13/1/16 වෙනස
#සඟරුවනට නීති - භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම හා විනය කරුණු පිළිබඳ විධිවිධාන පනවමින්කෙටුම්පතක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
#හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේ නැහැ - ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි
#ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට ඇමරිකානු රජයට දිවුරුම් ප්‍රකාශයක් දුන් හිටපු මේජර් ජෙනරාල්වරයකු විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල යක ඉහළම ධුරයකට පත්කර ඇත.
#හිරුණිකාට ක්ෂණිකව ඇප ලබාදීම නීතිය දෙවිදියකට ක්‍රියාත්මක කිරීම ජනතාව අපේක්ෂා කල වෙනසද් - උදය ගම්මන්පිල
#අන්තර්ජාලය හරහා ගොවීන් ලියාපදිංචි කිරීම වී මිලට ගැනීමේදී අක්‍රමිකතා ඇති නොවීමටයි - ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන්
# 2015 මුල් මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2337.2 ක හිඟයක් ඇතැයි මහ බැංකුව ඇස්තමේන්තු කර ඇත.
#මත්තල ගුවන්තොටුපළේ වී තොග හෙට (14දා) සිට මුදාහැරීමට කටයුතු කරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි
#හමුදාපතිවරයාගේ නියෝගයක් මත ගිරිතලේ බුද්ධි බලකා කඳවරට සීල් තබා තිබේ. එහි සිටි සියළු නිලධාරින් ඉවත්කර වෙනත් කඳවුරු කරා යවා ඇත.
#ජනපති පදවි ප්‍රාප්තියට මුදල් අමාත්‍යාංශ සැමරුමක්.
#ජනවාරි 8-9 පැවති ජනාධිපති මෛතීපාල සිරිසෙන් මහතාගේ වර්ෂ පූර්ණ පදවි ප්රාප්ති සැමරුම් වෙනුවෙන් රජය වියදම් කලේ රුපියල් 6600ක් බවත් ගිය පාලන සමයේ එවැන්නක් කලා නම් මිලියන 6600ක් වියදම් කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.


