ඔය වගේම චූටි කොල තියන ජාතියක් අපේ මිදුලෙ තියන අර නෙලුම් මල් හිටවපු තැටියක තියනවා
තව පෝර වලට ගන්න නම් සැල්වීනියා කියලා ලොකු ජාතියක් තියනවා මගේ කුඹුර ලඟ ඇල පිරෙන්න තියනවා, ඉස්සර නම් මම ඒව ගොඩට දාල තියලා වේලුනාම ගෙනත් ගස් වලට දානවා, එහෙම ලොකු පෝර ගතියක් තියනවා කියලා මට තේරිලා නැහැ, එකම දේ තියෙන්නෙ සති දෙකක් යද්දි දිරලා පස් වලට එකතු වෙනවා හොයා ගන්නවත් බැරි වෙන්න, හැබැයි ඊට වඩා හොඳට ගස් කොලපාට වෙලා හැදිලා එනවා අර ග්ලිරිසීඩියා කොල දැම්මම.