මේ පාර ඩුබායි මෝටර් ශෝ එකේදී එළියට ආව සුපි&#35

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේ පාර ඩුබායි මෝටර් ශෝ එකේදී එළියට ආව සුපි#

    සැම වසර 2කටම වරක් පැවැත්වෙන ඩුබායි මෝටර් ශෝ මේ වන විට ඩුබාහිදී පැවැත්වෙනවා. මේ ප්‍රදර්ශනයේදී අලුත් වාහන 100කට වඩා එළිදක්වලා තියෙනවා.මේ තියෙන්නේ මේ 14 වෙනි ඩුබායි මෝටර් ශෝ එකේදී හදුන්වලා දුන්න සුපිරි වාහන 5ක්

    01. ඩෙවිල් සික්ස්ටින් (DEVEL SIXTEEN)

    five-super-cars-coming-out-from-the-Dubai-Motor-Show_01.jpg

    ඇත්තටම මේක යකේක් තමයි, මේ කාර් එක දැක්කම බැට් මෑන් ෆිල්ම් එකේ තියෙන කාර් එක මතක් වෙනවා. මොකද දන්නවද එහෙම කියන්නේ මේ කාර් එකට තියෙන්නේ හෝස් පවර් 50000 තියෙන v6 එන්ජින් එකක්.මේ කාර් එකට පැයට කිලෝමීටර් 480 වේගයෙන් යන්න පුළුවන්. දැන් ඔයාලා හිතනවා ඇති මේ කාර් එක කවදාවත් ඇත්තටම හදන එකක් නෑ කියලා.එත් දැනටමත් මේ කාර් එක හදන්න පටන් අරන් මේ හෝස් පවර් 5000 ක් උන කාර් එක නම් අපිට පාරේදී දකින්න වෙන්නේ නෑ මොකද එක හදන්නේ රේස් පදින්න. එත් හෝස් පවර් 2000 හා හෝස් පවර් 3000 වශයෙන් කාණ්ඩ 2ක් සාමාන්‍ය වෙළදපොලට නිකුත් කරන්න තමයි මේ යක්කු ටික හදන්නේ

    02. මෙර්සිඩේන්ස් ප්‍රෝජෙක්ට් වන් (MERCEDES-AMG PROJECT ONE)

    five-super-cars-coming-out-from-the-Dubai-Motor-Show_02.jpg

    මේ කාර් එක හදලා තියෙන්නේ රේස් පදින්න වගේම සාමාන්‍ය භාවිතයටත් එක වගේ ගැලපෙන්න. ෆෝමියුලා 1 හයිබ්‍රිඩ් තාක්ෂණය එක්ක නිර්මාණය කරපු මේ බෙන්ස් කාර් එකට හෝස්පවර් 1000 වැඩි එන්ජිමක් තියෙනවා. මේ කාර් එකේ උපරිම වේගය 350kmph. ඒ වගේ කියන්න ඕනේ මේ කාර් එකට තත්පර 2.6කින් පැයට කිලෝමීටර් 60 වේගයක් ගන්නත් පුළුවන්. මේ කාර් එක මුලින්ම ප්‍රදර්ශනය කලේ ජර්මනියේ පැවතුණ ජාත්‍යන්තර මෝටර්රථ ප්‍රදර්ශනයෙදී.

    03. ෆෙරාරි පොර්ටෝෆිනෝ (FERRARI PORTOFINO)

    five-super-cars-coming-out-from-the-Dubai-Motor-Show_03.jpg

    මේ ෆෙරාරි කාර් එකත් මුලින්ම ප්‍රදර්ශනය කළේ ජර්මනනියේ පැවතුන ජාත්‍යන්තර මෝටර්රථ ප්‍රදර්ශනයෙදී. මේ කාර් එක සදහා අලුත්ම v8 එන්ජින් එකක් භාවිතා කරලා තියෙනවා. මේ මෝටර්රථයට තත්පර 10.8 කින් පැයට කිලෝමීටර් 200ක වේගයක් ලබාගන්න හැකියාව තියෙනවා

    04. රෝයල් රොයිස් පැන්තම් (ROLLS-ROYCE PHANTOM)

    five-super-cars-coming-out-from-the-Dubai-Motor-Show_04.jpg

    රෝයල් රොයිස් කාර් එකක් නැත්තම් එක මෝටර් ශෝ එකක් වෙන්නත් නැ, ඒ තරමට රෝයල් රොයිස් කියන්නේ ජනප්‍රිය මෝටර්රථ වර්ගයක්නේ. එංගලන්තයේ නිර්මාණය කරන මේ මෝටර් රථයට v12 එන්ජිමක් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තම සිත් ඇදගන සුළු දම් පැහැයක් මේ මෝටර් රථයට තියෙනවා.

    05. ඇස්ටන් මාර්ටින් ASTON MARTIN VALKYRIE

    five-super-cars-coming-out-from-the-Dubai-Motor-Show_05.jpg

    මේ සුපිරි කාර් එක හදලා තියෙන්නේ ඇස්ටන් මාර්ටින් සමාගම හා රෙඩ් බුල් රේසීන් ආයතනය එකතු වෙලා. මේ මොටර් රථය නිර්මාණය කරලා තියෙන්නේ හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිතා කරලා,හොස්පවර් 1130 ක v12 එන්ජිමක් මේ ඇස්ටන් මාර්ටින් කාර් එකට තියෙනවා,ඒ වගේම පැයට කිලෝමීටර් 250 කට ආසන්න වේගයක් මේ කාර් එක වාර්තා කරලා තියෙනවා.


    ඉස්සුවේ - www.see.lk
    ලින්ක් එක - http://see.lk/2017/11/17/five-super-cars-coming-out-from-the-dubai-motor-show/
     
    Last edited: