මන් මෙතන තිබ්බ ඔක්කොම comments කියෙව්වේනම් නෑ .. හැබැයි උබේ comments වලින් තේරෙන්නේ උබ තාම beginner ලෙවෙල් එකෙත් මුල වගේ. මෙන්න මේ කරුණු ටික ඔලුවේ තියාගනින්.
1. Whey කියන්නේ supplement එකක්. ඒ කියන්නේ ආහාර අතිරේකයක්. උබේ ඇගට කෑම වලින් තමා අවශ්‍ය පෝෂණය ලැබෙන්න ඕනා. එහෙම කරන්න ඔයාට හොද meal plan එකක් තියෙන්න ඕනා. එකෙන් cover කරගන්න අමාරු දේවල් වලට තමා supplement තියෙනේ. (whey නෙවෙයි කොයි supplement එක උනත් එහෙමයි. එකෙන් විතරක් සපුරන්න හදන්න එපා)
2. එතකොට මේ supplement වලින් සපුරන්න හදන්නේ මොකද්ද කියන එක උබ හිතන්න ඕනා. උබ තැනක කියල තියෙනවා මන් දැක්ක පොඩ්ඩක් මහත් වෙන්න කියලා. මෙහෙමයි ඕක වෙන්නේ.. උබේ අග දැන් තියෙන තත්වෙන් (කිසිම fat or muscle gain එකක් නැතුව) තියන් යන්න උබට අවශ්‍ය වෙන calorie ප්‍රමාණයක් තියෙනවා. උබට මේක මනින්න පුළුවන් ගූගල් දෙයියාගෙන් හොයල බැලුවොත්. මේ calorie ප්‍රමානෙට කියන්නේ maintenance calorie කියල. උබට cut එකක් කරන්න ඕන්නම් ඕකෙන් calorie 250-300 වගේ අඩුවෙන් ගන්න තියෙන්නේ.. bulk කරන්නනම් සරලව 250-300 වැඩියෙන් ගන්න තියෙන්නේ ඒ කිව්වේ surplus calories.. (මේක මේ general value එකක් විතරයි. උබව long term study කරලා තමා හොයාගන්න වෙන්නේ හරිම ප්‍රමානේ)
එතකොට උබේ ඔය calorie ප්‍රමාණෙ බෙදිලා යනවා macro nutrients කියලා..මේ කියන්නේ ඔය calorie අතරෙන් කොච්චරක් කබෝහයිඩ්රේට් වෙන්න ඔනාද, ප්‍රෝටීන කොච්චරද වගේ.. whey වලින් උබ කරන්න ඕනා තමන්ගේ කෑම වලින් ගන්න ප්‍රෝටීන් ප්‍රමානෙට අමතරව අර කිව්ව surplus calories වලට match වෙන්න supplement එක ගන්න එක.
3. creatine කියන්නේ මොකද්ද කියන එක සරල මේකේ කියන්න අමාරුයි. උබට ඕන තරම් English සිංහල තියෙනවා මේ ගැන. creatine වල creatine monohydrate කියන variant එක තමා දැනට effective ම කියන්නේ. creatine monohydrate කියන්නේ මේ වෙනකොට study කරලා තියෙන compounds වලින් උඩම තියෙන එකක්. තමන්ගේ බර සහ තවත් කීපයක් තියෙනවා බලන්න. ඒ ටික බලල උබට හරියන ප්‍රමානේ දවස ගානේ ගනින්. creatine කියන්නේ වස විස නෙවෙයි. නොදන්නා හුගක් අය කියනවා වකුගඩු, අක්මාවට හොද නෑ කියලා. එහෙම එකක් නෑ . කරපු ඔක්කොම studies වල prove වෙලා තියෙනවා, healthy කෙනෙක්ට කිසිම විදිහකට creatine නිසා අක්මාවට හරි වකුගඩු වලට හරි, heart එකට හරි බලපෑමක් වෙන්නේ නෑ කියල. හොයාගෙන තියෙන්නේ already ඔය කියන organs වල issue තියෙන කෙනෙක්ට යම් බලපෑමක් තියෙනවා කියලා. එකත් මට මතක විදිහට ප්‍රතිශතයක් විදිහට ඉතා අඩු අගයක්.
උබට කියන්න තියෙන්නේ ඔක්කොමට කලින් උබ උබේ calorie ප්‍රමාන ගැන සහ macro nutrients ගැන අවබෝදයක් ගනින්. උබ දෙතුන් පොලක කියවල හරි මට තේරුණා මම දන්නවා කියන හිතන්නේ නැතුව මාසයක් දෙකක් අරන් කියවපන්.හොයපන්. මොකද අපිට ඇගවල් දෙකක් නෑ එකක් කෙල උනොත් මාරු කරන්න කියලා. උබ මුලින්ම nutrition ගැන අවබෝධයක් අරන් බැහැපන් ඇග හදන්න.