මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම &#348

මම නම් මේ ලෝකේ කිසිම ආගමක හරය විශ්වාස කරන්නේ නෑ. ඒ සියල්ලක්ම බොරු. මේ ලෝකේ ආගම් බිහිවෙන්න ප්‍රධානම හේතුව මම කියන්නම්. අපි කැමති නෑ අපේ සමීපතමයෙක් මැරුණම එයා සදහටම අපෙන් ඈත් වුණා කියලා හිතන්න. අපේ ජීවිතයේ අපිට දරා ගන්නම බෑරි දෙය තමයි අපේ සමීපතයන්ගේ මරණය. මේ මහා දුකෙන් තමන්ගේ හිත සනසා ගන්න මිනිස්සු විවිධ ක්‍රම සෙව්වා. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රම උගන්නන්න පටන් ගත්තා. තමා වටා මිනිසුන් එකතු කර ගෑනීමේ අරමුණින් විවිධ මිත්‍යාදෘෂ්ඨික දේශනා පවත්වන්න පටන් ගත්තා. වඩාත් ජනප්‍රිය දේශනාවන් කළ පුද්ගලයන් ආගමික ශාස්තෘන් බවට පත් වුනා. මේ වගේ විකාර දේශනයන් සහිත ඉගෑන්වීම් ක්‍රම ආගම් ලෙස නම් කෙරුණා. තමන්ගේ ඉගන්වීම් ක්‍රම මිනිසුන්ට තරයේ අවධාරණය කිරීම සදහා අදෘශ්‍යමාන දෙවි වරුන් ගෑන බියක් ඔවුන් වෙත ඈති කළා. ඒක දේවවාදය සහ බහුදේවවාදය බිහි වුණේ මෙ විදියට. සියලුම අගම් නිර්මාණය කළේ මිනිසුන් විසින්මයි. ඒ කිසිවක් සත්‍යය නෙවෙයි. බුද්ධියක් ඈති මිනිසුනි, මේ යථාර්තය තේරුම් ගන්න.
 
Aarya

Member
Dec 3, 2006
523
30
0
Down under
මං මෙහෙම කිව්වොත්.
ඔයා කිව්ව විදිහටම මිනිස්සු තමන්ට පහදා දෙන්න බැරි දෙයක් ගැන කල්පනා කරනවා.
උදාහරණයක් ජීවය ඇති වීම
ඔහු අහසෙ තරු දිහා බලං ලෝකය ගැට ගහන්න කල්පනා කරනවා
ඊට හේතුවක් කල්පනා කරලා තමන්ගේ දැනුමට අනුකූල නොවුනම කියනවා
ආ දෙයියෙක් මැව්වා :lol:
දෙයියා තමයි ඔක්කෝම දන්නේ :dull:
උපතින් මුස්ලිම් උනොත් අල්ලා තමා පොර ක්‍රිස්තියානි උනොත් ලෝඩ්
බොහොමයක් ආගම් එහෙමයි

බෞද්ධයන්ගෙ වෙනසක් තියනවා ඒක අදේව වාදී.
දැන් ඔයා ආයෙ එළියට බැහැල අහස දිහා බලාගෙන කල්පනා කරාට ඔයාට ඒකෙ හරය තේරුම් ගන්න බෑ

මොන දෙයියෙක්වත් මොන ආගමවක් වත් නෑ මං ඇතීස්ට් :lol:

අපි ඔක්කෝම එක බෝට්ටුවෙ නේ :nerd:
 
NoGod

Member
Feb 7, 2011
134
33
0
ආගම් ඇති වෙන්න ප්‍රධාන හේතුව මිනිසාගේ ජීවිතයට සහ පැවත්ම පිලිබඳ තියෙන භීතියයි. සියලූම ආගම් මෙලොව දී උපකාර ලබා ගැනීම සහ පරලොව දී උපකාර ලබා ගැනීම සඳහා තිබුන ඉල්ලුම නිසා තමයි ආගම් ඇති වුනේ.ආගම් බොරු කියලා පෙන්වලා දෙන්න කෙස් පැලෙන තර්කයන් සහ දැනුමක් ඕනී නෑ.සාමන්‍යය සරල තර්ක තුලින් ඒක පහසුවෙන් පෙන්වා දිය හැකියි.
අපිට ඕනම ආගමක සහ ධර්මයක තියෙන ප්‍රතිපත්ති සහ නියමයන් ජීවිත කාලය තුලම පිලි පදින්න පුලුවන්.නමුත් ඒවා පිලි පැදීම තුලින් ඒ අය කියන තැන් වලට යාම, හෝ එවැනි දේවල් මරණයෙන් පසු ලබා ගැනීම පිලිබඳ කිසිම සහතිකයක් නෑ.ඒවා වෙයිද කියලා 100% ක සහතිකයක් නෑ.ලෝකේ තියෙන ආගම් වලින් 999% හෝ 100%ක් බොරු නිසා ඒවා සිදු නොවීමට තියෙන හැකියාව 100%ක් 99%ක් වෙනවා.
ඒ කියන්නේ මුලිම් තරුනියක් කලු වතින් සැරසී ජීවිතය කාලය පුරාම හිටියා කියලා එයාට විමුක්තිය ලැබෙයි කියල ගැරෙන්ටි එකක් නෑ. ඒක උපකල්පනයක් විතරයි.
මුස්ලිම් ආගම යුදෙව් ආගමෙන් සහ ක්‍රිස්තියානි ආගමෙන් සෑහෙන්න කොපි කරලා තියෙනවා.ලෝකය මැව්වා කියන එක වසර 5000ක් විතර පැරණි සංකල්පයක්.දෙවියන් කියන එකත් වසර 5000ක් විතර පැරණි සංකල්පයක්.මේ වගේ ලෝකයේ තිබුන සංකල්ප වලට අලුතෙන් දේවල් එකතු කිරීම හෝ ඒවා චුට්ටක් වෙනස් කිරීම පමනයි ආගමික නිර්මතෲවරු කරේ.
 
NoGod

Member
Feb 7, 2011
134
33
0
බෞද්ධයන්ගෙ වෙනසක් තියනවා ඒක අදේව වාදී.
දැන් ඔයා ආයෙ එළියට බැහැල අහස දිහා බලාගෙන කල්පනා කරාට ඔයාට ඒකෙ හරය තේරුම් ගන්න බෑ
ඔයා කියන මතයට මම එකඟ නෑ නංගි. ඔබතුමිය කියන දෙය ටිකක් වැරදියි.
සිදුහත් කුමරු ලෝකයට ආවේ තව්තිසා දෙව් ලොව ඉඳලා.ඒ වගේම සිදුහත් කුමරුන්ගේ මව යශෝධරා දේවිය මරණයෙන් පසු දෙව්ලොව ඉපදුනා කියනවා.අපි පින් කරාම දිව්‍ය ලෝකයේ යනවා කියනවා.අපි දෙවියන් සහ බඹුන්ට පින් අනුමෝදන් කරනවා.ඒක නිසා බුදු දහම අදේව වාදි කියන්නේ මොන හේතුන් උඩද?
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආගමයි අරක්කුයි බෝතලයයි එකයි.මේක දෙකෙන්ම කරන්නේ දැවෙන ප්‍රශ්න වලට, දුක් වේදානා වලට මිරිඟුවකට ඇතුල් වෙලා සැබෑ ප්‍රශ්න මග හරිනවා.එහෙම නැත්නම් ව්‍යාජ විසඳුමක් මවා ගන්නවා.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආගමයි අරක්කුයි බෝතලයයි එකයි.මේක දෙකෙන්ම කරන්නේ දැවෙන ප්‍රශ්න වලට, දුක් වේදානා වලට මිරිඟුවකට ඇතුල් වෙලා සැබෑ ප්‍රශ්න මග හරිනවා.එහෙම නැත්නම් ව්‍යාජ විසඳුමක් මවා ගන්නවා.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    ඔයා කියන මතයට මම එකඟ නෑ නංගි. ඔබතුමිය කියන දෙය ටිකක් වැරදියි.
    සිදුහත් කුමරු ලෝකයට ආවේ තව්තිසා දෙව් ලොව ඉඳලා.ඒ වගේම සිදුහත් කුමරුන්ගේ මව යශෝධරා දේවිය මරණයෙන් පසු දෙව්ලොව ඉපදුනා කියනවා.අපි පින් කරාම දිව්‍ය ලෝකයේ යනවා කියනවා.අපි දෙවියන් සහ බඹුන්ට පින් අනුමෝදන් කරනවා.ඒක නිසා බුදු දහම අදේව වාදි කියන්නේ මොන හේතුන් උඩද?
    බුදු දහම අනෙක් බොහෝ ආගම් වලින් වෙනස් වෙන තැන් තුන තමයි අනිත්‍ය, අනාත්ම හා දුක්ඛ කියන ත්‍රිලක්ෂණය. ඔතනම තම්යි අදේව බව කියන්නේ
    අදේව කියන එකෙන් කියවෙන්නේ දෙවියන් විසින් ලෝකය මැවූ බවට පවතින සුලභ මතය ප්‍රතික්ශේප කිරීම :nerd: එච්චරයි.
    මං නම් කොහොමත් ඔය දෙවියො ගැන නම්වැඩි පැහැදීමක් නෑ ;)
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    දෙවියන් කියන සංකල්පය වසර 5000 ක් විතරක් පැරණියි කියන්නෙ මොන මතයක ඉඳළද?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔයා කියන මතයට මම එකඟ නෑ නංගි. ඔබතුමිය කියන දෙය ටිකක් වැරදියි.
    සිදුහත් කුමරු ලෝකයට ආවේ තව්තිසා දෙව් ලොව ඉඳලා.ඒ වගේම සිදුහත් කුමරුන්ගේ මව යශෝධරා දේවිය මරණයෙන් පසු දෙව්ලොව ඉපදුනා කියනවා.අපි පින් කරාම දිව්‍ය ලෝකයේ යනවා කියනවා.අපි දෙවියන් සහ බඹුන්ට පින් අනුමෝදන් කරනවා.ඒක නිසා බුදු දහම අදේව වාදි කියන්නේ මොන හේතුන් උඩද?

    බුදු දහමෙහි කියවෙන දේව සංකල්පය ඔය සර්ව බලදාරී දේව සංකල්පයෙන් වෙනස්. අනිත් එක බුදුහාමුදුරුවො දෙවියන්ට පින් දිය යුතු යැයි දේශනා කර නැහැ.. බුදු රජානන් වහන්සේ දේශනා කරේ ගැඹුරු දහමක්.. ඔය දේව සංකල්පයත් එවැන්නක්. හොඳින් බුදු දහම උගත් කෙනෙක් ඕකට උත්තරයක් දෙයි. මම දන්න විදිහටනම් දෙවිවරු යනු තවත් සාමාන්‍ය නමුත් ඉහල වරප්‍රසාද සහිත ජීවීන් කොට්ටශයක්... ඇමෙරිආනුවන් පවා බුදු දහමෙහි එන දේව සංකල්පය ගැන පඊක්ශන කරනව.. ඔවුන් බහුතරයකගේ මතය දේව සංකල්පය යනු වෙනත් ග්‍රහයෙකු මත ජීවත් වෙන ජීවී කොට්ටශයක් බවයි.. මේක මගෙ අදහසක් සංවාදයට විවෘතයි
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මං මෙහෙම කිව්වොත්.
    ඔයා කිව්ව විදිහටම මිනිස්සු තමන්ට පහදා දෙන්න බැරි දෙයක් ගැන කල්පනා කරනවා.
    උදාහරණයක් ජීවය ඇති වීම
    ඔහු අහසෙ තරු දිහා බලං ලෝකය ගැට ගහන්න කල්පනා කරනවා
    ඊට හේතුවක් කල්පනා කරලා තමන්ගේ දැනුමට අනුකූල නොවුනම කියනවා
    ආ දෙයියෙක් මැව්වා :lol:
    දෙයියා තමයි ඔක්කෝම දන්නේ :dull:
    උපතින් මුස්ලිම් උනොත් අල්ලා තමා පොර ක්‍රිස්තියානි උනොත් ලෝඩ්
    බොහොමයක් ආගම් එහෙමයි

    බෞද්ධයන්ගෙ වෙනසක් තියනවා ඒක අදේව වාදී.
    දැන් ඔයා ආයෙ එළියට බැහැල අහස දිහා බලාගෙන කල්පනා කරාට ඔයාට ඒකෙ හරය තේරුම් ගන්න බෑ

    මොන දෙයියෙක්වත් මොන ආගමවක් වත් නෑ මං ඇතීස්ට් :lol:

    අපි ඔක්කෝම එක බෝට්ටුවෙ නේ :nerd:
    I am having technical problems with my sinhala unicode software. So,I will type in English. As far as religion is concerned, "religion" is not just the belief in God. (capital G). On the other hand, atheism is not just the disbelief in God. (capital G). Atheism, by extension, includes the disbelief in other supernatural entities as well.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආගමයි අරක්කුයි බෝතලයයි එකයි.මේක දෙකෙන්ම කරන්නේ දැවෙන ප්‍රශ්න වලට, දුක් වේදානා වලට මිරිඟුවකට ඇතුල් වෙලා සැබෑ ප්‍රශ්න මග හරිනවා.එහෙම නැත්නම් ව්‍යාජ විසඳුමක් මවා ගන්නවා.

    Nice thought..I like it.:D
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආගම් ඇති වෙන්න ප්‍රධාන හේතුව මිනිසාගේ ජීවිතයට සහ පැවත්ම පිලිබඳ තියෙන භීතියයි. සියලූම ආගම් මෙලොව දී උපකාර ලබා ගැනීම සහ පරලොව දී උපකාර ලබා ගැනීම සඳහා තිබුන ඉල්ලුම නිසා තමයි ආගම් ඇති වුනේ.ආගම් බොරු කියලා පෙන්වලා දෙන්න කෙස් පැලෙන තර්කයන් සහ දැනුමක් ඕනී නෑ.සාමන්‍යය සරල තර්ක තුලින් ඒක පහසුවෙන් පෙන්වා දිය හැකියි.
    අපිට ඕනම ආගමක සහ ධර්මයක තියෙන ප්‍රතිපත්ති සහ නියමයන් ජීවිත කාලය තුලම පිලි පදින්න පුලුවන්.නමුත් ඒවා පිලි පැදීම තුලින් ඒ අය කියන තැන් වලට යාම, හෝ එවැනි දේවල් මරණයෙන් පසු ලබා ගැනීම පිලිබඳ කිසිම සහතිකයක් නෑ.ඒවා වෙයිද කියලා 100% ක සහතිකයක් නෑ.ලෝකේ තියෙන ආගම් වලින් 999% හෝ 100%ක් බොරු නිසා ඒවා සිදු නොවීමට තියෙන හැකියාව 100%ක් 99%ක් වෙනවා.
    ඒ කියන්නේ මුලිම් තරුනියක් කලු වතින් සැරසී ජීවිතය කාලය පුරාම හිටියා කියලා එයාට විමුක්තිය ලැබෙයි කියල ගැරෙන්ටි එකක් නෑ. ඒක උපකල්පනයක් විතරයි.
    මුස්ලිම් ආගම යුදෙව් ආගමෙන් සහ ක්‍රිස්තියානි ආගමෙන් සෑහෙන්න කොපි කරලා තියෙනවා.ලෝකය මැව්වා කියන එක වසර 5000ක් විතර පැරණි සංකල්පයක්.දෙවියන් කියන එකත් වසර 5000ක් විතර පැරණි සංකල්පයක්.මේ වගේ ලෝකයේ තිබුන සංකල්ප වලට අලුතෙන් දේවල් එකතු කිරීම හෝ ඒවා චුට්ටක් වෙනස් කිරීම පමනයි ආගමික නිර්මතෲවරු කරේ.

    දෙවියන් කියන සංකල්පය වසර 5000 ක් විතරක් පැරණියි කියන්නෙ මොන මතයක ඉඳළද?

    Anthropologically, ancient humans are polytheists. It is said that early polytheism was subsequently replaced by monotheism.
     
    Last edited:

    Niroshan1988

    Junior member
  • Sep 28, 2011
    163
    4
    18
    agam bihiwenna noyekuth hethu athi! eth agamak adahanne nathi paliyata ewata garahanna epa! minihek hadenawanam ekata agamak one wenne na! hugak ayata agamak one wenne duk widinakota witharai! et mathaka tiyaganna oya hamadema karannneth api jeewath wenakan witharai!

    Anith eka dewiwaru! budu dahamata dewiwaru sambandai! ehema na kiyanawanam eka loka boruwak! sathara waram dewi waru budu hamuduruwo laga hitiya! ehema kiyanawane neda!

    man kiyanne me hama deyakma mamathwaya mul karagena api kiyana dewal! ehema neda! api hari kiyala hithagena kiyana ewa!
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    Originally Posted by Aarya
    දෙවියන් කියන සංකල්පය වසර 5000 ක් විතරක් පැරණියි කියන්නෙ මොන මතයක ඉඳළද?
    හින්දු ආගම වසර 5000ක් විතර පැරණි ආගමක්.හින්දු ආගම තමයි මුලින්ම මැවුම් වාදය හෙලි කරේ. මම කියන්නේ ආගම් ,ධර්මයන් කියන්නේ අලුත් දේවල් නෙවෙයි.පැරණි සංකල්ප වලට නව මුහුනුවරක් දීම තමයි ආගමික සාස්තෲවරුන් කරේ.
    ආගම් කියන්නේ තිබුන සංකල්ප වල විකාශනයක් හෝ පරිණාමයක් විතරයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    දෙවියන් ගැන කියනවනම් සමහරි ඒක ස්වබාවධර්මය කියල නමක් තියන්ව සමහරු ඒකටම අල්ලාහ් ජීසස් ක්‍රිශ්නා හෝ ඒවගේ නම් තියගෙන ඉන්නව තවත් සමහරු කියන්නේ අදෘශ්‍යමාණ බලවේගයක් කියලයි. මේකින් හරි නම කෝකද කියන එකේ තමයි දැනට ප්‍රශ්නයක් කරගෙන ඉන්න මිනිස්සු.

    ඇදහීම ගැන කියනවනම්..බුදුන්ව අනුගමනය කරන අය බෞද්ධයන් විදියටත්..ජේසුතුමාව අනුගමනය අය ක්‍රිස්තියානි අය විදියටත්.. මුහම්මද් තුමාව අනුගමනය අය මුස්ලිම් විදියටත්... රිචර්ඩ් ඩව්කින්ස් වගේ අයව අනුගමනය කරන අය නිර්-ආගමිකයන් විදියට සලකනවා.. නමුත් මෙතන කිසිම කෙනෙක් කිස්ම කෙනෙකුව අනුගමනට කරන්නෙ නැහැ කියල කියන්න බැහැ. විශේෂයෙන්ම නිර්-ආගමිකයෝ.. එයාලා අනිත් අයට වඩා තනි තනිව මේවගේ අදහස් දරන හැම කෙනාවම "අනුගමනයකරනව". :yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    COLOR=DarkRed]ඇදහීම[/COLOR] ගැන කියනවනම්..බුදුන්ව අනුගමනය කරන අය බෞද්ධයන් විදියටත්..ජේසුතුමාව අනුගමනය අය ක්‍රිස්තියානි අය විදියටත්.. මුහම්මද් තුමාව අනුගමනය අය මුස්ලිම් විදියටත්... රිචර්ඩ් ඩව්කින්ස් වගේ අයව අනුගමනය කරන අය නිර්-ආගමිකයන් විදියට සලකනවා.. නමුත් මෙතන කිසිම කෙනෙක් කිස්ම කෙනෙකුව අනුගමනට කරන්නෙ නැහැ කියල කියන්න බැහැ. විශේෂයෙන්ම නිර්-ආගමිකයෝ.. එයාලා අනිත් අයට වඩා තනි තනිව මේවගේ අදහස් දරන හැම කෙනාවම "අනුගමනයකරනව". :yes:

    මහින්ද රාජපක්ෂ, ජෙනරාල් ෆොන්සේකා වැනි අයට කැමති, එයාලට ඡන්දෙ දෙන, එයලා හා එකග වෙන අය කරන්නෙත් එයාලව "අදහන" එකද
     
    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    හින්දු ආගම වසර 5000ක් විතර පැරණි ආගමක්.හින්දු ආගම තමයි මුලින්ම මැවුම් වාදය හෙලි කරේ. මම කියන්නේ ආගම් ,ධර්මයන් කියන්නේ අලුත් දේවල් නෙවෙයි.පැරණි සංකල්ප වලට නව මුහුනුවරක් දීම තමයි ආගමික සාස්තෲවරුන් කරේ.
    ආගම් කියන්නේ තිබුන සංකල්ප වල විකාශනයක් හෝ පරිණාමයක් විතරයි.
    හිංදු වෛදික මත මං දන්න විදිහට නම් ඊට ඈතට යනවා :nerd:
    මිනිස්සු සූර්ය වන්දනය කරා. ඒක කොතරම් පැරණිද ? මිනිසා බිහිවූයේ කවදාද ඒ ආසන්න දිනයක සිට අද දක්වා පෘතග්ජන මිනිසා මැවීම ලෝක සත්‍ය ලෙස පිළිගත්තා :eek:
     
    ඇත්ත