මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    ඉතින් ඔතන කරන්නේ මතක තියාගෙන හිටපු වචන ටිකක් කියන්න ෆෝකස් කරන එකක් මිසක් වෙන දෙයක් නෙවෙයි .

    ඇස් දෙක පියාගෙන හිනාවෙවී මතක තියන් හිටපු කුණුහරප ටිකක් කිව්වත් , කවියක් කිව්වත් ඕකම තමයි වෙන්නේ

    කුණුහරප කිව්හම මෛත්‍රිය ඇති වෙනවනම් කුණුහරප කියන්නත් පුලුවන්. Generally මෛත්‍රිය ඇති වෙන phrases තමයි භාවනා ආකෘතියේ තියෙන්නේ හැමෝටම ගැලපෙන්න ඕනේ නිසා.

    කලින් කිව්වා වගේ මෙතන වැදගත් මෛත්‍රිය. වචන නෙමෙයි.

    මෛත්‍රී වේවා කිව්වට ඒවා ඒ වේවා කියන උන්ට වෙන්නත් නැත්නම් ඇති වැඩක් නෑ . දන දන බොරු කරන එක ඔය කරන්නේ කවුරුහරි කියන නිසා

    තමන්ට වැඩක් තියෙන නිසා තමන් වඩන්නේ. නැතුව අනිත් අය සුවපත් කරන්න නෙමෙයි. තරහ යන ගතිය වැඩි කෙනෙක්ට මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙලා, ඒ ගතිය නැති කරගන්න පුලුවන්. තව කෙනෙක්ට මෛත්‍රි භාවනාවේ ඉහලම ඵල විදිහට, රූප ධ්‍යාන මට්ටම් වලට ගිහින්, විදර්ශනාවට හැරෙන්න පුලුවන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,006
    1
    61,113
    113
    Mother Earth
    අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති


    හිතුවට මුකුත් වෙන්නේ නෑ
    හිතන දේ වෙන්නෙත් නෑ 😄


    ඔතන කසින නිමිත්ත ප්‍රාර්ථනාව නෙමෙයි වඩන චෛතසිකය
    චින්ති චම්පි බොති..
    අචින්ති තම්පි හිනස්සති.. 🤷🏻‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    තමන්ට වැඩක් තියෙන නිසා තමන් වඩන්නේ. නැතුව අනිත් අය සුවපත් කරන්න නෙමෙයි. තරහ යන ගතිය වැඩි කෙනෙක්ට මෛත්‍රිය පතුරවන්න පුරුදු වෙලා, ඒ ගතිය නැති කරගන්න පුලුවන්. තව කෙනෙක්ට මෛත්‍රි භාවනාවේ ඉහලම ඵල විදිහට, රූප ධ්‍යාන මට්ටම් වලට ගිහින්, විදර්ශනාවට හැරෙන්න පුලුවන්
    එහෙම මෛත්‍රිය පතිරවිම්ක් වෙන්නේ නෑ බන් . . ඒක තමයි මේ මෙච්චර වෙලා කියන්නේ .
    නිකන් ඇස් දෙක වහගෙන මතක තියාගත්තා pattern එකකට වචන ටිකක් මතක් කරන එක කරන්නේ .
    ඇත්තටම වෙන්නේ නෑ කියලා දන්න ප්‍රර්ථනා කිරීමකින් කොහොම ද බන් මෛත්‍රියක් පැතිරෙන්නේ ?
    කියන එකා ම දන්නවා ඔය කිව්වට මුකුත් ඌ ට වෙන්නේ නෑ කියලා .

    දැන් මම ඇස් දෙක පියාගෙන පැයක් උබට මෛත්‍රී වේවා කියලා හිතුවට උබට ඇති වැඩකුත් නෑ මට ඇති වැඩකුත් නෑ .

    ෆෝකස් එක නම් ඕනේ එක තමන් කරන මොන වැඩේ කරත් ගන්න පුලුවන් .
    එහෙම ඇත්තටම ෆොක්ස් එක ගන්න එක නම් තේරුමක් තියනව මේ වගේ බොරුවට රගපාන්වට වැඩිය .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    ඉතින් ඒ වචන කියන්න තමයි ෆොක්ස් කරන්නේ . මෛත්‍රිය කියලා අමුතු දෙයක් ඇතිවෙන්නේ නෑ තමන්ට වත් ඒ ප්‍රර්ථනා කරන මිනිස්සුන්ට වත්

    වෙනම එකක් නෑ කියන්නේ ඔයානේ. ඔයා වෙන කසිනෙකින් අඩුම උපචාර සමාධි මට්ටමකටවත් ගිහින් තියෙනවද?

    මට දැනෙන්නැහැ.. කියන්නේ 'නැහැ' කියන එක නෙමෙයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    වෙනම එකක් නෑ කියන්නේ ඔයානේ. ඔයා වෙන කසිනෙකින් අඩුම උපචාර සමාධි මට්ටමකටවත් ගිහින් තියෙනවද?

    මට දැනෙන්නැහැ.. කියන්නේ 'නැහැ' කියන එක නෙමෙයි.
    ගොලුවෙක් ට බීරෙක් ට මෛත්‍රී භාවනාව කරන්න පුලුවන් ද බැරිද ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    එහෙම මෛත්‍රිය පතිරවිම්ක් වෙන්නේ නෑ බන් . . ඒක තමයි මේ මෙච්චර වෙලා කියන්නේ .
    නිකන් ඇස් දෙක වහගෙන මතක තියාගත්තා pattern එකකට වචන ටිකක් මතක් කරන එක කරන්නේ .
    ඇත්තටම වෙන්නේ නෑ කියලා දන්න ප්‍රර්ථනා කිරීමකින් කොහොම ද බන් මෛත්‍රියක් පැතිරෙන්නේ ?
    කියන එකා ම දන්නවා ඔය කිව්වට මුකුත් ඌ ට වෙන්නේ නෑ කියලා .

    දැන් මම ඇස් දෙක පියාගෙන පැයක් උබට මෛත්‍රී වේවා කියලා හිතුවට උබට ඇති වැඩකුත් නෑ මට ඇති වැඩකුත් නෑ .

    ෆෝකස් එක නම් ඕනේ එක තමන් කරන මොන වැඩේ කරත් ගන්න පුලුවන් .
    එහෙම ඇත්තටම ෆොක්ස් එක ගන්න එක නම් තේරුමක් තියනව මේ වගේ බොරුවට රගපාන්වට වැඩිය .

    ඕන අරමුණක focus එකනම් තියා ගන්න පුලුවන්. ඒත් generally ලේසිම ඒවා සහ උතුම්ම ඵල ලැබෙන ඒවා තමයි කමටහන් 40 දක්වලා තියෙන්නේ.

    කලින් කිව්වා වගේ, ඔයාට මෛත්‍රිය කියලා වෙනම, ඒ feeling එක දැනෙන්නැහැ.. කියන්නේ එහෙම එකක් නැහැ කියන එක නෙමෙයි.

    plus, මෛත්‍රිය විශේෂ වෙන හේතු,


    වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං.

    භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

    යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච. සෙය්‍යථාපි භික්ඛවේ යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමපභාය කලං නාග්ඝන්ති සෝළසිං, චන්දපභායේව තා අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච, ඒවං ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

    “පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, මේ තාරුකාවල යම් ප්‍රභාෂ්වරබවක් තියෙනවා නම්, එය සඳක ඇති ප්‍රභාෂ්වර බවෙන් සොළොස් කලාවෙන් පංගුවක් තරම්වත් වටින්නේ නෑ. සඳේ ප්‍රභාෂ්වර බව ඒ සියල්ල පරදවලා දිලිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.

    සෙය්‍යථාපි භික්ඛවේ වස්සානං පච්ඡිමේ මාසේ සරදසමයේ විද්ධේ විගතවලාහකේ නභේ ආදිච්චෝ නභං අබ්භුස්සක්කමානෝ සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච, තපතේ ච, විරෝචති ච. සෙය්‍යථාපි භික්ඛවේ රත්තියා පච්චූසසමයං ඕසධි තාරකා භාසතේ ච තපතේ ච විරෝචති ච, ඒවමේව ඛෝ භික්ඛවේ යානි කානිචි ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි, සබ්බානි තානි මෙත්තාය චේතෝවිමුත්තියා කලං නාග්ඝන්ති සෝළසිං. මෙත්තායේව තානි චේතෝවිමුත්ති අධිග්ගහෙත්වා භාසතේ ච තපතේ ච විරෝචති ච.

    පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගේ දෙයක්. වැසි කාලෙ ඉවර වෙලා එන අන්තිම මාසෙදී, සරත් කාලෙදී, වළාකුළු ඈත් මෑත් වෙලා අහස හොඳට පැහැදිලිව පේනවා. ඉතින් ඒ අහසේ හිරු මඬල මුදුන් වෙන කොට එතෙක් වෙලා අහසේ තිබුණු අඳුරු ගතිය නැතිවෙනවා. සියලු අඳුර පරදවලා දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, අන්න ඒ වගේ තමයි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා. පින්වත් මහණෙනි, ඒක මෙන්න මේ වගෙයි. රෑ අලුයම් කාලයේදී බබලන ඕසධී තාරුකාව තමයි දිලිසෙන්නෙත්, හාත්පසින් දිලිසෙන්නෙත්, බබලන්නෙත්. අන්න ඒ වගේ තමයි පින්වත් මහණෙනි, මතුවට සැප විපාක ලබාදෙන මහත් පුණ්‍ය ක්‍රියා පිළිවෙතක් තියෙනවා නම්, ඒ සියල්ලම මෛත්‍රී චිත්ත විමුක්තියෙන් සොළොස් කලාවෙන් කොටසක් තරම්වත් වටින්නේ නෑ. ඒ සියලු පුණ්‍යක්‍රියා පිළිවෙත් පරදවලා, මේ මෛත්‍රී චිත්ත විමුක්තියම දිළිසෙනවා, හාත්පසින් දිලිසෙනවා, බබලනවා.”

    ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.


    “යෝ ච මෙත්තං භාවයති අප්පමාණං පටිස්සතෝ,
    තනූ සංයෝජනා හොන්ති පස්සතෝ උපධික්ඛයං

    “යම් කෙනෙක් හොඳින් සිහි නුවණ තුළ පිහිටලා අප්‍රමාණව මෛත්‍රී චිත්තය වඩනවා නම් ඔහු කෙලෙසුන්ගේ නැසීම දකිනවා. ඒ සිතේ සසරේ බැඳ තබන බැඳීම් තුනී වෙලා යනවා.

    ඒකම්පි චේ පාණමදුට්ඨචිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති,
    සබ්බේ ච පාණේ මනසානුකම්පං පහූතමරියෝ පකරෝති පුඤ්ඤං

    එකම එක ප්‍රාණියෙක් ගැනවත් සිත දූෂිත කරගන්නේ නැත්නම්, මෙත් සිතම පතුරුවනවා නම්, ඒ නිසාම ඔහු ධර්මයේ හැසිරීමට දක්ෂයෙක් වෙනවා. එම නිසා සියලු ප්‍රාණීන් කෙරෙහිම මහත් හිතානුකම්පාවක් ඇති ආර්යයන් වහන්සේ බොහෝ පින් රැස් කර ගන්නවා යන කරුණෙහි ඇති අරුමය කිම?

    යෝ සත්තසණ්ඩං පථවිං විජෙත්වා රාජිසයෝ යජමානානුපරියගා,
    අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙය්‍යං නිරග්ගලං

    සමහර රජවරු ඉන්නවා. ඔවුන් බොහෝ සත්වයන් ගැවසී සිටින මේ මහ පොළොව දිනපු ඉසිවරු වගෙයි. ඔවුන් අස්සමේධ, පුරිසමේධ, සම්මාපාස, වාජපෙය්‍ය, නිරග්ගල කියන නොයෙක් ජාතියේ යාග කරමින් හැසිරෙනවා.

    මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස කලම්පි තේ නානුභවන්ති සෝළසිං,
    චන්දප්පභා තාරගණා’ව සබ්බේ

    (ඒ වුනත් ඒ යාගයන්) ඉතා හොඳට පුරුදු කරපු මෛත්‍රී සිතක් තියෙන කෙනාට රැස්වෙන පිනෙන් සොළොස් කලාවෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නෑ. එය සියලු තරුවල එළිය තිබුනත් ඒ එළිය සඳ එළියේ ප්‍රභාවයේ සොළොස් කලාවෙන් එකක් තරම්වත් වටින්නේ නෑ වගේ.

    යෝ න හන්ති න ඝාතේති න ජිනාති න ජාපයේ,
    මෙත්තංසෝ සබ්බභූතේසු වේරං තස්ස න කේනචී”ති

    යමෙක් කිසිවෙකුට හිංසා කරන්නේ නැත්නම්, කිසිවෙකුව මරන්නේ නැත්නම්, කිසිවෙකුව පරදවන්නේ නැත්නම්, අනුන් ලවා හානි කරවන්නෙත් නැත්නම්, අන්න ඒ කෙනා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය වඩනවා. ඔහුට ඒ කිසි දෙයකින් වෛරයක් ඇති වෙන්නේ නෑ.”

    අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.

    මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    මෙකෙ බණ කියන එවුන්ම ත්‍රෙඩ් දාලා අහලා තිබ්බා ආසම පොර්න් ජාතිය මොකක්ද කියලා
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,685
    113
    මොනර තැන්න
    මන් ආගම් වලට අපහස කරන්නෙ නැහැ ඒත් . එක හාමුදුරු නමක් කියනව මත්‍රී කරහම සසර දික් වෙනව කියල . මෙයා කියනව සසර කොට වෙනව කියල. දැන් මගෙන් අහන්න එපා විඩියො ක්ලිප් එක කොහෙද? තියෙන්නෙ කියල . මට ඕව හොය හොය ඉන්න වෙලාවක් නැහැ
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    මන් ආගම් වලට අපහස කරන්නෙ නැහැ ඒත් . එක හාමුදුරු නමක් කියනව මත්‍රී කරහම සසර දික් වෙනව කියල . මෙයා කියනව සසර කොට වෙනව කියල. දැන් මගෙන් අහන්න එපා විඩියො ක්ලිප් එක කොහෙද? තියෙන්නෙ කියල . මට ඕව හොය හොය ඉන්න වෙලාවක් නැහැ

    සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි.

    දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්.

    "මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි."
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,707
    113
    සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි.

    දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්.
    Itin ban maitreeya ita wada dangerous avidyawak ne.sathwayek innawa kiyala hitagena eyata maitreee karanawa
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    Itin ban maitreeya ita wada dangerous avidyawak ne.sathwayek innawa kiyala hitagena eyata maitreee karanawa

    අවිද්‍යාව කියන එකෙන් මිදෙන්න බැහැ මොනවහරි දෙයක් කරලා. හැබැයි කරන දේවල් අවිද්‍යාවෙන් මිදෙන්න උපනිශය වෙන්නැහැ කියලා කියන්නත් බැහැ.

    බන අහන්න කියන්නේ ඒක තමයි.

    හරියට දැක්කොත් තමයි සතිපට්ඨානය වැඩෙන්නේ, imho.
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,685
    113
    මොනර තැන්න
    සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි.

    දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්.
    eka thamai . man laga di video ekak dakka hamuduru kenek kiynwa my3 karahama dik wenwa kiyla. confuse karanwa neda ? aagama unoth . minssunwa baya krnwa eke eka dewal kiyla
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    eka thamai . man laga di video ekak dakka hamuduru kenek kiynwa my3 karahama dik wenwa kiyla. confuse karanwa neda ? aagama unoth . minssunwa baya krnwa eke eka dewal kiyla

    බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම තමයි. අනිත් අය නිසා නෙමෙයි.
     
    • Haha
    Reactions: Mr Robot

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,565
    2,013
    113
    saharan ahema bomba pupuruwa gatthe rahath wela hinda da ? keles nathi utthamayek da ? ethakota . buddhist kiyanne blah blah blah @Candid-B

    බෝම්බ පුපුරගන්නෙත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ලෝබය, ද්වේශය, මෝහයම තමයි.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,880
    11,336
    113
    මෙකෙ බණ කියන එවුන් IT කෙල වෙලා ලු , දැන් "fuck " වෙලා ලු කුනුහරුප කිය කිය
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,685
    113
    මොනර තැන්න
    බෝම්බ පුපුරගන්නෙත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ලෝබය, ද්වේශය, මෝහයම තමයි.
    බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම තමයි. අනිත් අය නිසා නෙමෙයි.
    ලෝබය, ද්වේශය, මෝහ Keles walata nam = බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම nam . un momba pupurawa gatthe baya nathuwa rahath wela idala da? @dilann meka pahadili karapan apita, ලෝබය, ද්වේශය, මෝහ ekka baya nathuwa momba pupurawa ganna akaraya @Candid-B ,@Emios , @sinhawanshaya
     
    • Haha
    Reactions: webDevNinja

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    බෝම්බ පුපුරගන්නෙත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ලෝබය, ද්වේශය, මෝහයම තමයි.
    එතකොට බුදු වෙන්නේ කිසි බලාපොරොත්තුවක් නැතුවද ?
    බලාපොරොත්තුවක් ඇතුව නම් එතනත් තියෙන්නේ ලෝබය නේද ?
     
    • Haha
    Reactions: webDevNinja