මේ සෙනසුරු ග්‍රහයාගේ අපූර්වත්වයයි

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
මේ සෙනසුරු ග්‍රහයාගේ අපූර්වත්වයයි

සෙනසුරු ග්‍රහයාගේ වළලු දිහා පොඩ්ඩක් බලමුද???


2001-15-d-large_web.jpg


සෙනසුරු වළලු යනු සෙනසුරු ග්‍රහයා වටා පිහිටා ඇති ග්‍රහලෝකමය වළලු වේ. එය සමන්විත වී ඇත්තේ විශාලත්වයෙන් මයික්‍රෝ මීටර් සිට මීටර් දක්වා පරාසයක විශාලත්වයෙන් යුතු නොගිනිය හැකි තරම් විශාල සංඛ්‍යාවක් වූ අංශුවලිනි. ඒවා සෙනසුරු ග්‍රහයා වටා සමූහයක් ලෙස කක්ෂගත වී ඇත. වළලු සෑදී ඇති මෙම අංශු සම්පූර්ණයෙන්ම සෑදී ඇත්තේ ජල හිම කැට (water ice) වලින් වන අතර සමහර ඒවා දූවිලි සහ වෙනත් රසායනික ද්‍රව්‍යවලින් දූෂිත වී ඇත.

220px-Galileo-sustermans4.jpg


සෙනසුරුගේ වළලුවලින් සිදුවන සූර්යාලෝක පරාවර්තනය සෙනසුරු ග්‍රහයාගේ දීප්තිය වැඩි කිරීමට හේතුවන නමුත් එය පෘථිවියේ සිට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. ගැලීලියෝ ගැලීලි ප්‍රථමවරට 1610 දී දුරේක්ෂයක් අහස වෙත යොමු කළ අතර සෙනසුරු වළලු නිරීක්ෂණය කිරීමේ පළමු පුද්ගලයා වීමේ භාග්‍යය හිමි කර ගත්තේය. එනමුදු එහිදී ඔහු සෙනසුරු වළලු ඉතා හොඳින් වටහා ගැනීමට තරම් ඒවා අධ්‍යයනය කිරීමට ‍අපොහොසත් විය. 1655 දී “ක්‍රිස්ටියන් හයිජන්” විසින් ඒවා සෙනසුරු ග්‍රහයා වටා පිහිටි මණ්ඩල ලෙස විස්තර කළ ප්‍රථම පුද්ගලයා විය.

800px-Saturn_eclipse_exaggerated.jpg


සම්පූර්ණ වළලු පද්ධතිය 2006 සැප්තැම්බර් 15 දින කැසිනි අභ්‍යවකාශයානය සෙනසුරු ග්‍රහයා ඉහළින් ගමන් කිරීම නිසා ඇති වූ සූර්ය ග්‍රහණය වූ අවස්ථාවේ ඡායාරූපයකි. (මෙම ඡායාරූපයේ දීප්තිය නියම ප්‍රමාණයට වඩා වෙනස් කර ඇත)

290px-Saturn_ring_detail_art_PIA10081-br500.jpg


වැඩි දෙනෙකු විසින් සෙනසුරුගේ වළලු සෑදී ඇත්තේ නොගැනිය හැකි තරම් ප්‍රමාණයක් වූ ඉතා කුඩා මුදුවලින් යැයි සිතන නමුත් (මෙය “ලාප්ලාස්” සංකල්පය වෙත නැවත ගෙන යයි) මෙහි සත්‍ය පරතර ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. මෙය වඩා සත්‍ය ලෙස සිතනවා නම් ඝනත්වයෙන් සහ දීප්තියෙන් ඒක කේද්‍රීය ස්ථානීය උපරිම සහ අවමවලින් සමන්විත වළයාකාර තැටි වේ. වළලු අතර ඇති සමූහ පරිමාණ‍යන් ගත් කළ මෙහි විශාල ප්‍රමාණයක් වූ හිස් අවකාශ ඇති නමුත් සාමාන්‍යයෙන් මෙම හිස් අවකාශ අසන්තතිකය.

800px-Saturn%2C_its_rings%2C_and_a_few_of_its_moons.jpg


මෙම වළලු අතර හිදැස් දැකිය හැකි අතර මින් දෙකක් ඇති වී ඇත්තේ සෙනසුරුගේ චන්ද්‍රයන් නිසාය. අනිකුත් බොහෝ ඒවා සෙනසුරුගේ චන්ද්‍රයන් සමග අස්ථායී කක්ෂීය අනුනාද ඇති ස්ථානවල පිහිටා ඇති අතර හිදැස් තවමත් පැහැදිලි කරගත නොහැකි වී ඇත. අනික් අතින් ගත් විට ස්ථායී අනුනාද සමහරක් වළලුවල දිගු කාලීන පැවැත්ම කෙරෙහි බලපාන අතර “ටයිටන් මුදුව” සහ G වළල්ල මීට උදාහරණ වේ.


800px-Saturn_HST_2004-03-22.jpg


2004 මාර්තු 22 වන දින හබල් දුරේක්ෂ ‘ACS’ මගින් සෙනසුරු ග්‍රහයාගේ මෙම ඡායාරූපය ගන්නා ලද අතර පළල් වළලු ‍දෙකෙන් ඇතුළතින් පිහිටා ඇත්තේ ‘B’ වළල්ලයි. පිටතින් පිහිටා ඇත්තේ ‘A’ වළල්ල වන අතර “කැසිනි ප්‍රදේශය” යනු එම වළලු දෙක අතර පිහිටා ඇති අඳුරු කලාපයයි. (වැඩිපුර මතුවී නොපෙනෙන ‘C’ වළල්ල ‘B’ වළල්ල ඇතුළතින් දැකිය හැක)


800px-Backlit_Saturn_from_Cassini_Orbiter_2007_May_9.png


“කැසිනි” අභ්‍යවකාශයානය මගින් 2007 මැයි 9 වන දින ගන්නා ලද සෙනසුරු වළලුවල අදීප්ත පැත්ත.




අන්තර්ජාලය ඇසුරෙණි.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.. කැමතිනං සලකල යන්න...
 

Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    Oya walalu set eka nisa thama minissunta anaturu wenne :yes: :yes:

    සෙනසුරුගේ වළලු වලින් පෘථිවියට මොනවාද බන් වෙන්නේ... Mars and Jupiter අතර තියෙන Asteroid belt එකෙන් නම් බලපෑමක් තියෙනවා කිඋවහැකි :angry: උබ ජෝතිෂ්‍ය ගැන නම් කියවන්නේ, ඒවා මං දන් නෑ.