මේ පිංතූරේ නරක දෙයක් පිංතුරයක් වගේ පේන්ව&#3503

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මේ පිංතූරේ නරක දෙයක් පිංතුරයක් වගේ පේන්ව&#3503

    මේ පිංතූරේ දැක්කම මොකද ඔයාලට හිතෙන්නෙ?

    හරිම නරක දෙයක් පිංතුරයක් වගේ පේන්වද?
    29694567_825507767636269_8430429929332114124_n.jpg

    ඒත් මේ පිංතූරයේ යතාර්ථය දැන්ගත්තොත් ඔබේ ඇසට කඳුලක් උනාවි.

    යුරෝපයේ එක්තරා රටක පුද්ගලයෙකුට මරණ දණ්ඩනය ලැබිලා. මේක ටිකක් විශේෂයි.මොකද මේ මනුස්සයව මරන්න නියම වෙලා තිබ්බේ හිරගෙදර බඩගින්නේ තියලා.

    මේ පුද්ගලයව හැමදම බලන්න එන්න එයාගේ දියණිය ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වෙනුවෙන් එයාට ඒ අවසරය ලැබෙනවා.නමුත් ඇයට සිරමැදිරියට ආහාර ගේන්න තහනම්.එන හැම වෙලාවකම සම්පූර්ණයෙන්ම ඇයව සෝදිසියට ලක් කරන්න ආරක්ෂක භටයන් අමතක කරේ නෑ.
    නමුත් ඇයට තම පියා දිනෙන් දින හාමත්ව යන අයුරු බලා ඉන්න බැරි උනා.

    ඇය තම පියා දෙස මවක් ඇයගේ දරුවා දිහා බලන ආදරනීය බැල්මෙන් බලන්නට උනා. ඇය තම පියයුරු වලින් වෑහෙන කිරි වලින් තමන්ගේ පියාගේ කුස පුරවන්නේ ඇයගේ ඒ ආදරණීය හැඟීමෙන්. ඇය මෙලෙස දින පතාම තම පියාව පෝශනය කරන්නට උනා.

    දවස් ගනනක් ගත උනත් මේ මිනිසා මරණයට පත් වන්නේ නැත්තේ ඇයි දැයි ආරක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක් වුනා. නමුත් ඔවුන් තව තවත් හොයලා බලද්දි පියාට දියණිය විසින් මව් කිරි දෙන වෙලාවකදි ආරක්ෂක භටයන්ට මේක හසු උනා. ඔවුන් ඇයට විරුද්ධව නඩු පවරා සිටියත් අවසානයේදී සිදු වූයේ ඇයගේ මේ අසීමිත වූ සෙනෙහස නිසා ඇයටත් ඇගේ පියාටත් නිදහස නැවතත් භුක්තිවිදීමට හැකිවීමයි.

    මෙය යුරෝපයේ සුප්‍රසිද්ධ සිතුවමක්. කාන්තාවක් සැමවිටම ආදරයෙනුත් පරිත්‍යාගයෙනුත් සම්පූර්ණයි. ඇය සමාජයේ කොයි තරාතිරම නියෝජනය කරත් ජීවිතයේ යම්කිසි අවස්තාවකදී ඇයට මවක්, දියණියක්, සහෝදරියක් වගේම බිරිඳක් කියන සෑම චරිතයකටම පණ පොවන බව ඔබ නොදන්නා කරුණක් නොවේ.