මේ සිoදුවේ තේරුම​

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    මේ සිoදුවේ තේරුම​

    sonduriya-kalaya-ketaram-napuruda-amarasiri-peries.jpg


    :(:(:(:(:(

    තරුණ ජෝඩුවක්..යාලු වෙලා...
    ගෙවල් වලින් කැමැත්ත අරගෙන​..
    කසාදයක් කරගන්නවා..

    දෙන්නම එකට ජීවිතයට එන ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා..
    හඩනවා..වැලපෙනවා...
    ආයි නැගිටනවා...

    ලමයි හදනවා..ලොකු කරනවා..

    මේ අතරේ...දෙන්නම වයසට යනවා....

    එක්කෙනෙක්ට කලින් යන්න වෙනවා...

    අනික් කෙනාට හිතෙන දේ......

    කාලය උදුරාගත් ආලය​...නිකන් හරියට​..

    අතේ දියවෙන​...ලස්සන දෙයක් අතේ තද කරන්...
    ඒකෙ ලස්සන රැකගන්න ලෝකෙත් එක්ක සටන් කරනවා වගේ..

    ඒත් යතාර්ථය​... සියලු දේ අනිත්‍ය බව​...කාලය නපුරුකමින් කියල දෙනවා...
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ලොවට හොරා විලිලා බිහිකරගත්
    වසන්තයේ ස්ඳ මියැදුනු දවසක​
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ටිකක් වෙලාව අරන් දෙතුන් සැරයක් අහල බලන්න මොකද්ද තේරුම කියල
    මොකක් හරි දෙයක් හිතට ඒවිනෙ...
    එක තමයි හොඳම තේරුම මම දකින විදියට

    මොකද එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්.
    මේක මෙහෙමයි කියල කිවොත් එක විවෘත මනසකින් රසවිඳින්න බාධාවක්

    ප.ලි. පුද්ගලිකව සුළු හෝ සිදුවීමක් මේ ගීතයට සම්බන්ද කරගෙන බලන්න
    ඔයාටම ගැලපෙන තේරුම ලැබෙයි
    :):):)

     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ටිකක් වෙලාව අරන් දෙතුන් සැරයක් අහල බලන්න මොකද්ද තේරුම කියල
    මොකක් හරි දෙයක් හිතට ඒවිනෙ...
    එක තමයි හොඳම තේරුම මම දකින විදියට

    මොකද එක එක්කෙනාගේ රසවින්දනය වෙනස්.
    මේක මෙහෙමයි කියල කිවොත් එක විවෘත මනසකින් රසවිඳින්න බාධාවක්

    ප.ලි. පුද්ගලිකව සුළු හෝ සිදුවීමක් මේ ගීතයට සම්බන්ද කරගෙන බලන්න
    ඔයාටම ගැලපෙන තේරුම ලැබෙයි
    :):):)




    ඒක නම් හරි අපි ත්‍රෙඩ් එකක් පටන් ගමුද සිංදු වල සැඟවුන අර්ථ ගැන
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සොඳුරිය

    සොඳුරිය කාලය කොතරම් නපුරු ද?
    දිවි හිමියෙන් කඳුළැළි පුරවා ගෙන
    රැකගත් ආලය උදුරා ගෙන ගිය
    කාලය කොතරම් නපුරු ද සොඳුරිය

    සොඳුරිය, මේ අපේ බැඳීමට කාලය කොතරම් නපුරු වෙලා ද? :(
    දුක් කඳුළැලි මැදින් මගේ ම ජීවිතයටත් වඩා රැක ගත් ආදරය මගෙන් උදුරාගෙන ගිය මේ කාලය කොතරම් නපුරු ද? :(

    පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
    කවිය ඔබ ම වී නැළවුන යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
    ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය

    පැතුම් පුරලා, දුක් විඳලා දිනූ ඔබේ ආදරය මගේ ජීවිතයට සුව ගෙන දෙන කවියක් ම වුණේ ඔබ ම යි එදා. :love:
    මගේ හදවතේ රැඳුනු ඔබේ රුව අද නම් සිහිනයකින් වත් මා ළඟ නෑ. :(
    එදා ඔබෙන් විඳි ආදරය කෙතරම් සුන්දර ද? :love:

    ලොවට හොරා විළිලා බිහි කරගත්
    වසන්තයේ සඳ මියැදුන දවසක
    බෙදා හදා ගත් දුක වත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය

    අපි අපේ ම වෙලා ලොවට ම හොරෙන් ආදරයෙන් වෙළී උන් මොහොතේ, අපේ උතුම් ම පැතුමත් අපිට නැති වෙද්දී, එකට එක් වී ආදරෙන් ඒ දුක බෙදාගත් කාලය අද නෑ. :(
    මොනතරම් දුකක් වුණත් ඒ දුක, එදා ඔබෙන් විඳි ආදරය කෙතරම් සුන්දර ද? :love:

    ගැයුම: අමරසිරි පීරිස්
    පබැඳුම: සමන්ත හේරත්
    මියැසිය: ප්‍රේමසිරි කේමදාස

    මට දැනුන හැටියට ලිව්වෙ. :) වරදක් ඇත්නම් නිවැරදි කරන්න. :sorry:
     
    • Like
    Reactions: RSmith

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒක නම් හරි අපි ත්‍රෙඩ් එකක් පටන් ගමුද සිංදු වල සැඟවුන අර්ථ ගැන

    :):):)

    දැනටම 2ක් තියෙනවා
    තව එකක් පටන් ගන්න හරි, මෙව්වම යාවත්කාලින කරන එක හරි කෙරෙනවනම් හොඳයි

    1. සුන්දර ගීයක ඇරබුම

    2. හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113

    තරුණ ජෝඩුවක්..යාලු වෙලා...
    ගෙවල් වලින් කැමැත්ත අරගෙන​..
    කසාදයක් කරගන්නවා..

    දෙන්නම එකට ජීවිතයට එන ප්‍රශ්ණ වලට මුහුණ දෙනවා..
    හඩනවා..වැලපෙනවා...
    ආයි නැගිටනවා...

    ලමයි හදනවා..ලොකු කරනවා..

    මේ අතරේ...දෙන්නම වයසට යනවා....

    එක්කෙනෙක්ට කලින් යන්න වෙනවා...

    අනික් කෙනාට හිතෙන දේ......

    කාලය උදුරාගත් ආලය​...නිකන් හරියට​..

    අතේ දියවෙන​...ලස්සන දෙයක් අතේ තද කරන්...
    ඒකෙ ලස්සන රැකගන්න ලෝකෙත් එක්ක සටන් කරනවා වගේ..

    ඒත් යතාර්ථය​... සියලු දේ අනිත්‍ය බව​...කාලය නපුරුකමින් කියල දෙනවා...

     
    Last edited: