මේකයි මචන්...,
උඹේ ලගම හිතවතුන් campus වල වැඩ කරනවා වෙන්න පුළුවන්. උඹ කතාකරන්නේ එයාල කියන දේ මිස උඹේ අත්දැකීම් නෙමෙයි. මං වැරදිනම් මට සමාවෙයන්. එත් අපි කතාකරන්නේ අපේ අත්දැකීමෙන්. ඒ බව මෙතන කලින් comment කරපු අයත් කියල තියෙනවා.
උඹ ඔය කියන විදියේ දේවල් අපිනම් campus එකේදී දැකල නෑ . අපිටනම් උඹ ඔය කියන විදියේ දේවල් වෙලාත් නෑ.
කලින් cooment එකේදී උඹ එයාල බොරු උගන්වනවානම් ඒගැන කාටද පැමිණිලි කරන්නේ ඇහුව නේද? මචන් කථිකාචාර්ය ආචාර්ය, මහාචාර්ය කම් දකින දකින මිනිහට දෙන්නේ නෑ. ඒවා දෙන්නේ ඒවාට සුදුසුකම් තියෙන මිනිස්සුන්ට.(මං මේ කතාකරන්නේ ආණ්ඩුවේ ඉන්න සමහර ආචාර්ය ඇමති තුමන්ලා ගැන නෙමෙයි.) ඉතින් උඹ හිතනවද එහෙම සුදුසුකම් තියෙන මිනිස්සු lecture එකට ඇවිත් බොරු උගන්වනවා කියලා. අනික campus එකේ යන්නේ අපි හෝඩියේ පන්තිවල ඉගෙනගත්ත ක්‍රමය නෙමෙයි. අපේ campus වලනම් හැම lecture එකක් ඉවර වෙලාම ඕනේ කෙනෙක්ට ඕනෙම ප්‍රශ්නයක් අහන්න වෙලාව දෙනවා. ඉතින් උඹ කියන විදියට lecturersල බොරු උගන්වනවානම් උඹ හිතනවද හැම ලමයම ඕව අහල කට වහගෙන ඉදිවී කියල.
එක විශ්වවිද්‍යාලයකට ගිහින් ලබපු අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්නෙපා කියලා උඹ කියනවා. ඔව් එක ඇත්ත වෙන්න පුළුවන්. එත් මෙතන මේගැන කතාකරපු හැම එකාම උඹ හිතන්නේ එකම විශ්වවිද්‍යාලේ ඉගෙනගන්න එවුන් කියලද? නෑ. අපි එක එක විශ්වවිද්‍යාලවල. එත් අපි හැමෝම කියන දේ එකයි නේද? එත් එකක අත්දැකීම් හැම එකටම පොදුයි කියලා හිතන්නෙපා කියන උඹම උදාහරණයක් විදියට ගන්නවා ජ'පුර. මටත් එතැනදී කියන්න තියෙන්නේ මචන් උඹ අපිට කලින් කිවුව දෙයම තමා.
අනිත් එක මචන් මං දන්නේ නෑ උඹ බැංකුවල අයට මෙච්චර කතාකරන්නේ ඇයි කියල. බැංකුවක් කියන්නේ මුල්‍ය ගනුදෙනු කරන ආයතනයක් විතරයි.රටේ ආර්ථිකයට ඒවා වැදගත් බව ඇත්ත. එත් මචන් අධ්‍යාපනේ කියන්නේ මුළු රටේම පැවැත්මට වැදගත් වෙන දෙයක්.අධ්‍යාපනය කියන්නේ මුළු රටේම පදනම. එක නැත්නම් අනිත් කිසිම දෙයක් පැවැත්මක් නෑ. අධ්‍යාපනය හරියට නොලබපු එකෙක් උඹ ඔය කියන බැංකුවක තනතුරකට පත් උනොත් මොකක් වෙයිද කියල පොඩ්ඩක් හිතපන්. එනිසා මචන් උඹ ඔය කියන බැංකුවට වැඩ කරන්න සුදුසු වෙන්නෙත් හොදට ඉගෙනගත්ත එකෙක්. ඉතින් එතකොට කවුද උන්ට උගන්වන්නේ? අන්න එතකොට උබලට අයිත campus එකටම එන්න වෙනවා. එනිසා මචන් බැංකුවේ වැඩකරන කෙනෙක්වයි මහාචාර්ය, ආචාර්ය වරයෙක්වයි සමාන කරන්න හදන්න එපා. ඒ මිනිස්සු අවුරුදු ගානක් වැය කරලා ලබාගත්ත උගත්කමට හරියන වැටුපක් ඒ මිනිස්සුන්ටත් ලැබෙන්න ඕනේ.
අනික උඹ කිවුව ජපුර උපකුලපති තුමා ගැනත් දෙයක් කියන්න ඕනේ. මං එතුමාව පෞද්ගලිකවනම් දන්නේ නෑ. එත් පහුගිය දවස් වල එතුමා කල කී දේවල් අනුවනම් එතුමා මොනවගේ කෙනෙක්ද කියල හොදට තේරෙනවා.(ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරික්ෂා කිරීම එක උදාහරණයක්.)
6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න බෑ කියන මේ ආණ්ඩුව අවුරුද්දකට අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් කොයිතරම්නම් කාබාසිනියා කරනවද කියලා පොඩ්ඩක් හිතපන්. අපේ රටේ එක ඇමති කෙනෙක්ට දවසකට වියදම කොයිතරම්ද කියලා පොඩ්ඩක් හොයල බලපන්. පහුගිය දවස්වල ඛනිජ තෙල් එකේ සිද්ද උන දේ නිසා රටට අලාභය කීයද කියලා පොඩ්ඩක් හොයල බලපන්. උඹ කියනවා රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට පඩි වැඩි කරන එක අසාධාරණයි කියලා. එතකොට මං ඔය කලින් කියපු දේවල් වලට වියදම් කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් නෙමෙයිද? රටේ සිද්දවෙන දුෂණ වංචා නැතිකලානම් 6%ක් නෙමෙයි ඊටත් වඩා වෙන් කරන්න පුළුවන් වෙයි.
![]()
aniwa




