අනුර කුමාර දිසානායක මහතා - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක් තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සීයක් අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්ද මේ. (සභාවේ ඝෝෂා - සෞඛ්‍ය ඇමැතිවරයා යමක් කියයි)
කථානායක - වාඩිවෙන්න
අනුර කුමාර දිසානායක මහතා - මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩිවෙන්න කියන්න. ටොමියා ඇයි බුරන්නේ? මෝදර ධීවර වරාය බදු දුන්නා. තක්සේරුව ලක්ෂ 17 යි. ඒත් එක්ලක්ෂ විසිපන්දහස ගානේ මාස තුන්සීයකට බදු දුන්නා. පරීක්ෂණ අල්ලස් කොමිසම කරද්දී ජනාධිපතිවරයා හමුවෙලා අල්ලස් කොමසාරිස්ව මාරුකළා. ආයුර්වේද සංස්ථාවට මස්සිනා දාලා නෝනා පත්වීම් දෙනවා. පට්ට හොරෙක්. මොන හිඟන්නෙක්ද මේ. ඒවට එන්න එපා හොඳේ. කවුද මෙයා. මගෙන් මොකවත් අහගන්න එපා. ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා මන්ත්‍රීකම නැති වුණා. රනිල් වික්‍රමසිංහට දණ ගහලා වඳින්න ඕනේ.. මන්ත්‍රීකම ජාතික ලැයිස්තුවෙන් දුන්නට. බිස්නස් කරලා මන්ත්‍රීකම නැති වුණ එකම පුද්ගලයා. එයාව වාඩිකරවන්න. මට කතාකරන්න කාලය ඕනේ.
සෞඛ්‍ය සේවය බිඳ වැටිලා. මේ නියඟය නිසා ගමේ මිනිහෙක් අසනීප වුණොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්තියක් නෑ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක්ලක්ෂ හැත්තෑපන් දාහයි. ඒකටත් ග්‍රාම සේවකගේ, ප්‍රාදේශීය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමැතිට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සීයක් දෙනවා. මොන හිඟන්නෙක්ද ඒ සෞඛ්‍ය ඇමැති. මේ නියඟය සමඟ ගොවි ජනතාවට සෞඛ්‍ය දීමනාවක් ලබාදිය යුතුයි.
(යළි සෞඛ්‍ය ඇමැතිවරයා යමක් කියයි.)
දිසානායක මහතා - බුරන්න එපා.. එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්සිලා...





ඇයි තව ලොන්ත පූස් එකෙක් හිටියේ විජයමූ කියලා...ඇමැති මණ්ඩලේ කොහොම වෙතත් දැන් ඉන්නේ නම් මතක ඇති කාලෙක හිටිය පොන්නම කතානායක.

