මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය

    විග්නේස්වරන් හා සම්බන්දන්

    රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය.
    එහෙත් ඉන්දියාවෙන් කරන ලද තරවටු හමුවේ රනිල් සියල්ල හකුළා ගත්තේ ය. අද ඔහු සිටින්නේ ඉන්දීය ධීවරයන්ට අවශ්‍ය ආකාරයට අපේ මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ දෙන බයාදු පාලකයකු ලෙස ය.


    රනිල් හා ඔහුගේ පක්‍ෂයේ සෙස්සෝ ජනාධිපතිවරණයකින් පසු නීති විරෝධීව බලය පික්පොකට් ගැසීමට පෙර චීනයට විරුද්ධ වූහ. ගමේ හන්දියේ කෑගසන චණ්ඩි මෙන් ඔවුහු චීනයට කරන දේ ගැන කියවූහ. බලය පික්පොකට් ගැසූ විගස වරාය නගරයෙහි හෙවත් පෝට් සිටියෙහි වැඩ නැවැත්වීමට තීරණය කළහ. අප ද සිතුවේ රනිල් සිරිසේන චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ය. එහෙත් වරාය නගරයේ වැඩ යම් දිනයක ආරම්භ කරන බව අපි දැන සිටියෙමු.

    එහෙත් නීති විරෝධී පාලකයන්ට චීන විරෝධයක්වත් නැති බව අපි දැන් දනිමු. ඔවුන්ට ඇත්තේ චීන භීතිකාවකි. පාලකයෝ චීනයට බිය වෙති. නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා තවමත් සිතා සිටින්නේ තම නායකයන් ගැම්මක් ඇති මහා පුරුෂයන් බව ය. ඔහු සිතන්නේ වරාය නගර වැඩ අවසන් බව ය. එහෙත් රනිල් සිරිසේනට වරාය නගරයේ වැඩ නැවත ඇරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. බොරු පරිසර වාර්තාවක් ඉදිරිපත් කර ඒ අනුව වැඩ ඇරඹිය හැකි යැයි මෛත්‍රිපාල කියනු ඇත. අත්දැකීම් නොමැති අජිත් පෙරේරා තවමත් යෙදී සිටින්නේ විශ්වවිද්‍යාලයීය දේශපාලනයක ය.

    රනිල් හා මෛත්‍රිපාල සියළු විදේශ රටවලට බය වන අතර ලංකාවේ ද දෙමළ ජාතික සංධානයට බය වෙති. අද විග්නේස්වරන් ආණ්ඩුවට තර්ජනය කරයි. පලාලේ හා සාම්පුර් අවට අධිආරක්‍ෂිත කලාප බෙදාදුන් රනිල් හා සිරිසේනට අද විග්නේස්වරන් කියා සිටින්නේ වහාම ඉතිරි ආරක්‍ෂිත කලාප ඉඩම් ද බෙදා දෙන ලෙස ය. දෙමළ ජාතික සංධානය දෙමළෙන් ජාතික ගීය ගයයි. අද උතුරේ සිදුවන්නේ කුමක් දැයි අපි නො දනිමු. ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතියක් ගැන කතාකරන නීති විරෝධී පාලකයෝ සිංහලයන්ට උතුරේ තොරතුරු වසන් කරති. ඊනියා රාජ්‍ය නොවන ආයතනවල පඬියෝ නොඇසූ කන් ඇතිව සිටිති.

    විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත.

    මේ කරුණු ටික අප මතක් කරන්නේ සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට ජාතිකත්වයට විරුද්ධ පිරිසක් කටයුතු කරන පසුබිමක ය. මෙරට විපක්‍ෂ නායකයා අඩුම තරමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන එය වෙනුවෙන් පෙනී සිටින අයකු විය යුතු ය. එහෙත් සම්බන්ධන් හා දෙමළ ජාතික සංධානය පැහැදිලි ව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ ය, ඔවුහු බුදුදහම රැකීම සම්බන්ධයෙන් ඇති ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවලට විරුද්ධ වන්නේ වෛරයෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබදීමට ඔවුහු විරුද්ධ වෙති. සම්බන්දන් විපක්‍ෂ නායකයා වී තමා සහභාගි වන උත්සවවල දී ජාතික ගීය ව්‍යවස්ථා විරෝධීව දෙමළෙන් ගායනා කරන ලෙස බලකරනු ඇත. එවිට බයාදු ආණ්ඩුව කරන්නේ කුමක් ද යන්න පැහැදිලි ය.

    අප සම්බන්දන් විපක්‍ෂ නායකයා ලෙස පත්කිරීමට විරුද්ධ වන්නේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන ජාතිකත්වයට විරුද්ධ දෙමළ ජාතිවාදියකු නිසා ය. සුද්දෝ ද 1815 දී අඩුම තරමෙන් ගිවිසුමක් අත්සන් කර මෙරට සිංහල නීති රීති අනුව පාලනය කිරීමට පොරොන්දු වූහ. එහෙත් දෙමළ ජාතිවාදීහු ජාතිකත්වයට විරුද්ධව දෙමළ ජනයා සංවිධානය කරති. සම්බන්දන් ද දෙමළ ජාතිවාදයෙකි. රනිල් සිරිසේන දෙමළ ජාතිවාදයට බිය වී සම්බන්දන් විපක්‍ෂ නායකයා කර ගැනීමට උත්සාහ කරනු ඇත. එහෙත් සෙස්සන් එසේ කළ යුතු ද?
     
    • Like
    Reactions: error 404
    Aug 12, 2012
    4,169
    652
    0
    lankawe dawas 83kata maalu allanna indiyawe saakachchara karana aya awasara illuwa witharai. ekata lankawa thawama ekanga wune naha. ranil thawamath inne kalin darapu mathayema thamai. vishwasa naththam me video eka balanna.



    lankawe swairiyabawayata haani wena kisima theeranayak kaatawath ganna baha. me ratey neethiyak thiyenawa.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ශ්‍රී;18124515 said:
    lankawe dawas 83kata maalu allanna indiyawe saakachchara karana aya awasara illuwa witharai. ekata lankawa thawama ekanga wune naha. ranil thawamath inne kalin darapu mathayema thamai. vishwasa naththam me video eka balanna.



    lankawe swairiyabawayata haani wena kisima theeranayak kaatawath ganna baha. me ratey neethiyak thiyenawa.

    Poni meka illa as kara gatta meita passe press release ekakin.. Ponnaya ne
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Elffy_24.gif
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Poni meka illa as kara gatta meita passe press release ekakin.. Ponnaya ne

    mona press release ekeda machan ? news link eka denna puluwanda ? mama danna tharamin me statement eka withdraw karanna kiyala godak balapam agamathi thumata awa. habai agamathi thuma thamange mathaye sthawarawa hitiya.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේක ඉන්දියාවේ කොලනියක් බන් දැන්. පාරේ රෙන උන් , රෙන්න වැසිකිලි නැති උන්

    චීනේ කෝලනියක් උන නං මීට වැඩ කොච්චර හොඳයි ද ?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත.

    මේ කාරණා අපේ බහුතර සිංහල යැයි කියාගන්නා පිරිසකට තේරැම් ගන්න බැරිව ඉන්න‍ෙ. තේරැම්ගන්න බැරිවද තේරෙන්නැ වගේ ඉන්නවද දන්නෙත් නැ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දරුණු කොටි රඳවා සිටින මැගසින් හිරගෙදර
    ආරක්‍ෂාවෙන් යුද හමුදාව ඉවත් කෙරේ


    සමන් ගමගේ

    දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊශ්‍රායල් සටන් පුහුණුව පවා ලැබූ ප්‍රබල ත්‍රස්‌තවාදී සැකකරුවන් රාශියක්‌ රඳවා සිටින බැවින් එම බන්ධනාගාරයට විශේෂ ආරක්‍ෂාවක්‌ සැපයීම සඳහා පසුගිය කාලයේ මැගසින් බන්ධනාගාරයට හමුදා නිලධාරීන් යොදවා තිබිණි.

    මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ත්‍රස්‌තවාදී සැකකරුවෝ ඉකුත් කාලයේ අවස්‌ථා කිහිපයකදී බන්ධනාගාරය තුළ උපවාස හා උද්ඝෝෂණද පැවැත්වූහ. එම තත්ත්වය හමුවේ මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීම බරපතළ ගැටලුවක්‌ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවසීය.

    වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් පසු කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ට ලබාදී තිබූ ටී. 56 ගිනි අවිද ඉවත් කර ඇත. මේ හේතුවෙන් මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීමෙන් මැගසින් බන්ධනාගාරය දැඩි අනාරක්‌ෂිත තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රිපාල මහින්දට ඇති බය

    මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ල නි ප නිවට නායකත්වයට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැකි නම් ලබන අවුරුද්ද තෙක් කල් දැමීම ය. ඒ ඔවුන් මහින්දට ඇති බිය නිසා ය. ඔවුන් සිතුවේ කල්ගත වීමෙන් ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය තම ආධිපත්‍යය යටතට ගත හැකි වේය යන්න ය. එවිට මැතිවරණයකට ඔවුන්ගේ නායකත්වයෙන් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානයකින් ඉදිරිපත්වීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.
    රාජිතලා ඊනියා දින සියය නොව වැඩ සියය කතා ද අවශ්‍ය වන්නේ දින සියයයෙන් මැතිවරණයකට යෑම නොව දින සියයට නියමිත වැඩ අවසන් වී මැතිවරණයකට යෑම ආදී කතා ද අසන්නට ලැබුණේ අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවට නිකුත් කරන ලද පණිවුඩ ලෙස ය.

    එහෙත් රනිල්ට අවශ්‍ය වූයේ අප්‍රේල් 23 වැනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම ය. එ ජා පක්‍ෂය කල්පනා කළේ ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වී ඇති අවස්ථාවෙහි මැතිවරණයක් පවත්වා ජයග්‍රහණය කිරීම ය. ඔවුන් දැන සිටි කරුණ නම් මෛත්‍රිපාල එ ජා ප වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නොනගින බව ය. කෙසේ වුවත් ජාතිවාදී හා ආගමිකවාදී ජනවාර්ගික පක්‍ෂ වූ දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය ආදිය සමග එක් වී මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි පක්‍ෂයේ විශාල පිරිසක් බාගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් කරා යෑම එ ජා පක්‍ෂයේ අරමුණ විය. ඒ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්ධායක ජනාධිපතිගේ බලතල අගමැතිට පවරා රනිල් ආණ්ඩුවේ නායකයා බවට පත්වීමට සිහින දුටුවේ ය.

    ශ්‍රී ල නි පක්‍ෂය රනිල්ට විධායක බලතල දීමට එකඟ නො වී ය. එබැවින් ඔවුහු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මග හැරීමට මාන බැලූහ. 19 වැනි සංශෝධනය සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය විය යුතු ය යන යෝජනාව ඉදිරිපත් කෙරුණේ කල් මැරීමට මිස වෙනත් හේතුවක් නිසා නො වේ. එ ජා පක්‍ෂයට සහාය දෙන ජනවාර්ගික පක්‍ෂවලට, ජ වි පෙ වැනි කුඩා පක්‍ෂවලට මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍ය නො වී ය. එ ජා පක්‍ෂයේ නායකයන්ට මෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන්ට ද මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය මැතිවරණ ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේ 19 මග හරවා පාරලිමේන්තුව විසුරුවා හැරීම කල්දමා ගැනීමට පමණකි.

    එ ජා පක්‍ෂය මැතිවරණයෙන් පසු විපක්‍ෂයක් නැති ප්‍රජාතන්ත්‍රයක් නැති ඊනියා ජාතික ආණ්ඩුවක් ගැන කතා කළ අතර ශී්‍ර ල නි පක්‍ෂයේ නිවට නායකයෝ මැතිවරණයකට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජිතලාට පසුව එස් බී දිසානායක වැනි නිවටයෝ ඇමතිකම් භාරගත්හ. ඔවුන්ගේ කිසිම රඟපෑමක් ගැන අපි විශ්වාස නොකරමු. රනිල්ට කිසිම දිනෙක ජනාධිපතිවරණයකින් ජයගැනීමට නොහැකි බැවින් ඔහුගේ අරමුණ වූයේ විධායක බලතල අගමැතිට පවරා ඒ මගින් විධායක බලතල තමන් අතට ගැනීමට ය. ඔහු ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කළේ ය. මේ සංශෝධන අගමැති ආණ්ඩුවේ නායකයා බවට පත්කිරීම හා සම්බන්ධ බව අමතක නොකළ යුතු ය.

    රනිල්ට ද මෛත්‍රිපාලට ද පොදු සාධකයක් නොතිබිණි යැයි මෙයින් නො කියැවෙයි. ඔවුන්ගේ ද චන්ද්‍රිකාගේ ද අනෙක් නිවට ශ්‍රී ල නි ප නයකයන්ගේ ද එ ජා ප, ජ වි පෙ, ජාතිවාදී හා ආගම්වාදී ජනවාර්ගික පක්‍ෂ, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂවල නායකයන්ගේ ද පොදු අරමුණ වූයේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම ය. එහෙත් එය කළ නොහැකි බව ඔවුන් තේරුම් ගෙන ඇත. එබැවින් දැන් නැවතත් පොදු අරමුණ වෙනුවෙන් තම වෙනස්කම් අමතක කර පොදු එකඟත්වයකට පැමිණීමට ඔවුන් තීරණය කරව ඇති බව පැහැදිලි ය. 19 වැනි සංශෝධනය උසාවි තීරණයට යටත්ව වුවත් සම්මත කර ගෙන පාර්ලදමේන්තුව විසුරුවා හැරීමට රනිල් හා මෛත්‍රිපාල එකඟ වී ඇත. එය පිටුපස මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන විදේශීය බලවේග සිටින බව පැහැදිලි ය. අද මේ සියල්ලන්, විශේෂයෙන් කුරුණෑගල දී හූ සංග්‍රහයක් ලැබූ චන්ද්‍රිකා දන්නා කරුණ නම් මහින්ද රැල්ල ඔවුන්ට සුනාමියක් වේගන එන බව ය. සුනාමියට පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාල එකඟ වී ඇත්තේ මහින්දට ඇති බිය වැඩි වීමෙනි.


    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 10
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    විග්නේස්වරන් ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. දෙමළ ජාතික සංධානය ප්‍රතිපත්තියක් ලෙස ඒකීය රාජ්‍යයට විරුද්ධ ය. ඔවුහු හයවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට බැඳී සිටිති. එහෙත් විග්නේස්වරන් තම දෙමළ ජාතිවාදය ප්‍රසිද්ධියේ පළකරමින් ව්‍යවස්ථාවට විරුද්ධ වෙයි. එසේ වුවත්් මෛත්‍රිපාල උතුරු පළාතේ මහා ඇමතිට බය ය. විග්නේස්වරන්ට ඕනෑ එකක් කරගැනීමට ඉඩ දී බලා සිටීම මෛත්‍රිපාලගේ බයාදු ප්‍රතිපත්තිය වී ඇත.

    මේ කාරණා අපේ බහුතර සිංහල යැයි කියාගන්නා පිරිසකට තේරැම් ගන්න බැරිව ඉන්න‍ෙ. තේරැම්ගන්න බැරිවද තේරෙන්නැ වගේ ඉන්නවද දන්නෙත් නැ.

    :yes::yes:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක ඉන්දියාවේ කොලනියක් බන් දැන්. පාරේ රෙන උන් , රෙන්න වැසිකිලි නැති උන්

    චීනේ කෝලනියක් උන නං මීට වැඩ කොච්චර හොඳයි ද ?

    හෙනගහපියව් චන්දේ දුන්න උන්ට. ආ නෑ මහින්දයලු දීල තියෙන්නේ ඉඩම උලමට:lol: