අයියෝ මල්ලි. මම ඉස්කෝල කීයකට නම් ගිහින් ඇද්ද? ඉස්සෙල්ලාම මම ගියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. එකේ යාළුවො මට ගොඩාක් හිටියා. ඒත් දවසක් දා මට ඒ ඉස්කෝලයෙන් එන්න වුනේ කාටවත් ම නොකිය. මොකද අපි එක පාරටම කොළඹ එන්න වුනා. කොළඹ ආවට පස්සේ මම ගියා බත්තරමුල්ලේ ඉස්කෝලයකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදාගත්තා, පුදුම විදිහට මම ඒ ඉස්කෝලේ ඉන්නකොට එන්ජෝයි කළා. ඊට පස්සේ ඒ ඉස්කොලෙනුත් මම අයින් වුනා, ඊට පස්සේ මම ගියේ නුගේගොඩ ලයිසියම් එකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදා ගත්තා, ගොඩාක් විනෝද වුනා. ඒ කාලේ නම් නියමයි. ආයෙත් යන්න ඇත්නම්.
දැන් දැක්ක නේද මම ඉස්කෝල කිහිපයකට ගියත් එකේ යාළුවො හදාගත්තා. බයවෙන්න එපා, ඔය ඉස්කෝලෙත් යාළුවො ගොඩාක් හම්බවෙයි.අනික මේ ෆේස් බුක් එක තියෙනවනේ? ඔයාගේ පරණ යාළුවො එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන් නේ? නිවාඩු වෙලාවට ඔයා ඒ ගොල්ලොන් එක්ක ගිහින් සෙට් වෙන්න. පුළුවන් නම් ඔයාගේ අලුත් ඉස්කෝලේ යාලුවොත් ඒ ගොල්ලොන්ට සෙට් කරලා දෙන්න ,එතකොට යාළුවො ගොඩයි.
පුළුවන් තරම් ඉස්කෝලේ ජීවිතය විඳින්න බලන්න. මොකද ඔය අවුරුදු කිහිපය තමයි ආයේ ඔයා ඉස්කෝලේ යන්නේ. එක නිසා පුළුවන් තරම් ඔය ඉස්කෝලෙත් යාළුවො හදා ගෙන, ඉස්කෝල ජීවිතය විඳින්න බලන්න. හැබැයි හොඳට ඉගෙන ගන්නත් ඕනේ.
තෙරුවන් සරණයි