මේ යන අත හොදද නරකද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ යන අත හොදද නරකද?

    මම මේ thread එක දාන්න හිතුවේ මගේ හිතේ තියෙන ගැටළුවක් නිරාකරණය කරගන්නයි. මම මේ කාටවත් කඩේ යනවා නෙමෙයි කියන එක මුලින්ම කියන්න ඕන. මට පක්ෂපතිත්වයක් නෑ මේ කිසිම දේශපාලන පක්ෂයක් .එක්ක..මට කවුරුත් එකයි. අවශ්‍ය වෙන්නේ රට කාටද හොදට කරගෙන යන්න පුළුවන් කියන එක...

    දැන් අපි හොදකරවම දකින දෙයක් තමයි රට නම් වේගයෙන් දියුණු වෙනවා පැහැදිලිවම (එකට නෑ කියනවනම් ඒ කුහකකම). නමුත් මිනිස්සුන්ගේ ප්‍රශ්නත් ඒ සමානවම ගොඩක් ඉහල ගිහින්...විශේෂයෙන් මම දකින දෙයක් තමයි බඩු මිල සහ ජිවන වියදම හරිම අමාරුයි දරාගන්න...ඉස්සර phone එකට රු. 100 දැම්මම ටිකක් දවසක් පාවිචි කරනවනේ අපි...එත් දැන්? දවසට දෙකට ඉවර වෙනවා...හැමදේකම මිල ඉහල ගිහින්..කන බොන දේවල් පවා ..මම ගොඩක් දුප්පත් මිනිස්සු දකින කෙනෙක්..මමත් පුද්ගලිකව ඒ ප්‍රශ්නයටම මුහුණ .දෙනවා..නමුත් මේ රටේ ඉපදුන කෙනෙක් හැටියට රට දියුණු වෙනවට මම නම් කැමතියි...

    ඉතින් දැන් අපිට මේ අතරේ අහන්න ලැබෙන ප්‍රසිද්ද දෙයක් තමයි මේ දියුණුවට යටින් සිද්ද වෙනවය කියන මුදල් ගස කෑම් සහ වංචා..ඉතින් මේවා ඇත්තටම ඇත්තද? මට ඔන්න ඔතනයි ගැටලුව..මේවා නිකන් කියවන්නේ නැතුව ඇයි අදාල පුද්ගලයන් මේවායේ අග මුල හොයල ජනතාවට එලි කරන්නේ නැත්තේ? නිකන් කගහන්ව විතරයි...ඔබලටවත් මටවත් ඇත්තටම ඕව හොයන්න බලන්න බැනේ? නමුත් අපිට බුද්දිමත් ජනතාව විදිහට මේ කට කතා පිළිගන්න පුලුවන්ද? ඇයි මේවා සාක්ෂි සහිතව ඔප්පු කරන්නේ නැත්තේ?

    මම කියන්නේ මෙතන වංචාවක් නෑ කියල නෙමෙයි...නමුත් පිළිගත් සාක්ෂි නැතුව තීරණ ගන්න තරම් අපිට මෝඩ වෙන්න බැහැ...පැහැදිලිවම මේ පවතින පද්දතිය තුල ගොඩක් අඩු පාඩු සහ ප්‍රශ්න මම නම් දකිනවා...පලවෙනි කරණය තමයි විදිමත් දැක්මක් ඇති නායකයෝ නෙමෙයි අදාල තනතුරු වල .ඉන්නේ..මේවා එයාලගේ කතා වලින් තේරෙනවා...අහන ඉන්නත් හරිම අප්‍රසන්නයි. දියුණු වෙන රටකට අවශ්‍ය කරන්නේ බුද්දිමත් .නායකයන්..ඉතින් මෙව්වා වෙනස් වෙන්න ඕන. එහෙම නැත්තම් ජනතව විදිහට අපි තීරණය කරන්න ඕන...ඊලග ගැටලුව එන්නේ මෙතැනයි. මේ ආණ්ඩුව නැත්තම් මේ රටේ පාලනය බාරදෙන්න තව කවුද සුදුසු අය ඉන්නේ? එහෙම අය ඉන්නවද? ජනතාව විදිහට මේවා අපිට මග ඇරලා ඉන්න පුළුවන් ප්‍රශ්නද?

    ඔයාලගේ අදහස් දක්වන්න...මගේ අදහස් වැරදිනම් කරුණාකර මාව නිවැරදි කරන්න...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් කිසි අවුලක් පෙන්නේ නැහැ......
    රට හොදට තියනවා........
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අපි කන බත් අැටේකට, පරිප්පු ටිකට පවා බදු ගහද්දි, හෙට ඉපදෙන්න ඉන්න දරුවා පවා ලොකෙට ලක්ෂ ගානක ණය කරුවෙක් වෙද්දි... මහජන නියෝජිතයෝ යැයි කියාගන්නා හැටහුටාමාරකගෙන් සතයක් වත් අය නොකර; අපේම මහන්සියෙන් අපේම දහඩිය කැටි කරල, වේලල, කුඩු කරල, අපේම ලේ වලින් අනල අමාරුවෙන් හදාගත්ත සල්ලි වලින් ඒ හැටහුටාමාරටම බින්දු හයේ දහයේ ගනන් වලින් වරප්‍රසාද, දීමනා දෙනවා නම් දේදුන්නේ පාට මොනාද බං? තිත්ත දේ තිත්තයි.
    ..
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට නම් කිසි අවුලක් පෙන්නේ නැහැ......
    රට හොදට තියනවා........

    එහෙමද? සන්තෝසයි bro...:nerd:

    :yes::yes:

    paehadiliwama aulaknam tyenawa... neethiya kriyathmaka noweema (bias welawakata, welawakata no action )

    ඔව්...මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා...රටකට දියුණුව වගේම සාදාරන පාලකයනුත් ඕනේ....
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    රට දියුනු වෙන එක හොඳයි.. එත් මේ ක්‍රමේ වෑරදී.. රටින් නය අරන් පාරවල් හදන එක නේමේ කරන්න ඔන රටේ නිශ්පාදකයන්ට තෑනක් දෙන එක.. එතකොට රට නිකන්ම දියුනු වෙයි..
     

    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    මුදල් ගස කෑම් සහ වංචා ඇත්තටම ඇත්ත...........

    ජීවත්වෙන්න මෙතරම් අමාරු රටේ මේව හෙලි කරල රස්සාව නැති කර ගන්නවද? නීතියක් තියෙනවද? අවංකව මේවා හෙලි කර අයට මොන සුරක්ෂිත භාවයද තියෙන්නේ... නීතිය ක්‍රියාත්මක කරන්න ගිහිල්ල අගවිනිසුරිය ශිරානි බණ්ඩාරනායකට උන දේ දන්නවා නේද?

    ඉතින් මේවා හෙලි කරලා මිනිසුසු හිගා කන්න යන්න කැමති වේවිද?
    රට භාර ගන්න හොද නායකයන් ඉන්නවා නමුත් කරලියට එන්නනේ නැ. පවතින තත්වය අනුව...
    දැනය රජය හා ප්‍රධාන විපක්ෂය යුඑන්පී දෙකම වැඩක් නැ දෙගොල්ලොම එකයි යුඑන්පි යෙ භාගයක් නේ රජයේ ඉන්නේ......

    රටේ ඇත්තටම වෙනසක් වෙන්න හරි.... ජේවීපී.. එකට අවස්තාවක් දීල බලන්න ඕන..
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අපි ණය ගැනීම තුලින් විතරක් හැමදේම විස‍ෙඳෙන්නෙ නෑ... ගන්න ණය ප්‍රයෝජනවත් විදියට යෙදව්වෙ නැත්නම් තවත් වසර 4 කින් විතර තරුණ නැගිටීමක් ඒවි... 71- 89 වගේ කාල වල වගේ ... ඒත් ඒ නැගිටීම බුද්ධිමත් විදියට යොදා නොගත්තොත් තවත් ලේ වැගිරීමක් විතරක් වේවි. බංකොලොත් ඊනියා සමාජවාදීන් ආපසු තරැණයින් කුලප්පු කර විප්ලව කරන්න හදයි... අනේ මන්ද ඇත්තටම රටට ඕන රටට ආදරේ කරන නායකත්වයක් ..තමන්ගෙ පවුලට ආදරේ කරන කෙනෙකුට වැඩිය :yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    I like the way it is now.
    If anyone says there is corruption ::>> Please come forward the evidence.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න අපි අද බයක් සැකක් නැතුව පාරේ බැහැල යනවා
    දැන් අධිරාජ්ජ්‍යවාදී බෙදුම්වාදී විජාතික බලවේග එතුමාට එරෙහිව ක්‍රියාත්මක වෙනව
    මේ රට දැන් හරි පාරේ යන්නේ. නැවතත් එතුමාට චන්දෙ දීල බෙදුම්වාදී විජාතික බලවේග පරාජය කරමු
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න අපි අද බයක් සැකක් නැතුව පාරේ බැහැල යනවා
    දැන් අධිරාජ්ජ්‍යවාදී බෙදුම්වාදී විජාතික බලවේග එතුමාට එරෙහිව ක්‍රියාත්මක වෙනව
    මේ රට දැන් හරි පාරේ යන්නේ. නැවතත් එතුමාට චන්දෙ දීල බෙදුම්වාදී විජාතික බලවේග පරාජය කරමු

    එකනේ කියන්නේ? රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයක් නෑ :yes: . කොටින්ම කිව්වොත් අපි ඉන්නේ තවුතිසාවේ කියලයි මට දැනෙන්නේ :rolleyes:
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28


    මේ අධිරාජ්‍යවාදී විදේශ කුමන්ත්‍රණ කරුවන්ගේ NGO සල්ලි වලින් කුලියට අරගත් දේශද්‍රෝහී කෙනෙක් . ඕවට රැවටෙන්න එපා :baffled: