මේ වීඩියෝ එකේ වස වැරැද්දක් තියෙනව නේද

AnuradhaRa

Well-known member
  • --https://youtu.be/qdycfWfAtsM?t=204

    අපි කාර් එකක යන ගමන් කතා කෙරුව කියල ශබ්දයේ වේගයට කාර් එකේ වේගය එකතු කරන්න පුලුවන්ද 😅

    අපි කාර් එකක යන ගමන් ටෝච් එකක් ගැහුව කියල ආලෝකයේ වේගයට කාර් එකේ වේගෙ එකතු කරන්න පුලුවන්ද? 😅

    කාර් එකේ යන ගමන් බෝලයක් වගේ දෙයක් විසි කලොත් ඔන්න කතාව ඇත්ත... ඒ උදාහරණෙ ශබ්දයේ වේගයටයි ආලෝකයේ වේගයටයි ආදාල කරගන්න බෑනෙ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වීඩියෝ එක බැලුවේ නැහැ, මට මතක විදියට ඩොප්ලර් ආචරණයට අදාළ වස්තුවේ වේගය බලපානවා. එක නිසා මෙතනදීත් කතා කරනකොට වේගය බලපෑමක් තිබෙන්න ඕන. අවුරුදු 20+ ඔය රෙද්දවල් කරලා, දැන් මෙලෝ දෙයක් මතක නැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ආලෝකයේ වේගයට කාර් එකේ වේගෙ එකතු කරන්න පුලුවන්ද?
    මේක කරන් නැත්තෙ ආලෝකයේ වේගෙත් එක්ක බලද්දි නොගැනිය හැකි තරම් පොඩි හින්දා
    Ps-Video eka bluwe na
     
    • Like
    Reactions: Jack London

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    අපි කාර් එකක යන ගමන් කතා කෙරුව කියල ශබ්දයේ වේගයට කාර් එකේ වේගය එකතු කරන්න පුලුවන්ද
    කාර් එක සංවෘත පද්ධතියක් කියල සැලකුවාම ඇතුලෙ දෙන්නෙක් ඉන්නවනම් ඒ දෙන්න කතා කරන දේවල් ඒකට අදාල වෙන්නෙ නෑ. සම්ප්‍රේශක සහ ග්‍රාහක දෙන්නම එකම වාහනේ ඇතුලෙ එකම වේගෙන් යනකොට එකෙක්ගෙ කටින් පිටවෙන වචනෙ ශබ්දය අනිකගෙ කනට ලඟා වෙන්න යන වෙලාවට වාහනේ වේගය බලපාන්නෙ නෑ.

    හැබැයි වාහනෙන් හැදෙන ශබ්දයට ඔය කතාව අදාල වෙනවා. ශබ්දයේ වේගය විතරක් නෙමෙයි සංඛ්‍යාතය . වාහනේ ඉස්සරහට යනකොට වාහනේ ඉස්සරහින් ඉන්න කෙනෙක්ට ඇහෙනවට වඩා අඩු සංඛ්‍යාතයක ශබ්දයක් තමයි ඒකෙ පිටිපස්සෙන් ඉන්න කෙනෙක්ට ඇහෙන්නෙ. ඒකට කියනවා ඩොප්ලර් ආචරණය (Doppler effect) කියල. ඔය හැසිරීම ඔහොමම පෙන්නනව රේඩියෝ වේව්ස් වලත්. ඒක පාවිච්චි කරල තමයි ඩොප්ලර් රේඩාර් හදල තියෙන්නෙ. ඇන්ඩ් ශබ්දයේ වේගයට වාහනේ වේගය එකතු වෙනව. ඒකනෙ ජෙට් එහෙම සුපර්සොනික් ස්පීඩ් වලට යනකොට ශබ්දය ඒකෙ පස්සෙන් එන්නේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558

    Wahane athule atmosphere eka wahanet ekka move wena hinda wahane athule aya kata krn ewaye tharangath car eka ekkama move wenw.

    Car eken ena sadde shabdaye wegayata car eke speed eka adala wen na. E waves move wenne eliye thiyena atmosphere ekata sapekshawa. Dopler effect eke shabdaye wegaya wenas weemak na. Ethana wenas wenne frequency eka.

    Alokaye wegaya kohomat wenas wen na...eka sankeerna katawak
    ------ Post added on Sep 26, 2024 at 2:04 PM
     
    • Like
    Reactions: Jack London