මෛත්‍රී අභයගිරිය ප්‍රතිසංස්කරනය කරයි

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෛත්‍රී අභයගිරිය ප්‍රතිසංස්කරනය කරයි

11825180_512633325559120_8885921579932020460_n.jpg
 

Thinkable

Member
Jul 31, 2015
43
7
0
Kalu kambili namo namah _/\_
මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මට නම් ඔකේ වරදක් පේන්නේ නෑ හේතුව මන් ගස් ගල් බිත්ති පිළිම වලට වදින කෙනෙක් නෙවෙයි මන් අදහන්නෙ බුද්ද දේශනය විතරයි

මහින්ද කරානම් හරිද?
 

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Lakshman Kiriella explains how the Sri Lankan army can be developed


Rajitha Blaims Prabakaran


Ranil gives the honor to the SL Army


The Golden Voice - Ravi Karunanayake
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද කරානම් හරිද?

    නෑ ඒකත් වැරදි

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභයගිරි සෑරදුන් වන්දනාමාන කිරීමට යන අවස්ථාවක් දැක්වෙන බිතු සිතුවමක් අභයගිරි විහාරයේ සිත්තම් කොට ඇති බව පසුගියදා වාර්තා වුණා.

    එහිදී කියැවුණේ ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය පළමුවරට වැඳපුදා ගනීමට ජනපති සහ අගමැති ප්‍රමුඛ බැතිමතුන් විසින් ගමන් ගන්නා අයුරු ඉන් පිළිබිඹු වන බවයි.

    aa1.jpg


    එහෙත් අසංග ජයසේකර නැමැති අයෙක් තම ෆේස්බුක් පිටුවට මේහා සම්බන්ධ වෙනත් ඡායාරූපය කිහිපයක් මේ වන විට එක් කර ඇති අතර එමගින් මේ සිතුවම කතාබහට ලක්ව තිබෙනවා.

    ඔහු පළකර ඇති ඡායාරූපයේ වත්මන් ජනාධිපතිවරයා සිටින තැන මහින්ද රාජපක්ෂ මහතාද රනිල් වික්‍රමසිංහ මහතා සිටින තැන දි.මු. ජයරත්න මහතා ද සිටින අතර ඉතිරි පිරිසේ කිසිම වෙනසක් දක්නට නොලැබෙනවා.

    aa2.jpg


    2011 වසරේ අගෝස්තු 27 මෙම ඡායාරූපය ගත් බව පැවසෙන අතර ඒවන විට අභයගිරිය ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවතුණා.

    aa9.jpg


    එමෙන්ම 2011 වසරේ ගත් එම ඡායාරූපයේ දැක්වෙන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 201 ' ලෙස හිස්තැනක් සහිතව දැක්වෙන අතර වර්තමාන සිතුවමේ දිනය 'ක්‍රි.ව. 2015 ' ලෙස ලියා අවසන් කර තිබෙනවා.

    ප්‍රතිසංස්කරණ කරන විට මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටි අතර ඔහු ප්‍රතිසංස්කරණය අවසන් වනවිට බලයේ නොසිටීම නිසා චිත්‍රය වෙනස් කළා ද යන්න දැන් කතාබහට ලක්ව තිබෙනවා.

    aa11.jpg


    aa4.jpg


    aa6.jpg


    aa7.jpg


    http://offair.nethfm.com/article/24061