නත් පුළුවන්. එහෙම පතිඵල දෙන මේ පානය ඔබ කැමතිනම් ගන්න.

මෙය පානය කළාම කන්න නුසුදුසු දේත් කනවා. තැන, නොතැන නැතිව නටන්න, අඩි බිම හප්පන්න, පෙරළන්න, සිංදු කියන්න හිතෙනවා. ඇඳුම් ඕන නෑ වගේ හිතෙනවා. අසභ්‍ය වචන කියන්න හිතෙනවා. එහෙම ප්‍රථිඵල ලබා දෙන මේ පානය මං විකුණනවා. කැමතිනම් ගන්න.

මෙය පානය කළාම එය බඩ ඇතුලෙත් පැහෙනවා. පණක් කඳක් නැතිව හතරගාතෙන් වැටෙනවා. කිසි දෙයක් නොදැනෙන ස්වභාවයට පත් වෙනවා. මෙන්න ඒ පානය. කැමතිනම් ගන්න.

මේ පානය නිසා අධම පුද්ගලයාටත් තමන් රජෙක් කියලා හිතෙනවා. රාග සිතින් ළං නොවන නෑකම් ඇති අය පවා රාගයෙන් ස්පර්ශ කරනවා. එවන් ලක්ෂණ ඇති කර දෙන මේ පානය මං විකුණනවා. කැමතිනම් ගන්න.

මෙය පානය කළාම කුසලයෙන් පිරිහී යනවා. කුසලයේ පිහිටා සිටින ශ්‍රමණ බ්‍රාහ්මණ සිල්වතුන්ට හිරිහැර කරන්න වුණත් පෙළඹෙනවා. කයින්, වචනයෙන්, සිතින් පවුම රැස් කරනවා. අපායට දොර හැරගන්නවා. එවන් ආදීනව ඇති මේ පානය කැමතිනම් ගන්න.

ලැජ්ජා බය නැති වෙන නිසා කටට එන එන දෙය කියවනවා. වචනය නිසා නින්දා ලබනවා. ජීවිතයේ ආරක්ෂාව නැති වෙලා යනවා. එවන් ලක්ෂණ ඇති මේ පානය මං දැන් විකුණනවා. උවනමා නම් ගන්න.

රජතුමනි, මේ තරම් ආදීනව ඇති මේ දෙය කෙතරම් ලාබෙට ලැබුණත් නුවණැත්තෙක් නම් ගන්නේ නෑ. මං ඇත්ත ඇති සැටියෙන්ම කිව්වා. ඔබතුමා කැමතිනම් ගන්න."

-කුලාවක ජාතකය —
මහාමේඝ උදුවප් කලාපය

http://mahamegha.lk/
 
  • Like
Reactions: චගු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සුරාව නිසා ප්‍රමාදය ඇතිවේ.
    බේබද්දෝ නැවත මිනිසත් බව ලදත් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලබති.
    මන්ද මානසිකයන්, මනස විකෘති වූවන් වෙත්.
    යාළුවො එක්ක දාන පොඩි ශොට් එක.. සසර පුරුද්දක් වුනොත්.. කවදා නම් ඔබ ගැලවෙන්නද ?

    මේ පානය ඔබත් කැමතිනම් ගන්න... ඒත් අනේ අසරණ ඔබ !!!!
     
    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    චගු;14763386 said:
    සුරාව නිසා ප්‍රමාදය ඇතිවේ.
    බේබද්දෝ නැවත මිනිසත් බව ලදත් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් නොලබති.
    මන්ද මානසිකයන්, මනස විකෘති වූවන් වෙත්.
    යාළුවො එක්ක දාන පොඩි ශොට් එක.. සසර පුරුද්දක් වුනොත්.. කවදා නම් ඔබ ගැලවෙන්නද ?

    මේ පානය ඔබත් කැමතිනම් ගන්න... ඒත් අනේ අසරණ ඔබ !!!!

    :yes::yes::yes::yes::(:(:(:(:(