මෛත්‍රීගේ පැහැදිලි මතය ජනතාවට ඉදිරිපත් ක
මෛත්‍රීගේ පැහැදිලි මතය ජනතාවට ඉදිරිපත් කරන්න
- ඇමැති විමල් වීරවංශ
වසන්ත ලියනගේ
සිරිසේන ස්ටෝර්ස් එකේ බඩු කල් ඉකුත්වුණු නිසා විශ්වාස නැති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ජනසෙවණ ස්වශක්ති ප්‍රජා සම්පත් මධ්‍යස්ථාන 26 ක් හා නැණසල මධ්‍යස්ථාන 07 ක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පසුගියදා දෙමටගොඩ, සිරිධම්ම මාවත, මහා විසුද්ධාරාම විහාරස්ථානයේදී පැවති සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
13 වන සංශෝධනය පිළිබදව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැහැදිලි මතය කරුණාකර මහජනතාවට ප්‍රකාශ කරන ලෙස අභියෝග කරන බවත්, 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවාද? එහෙම නැත්නම් එහි බෙදුම්වාදයට හිතවාදී වගන්ති ඉවත් කරනවාද? එහෙම නැත්නම් 13 වන සංශෝධනය මුළුමනින්ම අහෝසි කරනවාද? පිළිබඳව සිරිසේන මහතාගේ මතය දෙපැත්තට වැනෙන්නේ නැතිව පැහැදිලිsව ප්‍රකාශ කරන ලෙසද විමල් වීරවංශ මහතා අභියෝග කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය -
සිරිසේන ස්ටෝර්ස් එකේ තියෙන බඩු කල් ඉකුත් වෙලා, විශ්වාස නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ කියනවා. කල් ඉකුත් වුණු බඩු වැඩිපුර තියෙන්නේ සිරිසේන ස්ටෝර්ස් එකේ. චන්ද්‍රිකා නෝනා කල් ඉකුත්වුණු කෙනෙක්, රනිල් මහත්තයත් කල් ඉකුත් වෙලා නිසානේ නැවත නැවත අප්ඩේට් කරගෙන ඉන්නේ. කල් ඉකුත්වුණු ඒවා විතරයි ඒ ස්ටෝර්ස් එකේ තියෙන්නේ. ඒ නිසා මේ අය කියනවා සිරිසේන ස්ටෝර්ස් එක විශ්වාස නැහැලු. එහෙම කියන ජනතා විමුක්ති පෙරමුණ අන්න සතා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව පරද්දන්න කියනවා. ඒ අය දන්නවා පොදු අපේක්ෂකයා දිනවන පාප කර්මය කළොත් රට අරාජික වෙනවා. හැබැයි එදාට උත්තර දෙන්න බැරිවෙනවා. ඒ නිසා මේ පාපකර්මයට අතගහන්නෙත් නැහැ. අත නොගහ වැඩේ කරන්න බලන්නේ. ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණ ගන්නේ නැත්තේ ඒ අය දන්නවා මේ කල්ලිය රටේ බලය ගත්තොත් ජාතියක් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් සමගියෙන් ඉදිරියට යන රට ආපස්සට ගෙනියන්න කටයුතු කරනවා කියලා.
අපි අහනවා සිරිසේන මහත්තයාගෙන් ප්රජාතන්ත්රවාදී කතාව ටිකක් පැත්තකට තියලා කරුණාකරලා ජනතාවට කියන්න 13 වන සංශෝධනය ගැන එතුමාගේ මතය.එය මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. සිරිසේන මහත්තයා 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවද? එහෙම නැත්නම් එහි බෙදුම්වාදයට හිතවාදී වගන්ති ඉවත් කරනවද? එහෙම නැත්නම් 13 වන සංශෝධනය මුළුමනිsන්ම අහෝසි කරනවාද? කියලා. තමන්ගේ 13 වන සංශෝධනය පිළිබද මතය කරුණාකර රටේ ජනතාවට කියන්න. සිරිසේන මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග අත්සන් කළ ගිවිසුමේ කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. චම්පික මහත්තයා සමග ඇති කරගත් ගිවිසුමේ විධායක ජනාධිපති ක්රමයේ හානිකර බලතල අහෝසි කරනවා කියලා කියනවා. එක තැනක 13 වන සංශෝධනයේ හානිකර බලතල අහෝසි කරනවා. එක තැනක13 වන සංශෝධනය අහෝසි කරනවා. ගිවිසුම් දෙකේ මත දෙකක්. දැන් සිරිසේන මහත්තයා ජනාධිපති අපේක්ෂකයෙක් නේ. කරුණාකර 13 වන සංශෝධනයේ මතය ජනතාවට කියන්න. උතුරු නැගෙනහිර ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ඇතුළු 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරනවාද? බලය අඩු කරනවාද? 13 වන සංශෝධනය මුළුමනිsන්ම අහෝසි කරනවාද? කරුණාකර පැහැදිලිs, නිරවුල්, දෙපැත්තට වැනෙන්නේ නැති පිළිතුරක් ජනතාවට ලබාදෙන්න කියලා මම අභියෝග කරනවා.