මේ සුදුසුම කාලයයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ සුදුසුම කාලයයි

    කාලෝ අයං තෙ...!!
    වෙල් ඉපනැල්ලේ දු වපැන කෙළිදෙළෙන් ගෙවෙන කාලයක් අද කාලයේ
    දරුවන්ට තිබේද?
    අද දරුවන්ට සරුංගල් යැවීමට කාලයක් හෝ එවැනි දෙයක් ගැන පහදා දීමට දෙමාපියන්ට කාලයක් තිබේද?
    ධනය ඉපයීම ප්රධානම ඉලක්කය වූ අද ලෝකයේ දරුවන් වෙනුවෙන් කාලයක් වෙන් කිරීම ඉතාම අපහසු දෙයකි
    අද සියල්ල වෙනස් වෙමින් පවතී.
    දරුවන් සහ දෙමාපියන් අතර සම්බන්ධය පමණක් නොවේ....
    මිනිසා සහ ස්වභාවධර්මය අතර සම්බන්ධයද දුරස් වෙමින් පවතී.
    සැළකිල්ල අඩු වීම නිසා දරුවන් දෙමාපියන්ට එරෙහිව යන ලෙසින්ම
    මිනිසාගේ නොසැලකිල්ල නිසා ස්වභාවධර්මයද මිනිසාට එරෙහිව යමින් පවතී.
    ඉස්සර වැස්සේ නිසි කලටය. වැස්ස ගැන අනාවැකි කිව්වේ ලිහිණින් හෝ පොලොවෙන් මතු වූ මෙරුවන්ය.
    ගොවියෝ වැස්සට මෙන්ම නියං සමයට ද කල් ඇතුව සූදානම් විය.
    අද මිනිසා පරිසරයට මුදා හරින්නේ වස විසය.
    භෞතිකව ද ආධය්යාත්මිකව ද මිනිසා ගෙන් පරිසරයට ලැබෙන්නේ හලා හල විස.
    ගහ කොල විනාශ කිරීමෙන් මෙන්ම වාහන වල දුම් රොටුවෙන් ද මිනිස් සිතේ උපදින වෛරය සහ අනික් සත්ත්වයින් ගේ ජීවිත වල වටිනාකම
    නොතැකීමෙන් පවා පරිසරයට වෙන්නේ අයහපතක් පමණි. අද අම්මලා දරුවා ගඟට විසි කරයි. නොදරුවන් දූෂණයට පත්වෙයි.
    දහස් ගනන් අසරණ සතුන් බිලි දෙයි.
    අදහන ආගම කුමක් වුවත් අද මිනිසා ධර්මයෙන් වෙන් වෙමින් පවතී.
    ස්වභාවධර්මය මිනිසාගෙන් පලිගනිමින් සිටී.
    වැස්ස සීතල නාය යාම් තව එනු ඇත. අලි මැරෙන්නෙ ගස්උඩය...අලිමරන්නේ ද අලි අනාථාගාර වල ඇත්ගොව්වන්ය.
    අවසානය මීට වඩා භයානක වනු ඇත. මුරුගසං වර්ෂා තව එනු ඇත
    බැමිනිටියා සාය යලි එනු ඇත. තුන් බිය යලි එනු ඇත.
    එ නිසා යලි කියමි.....
    කාලෝ අයං තෙ.
    සිව් වෙනි මහා ධර්ම සංගායනාවට මේ නිසි කාලයයි.


    නිහඬමාවත******
    Sanath ekanayake-
     
    Last edited: