මෛත්‍රී ප්‍රොක්සි නායකයෙක්

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රී ප්‍රොක්සි නායකයෙක්

    මෛත්‍රී කරණයේ වර්තමාන අවස්ථාව බැලු විට සරල කාරණා කීපයක් පෙනෙයි.

    10639640_10152921340096934_8132772431024351716_n.jpg

    1. රජයෙන් කඩාගෙන එන පාර්ශව සමග වෙනම ශ්‍රීලනිපයක් හදා ගන්නවා විනා එජාපයේ කුණු මුල්ලේ තවත් එකෙකු [රවී, කිරි, ආදී ලෙස] වීමත් සමගින් මෛත්‍රී අහෝසි වන බව ඔහු දැනගත යුතුය. තම අනන්‍යතාවය සමග වෙනම විකල්ප පක්ෂයක් හැදීමේ අවශ්‍යතාවය තදින්ම පවතියි.

    2. මෙතෙක් කල් එජාපය පැරදුණේ මහින්ද බබ්බු වඩා ගන්නා නිසා නොවේ. එජාපයේ රනිල් තිස්ස රවී කිරි වගේ අඳබාල දේශපාලකයින් ඡන්ද කාලවල කල කී දේ සහ එය තුළ ඇති කුලල් කා ගැනීම් නිසාය. මෛත්‍රී ගේ ව්‍යාපාරයේ පදනම ඔවුන් නම් සොරි ම ය.

    3. දේශපාලන වාසියට ආණ්ඩුවේ කුණු එකතු කිරීම පරාජයට හේතුවක් මෙන්ම අනාගත රජයක් මේ ගානටම වැටීමට ද හේතුවක් වනු ඇත. මහින්දට වඩා ඔහු වටේ සිටින දූෂිතයන් හා ජාවාරම්කරුවන් සිය ගුණයකින් අවුල් ය. උන් ඔය බලය නිර්මාණය කළේ මහින්ද ගේ සෙවණැල්ලේ ය. ඒ නිසා උන් අරගෙන එන ලොකු ඡන්දයක් නැත. හැකර කට හා විසි කරන්න තියෙන සල්ලි හැරෙන්නට උන්ට ගෙන ආ හැක්කක් නැත. ඒ හැකර කටවල් බලයට ආ දා කියන්නේ මහින්ද යුගයේ කී දේවල් ම වේ. විසි කරන හැම සතයක්ම නව රජයෙන් උපයා ගන්න කරන ආයෝජන වේ.

    4. හෙළ උරුමය ටී එන ඒ මුස්ලිම් කණ්ඩායම් ආදී ජාතිවාදී පාර්ශ්ව වලට නොනැමෙන වාර්ගිකත්වය ගැන ජෙනරික් මතයක් මෛත්‍රී ට අවශ්‍යය. එම පාර්ශ්ව අදාළ රාමුව තුළ එක තැනකට ගෙන එන නෙගොශියේෂන් පවර් එකකුත් අවශ්‍යය. මේවා මෛත්‍රී ට අලුතෙන් හදා ගන්න සිදු වේ. එජාපයට මේවා නැත.

    5. මෛත්‍රී බලයට පැමිණ රනිල්ට බලය ලබා දෙනවා නම් රනිල් මේ දක්වා පෙන්නු අඩුපාඩු හදන්නේ කෙසේදැයි මෛත්‍රී පැහැදිය යුතුය. මෛත්‍රී ප්‍රොක්සි නායකයෙක් නම් අප කතා කල යුත්තේ ඔහුගැන නොව රනිල් ගැනය. රනිල් ට කවුරුත් කැමති නැති බව එජාපයම පිලි ගන්නා බව පැහැදිලිය. මිනිස්සු අකමැති එකෙක් පස්ස දොරින් ගේන එක බරපතල ගැටලුවකි. තම වැරදි හදා ගෙන නිසි පාරෙන් ඒම ඊට වටියි.

    6. මෛත්‍රී බලය රනිල් ට දෙන්නේ නම් එය කරන ආකාරය වඩාත් පැහැදිලිව ඉදිරිපත් කල යුතු අතර, සමානුපාත ක්‍රමය ඉවත් නොකර විධායක බලය දියවන්නා මෙන්ටල් අසයිලම් එකට පැවරීමේ අවදානම ගැන ද කල්පනා කල යුතු වේ.

    7. යාන්තම් ජවිපෙ සෙන්ස් එකකින් ඉන්න එක ගැන සතුටු වෙමි. ජවිපෙ වෙනම තරග කරන්නට අපේක්ෂකයෙක් නොදා මෙම වැඩසටහන සමග උන්නාම ප්‍රමාණවත්ය. විවේචන ඇස වැසිය යුතු නොවේ.

    මේ දක්වා මෛත්‍රී මෙහෙයුම යන ආකාරය භයානක මෙන්ම ඉකණගාටුදායක තත්වයකි. මා දකින්නේ හරක් වගේ හුරේ දාන බූරුවන් පමණි. එක්කෝ මේ කරන්නේ මහින්ද වැනිම මෙගලොමෙනියක් එකෙක් තනන්නට විචාරයෙන් තොරව කඩේ යාමය. නැතිනම් රනිල් වගේ විකෘතියක් අඩුපාඩු නොසදා නැවත බලයට ගන්නටය. මේ දෙකම තුළ මහින්දගේ රජයේ හුන් දූෂිතයන්, දුරාචාර කරුවන් හා පාතාලයින් පෙර සේ ම තමාගේ වැඩේ කරගෙන යනු ඇත.

    එව්වා එහෙම තමයි අයියාහ් ඒත් අපි කොහොම හරි ලොක්කා පරදන්න ඕනේ කියන අයට කියන්නට තියෙන්නේ විවේචනයෙන් තොරව කවදාවත් කිසිම දෙයක් නොහැදෙන බවයි. මෛත්‍රී/රනිල් යුගය වඩාත් යහපත් කරන්නේ නම් එය කල යුත්තේ දැන් විනා උන් දිනා බලයෙන් මත් වූ විට නොවේ. එදාට මේ කට්ටියට මහින්ද දෙන ලෙසින්ම ලිප්ටන් වට රවුම බැටන් හා ජල ප්‍රහාර ඔවුන්ගෙන් ලබා ගත හැක.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම හිතන්නේ proxy නායකයෙක් හොඳයි හොර වේසිගෙ පුතෙකුට වඩා, don't you think ? :P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1- නුඹ මේ රටේ ජනාධිපති වුනොත් දින 100න් එම පදවිය අහෝසි කරනවා නම් එය කරන්නට පාර්ලිමේන්තුවේ 2/3 බලය නුඹට දින 100කින් ලැබෙන්නේ කෙසේද?(ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට නුඹට තනිවම බැරි බව නොදන්නේද?)
    2- නුඹ ජනාධිපති වුන විට එජාප නායක රනිල් වික්‍රමසිංහයන් අගමැති කරන්නේනම් සහ ජනාධිපති පදවිය අහෝසි කරන්නේ නම් නුඹගේ තනතුර ඉන් පසුව කුමක්ද?
    3- මේ රටේ මැතිවරණ ක්‍රමය දූෂිත බවත් එම ක්‍රමය අහෝසි කරන බවත් ඔබ පැවසුවා ඒ කියන්නේ නුඹත් දූෂිත මැතිවරණය නිසාම මන්ත්‍රි ධූරය සහ ඇමති ධූර ලබා ගන් බවද?
    4-18 ව්‍යවශ්ථා සංශෝධනයට නුඹත් ඡන්දය දුන්නේ මේ ජනාධිපති ක්‍රමය රටට අහිත කර බව නොදැනද? නැත්නම් ඇමති කම තව දුරටත් තියා ගැනීම සඳහාද?
    5-නුඹට මහින්ද ගේ පාලනය නරකයි කියන්න වසර 10ක්ම එහි සියළු වරධාන බුක්ති විඳින කාලයේ නොපෙනුනේද?
    6- සහල් මෝල් හිමියන්ට කල ජාතික අපරාධයට නුඹ පවුලේ අයට හිමි දඬුවම් දීම රාජ්‍ය බලය යොදා යටපත් කරගෙන සිටියේ නැත්ද?
    7- ආණ්ඩුව අස්ථාවර කිරිමට මාන බලන චන්ද්‍රිකා සමග කුම්ත්‍රණය කිරිම සදාචාරද?
    8- අගමැති කම නොදුන් කේන්තියට පළි ගැනිමක් වශයෙන් මෙය නොකලායි නුඹ කියන්නේද


    10858005_295848297291257_4063628428038236533_n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    යෙප් යෙප්
    s1859776.gif

    මුස්තාපා කොහොමද මචන්? මෙදා පාරත් ගිහිල්ලා බේබිගේ තාත්ත (මහින්ද පොන්සි) ට කතිරේ දාල එනවද? :P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    :angry::angry::angry::angry:
    avatar452091_30.gif


    අපි......

    වැඩක් නෑ බන් පොන්සි දිනනවා මෙදා පාරත්. ඕන නම් බලපන්කො. ඕකා ගහන එවල හැටියට ඉතින් චන්දෙ හොර කරන්න බැරිද බන්? බලමු එහෙනම් 9 වෙනිදා උදෙන්ම මොකෝ වෙන්නේ කියල.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩක් නෑ බන් පොන්සි දිනනවා මෙදා පාරත්. ඕන නම් බලපන්කො. ඕකා ගහන එවල හැටියට ඉතින් චන්දෙ හොර කරන්න බැරිද බන්? බලමු එහෙනම් 9 වෙනිදා උදෙන්ම මොකෝ වෙන්නේ කියල.
    බය නැතිව හිටු... අපි ඒකාධිපතියව පරද්දවමු.... :cool::cool::cool::cool:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මුස්තාපා කොහොමද මචන්? මෙදා පාරත් ගිහිල්ලා බේබිගේ තාත්ත (මහින්ද පොන්සි) ට කතිරේ දාල එනවද? :P:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මුස්තාපා කොහොමද මචන්? මෙදා පාරත් ගිහිල්ලා බේබිගේ තාත්ත (මහින්ද පොන්සි) ට කතිරේ දාල එනවද? :P:P

    ආ පැන්තර් මල්ලි !! උඹත් පොන්සිටද?