මේ ලෝක විනාශයද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මේ ලෝක විනාශයද


ලොව හොඳම අනාවැකිකරු වු සාස්‌තර දොස්‌තර


d5-2.jpg
[/IMG]

මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ පිළිබඳ කතාව කෙටි ලිපියකින් නොව විශාල පොතකින් කිව යුතු කතාවකි. පෘථිවිය වටා සූර්යයා සහ සෞරග්‍රහ මණ්‌ඩලය භ්‍රමණය වන බව දෙවනුවත්, පෘථිවිය ගෝලාකාර නැති පැතිලි වස්‌තුවක්‌ බව පළමුවත් විශ්වාස කළ පූජකයන් විසින් ලෝකය පාලනය කෙරුණු යුගයක ප්‍රංශයේ උපන් ඔහු එතෙක්‌ මෙතෙක්‌ ලොව පහළ වූ විශිෂ්ටතම අනාවැකි කියන්නා බව අදටත් පිළිගැනෙයි. 1503 දී උපන් ඔහු 1999 ජුලි මාසයේදී ලෝකය විශාල යුද්ධයකින් පරිහානියට පත්වන බව කීවේය. ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඉරාකයට එරෙහි සිය පළමුවන යුද්ධය පටන් ගන්නේ මේ කාලයේදී ය. කපටි පූජකයන් විසින් කතෝලික ආගම කනපිට හරවා සිය සාක්‌කු පුරවා ගනිමින් සිටි මේ කාලයේදී අනාවැකි කීම ඉතා පරෙස්‌සමෙන් කළ යුතුව තිබු අතර අනාවැකි කියන්නා ගැන සැක හිතුනොත් ඔහුට යකකු වැහී ඇති බව ප්‍රකාශයට පත් කර පණ පිටින් පුළුස්‌සා මැරීමට පූජකයන්ට බලය තිබිණි. ඒ අනුව නොස්‌ට්‍රඩාමුස්‌ සිය අනාවැකි ව්‍යංගාර්ථයෙන් කවි මගින් ප්‍රකාශයට පත් කළේය. 1999 කුවේටය මුල් කර ගෙන ඇමරිකාව ඇතුළු නේටෝ රටවල් ඉරානයට බෝම්ම දැමීම ගැන ඔහු කීවේ මෙසේය.

එක්‌ව දහස්‌ නවසියයේ අග වසරේ

අහස ඉරාගෙන ඇව්දින් ම රු කතරේ

ගින්නෙන් දවාලයි අළු හැම තැන විසිරේ

දුක බිය කඳුළු බැලු බැලු හැම තැන පැතිරේ

අනාගතයේ දවසක ඇමරිකාව එක්‌ පැත්තකටත්, තවත් මහා බලවතුන් දෙදනකු තවත් පැත්තකටත් වී යුද වදින්නට පටන් ගන්නා බව ද නොස්‌ට්‍රඩාමුස්‌ කීවේය. ඔහු එකට එකතු වන මහ බලවතුන් ලෙස හඳුන්වන්නේ චීනය සහ රුසියාව විය හැකිය. ඒ පිළිබඳ කවියේ සිංහල පරිවර්තනය මෙසේ ය.

කිසියම් දිනෙක 'නවලොව් ලොව රජ වෙනවා

හිරු බැස යන පැත්ත අඳුරින් කලු වෙනවා

හැම සිරුරකම ලේ පැල්ලම් මතු වෙනවා

ලොව මහ බලවතුන් දෙදෙනකු එක්‌ වෙනවා

නව ලොව යනු ඇමරිකාවය. හිරු බැස යන පැත්ත යනු ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ය. නොස්‌ටුඩාමුස්‌ගේ පහත සඳහන් කවි අනාවැකිය න්‍යෂ්ටික යුද්ධයකින් පසු එළැඹෙන යුගය හෝ සුනාමිය සිහිපත් කරන්නක්‌ විය හැකිය.

සිවු දශකයක්‌ දේදුන්නක්‌ නොපායා

එබඳුම කලක්‌ දේදුනු හැමදින පායා

වියළි පොළොව බැලු බැලු අත පුපුරායා

එය වනසමින් ගං වතුරක්‌ ගලායා

ක්‍රිස්‌තියානි බටහිර ලෝකයට විරුද්ධව මුස්‌ලිම් ලෝකය යුද්ධ ප්‍රකාශ කරන බව දුටු නොස්‌ට්‍රඩාමුස්‌ ලෙබනනයේ බීරුට්‌ නුවරට (නොස්‌ට්‍රඩාමුස ගේ කාලයේදී මේ නගරය හඳුන්වන ලද්දේ 'භාෂ්ම් පුරය' ලෙසය) බෝම්බ දමා එය විනාශ කෙරෙනු ඇති බව පැවැසීය. 1945 දී හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළන බව 1545 දී ඔහු කීය.

මයිකල් නොස්‌ට්‍රඩාමුස්‌ හෙවත් මයිකල් ඩි නොස්‌ට්‍රඩාමුස්‌ 1503 දෙසැම්බර් 14 වැනිදා ප්‍රංශයේ 'ප්‍රොවෙන්ස්‌' හි උපන්නේය. (අද 'ප්‍රොවින්ස්‌' ලෙස ප්‍රදේශය හෝ පළාත හැඳින්වීම සඳහා යොදන ඉංග්‍රීසි නාම පදය බිඳී ආවේ ප්‍රංශ භාෂාවෙනි.) ඔහු යුදෙව් මූලයකින් පැමිණි දරුවෙකි. යුදෙව් ආගම අත්හැර ක්‍රිස්‌තියානි සමය වැළඳගත් මයිකල්ගේ පවුලේ අය සහ ඔහු කතෝලික වටපිටාවක ඇති දැඩි විය. ඔහුගේ මුත්තණුවෝ ඔහුට ග්‍රීක සම්භාව්‍ය යුරෝපීය භාෂා සහ ජ්‍යෙdතිෂය උගැන්වූහ. ඇවිග්නොන් නමැති කීර්තිමත් පාසලෙන් උසස්‌ අධ්‍යාපනය සඳහා දර්ශනවාදය හදාල ඔහු ප්‍රංශයේ මොන්ට්‌පෙලියර් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. යුරෝපය පුරා මහාමාරිය පැතිර ගිය කාලයේදී එය තමන්ට බෝකර ගන්නේ නැතිව රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඔහුට හැකි විය. 16 වැනි සියවසේදී වසංගත රෝගවලින් පෙළුණ අයගේ සිරුරුවලින් ලේ ඉවත් කිරීමේ ප්‍රතිකාරයක්‌ විය. එකල සිටි දොස්‌තරවරු මහාමාරිය වැළඳෙන රෝගීන්ගේ සිරුරෙන් ද ලේ අරන් දැමීම නිසා ඔවුහු තොග පිටින් මළහ. මේ ක්‍රමයෙන් රෝගීන් තව තවත් දුර්වල වන බව දුටු නොස්‌ට්‍රඩාමුස්‌ එම ක්‍රමවේදයෙන් වැළකීම නිසා ඔහුගෙන් බෙහෙත් ගත් අය සුවපත් වූහ.

භූත විද්‍යාව වේවා ඉන්ද්‍රජාල වේවා, අතට හසු වූ හැම පොතක්‌ම කියෑවීම නොස්‌ට්‍රඩාමුස්‌ගේ පුරුද්ද විය. විද්‍යාර්ථියකු ලෙස ගත කරන ජීවිතය සීමා සහිත ලෙස හැඟුනු නිසා ඔහු දැනුම සොයා ප්‍රංශයේ සංචාරව කිරීමට තීරණය කළේය. මේ යන ගමනේදී ඒපියන් නමැති ගම්මානයේ පැලපදියම් වූ හේ උසස්‌ පවුලක තරුණියක්‌ විවාහ කරගෙන දූ දරුවන් හදා වඩාගෙන ජීවත් විය. මේ අතර මහාමාරිය යළිත් ප්‍රංශයට පැමිණි අතර මෙවර ඔහුගේ බිරිය හා දරුවෝ ද එයට ගොදුරුව මළහ. ශෝකයෙන් බර වූ හේ සියල්ල අතහැර සත්‍යය සෙවීම සඳහා පාරට බැස්‌සේය. ප්‍රංශය ජෝර්ජියාව හා ඉතාලිය හරහා ගිය ඔහු යළි උපන් ගමට පැමිණ ධනවත් වැන්දඹුවක සමඟ විවාහ විය. ඔහුගේ අනාගතය දැකීමේ ඥානය පහළ වන්නේ මෙතැන් සිටය.

1550 දී ඉදිරි වර්ෂය සඳහා වූ අනාවැකි සහිත පොතක්‌ ඔහු ප්‍රකාශයට පත් කළේය. එය වහා විකිණී අවසන් වූ පසු එය වර්ෂයෙන් වර්ෂය ප්‍රකාශයට පත් කිරීමට ඔහු පටන් ගත්තේය. ක්‍රි. ව. 7000 දී ලෝකය විනාශ වන බව කිවූ ඔහු ඒ දක්‌වා අනාවැකි පළ කර ඇත. ඔහු තම අනාවැකි කීවේ පද හතරේ කවිවලිනි. ඒවා ශත වර්ෂ යන පොදු නම යටතේ කාණ්‌ඩ 10 කින් ප්‍රකාශයට පත් කර ඇත. සමහර කවි ප්‍රහේලිකා විය. ඒවා ලිහා ගත් විට අනාවැකිය මතු විය.

නොස්‌ට්‍රඩාමුස්‌ දිනක්‌ ඉතාලියේ නගරයක්‌ හරහා ඇවිදගෙන යන විට ඉදිරියට එන ප්‍රැන්සිසිකන් පූජකයකු වූ ෆීලිස්‌ හෙරෙන්ති නමැති තරුණයා හමු හමුවිය. ඔහු ඉදිරිපිට දන නැමූ ඔහු 'ශුද්ධවන්ත උතුමාණෙනි" යෑයි ආමන්ත්‍රණය කළේය. මෙය ආධුනික පූජකයකුට කරන ආමන්ත්‍රණයක්‌ නොව පාප්වරයකුට යොදන ආමන්ත්‍රණයකි. නොස්‌ට්‍රඩාමුස්‌ට පිස්‌සු හැදී ගෙන එන්නේ දැයි මිනිස්‌සු කල්පනා කළහ. 1588 දී මේ පූජකයා කාදිනල්වරයකු වූ අතර ඪ වැනි සික්‌සන් පාප් වහන්සේ ලෙස තෝරා ගනු ලැබීය. නොස්‌ට්‍රඩාමුස්‌ එදා ඔහුට දණ නැමුවේ අනාගතය දුටු නිසා ය.

1585 දවසක නොස්‌ට්‍රඩාමුස්‌ ඔහුගේ බැතිමතියක වන ප්‍රංශයේ කැතරින් රැජන බැහැදැකීමට ගියාය. රැජනගේ පරිවාර සෙනඟ අතර සිටි දුර්වල පෙනුමක්‌ සහිත ළමයකු වෙත නොස්‌ට්‍රඩාමුස්‌ගේ අවධානය යොමු විය. ඔහුගේ අතින් අල්ලා ගත් නොස්‌ට්‍රඩාමුස්‌ අනාගතයේදී ඔහු ප්‍රංශයේ රජ වන බවට අනාවැකියක්‌ පළ කළේය. පසු කාලයේදී ඒ ළමයා උස්‌ මහත් ව II වැනි චාල්ස්‌ ලෙස රජ විය. කැතරින් බිසවගේ වල්ලභයා වූ ප්‍රංශයේ II වැනි හෙන්රි මියයන ආකාරය ගැන ඔහු මෙසේ කීවේය.

රණ පිටියේදී සන්නාහය දෙදරනවා

ඔහුගේ ඇසක්‌ ඉන් ඉවතට නික්‌මෙනවා

නව සිංහයා දිනු විට ඔහු පරදිනවා

ඔහුගේ රුදුරු මරණයත් සටහන් වෙනවා

මේ කවියේ තේරුම මෙසේය. හෙන්රි රජු කෙළි සෙල්ලම් පිණිස වන ද්වන්ද සටනක යෙදෙයි. ඒ අතර වැරදීමකින් ප්‍රතිමල්ලවයාගේ ආයුධය ඔහුගේ මුහුණු ආවරණයේ වැදී එය හිල්වී ඇසක ඇනී ඇස ඉපිලෙයි. ඒ තුවාලවලින් රජතුමා මියයයි. වැඩි දෙනා මේ කවියේ තේරුම දත් නමුත් කීමට බිය වූහ. මේ අතර දිනක්‌ මොන්ගෝමරි නමැති රාජ්‍ය නිලධාරියකු සමඟ කෙලි සෙල්ලම් සටනක නිරත වෙමින් සිටි හෙන්රි රජු මේ ආකාරයෙන්ම මියගියේය. ඔහු රජතුමාගේ හමුදාවේ කපිතාන්වරයෙකි.

ඔහු විසින් කවියෙන් පළකරන ලද අනාවැකි තවත් කිහිපයක්‌ මෙසේය.

එංගලන්තයේ 1 වැනි චාල්ස්‌ රජු 1648 හිස ගසා මරා දමන බව.

1165 දී ලන්ඩනය වනසා දමමින් මහාමාරිය පැතිර යන බව

1165 දී ලන්ඩන් නගරය මහා ගින්නකින් විනාශ වන බව.

කෝර්සිකාවේ උපත ලබන නැපෝලියන් බොනපාට්‌ අධිරාජ්‍යයකු වන බව සහ 1814 දී ඔහුගේ බලය පිරිහෙන බව.

හිට්‌ලර් උපදින බව (නොස්‌ටුඩාමුස්‌ විසින් හිට්‌ලර් හඳුන්වන ලද්දේ හිස්‌ටර් යන නමිනි.)

ගුවන් යානා පහළ වීම සහ හිට්‌ලර් යුදෙව්වන් සංහාරය කරන බව - නොස්‌ටුඩාමුස්‌ ගුවන් යානා හැඳින්වුයේ යකඩ කුරුල්ලන් ලෙසය.

බ්‍රිතාන්‍යයේ VIII වැනි එඩ්වර්ඩ් රජු වොලිස්‌ සිම්ප්සන් නමැති දික්‌කසාද වූ ඇමරිකන් කාන්තාවක සමඟ විවාහ වී සිහසුන අහිමි කර ගන්නා බව.

නොස්‌ට්‍රඩාමුස්‌ මියගියේ 1566 දී ය. ඊට පෙර කම්මල්කාරයකු වෙත ගිය ඔහු තම උපත හා විපත සිදු වූ අවුරුදු සහ දින සහිතව සොහොන් ඵලකයක්‌ නිර්මාණය කරවා ගත්තේය. ඊටත් අමතරව තවත් වසරක්‌ සඳහන් ලෝහ ඵලකයක්‌ සාදවා ගෙන එය තම මිනී පෙට්‌ටියේ තැන්පත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඔහුගේ මරණයෙන් වසර 134 කට පසු 1700 දි ඔහුගේ මෘත දේහය වඩා හොඳ තැනක තැන්පත් කිරීමට කල්පනා කළ ප්‍රංශ ආණ්‌ඩුව මිනී පෙට්‌ටිය ගොඩ ගෙන එය වැළලීමට පළමුව විවෘත කර බැලීය. ඔහු කම්මල්කරු ලවා සාදවා ගත් ඵලකය එහි විය. එහි 1700 යන අවුරුද්ද සඳහන්ව තිබිණි.


අනුර සොලමනස්

http://www.divaina.com
 

Mozilla

Well-known member
  • ඔහුගේ මරණයෙන් වසර 134 කට පසු 1700 දි ඔහුගේ මෘත දේහය වඩා හොඳ තැනක තැන්පත් කිරීමට කල්පනා කළ ප්‍රංශ ආණ්‌ඩුව මිනී පෙට්‌ටිය ගොඩ ගෙන එය වැළලීමට පළමුව විවෘත කර බැලීය. ඔහු කම්මල්කරු ලවා සාදවා ගත් ඵලකය එහි විය. එහි 1700 යන අවුරුද්ද සඳහන්ව තිබිණි.

    :eek:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔහුගේ මරණයෙන් වසර 134 කට පසු 1700 දි ඔහුගේ මෘත දේහය වඩා හොඳ තැනක තැන්පත් කිරීමට කල්පනා කළ ප්‍රංශ ආණ්‌ඩුව මිනී පෙට්‌ටිය ගොඩ ගෙන එය වැළලීමට පළමුව විවෘත කර බැලීය. ඔහු කම්මල්කරු ලවා සාදවා ගත් ඵලකය එහි විය. එහි 1700 යන අවුරුද්ද සඳහන්ව තිබිණි.

    :eek:

    :eek::eek:


    තැන්කු ගුනේ බායි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    NOSTRADAMUS
    SATAN’S PROPHET


    READ IT HERE


    මචන් ලා මතයක් තියනවා නොස්ට්‍රැඩුමුස් කියන්නේ යක්ශයාගේ දුතයා කියලා. හෙතුව තමයි එයා පාවිච්චි කරපු ක්‍රමය බැබිලොනියාවේ නපුරු මන්තර වාදින් කරපු ක්‍රමයක් වීම.



    Sitting alone at night in secret study;
    it is placed on the brass tripod.
    A slight flame comes out of the emptiness and
    makes successful that which should not be believed in vain.
     
    Last edited:

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    miniha mehema deyakuth kiyala tiyanawa " 3rd antichrist is Mabus "

    :angry:

    Mabus kiyanne kuru kiyalada hitanne ??

    site walanam tiyenne


    Mabus = mubarak obama kiyala
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    LOKAYE GODAK SOYA GANIM OKKOMA WAGE KARALA THIYENNE
    AMERIKAWA ATHULU BATAHIRA RATAWALA EWUN NEDA
    .......................................................................