මෛත්‍රිපාල ආයිති කාටද?

lex

Member
Dec 31, 2006
95
14
0
මෛත්‍රිපාල ආයිති කාටද?

බස්නාහිර පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රිවරැන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බෙදාගන්නට කෑ ගැසීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාව තුළ ඊයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සහ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහත්වරු සභාව තුළ වරින්වර අදහස් දක්වද්දී එජාප මන්ත‍්‍රීන් වන එස්. එම්. මරික්කාර් ඉස්තිකාර් ජේමිල් හර්ෂණ රාජකරුණා රෝස් ප‍්‍රනාන්දු යන පිරිස අපේ ජනාධිපති අපේ අගමැති කියා කෑ ගසන්නට වූහ.

ආණ්ඩු පක්ෂයේ සලෝචන ගමගේ ආනන්ද හරිස්චන්ද්‍ර සිසිර ජයකොඩි යන පිරිස අපේ ජනාධිපති යැයි කෑ ගැසීමත් සමග සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී අයිති ශ්‍රිලනිපයටද එහෙම නැත්නම් දැන් තියෙන ආන්ඩුවටද කියන ප්‍රශ්නය පැන නගිනවා.මෛත්‍රි එක අතකින් ශ්‍රිලනිප නායකයා.අනිත් අතෙන් ඔහුව දිනෙව්වේ එජාපය ප්‍රමුඛ බලවේගයක්. මෛත්‍රී ගත්ත චන්ද ප්‍රමානය ලක්ෂ 62ක් වෙනවා.මේක තුල එක්සත් ජාතික පක්ෂයට සහ ජේවීපි එකේ චන්ද තමයි බහුතරය.මේ දෙගොල්ලම නැත්නම් මෛත්‍රී කියලා ජනාදිපති කෙනෙක් නෑ.