මේ පොත..කියවපු අය!!!

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ කියන්නේ "භික්ශූන් විසින් චේතනාවක් දා ගත්තොත් ඒක ක්‍රියාවක් බවට පත් වන බවයි.". ඉතින් දැන් ඔය පන්සල් වල කරන්නෙත් ඒකම නේද(පිලිම හැදීම, ආවාස හැදීම etc).
    මිනිස්සුන්ට කියනවා නිවන් මාර්ගයෙ යන්න කියලා,
    but හාමුදුරුවෝ යන්නෙ ලෞකික දේවල් හොයාගෙන...:P:P:P

    එත්කොට රාහුල හාමුදුරුවෝ ඒක පෙනවා දීපු එක වැදි ක්‍රියාවක්ද???:rolleyes::rolleyes::rolleyes:

    රාහුල රස්සාවක් කරපු එක ක‍ොතන්ටද ඔය ප‍ොත‍ේ ගැලප‍ෙන්න‍ේ ? ආවාස ව‍ෙහරෙ විහාර හදන එක අපායට යන මගක් නම් ඇයි බුදුන් වහන්ස‍ේම ආරම භාරගත්ත‍ේ?
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    (මේ කියන්නේ "භික්ශූන් විසින් චේතනාවක් දා ගත්තොත් ඒක ක්‍රියාවක් බවට පත් වන බවයි.". ) ම‍ේ ම‍ොකද්ද කියන්න‍ෙ ?
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ම‍ොක‍ෙක් හරි ප‍ොතක් ලියුවාම ඒක ජනප්‍රිය මතවාදය හා තමුන්ග‍ේ ද‍ේශපාලිනක මතවාදයට ගැලප‍ෙනවානම් ඒක තමයි බුදු දහම කියලා හිතන අයට අඩුතරම‍ේ ර‍ේරුකාන‍ේ චන්දවිමල හිමිග‍ේ ග්‍රන්ථ ටිකවත් (අඩුම තරමින් හ‍ෝ )පරිශීලනය කළ යුතුයි ...

    මේකෙ තියෙන දේශපාලනය පැහදිලි කරල දෙන්න.
    ඇයි මෙච්චරම ඇත්ත කියනවට විරුද්ධ? ඔයාට වෙන අව්ලක් වගේ!:rolleyes::rolleyes::rolleyes:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේකෙ තියෙන දේශපාලනය පැහදිලි කරල දෙන්න.
    ඇයි මෙච්චරම ඇත්ත කියනවට විරුද්ධ? ඔයාට වෙන අව්ලක් වගේ!:rolleyes::rolleyes::rolleyes:
    කිසිම පුද්ගලීක අවුලක් නෑ ... අවුල තමයි රාහුල සමාජවාදී මතය බුද්ධ භාෂිතය විදිහට ප‍‍ෙන්වීම ....
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    (මේ කියන්නේ "භික්ශූන් විසින් චේතනාවක් දා ගත්තොත් ඒක ක්‍රියාවක් බවට පත් වන බවයි.". ) ම‍ේ ම‍ොකද්ද කියන්න‍ෙ ?

    පිලිම හැදීම, ආවාස හැදීම etc
    මේව ගිහියන් කල යුතු දේවල් නොවේද?
    නමුත් ඩැන් මේවාට මූලික වෙන්නෙ හාමුදුරුවෝ???
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පිලිම හැදීම, ආවාස හැදීම etc
    මේව ගිහියන් කල යුතු දේවල් නොවේද?
    නමුත් ඩැන් මේවාට මූලික වෙන්නෙ හාමුදුරුවෝ???
    ඕනෑම ස්ථානයක වැඩි දියුණුවක් කරනවානම් ඒ ස්ථානය‍ේ ඉන්න අයග‍ෙන් අහන්න‍ේ නැතුව උපද‍ෙස් නැතුවද කරන්න ඕන‍ේ ? අර ක‍ොස‍ොල් රජුරුව‍ෝ රාජිකාරාමය හැදුව විදිහද දැන් ක්‍රමය ව‍ෙන්න ඕන‍ේ ?
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඕනෑම ස්ථානයක වැඩි දියුණුවක් කරනවානම් ඒ ස්ථානය‍ේ ඉන්න අයග‍ෙන් අහන්න‍ේ නැතුව උපද‍ෙස් නැතුවද කරන්න ඕන‍ේ ? අර ක‍ොස‍ොල් රජුරුව‍ෝ රාජිකාරාමය හැදුව විදිහද දැන් ක්‍රමය ව‍ෙන්න ඕන‍ේ ?

    Finally anyway, දැනටයන ක්‍රමය වැරදියි,
    ඒ කියන්නෙ හාමුදුරුවන්ගෙ සුඛ විහරණයට හදා ගත්තු system එකක් තමයි යන්නෙ.
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මේ පොතේ මොන කොටස් වලද බන් ඔහොම තියෙන්නෙ?
    උදාහරණ කීපයක් දක්වන්න පුලුවන්ද?
    උබේ මතයත් සාදාරනීකරණය කරන්න උබට හේතු ඇතිනෙ
    answer this bro!
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    [FONT=&quot]මහාචාර්ය වල්පොල රාහුල හිමි විසින් ලියන ලදැයි කියමින්[/FONT][FONT=&quot]ගල්කන්දේ ධම්මානන්ද හිමි නම් භික්ෂුවක් විසින් සත්‍යයෝදය (ප්‍රථම මුද්‍රණය1992 ) නම් ග්‍රන්ථයක් සමාජගත කරමින් ඇත. බැලූ බැල්මට සර්වාකාරයෙන්ම නිවැරදියැයි හිතෙන කරුණු මෙහි දක්නට ලැබේ .දේශපාලනික න්‍යායෙන් බලනවුන් අගයන අදහස් බහුලය. නැවත නැවතත් බලන්නට ප්‍රිය උපදවයි. බුදු දහමනම් මෙයමයි සිතේ . අප මෙතෙක් නොඇසූ බනක් ඇසූවෙයි සිතෙනු ඇත. මෙතෙක් බුදු දහම නමින් අප රැවටුවා නේදැයි හැගෙනු ඇත.[/FONT]
    [FONT=&quot]ඇත්තෙම්ම මෙම පොත කුමක්ද ? හලාහල විශ ගුලියක් වට කොට අයිසින් යෙදූ විට කුමක්ලෙස දිස්වේද , මෙයත් එසේමයි. රත්තරන් වෙනුවට ව්‍යාජ රත්තරන් පහළවන විට රත්තරන්වල අගය නැතිවෙන බවත් දහම නමින් අදහම සමාජගතවන විට ශ්‍රී සද්ධර්මය ලොවෙන් අතුරුදහන් වන බවත් තථාගතයානන් වහන්සේ වදාළසේක. අප ගත කරන්නේ එම යුගයේමය . අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නෝද ( ධර්මයෙන් මුලින්ම අතුරුදහන් වන්නේ අභිධර්මයි.) , ත්‍රිපිටකය ප්‍රත්ක්ෂේප කරන්නෝද , ඉන් කොටස් හලන්නෝද ,අකලට පහළවූ බුදුවරුද , රහත්වූවා යැයි කියන්නෝද අද සමාජයේ වැහි වැහැලාය. දේශපාලනික මතවලින් බුදු දහම විචාර කරන්නෝද අන්‍යාගමික මත වාදියෝද නිර්ආගමිකයෝද තවත් පැතිවලින් බුදු දහමට පහර ගසන්නට වෙර දරති. මාරයාගේ පිරිස එදා බෝ මැඩදීමෙන්ම අදත් තෙරුවනට එරෙහිව සිය ප්‍රහාර එල්ල කරමින් සිටී. සසුනතුල සිටින කද පනුවෝ ශාසනය නැමති වෘක්ෂය කමින් අපනම් විචාරශීලීය ,දහම නිවැරදිව වටහාගතිමු ,මෙතෙක් ගෙනා සම්ප්‍රදායන් වැඩක් නැත තව ඉදිරියට පවත්වාගෙන නොයායුතුය කියති. අන්අයටද දන්දීම ආදී පින්කම් වලින් වලකින්න උපදෙස් දෙති. සමහරුන් උපදෙස් දෙන්නේ මහ රහතුන්ගේ ජීවන ක්‍රමය අපටද පවත්වාගෙන යන්නය. [/FONT]
    [FONT=&quot]නුවනින් සිතා බැලිය යුතුයි කියමින් ලියූ සත්‍යායෝද්‍ය කෘතිය බුදුදහමට ගැලපේද යන්න විමසා බැලිය යුතුය.[/FONT][FONT=&quot]මේ කරුණු දැක්වීම සිදුකරන්නේ කිසිවෙකු කෙරෙහි වෛරී සිතකින් නොවන අතර සත්වයා විපතින් මුදවීමම අරමුණුකර බවත් දක්වනු කැමැත්තෙමි. “ ජිනසාසනපරිහානිං දිස්වා අභිවඩ්ඪයා වායමති - සර්වඥශාසනයාගේ පිරිහීම දැක අභිවෘද්ධිය පිණිස වීර්ය කිරීම ගිහි ශ්‍රාවකයාගේ උපාසක ගුණයකි . [/FONT]
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    [FONT=&quot](කියවන්නා - බුද්ධ පූජා යන වචනයෙන් මා අදහස් කළේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි . මෙය අපේ පරම්පරාගතව එන චාරිත්‍ර ධර්මයකි. ඔබ ඊට විරුද්ධ ද ?[/FONT]
    [FONT=&quot]කර්තෘ- එය බුද්ධ පූජාවක් නොවේය . )[/FONT]
    [FONT=&quot]වල්පොල රාහුල හිමි කියන්නේ බුදු පිළිමයක් ඉදිරියේ දානය තැබීම වැරදි බවයි. උන්වහන්සේ ත්‍රිපිටකය ගැනවත් අටුවාව ගැනවත් කරුණු නොදැන කරපු ප්‍රකාශයක් ලෙසයි මෙම කරුණ දක්වන්න වෙන්නේ . බුද්ධ පරිනිර්වානයෙන් පසුව තථාගතයානන්ට වැළදීම පිනිස දන්දිය නොහැකි බව සැබෑය. නමුත් බුදු දහමේ ක්‍රියාවට වඩා වැදගත්වෙන්නේ චේතනාවමය. ලෝකවාසී බොදුනුවන් බුදු පිළිමයක් ඉදිරියේ වැද වැටෙමින් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වදිනවායන සිතුවිල්ලත් බුදු ගුණත් අරමුණුකර ගෙනය . එසේ නැතිව අපි වදින්නේ මැටි ගොඩකට ,සිමෙන්ති ගොඩකට , ගලකට හෝ ලී කොටයකට ආදී වශයෙන් ඇති නිර්මිත ද්‍රව්‍ය ගැන සිතා නෙවෙයි . එම ද්‍රව්‍යවලින් නිර්මිත වෙනත් පිළිම හෝ භාණ්ඩ වලට එසේ වදින්නේවත් ගෞරව කරන්නේවත් නැත. ජාතික විරුවන්ගේ පිළිම වැදුම් ලබන්නේවත් දානය තැබීමට භාවිතාවන්නේද නැත. සත්‍යයෝදයේ කතෘ වහන්දෑ සිදුකරන්නේ අසරන සතුන් දානාදී කුසල කර්ම කොට සුගතිගාමීවීම වැළැක්වීමයි . [/FONT]
    [FONT=&quot] සසර සැරිසරන සත්වයින් සසර කතරින් එතෙර කොට නිවන්පුරට පමුණුවාලීම බෞද්ධ දර්ශනයේ පරමාර්ථයයි. සත්වයා සසර බැද තබන්නේ තෘෂ්නාවයි. තෘෂ්නාව නැතිකළ හැක්කේ පරිත්‍යාගයෙනි. ‘ජිනෙ කදරියං දානෙන‘ යනුවෙන් එය දැක්වේ. දන්දීමට හා පන්සිල් රැකීමට යොමු කිරීම විශේස අරමුණුකොට විමාන වත්ථු පොත රචනාකර ඇත . දෙවිවරුන් පිළිබද කතා 85ක් එහි දැක්වේ . කතා සියල්ලේම වාගේ දිස්වන්නේ තුන්සිත පහදවා ඉතා සුළු දෙයක් වුවද සුදුසු ආහුණෙය්‍ය පාහුණ්‍යොදි ගුණයෙන් යුත් ප්‍රතිග්‍රාහකයෙකුට පිරිනැමීමෙන් අනේකවිධ සම්පත් විදින දිව්‍ය ආත්මභාවයන් ලද හැකි බවයි. දද්දල්ල විමාන වස්තුවේ දැක්වෙන්නේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු ගැනයි . එකම සැමියෙකුගේ සමාන බිරින්දෑවරුන් වු ඔවුන් දෙදෙනාම දන් දුන්හ. සිල් රැක්කාය . පතිව්‍රතා ධර්මය රැක්කාය . මේ දෙදෙනාගෙන් වැඩිමහලු සහොදරිය භික්ෂුන්ටද දුගී මගී යාචකාදීන්ටද පෞද්ගලික වශයෙන් දිනපතා දන් දෙන ලදී. බාල සොයුරිය භික්ෂු සංඝයාට සාංඝික වශයෙන් දන් දුන්නාය . කාලයාගේ ඇවෑමෙන් දෙදෙනා මියගොස් වැඩිමහලු සහෝදරිය තව්තිසා දෙව්ලොව ශක්‍රයාගේ පාරිචාරිකාවක් ලෙස උපත ලද අතර බාල සොයුරිය නිම්මාන රතියේ අධිකතර සම්පත් ඇතිව උපන්නාය . මෙම කතා වස්තුවෙන් පැහැදිලි වෙන්නේ දන් දීමත් ක්‍රමානුකූලව උත්තම ගුණාංගයන්ගෙන් යුත් ප්‍රතිග්‍රාහක පිරිසට දන් දිය යුතුබවයි. මෙවැනි කතා සැළකිය යුතු ප්‍රමානයක් එහි ඇත. රාහුල හිමි කියන පරිදි අසරන අයට දන් දීම බුදුන්ට දන් දුන්නා හා සමානයැයි කීම එයින්ම බොරුවේ . [/FONT]
    [FONT=&quot] චේතනාව ගැන වැටහීමක් නොමැතිව ක්‍රියාව පමනක් බලමින් අසත්‍ය ලියමින් එය සමාජගතකල මේ වහන්දෑ සමාජයට කෙතරම් හානියක් කර ඇද්ද? ප්‍රතිපත්තිය ඉතා උසස්වන බවට කිසිදු ගැටලුවක් නැත. තථාගතයානන් වහන්සේට කල හැකි උතුම්ම ගෞරවය වන්නේද එයයි. නමුත් සියලු සත්වයන් එකවර ප්‍රතිපත්ති ගරුක කිරිම කිසිවෙකුටනම් කල හැක්කක්ද ? සත්වයාගේ ස්වරූපය මනාව හදුනන්නේ ලොව්තුරා බුදු වරුන්ම පමනි. දානය සීලය හා [/FONT]
    [FONT=&quot] බුදුරදුන්ට මල් පහන් ආදියෙන් පිදීමෙන් පමනක් නොව උන්වහන්සේට වත් කිරීමෙන්ද සැදැහැතියන්ට පින්සුදු කරගත හැකිය. තථාගත පරිනිර්වාණයෙන් පසුද ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ බුදුන් ජීවමාන කාලයේ උන් වහන්සේට කළ ගදකිලිය හැමදීම , අසුන් පැනවීම , පැනවූ අසුන් තැන්පත් කිරීම , පහන් දැල්වීම ,නාන පැන් මුවදෝනා පැන් පිළියෙල කිරීම , දැන් නෑමට වෙලාවය ,දැන් දහම් දෙසීමට වෙලාවය , දැන් භික්ෂුන්ට අවවාද කිරීමට වෙලාවය යනාදීන් වශයෙන් කාලාරෝචනය කිරීම යන වත් සියල්ල බුදුන් ජීවමාන කාලයේදී කළාක් මෙන්ම පිරිනිවනින් පසුද කළබව සමන්තපාසාදිකා නම්වූ විනය අටුවාවේ හා සුමංගල විලාසිනි නම්වු දික්සගි අටුවාවෙහිද දක්වා ඇත. [/FONT]
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    [FONT=&quot]මහාචාර්ය වල්පොල රාහුල හිමි විසින් ලියන ලදැයි කියමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගල්කන්දේ ධම්මානන්ද හිමි නම් භික්ෂුවක් විසින් ස................. පිරිහීම දැක අභිවෘද්ධිය පිණිස වීර්ය කිරීම ගිහි ශ්‍රාවකයාගේ උපාසක ගුණයකි . [/FONT]

    [FONT=&quot](කියවන්නා - බුද්ධ පූජා යන වචනයෙන් මා අදහස් කළේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි . මෙය අපේ පරම්පරාග........................ව සමන්තපාසාදිකා නම්වූ විනය අටුවාවේ හා සුමංගල විලාසිනි නම්වු දික්සගි අටුවාවෙහිද දක්වා ඇත. [/FONT]

    දැනුම වැඩිවූ විට සත්‍යය නොපෙනී යන බව පැහැදිලිය.
    ඔබට වටහාදීමට කරන උත්සාහය අපතෙයෑමක්මය....
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Finally anyway, දැනටයන ක්‍රමය වැරදියි,
    ඒ කියන්නෙ හාමුදුරුවන්ගෙ සුඛ විහරණයට හදා ගත්තු system එකක් තමයි යන්නෙ.

    අපරාද‍ේ බන් උඹලා වග‍ේ කීප ද‍ෙන‍ෙක් හිටියනම් අන‍ේපිඩු සිටුතුමයි විශාකාවයි බර ගානක් ඉතුරු කරගන්නවා ... බුද්ධ ද‍ේශනාව‍ේ තිය‍ෙනවා බන් දන් ද‍ෙන්නාටත් දන් ලබන්නාටත් තිබිය යුතු ගුණාංග ... චීවරධාරිය‍ෙක් දානය ප්‍රතිගහනයකරන්න නුසුදුස්ස‍ෙක්වී දානය ලබනවානම් එහි විපාක විදින්න‍ේ ඒ පුද්ගලයායි .. ඒක නිසා ඉල්ලං ටිංකිරි ගාගන්න අවශ්‍ය නැත ... සිවුරු දරන අයග‍ේ ශීලය මනින්න පුලුවන් මීටරයක් මංගාවනම් නෑ . ඒක නිසා තමයි බුදුන් ප්‍රමුඛ ආර්ය සංඝයාට දන්දීම කරන්න‍ේ ....

     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැනුම වැඩිවූ විට සත්‍යය නොපෙනී යන බව පැහැදිලිය.
    ඔබට වටහාදීමට කරන උත්සාහය අපතෙයෑමක්මය....
    සාමාජවාදී මැන්ටල් අදහස් ඔලුවට ගැහුවාමද ධර්මය හා ද‍ේශපාලනික බන වටහා ගැනීමට බැරිය ... ඒකට මට කරන්න ද‍ෙයක් නෑ .. ඔබ ඔබ‍ේ මාර්ගය‍ේ යන්න .. අපි අප‍ේ මාර්ගය‍ේ යන්නං .... ඔබට වඩාත් සුදුසු දාස් කැපිටල් කියවීමයි ... මාක්ස් බුදුවී ලියපු ප‍ොතට අටුවා ලියපු රාහුලග‍ේ ප‍ොතට වැඩිය මුල් ප‍ොත‍ේ කරුණු වැඩිය‍ෙන් ඉග‍ෙනුමට ඇත ..
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අපරාද‍ේ බන් උඹලා වග‍ේ කීප ද‍ෙන‍ෙක් හිටියනම් අන‍ේපිඩු සිටුතුමයි විශාකාවයි බර ගානක් ඉතුරු කරගන්නවා ... බුද්ධ ද‍ේශනාව‍ේ තිය‍ෙනවා බන් දන් ද‍ෙන්නාටත් දන් ලබන්නාටත් තිබිය යුතු ගුණාංග ... චීවරධාරිය‍ෙක් දානය ප්‍රතිගහනයකරන්න නුසුදුස්ස‍ෙක්වී දානය ලබනවානම් එහි විපාක විදින්න‍ේ ඒ පුද්ගලයායි .. ඒක නිසා ඉල්ලං ටිංකිරි ගාගන්න අවශ්‍ය නැත ... සිවුරු දරන අයග‍ේ ශීලය මනින්න පුලුවන් මීටරයක් මංගාවනම් නෑ . ඒක නිසා තමයි බුදුන් ප්‍රමුඛ ආර්ය සංඝයාට දන්දීම කරන්න‍ේ ....


    අපට මහත්ඵල මහානිශංශ අවශය නැත, විය යුත්තේ තමාට ඇති පමනින්, තමාට සතුටු විය හැකි අයුරින් කාට හෝ දිමයි. එය පිනා යෑමයි.(පුඥ්ඥ)
    ඒ නිසා හාමුදුරුවෝ අදාලම නොවේ.
    දැනුම වැඩිවූ විට සත්‍යය නොපෙනී යන බව පැහැදිලිය.
    ඔබට වටහාදීමට කරන උත්සාහය අපතෙයෑමක්මය....
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    සාමාජවාදී මැන්ටල් අදහස් ඔලුවට ගැහුවාමද ධර්මය හා ද‍ේශපාලනික බන වටහා ගැනීමට බැරිය ... ඒකට මට කරන්න ද‍ෙයක් නෑ .. ඔබ ඔබ‍ේ මාර්ගය‍ේ යන්න .. අපි අප‍ේ මාර්ගය‍ේ යන්නං .... ඔබට වඩාත් සුදුසු දාස් කැපිටල් කියවීමයි ... මාක්ස් බුදුවී ලියපු ප‍ොතට අටුවා ලියපු රාහුලග‍ේ ප‍ොතට වැඩිය මුල් ප‍ොත‍ේ කරුණු වැඩිය‍ෙන් ඉග‍ෙනුමට ඇත ..

    :no::no::no:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපට මහත්ඵල මහානිශංශ අවශය නැත, විය යුත්තේ තමාට ඇති පමනින්, තමාට සතුටු විය හැකි අයුරින් කාට හෝ දිමයි.
    ඒ නිසා හාමුදුරුවෝ අදාලම නොවේ. එය පිනා යෑමයි.(පුඥ්ඥ)
    දැනුම වැඩිවූ විට සත්‍යය නොපෙනී යන බව පැහැදිලිය.
    ඔබට වටහාදීමට කරන උත්සාහය අපතෙයෑමක්මය....
    උඹට අවශ්‍ය න‍ොවන්න පුලුවන් . මම කිව්ව‍ේ බුද්ධ භාෂිතය පිලිගන්න බ‍ෞද්ධයාට අදාල කරුණු .. පුන්‍ය කර්මයක හ‍ෝ කුසලයක මහත්ඵල මහානිසංස ලැබීම තමයි බුද්ධ ද‍ේශනාව .. බ‍ෞද්ධයන් පිළිගත යුත්ත‍ේ බුද්ධ භාෂිතය මිසක් රාහුල භාෂිතය න‍ෙව‍ෙයි ...