මේ හෑල්ලු වන්නේ ජාතියේ අනාගතයයි!

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇය් බන් උඹලා මෙතන බැන ගන්නේ.:angry:. මට හිතෙන විදිහට මෙතන බැන ගන්න දෙතුන් දෙනා හොඳට මොනවම හරි ඉගෙන ගත්තු අය වෙන්න ඇතිනේ.:P:P. ඇය් බන් නිකන් ඔය කෑ ගහ ගන්නේ.:D. මෙලෝ රහක් නෑනේ.:D.. තමන්ගේ මතේ තමන් දරාගෙන ඉඳපල්ලා:P:P:yes:. අනිත් කෙනාගේ මතේ වැරදී මගේ එක තමා හරි කියලා නිකන් ඔප්පු කරන්න යන්නේ ඇය්?.:yes:. තමන්ගේ තර්කයට අංධ වුන කෙනාට අනිත් කෙනා කියන එක කොහොමත් පේන්නේ වැරදී වගේ ඒ වෙලාවට අනිත් කෙනා හිතන විදිහට ඒ පුද්ගලයාට හිතන්න බෑ..:yes::yes::D

    වැරෑද්ද ගත්තහම කාගෙත් වැරදි තියනවා.. කවුරුත් සර්ව සම්පූර්න නෑනේ.. :shocked::shocked:

    ඔය විදිහට නිකන් බෑන ගන්න තර්ක කරන්න යන්න එපා බන්.. නිකන් ලේ රත් කරගන්නැතුව ඉඳපල්ලා...:lol::lol::lol:

    අනිත් එක උඹලට දැන් මෙතන රටක් හදන්න බෑනේ.:lol::lol:. ඔච්චරටම ඕනා නම්. කට්ටියත් එක්ක ලියුමක් ලියලා අදාල අමාත්‍යශයකට යවන එක මෙහෙම කෑ ගහනවට වඩා හොඳය්.:P. ඉතින් එහෙම යැව්වය් කියලා වැඩකුත් නෑනේ.:lol::lol:. ඔන්න ඔහේ වැඩක් නැති ඒවාකතා නොකර ඉඳපන් බන්.:P.
    එලකිරි එකේ ෆන් එකේ ඉමු අපි..:yes::yes:

    මම මෙහෙම කිව්වාට මටත් මේවා ගැන මතයක් තියනwa මේක මෙහෙම උනොත් හොඳය් අරka වැරදි මේක හරි කියලා මටත් කියන්න පුලුවන් මගේ දැනුමේ හැටියට..:D ඒ වුනාට එහෙම කිව්වාට වැඩක් නෑ නෙද මචන්ලා..:D:D

    මම වැරදි දෙයක් කිව්වානම් මට සමාවෙයන්ලා..:sorry::sorry::sorry:
    උඹලා කැමති එකක් කරගනින්.:lol::lol:. මගෙත් අත කනවටද මන්දා මම මේ දාගෙන ටයිප් කරන්නේ:lol::lol::lol:..
     

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye



    Private consultation කරන කට්ටිය මෙම වර්ජනය දේවාශීර්වාදයක් ලෙස සලකා දවස පුරා Private consultation කරම්න් ලක්ෂ ගණන් උපයති. මම දන්නා ඉංජිනේරු ප්‍රීඨ මාහාචාර්ය වරයෙක් වර්ජනය නැතිව වුවද පෞද්ගලික ආයතනයක සේවය කරම්න් උපයන මුදල දළ වශයෙන් මසකට ලක්ෂ 5 පමණ වේ.

    මොවුන්ට රාජකාරි කාලයක් ලෙස වෙන් කළ කාලයක් නැත. අත්සන් කිරීමට පොතක්/ලේඛණයක් නැත. අවම වශයෙන් දිනපතා රාජකාරී ස්ථානයට වාර්තා කිරීමටවත් මොවුන් නීතියෙන් බැඳී නැත. වර්ජනය නිසා සිදුවී ඇත්තේ ඉඳහිට හෝ විශ්ව විද්‍යාලය වෙත යාමේ අවශ්‍යතාවයද නැති වීමයි.

    වර්ජනය නිසා කෙළවී ඇත්තේ
    Private consultation නොකරන අයට පමණක් බව වටහා ගන්න.

    මේ ලිපියේ නැවත නැවතත් කියන්නේ 6% ක ඉල්ලීම ගැන පමණි. තමන්ට කිසිම සම්බන්ධයක් නැත බැංකු වැටුප් තල ඉක්මවා යන වැටුපක් ඉල්ලීම ගැන වචනයක් වත් නැත.

    1. බැංකු සේවකයන් වැටුප් ලබන්නේ තමන් සාමූහිකව උපයන ලාභයෙනි. එය ජනතා බදු මුදලින් ගෙවන්නේ නැත. එය රජයේ වැය ශීර්ෂයක් නොවේ. මොවුන් ඉල්ලා සිටින්නේ එම මට්ටම්ද ඉක්මවන වැටුපක් ජනතා බදු මුදලින් තමන්ට ගෙවන ලෙසයි.:rolleyes:

    2. මෙසේ ඉල්ලීම් කළද ඔවුන් තමන්ගේ රාජකාරිය ගැන ජනතාවට වග කියන්නේ නැත. එනම් ඔවුන් දිනපතා රාජකාරී කරන බවට වගකීමක් නැත. රාජකාරී වෙලාවේ බිස්නස් කලද ඒ බව පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් නැත. එය වරදක් ලෙසද නොසැළකේ. මේ කුමන විහිළුවක්ද?:rolleyes:

    3. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් සිසුන්ට ගල් පැලෙන බොරුවක් කීවා යයි සිතන්න. මෙය පැමිණිළි කිරීමට ආයතනයක් හෝ නිළධාරියෙක් සිටීද? කොහෙත්ම නැත. එනම් තමන්ගේ අත්‍යාවශ්‍ය රාජකාරිය පැහැර හැරියත් ඒ බවට
    ජනතාවට ඔවුන් වග කියන්නේ නැත.

    4. බැංකු නිලධාරියෙක් නොදන්වා වැඩට නොගියොත් එදිනම ඔහුට VOP වදිනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක් නොදන්වා මාස ගණන් වැඩට නොගියද කිසිවක් සිදු නොවේ. අධ්‍යයන නිවාඩු ඉවර වී මාස ගණන් සේවා ස්ථානයට වාර්තා නොකරන අය එමට සිටිති.

    මෙවැනි කිසිවෙකුට වග නොකියන කිසිම අධීක්ෂණයක් නැති, විනය පරීක්ෂණ, දඩුවම් නැති රාජකාරියක් කරන අය මෙතරම් ඉහළ වැටුප් තල ජනතා බදු මුදලින් ඉල්ලීම සාධාරණද?:confused:
    ඔබ කඩේ යන්නේ කාටදැයි මට පැහැදිළි නැත. එක්කෝ ඔබට රජතුමා විශාල කුට්ටියක් ප්‍රදානය කර ඇත. නැතහොත් වෙනත් වරදාන ඔබ අපේක්ශා කරනවා විය හැක. එක්කෝ ඔවුන් උපයන මුදල දැක ඔබට සියුම් ඊර්ශ්‍යාවක් ඇති වනවා විය හැක. එහෙත් නැතිනම් විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ පෞද්ගලික තරහක් තිබෙනවා වන්නට හැක. එහෙත් ඉගෙන ගත්තෙකුට සාධාරණයක් කළ යුතු බව මගේ හැගීමයි. අනෙක ඔවුන් ඉල්ලන්නේ රනින් ජීවත්වීමට මසුරන් නොවේ. ගියවර අය වැයෙන් රජය පොරොන්දු වූ වැටුපයි. ගෙවීම පැහැර හැරි ඔබටත් මටත් ජීවත්වීමට ඇවැසි මුදල් නැමති සාධකයයි. ඔබ ඔය කියන සුළුතරයක් වාණිජ පරමාර්ථ මුල්කරගත් ආචාර්යවරුන් හැර බහුතරයක් අධ්‍යයන කටයුතුවල ඉහළම දක්ශතා දැක්වූ ඇදුරුතුමන් ඔය ආකාරයට ආදායම උපයන්නේ කෙසේදැයි මට පැහැදිළි නැත. ඇදුරන් මේ කෙණෙහිළිකම් හැර රට හැර ගොස් සිසුන් අසරණ වනවාට වඩා ඔවුන්ට ජීවත්විය හැකි වැටුපක් ගෙවා මෙහි රදිවා ගැනීම යහපත් බව මම සිතමි. අනෙක ආචාර්යවරුන් ප්‍රකාශ කරනුයේ අධ්‍යාපනයට 6% වෙන් කරනවා නම් තම වැටුප් පිළිඹද ප්‍රශ්නය අවුරුදු කිහිපයක් පමා වුවාටද කම් නැති බවයි. සැබැවින්ම ඔවුන් ඔබ අඟවන පරිදී මුදලට ගිජු නම් මෙලෙස කියයි කියා ඔබ සිතනවාද ?
     
    • Like
    Reactions: Anteros

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    කෑම්පස් එකේ අදාල වෑඩ ටික කරාට පස්සේ ටියුශන් නෙමේ මොන මලදානයක් කලත් අපිට පාන්ද.කෑම්පස් එකේ වෑඩ කටයුතු වලට ඒක බාදාවක් නෙමේනම් ඔබතුමාට තියෙන ප්‍රශ්නය මොකක්ද.

    මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රශ්ණය.... ඔබලාට කිසිම ගැටළුවක් නෑ තමයි. මම කියපු සතියට එක දිනක් වැඩට එන senior lec. පවා ඔක්කොම වැඩ ටික කරනවා ඇති.

    ඔබලාට කිසි ගැටළුවක් නැති වුනාට දිනපතා රාජකාරියට වෙලාවට වාර්තා කරන, අත්‍යාවශ්‍ය සේවා ඉටු කරන, නිවාඩුවක් ගන්නත් අපහසු, අධීක්ෂණයක් සහිතව වැඩ කරන, අඩුම ගානේ දේශපාලන වරප්‍රසාද වත් නැති සම මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ට (නීති,වෛද්‍ය,ඉංජිනේරු ) මේක ගැටළුවක් නෙවෙයිද?

    විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු මට්ටමේ පඩි ගෙවන ගමන් සම මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ට සොච්චම් පඩියක් ගෙවන එක සාධාරණ නෑ නේද? එතකොට ඔවුන් සියළු දෙනාටත් වර්ජනය කරන්න කියලද කියන්නේ? සෞඛ්‍ය සේවකයන් බැංකු පඩි ඉල්ලුවොත් කොහොම තියේද?

    බැංකු පඩි ගෙවන්නේ බැංකුව උපයන ලාභයෙන් මිසක් බදු මුදලකින් නෙවෙයි. රාජ්‍ය අංශයේ නීති, වෛද්‍ය, ඉංජිනේරු කිසිම වෘත්තීය සමිතියක් කවදාවත් බැංකු පඩි ඉල්ලලා නෑ. ඇයි මේක තෙරුම් ගන්න බැරි? (මම බැංකු සේවකයෙක් නොවන අතර බැංකුවට කඩේ යාමක් මෙහි නැත ).

    මම කියන්නෙ මේකයි.. මේ වැටුප් තල දුන්නොත් රට පුරා වර්ජන රැල්ලක් ඇතිවීම අනිවාර්යයි. අවම වශයෙන් ඊට සාපේක්ෂව අනිකුත් සේවා වලටත් වැටුප් වැඩිවීම් ලබා දිය යුතුයි.

    උබ ඔය වරප්‍රසාද කියලා තියෙන ඒවා වෑඩිහරියක් ලන්කාවේ සන්වර්දනයට තමා වෑඩි දෙනෙක් යොදාගන්නේ. Prof හේමන්ති අව්රුද්දක නිවාඩුකාලේ ඈතුලත කිලිනොච්චියේ ජලසම්පාදනය කරගෙන යන ලොකු ප්‍රොජෙක්ට් එකකට සම්බන්ද වෙලා හිටියා.

    මේ project වලට ලක්ෂ ගණන් හම්බෙන බව දන්නවා කියලා මම හිතනවා. (සමහර project වලට වෙන් කරන මුදලින් කොටසක් ගෙවා ඔබලාවත් සහභාගි කර ගන්නවා ඇති.) මේවා කරන එක ගැටළුවක් නෙවේ...
     
    • Like
    Reactions: GuneBhai

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...



    පසුගිය දිනෙක ජනමාධ්‍ය ඇමැතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කොට තිබුණේ, 6% ඉල්ලීම කිසිලෙසකින් හෝ ඉටු කළ නොහැකි බවය. මේ කියමන අප රටේ නමගිය කාටුන් ශිල්පියකු සිය කාටුනය සඳහා නිමිත්ත කරගෙන තිබුණේ, "අධ්‍යාපනයට 6% ක්‌ වෙන්කරන්න බැරිදැයි ඇසූ පැනයට, බෑ තමයි! බලපන් පහේ ශිෂ්‍යත්වෙ ඉඳලම මහාචාර්යවරයා දක්‌වාම අපට දෙන වදේ. මුං ඉගෙන ගන්න, ඉගෙන ගන්න අපිවමයි කන්නේ" කියාය.



    menne me gon amathi hathikare pannala danakan ape rate adyapanaya beraganna amarui machan:angry::angry::angry:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ට බැංකු මට්ටමේ පඩි ගෙවන ගමන් සම මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ට සොච්චම් පඩියක් ගෙවන එක සාධාරණ නෑ නේද? එතකොට ඔවුන් සියළු දෙනාටත් වර්ජනය කරන්න කියලද කියන්නේ? සෞඛ්‍ය සේවකයන් බැංකු පඩි ඉල්ලුවොත් කොහොම තියේද?


    ඔබ කතාකරන සම මට්ටම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? මා දන්නා පරිදිනම් පැයක lecture එකක් කිරීමට අවම වශයෙන් පැය 6ක් පමණ මහන්සි වීමට සිදුවේ.(For Senior Lecturer, It will be more for new lecturer). ඔයා තමන්ගේ කුහක කමනේ පෙන්වන්නේ..එයාල ඉල්ලන්නේ එයාලගේ අද්‍යාපන සුදුසුකම් වලට සාධාරණ මිලක්..ඇයි ඔබ අහස පොලොව වගේ වෙනස් ක්ෂේස්ත්‍ර 2ක් මේ හැටි සන්සන්දනය කරන්නේ??
    සහෝ ඔබ තේරුම් ගන්නේ නෑ යථාර්තය මොකද්ද කියලා?? බැංකු සේවකයන්ට working hours තියනවා එයාලා ඒ කාලය තුල වැඩ කරන්නේ එත් lecture කෙනෙකුට එහෙම නියම කරන්න බෑ because most of time they are involved in some academic work..එයාල ඔය තත්වෙට එන්න කාපු කට්ට දන්නේ ඒක කරන්න පොඩ්ඩක් හරි උත්සාහ කරපු කෙනෙක් විතරයි....


    මේ project වලට ලක්ෂ ගණන් හම්බෙන බව දන්නවා කියලා මම හිතනවා. (සමහර project වලට වෙන් කරන මුදලින් කොටසක් ගෙවා ඔබලාවත් සහභාගි කර ගන්නවා ඇති.) මේවා කරන එක ගැටළුවක් නෙවේ...

    http://www.elakiri.lk/forum/newreply.php?do=newreply&p=13382449

    එහෙනම් වෙන සුදුස්සෙක් රජය හොයාගන්න එපැයි. ඔබ කියන පරිදි මේවත් බැංකු සේවකයන්ට කරන්න පුළුවන් ඇති. ඔව් ප්‍රොජෙක්ට් වලට කොහොමත් ලක්ෂ ගණන් වියදම් වෙනවා එකෙන් පෙන්නුම් කරනවද ලක්ෂ ගානම profට හම්බෙනවා කියලා??

    සහෝ ඔබට මේවා පැහැදිලි කරන්න ගන්න මගේ කාලය අපරාදේ මොකද ඔබ බුද්දියෙන් නොසිතන කෙනෙක් නිසා :no:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    ඔබ කතාකරන සම මට්ටම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද?


    මේකට නම් 2006 චක්‍රලේඛ පෙරලන්න ඕන.

    මට මතක විදිහට Senior Lec G2 = Medical Consultant = Magistrate

    උදාහරණයක් - දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද?
    Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab Demo)

    දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ ඉන්ටෙර්වීව් එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ.

    ඉතින් මීට වඩා දෙගුණයකටත් වැඩිය
    Demo කෙනෙකුට ගෙවන එක අසාධාරණ නැද්ද? අනික් අතට වෙනම සේවයක් බවට පත් කරන ඉල්ලීම 100% සාධාරණයි. නමුත් තාවකාලික පදනමකින් වැඩට ගත් අය (Demo s, temp Lec. ) එයට අදාළ නොවිය යුතුයි.

    දැන් ඔබතුමා කියනවනම් මේකත් සාධාරණයි කියල, තවදුරටත් කතා කරල වැඩක් නෑ.
    :rolleyes:


    මා දන්නා පරිදිනම් පැයක lecture එකක් කිරීමට අවම වශයෙන් පැය 6ක් පමණ මහන්සි වීමට සිදුවේ.(For Senior Lecturer, It will be more for new lecturer). ඔයා තමන්ගේ කුහක කමනේ පෙන්වන්නේ..එයාල ඉල්ලන්නේ එයාලගේ අද්‍යාපන සුදුසුකම් වලට සාධාරණ මිලක්..ඇයි ඔබ අහස පොලොව වගේ වෙනස් ක්ෂේස්ත්‍ර 2ක් මේ හැටි සන්සන්දනය කරන්නේ??
    සහෝ ඔබ තේරුම් ගන්නේ නෑ යථාර්තය මොකද්ද කියලා?? බැංකු සේවකයන්ට working hours තියනවා එයාලා ඒ කාලය තුල වැඩ කරන්නේ එත් lecture කෙනෙකුට එහෙම නියම කරන්න බෑ because most of time they are involved in some academic work..එයාල ඔය තත්වෙට එන්න කාපු කට්ට දන්නේ ඒක කරන්න පොඩ්ඩක් හරි උත්සාහ කරපු කෙනෙක් විතරයි....

    ඔය කාලය පිළිබඳ ප්‍රශ්ණය Medical Consultant කෙනෙකුටත් වළංගුයි. එක ඉස්පිරිතාලයක ඉන්නේ අදාළ විශයට එක Medical Consultant නම් ඔහු 24 hrs Oncall කරන්න ඕන.

    අනික ඔහු කරන්නේ අත්‍යාවශ්‍ය සේවයක්.. එතකොට ඔහුගේ වැටුප??


    ඇයි ඔබ අහස පොලොව වගේ වෙනස් ක්ෂේස්ත්‍ර 2ක් මේ හැටි සන්සන්දනය කරන්නේ??

    ඉතින් මේකම තමයි මමත් අහන්නේ.. ඇයි කවදාවත් කිසිම වෘත්තීය සමිතියක් නොකළ ආකාරයට තමන්ට අදාළ නැති වැටුප් තලයක් ගැන කියවන්නේ..??



    ඔව් ප්‍රොජෙක්ට් වලට කොහොමත් ලක්ෂ ගණන් වියදම් වෙනවා එකෙන් පෙන්නුම් කරනවද ලක්ෂ ගානම profට හම්බෙනවා කියලා??


    සාමාන්‍යයෙන් ලක්ෂ 3-4 ක ප්‍රමාණයක් prof. ට වෙන් කරනවා. අවශ්‍යනම් ඔය කියපු කෙනාට වෙන් කළ ගාන project එක කළ තැනෙන් හොයාගන්න පුළුවන්. (රජයේ project එකක් නම් පහසුයි)
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    උදාහරණයක් - දැන් මොවුන් ඉල්ලන වැටුප් තල මත Demo කෙනෙක් ගේ වැටුප 45000 පමණ වෙනවා. මේක අසාධාරණ නැද්ද? Demo වෙන්න අවශ්‍ය සුදුසුකම මූලික උපාධිය මෑතකදී සමත් වීම පමණයි. ඉන්පසු අදාළ අංශ ප්‍රධානියාට අවශ්‍ය ඕනෑම කෙනෙක් ගන්න පුළුවන් (අවශ්‍ය නම් 1st class කපල 2nd class ට දෙන්න, කොල්ලො කපල කෙල්ලෙකුට දෙන්න ආදී). අවශ්‍ය නම් ඉල්ලුමේ හැටියට විභාගය repeat වෙච්ච අයත් ගන්න පුළුවන් (උදා- computer lab Demo)

    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් බන් පොර වගේ..මගේ යාලුවා ටෙම්පරි ලෙක්චර් කියල තමා ඉන්නේ එයාට 1st class එකක් උනාට හම්බෙන්නේ 13785 etf n epf ඔක්කොම කැපුනාම. මිනිහ ඔච්චර අඩු පඩියකට ඉන්නේ scholarship එකක් ගන්න.

    එහෙම 1st class එකක් ගත්තාම ලෙක්චර් පොස්ට් එකක් දෙන්නේ උබ ඔය කියන ෆැන්ටසි ලෝකේ වෙන්න ඇති



    දැන් සංසන්දනය කරමු දීප ව්‍යාප්ත සේවයක් වන ගොවිජන සේවා නිළධාරියෙක් - මූලික උපාධියකට අමතරව තරඟකාරී විභාගයක් සහ ඉන්ටෙර්වීව් එකක් පාස් කරන්න ඕන. මූලික වැටුප 17000 පමණ. ජීවන වියදම් දීමනාව සමඟ 22000 පමණ.

    එතකොට මහාචාර්ය කෙනෙක් වෙන්නේ පොල් ගාලද බන් නිකන් හිටියම දෙනවා ඇති නේ යුනි එකකින් කතාකරලා MSc,PhD . මල පනිනවා බන් උබේ මෝඩ ගොන් ආතල් වලට

    හරි හරි උබ විද්වතානේ උබ දිනුම්..තේරුම් යනකොට අපි දෙන්නම පරක්කු වැඩි
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් මචන්. අපේ රටේ ඉන්න ගොඩක් විශ්විද්‍යාල ආචාර්යයවරැ මීට වඩා වැඩි පඩියකට යන්න පුළුවන්කම තියාගෙන මේ රටට ආදරේ හින්දා මේ රටේ ඉන්නෙ. මේ වගේ දේවල් වලින් වෙන්නෙ ඒ මිනිස්සු රටට නැති වෙන එක.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Dr. NAC

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් බන් පොර වගේ..මගේ යාලුවා ටෙම්පරි ලෙක්චර් කියල තමා ඉන්නේ එයාට 1st class එකක් උනාට හම්බෙන්නේ 13785 etf n epf ඔක්කොම කැපුනාම. මිනිහ ඔච්චර අඩු පඩියකට ඉන්නේ scholarship එකක් ගන්න.

    එහෙම 1st class එකක් ගත්තාම ලෙක්චර් පොස්ට් එකක් දෙන්නේ උබ ඔය කියන ෆැන්ටසි ලෝකේ වෙන්න ඇති





    එතකොට මහාචාර්ය කෙනෙක් වෙන්නේ පොල් ගාලද බන් නිකන් හිටියම දෙනවා ඇති නේ යුනි එකකින් කතාකරලා MSc,PhD . මල පනිනවා බන් උබේ මෝඩ ගොන් ආතල් වලට

    හරි හරි උබ විද්වතානේ උබ දිනුම්..තේරුම් යනකොට අපි දෙන්නම පරක්කු වැඩි
    Wedak ne machan samaharakta owa teruma karanna be.

    Un hitanne Lecture kenek wenna hema ekatama puluwan kiyala.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දන්නේ නැති මගුල් කියවන්නේ නැතුව හිටපන් බන් පොර වගේ..මගේ යාලුවා ටෙම්පරි ලෙක්චර් කියල තමා ඉන්නේ එයාට 1st class එකක් උනාට හම්බෙන්නේ 13785 etf n epf ඔක්කොම කැපුනාම. මිනිහ ඔච්චර අඩු පඩියකට ඉන්නේ scholarship එකක් ගන්න.

    පොඩ්ඩක් මම ලියපු දේ කියවන්න. මම සංසන්දනය කලේ ඉල්ලන වැටුප මිසක් දැන් තියන එක නෙවෙයි.

    Temp Lec. කෙනෙක් ගේ වැටුප ඔය මට්ටමට වඩා වැඩි බව මම පැහැදිළිව දන්නවා. ඕන නම් salary sheet එකක් දාන්නම්.


    එහෙම 1st class එකක් ගත්තාම ලෙක්චර් පොස්ට් එකක් දෙන්නේ උබ ඔය කියන ෆැන්ටසි ලෝකේ වෙන්න ඇති

    ඉතින් කවුද කිව්වේ 1st class එකට lecturer post එකක් දෙනව කියලා??

    මම කිව්වෙ Demo පෝස්ට් එක ගැන.
    ..

    එතකොට මහාචාර්ය කෙනෙක් වෙන්නේ පොල් ගාලද බන් නිකන් හිටියම දෙනවා ඇති නේ යුනි එකකින් කතාකරලා MSc,PhD . මල පනිනවා බන් උබේ මෝඩ ගොන් ආතල් වලට

    හරි හරි උබ විද්වතානේ උබ දිනුම්..තේරුම් යනකොට අපි දෙන්නම පරක්කු වැඩි

    මචං මම මහාචාර්ය කෙනෙක් ගේ වැටුප සංසන්දනය කරන්න ඕන කා එක්කද කියල වත් දන්නේ නෑ. :rolleyes:

    මම සංසන්දනය කලේ මූලික උපාධිය තියන Demo සහ ගොවිජන සේවා නිළධාරියෙක්. පොඩ්ඩක් ලියපු දේ කියවල ඉන්න.

    (Ex- Probationary lec. එක්ක සංසන්දනය කරන්න ඕන Doctor කෙනෙක් Senior Lec. එක්ක සංසන්දනය කරන්න ඕන consultant කෙනෙක්
    )
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    bgvl9k.gif
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අද ඇමෙරිකාවේ නාසා ආයතනය බබළවන්නේද ශ්‍රී ලාංකික තරු බව නොදන්නා කෙනෙක්‌ නැත. එදා සඳට ගිය මුල්ම මිනිසා නීල් ආම්ස්‌ට්‍රොaන් මහ පොළොවට ගෙන ආ සඳේ ගල් කැබැලි මුලින්ම පරීක්‍ෂා කිරීමේ භාග්‍යය ලද ලෝ සුපතළ විද්‍යාඥයන් අතර සිටි එක්‌ විද්වතෙක්‌ වූයේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා බිහි වූ ආචාර්ය සිරිල් පොන්නම්පෙරුමයෝය.



    මේක ලියපු එකාට පොඩ්ඩක් වැරදිලා සිරිල් පොන්නම්පෙරුම කියන ඒ ඇති විශිෂ්ඨ විද්‍යාඥයා ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට පය නොතබපු කෙනෙක්.

    මේකත් බලන්න

    එතුමා අපේ ගමේ, ඒ වගේම අපේ පාසලේ ආදී ශිෂ්‍යයෙක් "St. Aloysius' College, Galle"..

    අඩුම තරමේ එතුමාට විශ්වවිද්‍යාලයකට යන්න තරම් ලකුණු තිබුනේ නැතිලු.

    අන්තිමට ඉන්දියාවට ගිහිල්ලා Bachelor of Arts degree in philosophy උපාදියක් ලබාගෙන

    හැබැයි ඒක ART උපාදියක් !

    එංගලන්තයට ගිහිල්ලා Birkbeck, University of London යෙන් Bachelor of Science degree in chemistry යක් අරගෙන තියෙන්නේ

    මුළින් ART උපාදියක් අරගෙන පස්සේ තමයි Science උපාදියක් අරගෙන තියෙන්නේ.

    මාර බුවෙක් ART වලින් Science වලට මාරු වෙලා NASA එකටත් ගියා කියල කිව්වම

    විශ්ව විද්‍යාල එවුන්ගේ භාෂාවෙන් කියනවනම් සල්ලි දීලා තමයි උපාදිය අරන් තියෙන්නේ.

    එත් ඒ මනුස්සයගෙන් ලෝකෙට වුනු සේවාව නිම කරන්න බැහැ..

    මම මේකෙන් කියන්න හදන්නේ උබ මෙතන කියනවට වඩා පරිබාහිර දෙයක්

    ඒ තමයි A/L විභාගයෙන් විශ්ව විද්‍යාල ගියේ නැති වුනත් අනිත් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න ළමයින් නිකරුනේ මඩ ගහන්න එපා කියන්න.

    ඒ ලමයින්ගේත් සැගවිලා තියෙන දක්ෂතා ඇති....

    අපි රටක් විදිහට හිතලා ඒ විශ්ව විද්‍යාලවලට ගිහිපු නැති අයගේත් දක්ෂතා එලියට අරගෙන රටක් විදිහට ඉස්සරහට යන්න ඕන.

    නැතුව බැන බැන ඉන්න එක නෙමේ.
     
    Last edited:

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    Temp Lec. කෙනෙක් ගේ වැටුප ඔය මට්ටමට වඩා වැඩි බව මම පැහැදිළිව දන්නවා. ඕන නම් salary sheet එකක් දාන්නම්.

    දාන්නකෝ බලන්න මාත් ආසයි, මචන් දානකොට පැහැදිලිව දන්නා මොනවද සුදුසුකම් කියලත්. ඔයා නැට්ට පාගගේනේ දගලන්නේ සහෝ ඔය 45000ක් basic වැටුපක් ඉල්ලන සුදුසුකම මොකද්ද කියලත් බලන්න

    මම සංසන්දනය කලේ මූලික උපාධිය තියන Demo සහ ගොවිජන සේවා නිළධාරියෙක්. පොඩ්ඩක් ලියපු දේ කියවල ඉන්න.

    මචන් මටත් තාම මුලික උපාදිය තමා තියෙන්නේ මගේ වැටුප rs 80000ක් ඒක සාදරණද? මාත් රජයේ රැකියාවක් තමා කරන්නේ... :confused: