මෛත්‍රී + මහින්ද

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
මෛත්‍රී + මහින්ද

මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය මෛත්‍රි + මහින්ද එකතු උනානම් රට සංවර්ධනය කරන්න ලේසියි මෛත්‍රි + රනිල්ට වඩා. උබල මොකද කියන්නෙ. ? :confused::confused:
 
  • Like
Reactions: creed1

Mr.Choco

Active member
  • Jan 28, 2016
    302
    31
    28
    London,UK
    Ginadarai,pulunui ekathu unoth mokada wenne machan,
    Sirisena kawadawath Mahinda ekka thiyanna be,
    Chandrika balu W*si innakam rata godaemakuth ne:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා
    මේ ආණ්‌ඩුව කුමන්ත්‍රණවලින් හොල්ලන්න බැහැ
    තව අවුරුදු 5 කින් රට සුරපුරයක්‌ කර
    ඔබේ බලාපොරොත්තු ඉටුකරනවා
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

    2975-10-maithripalas-100-day-work-programme.jpg

    අපි මේ රටේ බලය ගත්තේ දවසකින්, සතියකින්, මාසයකින් රටේ ප්‍රශ්න විසඳනවා කියලා නොවේ. තවත් වසර පහකින් මේ රට මොනතරම් ලස්‌සන රටක්‌ද කියලා ඔබට බලාගන්න පුළුවන් යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

    අම්පාර, පලමුණෙයි ක්‍රීඩා සංකීර්ණයේ පැවති මුස්‌ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

    මම තමුන්නාන්සේලාගේ ප්‍රදේශයට පැමිණියේ ඉතාමත් සතුටින් බව ප්‍රකාශ කරන්න ඕන.

    මට මෙම අවස්‌ථාවට ආරාධනා කිරීම පිළිබඳව රවුµa හකීම් මහතා ඇතුළු මුස්‌ලිම් කොංග්‍රසයේ සියලු සාමාජිකයින්ට මගේ ගෞරවනීය ස්‌තූතිය පුද කරනවා.

    මීට මාස 15 කට පෙර පැවති ජනාධිපතිවරණයේදි මේ ප්‍රදේශයට මම ඇවිල්ලා තමුන්නාන්සේලාගේ සහාය ඉල්ලා සිටියා. මේ රටේ අලුත් ආණ්‌ඩුවක්‌ හදන්න, වෙනසක්‌ කරන්න, මේ රටේ සමස්‌ථ පොදු ජනතාවට අවශ්‍ය පරිවර්තනයක්‌ ලබාදීම ස`දහා.

    ඒ මැතිවරණ ව්‍යාපාරයේදි මේ ප්‍රදේශවලට ආ විට තිබූ පාලනය වෙනස්‌ කර අපේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තමුනාන්නසේලා ලක්‌ෂ ගණනින් ඒකරාශී වෙලා අතිවිශාල සහයෝගයක්‌ අපට ලබා දුන්නා. ඒ වගේම මගේ මතකයේ තිබෙනවා ඒ රැස්‌වීම්වලට තමුන්නාන්සේලා ආවේ හරියට ග`ගක්‌ ගලනවා වගේ තමයි දහස්‌ ගණනින්. ඒ නිසා අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදලා ක්‍රියාත්මක කළ අලුත් වැඩපිළිවෙල ඒ ගලන ගඟ වගේ ඉස්‌සරහට ගෙනයනවා මිසක්‌ කාටවත් ආපස්‌සට හරවන්න පුළුවන්කමක්‌ නැහැ කියලා මම පැහැදිළිව කියනවා.

    විශේෂයෙන්ම 2015 ජනවාරි 08 වෙනිදා පැවති මැතිවරණ සමය වන විට මේ රටේ මුස්‌ලිම් ජනතාව මොනතරම් පීඩාවකින්, අසහනයකින් හිටියද කියලා මම පැහැදිළිව දන්නවා. ඒ වගේම තමයි මේ රටේ උතුරේ දෙමළ ජනතාව ඒ අවස්‌ථාව වන විට මොනතරම් අසහනයෙන් සහ නොසන්සුන්තාවයෙන් සිටියද කියලා මගේ මතකයේ තිබෙනවා. ඒ වගේම තමයි මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට ඒ තිබූ පාලනය වෙනස්‌ කිරීමට තිබූ අවශ්‍යතාවය.

    ඒ නිසා තමුන්නාන්සේලා සෑම කෙනෙක්‌ම උතුර, නැගෙනහිර, දකුණ, බටහිර සියලු දෙනා එකතු වෙලා අලුත් ආණ්‌ඩුවක්‌ හැදුවේ අලුත් ගමනක්‌ යාම සඳහායි. අපිට කුමන විදිහේ බාධාවන් ආවත්, අභියෝග ආවත් මේ රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් රටේ සමස්‌ථ පොදු ජනතාව වෙනුවෙන් ඒ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු කර ගැනීම ස`දහා යහපත් රටක්‌ ගොඩනඟන්න ඒ ගමන ඉදිරියට යනවා. ඒක කාටවත් වළක්‌වන්න බෑ.

    අද මේ වේදිකාව දිහා බැලුවහම මම රවුµa හකීම් ඇමතිතුමාට ස්‌තූතිවන්ත වෙනවා මේ වේදිකාවේ සියලුම දේශපාලන පක්‌ෂවල නායකයෝ ඒකරාශි කරලා තමුන්නාන්සේලාගේ මේ සමුළුව පැවැත්වීම ගැන. අද මේ රටේ සෑම කෙනෙකුටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. රටේ ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරලා තිබෙනවා. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වන සංශෝධනයෙන් රටට අවශ්‍ය විශාල පරිවර්තනයක්‌ කරලා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල පැය 24 න් හම්බවෙන්නේ නැහැ. අනාගතයේ ඔබට සහ ඔබේ දරුවන්ට එහි ප්‍රතිඵල තිබෙනවා.

    අද කොළඹ නගරයේ නොයෙකුත් උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්‌වීම් වැඩිවෙලා තිබෙනවා පහුගිය කාලවලට වැඩිය. ඒ සෑම පෙළපාලියකින්ම රැස්‌වීමකින්ම කියන්නේ මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලා තිබෙන එක. ඕන කෙනෙකුට පෙළපාලි යන්න පුළුවන්. රැස්‌වීම් තියන්න පුළුවන්. ඕන කෙනෙකුට උද්ඝෝෂණ පවත්වන්න පුළුවන්. ආණ්‌ඩුවට විරෝධතා පවත්වන්න පුළුවන්. ඒවා මෙහෙයවන නායකයෝ කිසි කෙනෙක්‌ අපි සූදු වෑන් යවලා අතුරුදන් කරන්නේ නැහැ. ඒ වගේම ඒවා සංවිධානය කරන නායකයින්ගේ ගෙවල්වලට ගහන්නෙත් නෑ. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදි ආණ්‌ඩුවක්‌ විදිහට සෑම කෙනෙකුටම ඒ නිදහස හා අයිතිය ලබා දී තිබෙනවා. හැබැයි මම ඒ හැම කෙනෙකුටම එක දෙයක්‌ කියන්න ඕන. මොන විදිහේ සටන් පාඨ ඉදිරිපත් කළත් මේ ආණ්‌ඩුව අවුරුදු 05 කින් පස්‌සේ පැවැත්වෙන මහ මැතිවරණයකින් විනා කාටවත් වෙනස්‌ කරන්න පුළුවන්කමක්‌ නැහැ.

    මේ රටේ තව අවුරුදු 05 කින් පස්‌සේ එන මැතිවරණය වන විට ඉදිරි වසර 05 තුළ අපි මේ රට සංවර්ධනය කරලා ජනතාවට සතුටින් ජීවත්විය හැකි සමාජයක්‌ හදනවා. අපිව ජයග්‍රහණය කරවපු ජනතාවගේ අරමුණු ඉෂ්ට කරන්න වගේම පරාජය කරලා ඉවත් කරපු බලවේග දේශපාලන ව්‍යාපාරය තුළින් ඉවත් කර දැමීම ස`දහා.

    මේ කාලයේ නොයෙකුත් කථාවල් අපට ඇහෙනවා. පත්තර බලපුවහම නොයෙකු දේවල් ඒවායේ තිබෙනවා. මාධ්‍ය තුළ නොයෙක්‌ දේවල් කියනවා පේනවා අපිට. හැබැයි මේ ආණ්‌ඩුව කුමන්ත්‍රණය කරලා වෙනස්‌ කරන්න කාටවත් පුළුවන්කමක්‌ නැහැ.

    රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත්, මමත් ආණ්‌ඩුවේ සිටින සියලු පක්‌ෂ නායකයින් සහ මැති ඇමතිවරු සහෝදරත්වයෙන් මේ ආණඩුව ශක්‌තිමත් කරගෙන ඉදිරියට යනවා. රට තුළ නොයෙකුත් ප්‍රශ්ණ තිබෙනවා අපි දන්නවා. අද මේ රටේ තිබෙන ප්‍රශ්ණ අපි ඇවිල්ලා අවුරුද්දක්‌ තුළ ඇතිවුන ප්‍රශ්ණ නොවේ. මේවා මාස දෙක තුනකින් හදිසියේ ඇතිවුණ ප්‍රශ්ණ නෙවේ.

    විදුලිය ගියහම ඒකටත් අපිට තමයි බනින්නේ. නමුත් විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු මහත්තුරුම කියනවා විදුලිබල මධ්‍යස්‌ථානවල අලුත්වැඩියා කිරීම් අවුරුදු 10 කින් 15 කින් කරලා නැහැ. ඒ නිසා තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. ඒ වගකීම ඉංජිනේරු මහත්තරු බලා ගන්නවා. ඒක ඒගොල්ලේ විසඳනවා. අපි ඒ ඉංජිනේරු මහත්තරු ගැන විශ්වාස තියලා තියනවා. නමුත් ඒ ගොල්ලො කියන්නේ ඒවා අලුත්වැඩියා කිරීමට අවශ්‍ය සම්පත්, උපකරණ, යන්ත්‍ර සූත්‍ර ඒගොල්ලන්ට ගෙනල්ලා දුන්නේ නැහැ කියලා අවුරුදු 10 කින් 15 කින්.

    රටේ ආර්ථිකය ගැන කියලා ආණ්‌ඩුවට දොස්‌ කියනවා සමහර අය. අද ආර්ථික ප්‍රශ්ණ නැත්තේ ලෝකයේ මොන රටේද කියලා මම අහනවා ඒ අයගෙන්. අද මු`ථ යුරෝපයේම රටවල් නොසන්සුන්. ඒකට හේතුවෙලා තියෙන්නේ සිරියන් යුද්ධය සහ සරණාගතයින්ගේ බරපතළ ප්‍රශ්ණය. යුරෝපා සංගමයේ වෙන් වීමක්‌ නිසා මුළු යුරෝපා සංගමය තුළම නොසන්සුන්තාවයක්‌ තිබෙනවා.

    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා මහත්තය ඊයේ පෙරේදා ඇමරිකාවේ ජනාධිපති අපේක්‌ෂකයින්ට කිව්වා ඇමරිකාවේ ගෞරවය ආරක්‌ෂා කරගෙන වැදගත් විදිහට මැතිවරණ ව්‍යාපාරය කරන්න කියලා. ඒ වගේම ඔබ දන්නවා අද ලෝකයේ මුස්‌ලිම් රටවල නොයෙකුත් ප්‍රශ්ණ සහ ගැටලු තිබෙනවා. ඒ ප්‍රශ්ණ හුඟක්‌ හදපු ඒවා. මම ඒවා ගැන මේ වෙලාවේ කථා කරන්නේ නැහැ. ආසියාවේ රටවල් සියල්ලෙහිම බරපතළ ආර්ථික ප්‍රශ්ණ තිබෙනවා. ලෝකයේ සෑම රටකම තිබෙන ප්‍රශ්ණ අපේ රටෙත් තිබෙනවා. අපේ රටට තනිවම ජීවත් වෙන්න පුළුවන්කමක්‌ නැහැ. අපි ලෝකයේ සෑම රටක්‌ එක්‌කම එකට යන්න ඕන.

    අද අපේ රටට ලෝකයේ සියලු රටවලින් සහයෝගය ලැබෙනවා. ඒ නිසා අපට විශාල වශයෙන් අවශ්‍ය අනුග්‍රහය සහ සහයෝගය ලැබෙනවා. මේ රට දියුණු කරන්න ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගයේ ප්‍රතිඵල මේ අවුරුද්ද අවසාන වන විට සෑම කෙනෙකුටම බලාගන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් කලබල වෙන්න වුවමනාවක්‌ නැහැ.

    මම දැක්‌කා මේ ළඟදි කොළඹදි කවුද කියනවා ඒගොල්ලන්ට අලුතෙන් ආණ්‌ඩුවක්‌ හදන්න, ආණ්‌ඩුව භාරදෙන්න කියලා. පපුවට ගහගෙන, ගහගෙන කියනවා එයාට ආණ්‌ඩුව දෙන්න කියලා. ඔය පපුවට ගහ ගන්න අය ආණ්‌ඩු කරන හැටි අපි හොඳට දැකලා තියනවා. මම ඒගොල්ලොත් එක්‌ක ආණ්‌ඩු කරපු කෙනෙක්‌. ඔය පපුවට ගහනවට බය නැති නිසා තමයි මම ආණ්‌ඩුවෙන් එළියට ඇවිල්ල අලුත් ආණ්‌ඩුවක්‌ හැදුවේ. ඒ නිසා පපුවට ගහගත්තට අපි ඒවට බය වෙන්නේ නැහැ.

    මේ රට හොඳ රටක්‌ ලෙස අපි ගොඩනඟනවා. මේ ආණ්‌ඩුව කුමන්ත්‍රණවලින් වෙනස්‌ කරන්න කාටවත් පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසා අසත්‍ය ප්‍රචාරවලට කවුරුවත් රැවටෙන්න එපා. මේ රටේ සෑම ප්‍රදේශයකම තිබෙන ප්‍රශ්ණ අපි හොඳින් හඳුනනවා. සිංහල, දෙමළ, මුස්‌ලිම් කියලා ඒ ප්‍රශ්ණ බෙදන්න පුළුවන්කමක්‌ නැහැ. තමුන්නාසේලා අපි සෑම කෙනෙක්‌ම සහෝදරත්වයෙන් එක පවුලක්‌ වගේ මේ රටේ ජීවත් වෙන්න ඕන.

    මේ රටේ නැවත යුද්ධයක්‌ ඇතිවෙන්න දෙන්න පුළුවන්කමක්‌ නැහැ. අපි පරාජය කරපු ආණ්‌ඩුවට ඒ කාලයේ ජාත්‍යන්තර සහයෝගයක්‌ තිබුණේ නැහැ. අපේ අලුත් ආණ්‌ඩුවට විශාල ජාත්‍යන්තර සහයෝගයක්‌ තිබෙනවා. ලෝකයේ කිසිම රටක්‌ අද අපිට සතුරු නැහැ. අද ලෝකයේ සියලු රාජ්‍යයන් අපේ මිත්‍රයින්. ඒ වගේම සියලු ජාත්‍යන්තර සංවිධානවල ආශිර්වාදය අපට තිබෙනවා. ඒ රටවල සහයෝගය අපට ලැබෙනකොට මේ රටේ කොටසක්‌ කියනවා අපි ඒ රටවලට යටවෙනවා කියලා. අපි ඒ රටවල්වලට ගියගහම, ඒ රටවලින් මෙහාට ආවහම ගිවිසුම් අත්සන් කරනකොට මේ රට දියුණු කරන්න මේ රටේ කොටසක්‌ කියනවා අපි මේ රට පාවා දෙනවා කියලා. මේ රට ලෝකයේ කිසිම රටකට අපි යටත් කරන්නේ නැහැ වගේම පාවා දෙන්නේ නැහැ. මේ රටේ ස්‌වාධිනත්වය අපි බොහොම පැහැදිළිව ආරක්‌ෂා කරනවා.

    අපි ලෝකයේ රටක්‌ එක්‌ක ජාත්‍යන්තර සංවිධානයක්‌ එක්‌ක කුමන ආකාරයේ ගිවිසුමක්‌ අත්සන් කළත් ඒ සියලුදේ හො`දින් කියවලා, අධ්‍යයනය කරලා ඉතාම බුද්ධිමත්ව සොයා බලා මේ රටේ යහපත ස`දහා තමයි ඒ සෑම දෙයක්‌ම කරන්නේ. අපිට මේ චෝදනා කරන අයගේ හෘද සාක්‌ෂිය කුමක්‌ද කියල අපි දන්නවා. ඒ ගොල්ලන්ට ජාත්‍යන්ර වශයෙන් සහයෝගය නොලැබුණ නිසා අද අපිට ලබාදෙන සහයෝගය ඒ අයට බලාගෙන ඉන්න පුළුවන්කමක්‌ නැහැ. ඒ නිසා ජනතාව නොම`ග යවන්න නොයකුත් අසත්‍ය ප්‍රකාශ කරනවා.

    අද තමුන්නාන්සේලාගේ මේ සමුළුවට පැමිණීමට ලැබීම මම ඉතාමත් වැදගත්කොට සළකනවා. අපි මේරටේ ජනතාවගෙන් බලය ගත්තේ පැය 24 කින් එහෙම නැත්නම් සතියකින්, මාසයකින් තිබෙන ප්‍රශ්ණ විස`දනවා කියලා නෙවේ, තවත් වසර 05 කින් මේ රට මොනතරම් ලස්‌සන රටක්‌ද කියලා ඔබට බලාගන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සේලා වගේම මේ රටේ සියලු ජනතාවගේ සහයෝගය අපි ඉල්ලා සිටිනවා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න.

    :rofl::rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය මෛත්‍රි + මහින්ද එකතු උනානම් රට සංවර්ධනය කරන්න ලේසියි මෛත්‍රි + රනිල්ට වඩා. උබල මොකද කියන්නෙ. ? :confused::confused:

    ඉතින් මෛත්‍රි රට කන රනිල්ට එකතු වුනේ අයි බං?රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා කියලා තේරුම් ගත්තේ නැත්තේ ඇයි?ඕවා නිකන් බොරු කතා..මෛත්‍රිට ඕන උනෙත් නමට හරි ජනාධිපති වෙන්න විතරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙන්න එකතු වුනාම රට සංවර්ධනය වෙයි නේ හෝ ගාල :rolleyes: :rolleyes:
    හොඳ මලක් ගහල බුදියගත්ත නං ඔච්චර ගේමක් නෑ බං එක හීනෙයයි කෙලින්ම සංවර්ධිතයි :baffled: :baffled:
    මේක සංවර්ධනය වෙන්නෑ බං අපි මේ වෙලාවෙ බලන්න ඕනෙ ලංකාව සංවර්ධනය කරගන්න නෙමේ, අසංවර්ධනය වෙමින් පවතින එක නතර කරගන්නත් නෙමේ, අසංවර්ධනය වෙමින් පවතින එක පොඩ්ඩක් ස්ලෝ කරගන්න ක්‍රමයක් :( :(
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    ඉතින් මෛත්‍රි රට කන රනිල්ට එකතු වුනේ අයි බං?රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා කියලා තේරුම් ගත්තේ නැත්තේ ඇයි?ඕවා නිකන් බොරු කතා..මෛත්‍රිට ඕන උනෙත් නමට හරි ජනාධිපති වෙන්න විතරයි.

    රනිල් + මෛත්‍රි තව කල් පාලනය කලොත් රටටයි කෙලවෙන්නෙ මචන්. අපි උනත් ඒ කාලෙ හිතුවෙ මෛත්‍රි හොද තීරණයක් ගත්ත කියල. රටේ වෙනසක් වෙයි කියල. මෛත්‍රි කැවෙ පාටලීගෙයි රාජිතගෙයි ලණුව. අනික අපිට තව අවු 4කට මෛත්‍රි එලවන්න බෑ. හැබැයි රනිල් එලවල ටිකක් හරි වැටෙන්න යන වලෙන් ගොඩ යන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඉතින් මෛත්‍රි රට කන රනිල්ට එකතු වුනේ අයි බං?රනිල් බළල්ලු ලවා කොස් ඇට බාවන්න හදනවා කියලා තේරුම් ගත්තේ නැත්තේ ඇයි?ඕවා නිකන් බොරු කතා..මෛත්‍රිට ඕන උනෙත් නමට හරි ජනාධිපති වෙන්න විතරයි.

    :yes:
    මෛත්‍රී රනිල්ගෙ පඹයා මිසක් වෙන එකෙක් නෙවේ, රනිල්ට හැම එකටම එහෙයි එහෙයි කියල අන්තිමේ මම දන්නෙ නෑ කියන්න විතරයි පොර දන්නෙ, දැන් කොහොමත් රට දුවන්නෙ රනිල්ට ඕන විදිහට.

    මයිත්‍රීගෙ කට මිස වැඩ නැත.
    හිතන තරම් සුදු මිනිහෙකුත් නෙවේ.දහම් ටයි යාලුවන්ටයි යූකේ වීසා සිද්ධිය දැක්ක නෙ.
    https://www.colombotelegraph.com/in...risena-whilst-president-orders-news-blackout/
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    දෙන්න එකතු වුනාම රට සංවර්ධනය වෙයි නේ හෝ ගාල :rolleyes: :rolleyes:
    හොඳ මලක් ගහල බුදියගත්ත නං ඔච්චර ගේමක් නෑ බං එක හීනෙයයි කෙලින්ම සංවර්ධිතයි :baffled: :baffled:
    මේක සංවර්ධනය වෙන්නෑ බං අපි මේ වෙලාවෙ බලන්න ඕනෙ ලංකාව සංවර්ධනය කරගන්න නෙමේ, අසංවර්ධනය වෙමින් පවතින එක නතර කරගන්නත් නෙමේ, අසංවර්ධනය වෙමින් පවතින එක පොඩ්ඩක් ස්ලෝ කරගන්න ක්‍රමයක් :( :(

    අපිට තව අවු 4කට මෛත්‍රි එලවන්න බෑ. හැබැයි රනිල් එලවල ටිකක් හරි වැටෙන්න යන වලෙන් ගොඩ යන්න පුලුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අපිට තව අවු 4කට මෛත්‍රි එලවන්න බෑ. හැබැයි රනිල් එලවල ටිකක් හරි වැටෙන්න යන වලෙන් ගොඩ යන්න පුලුවන්.

    මයිත්‍රී රනිල් එලවන්න දෙන්නෙ නෑ හත්තිලව්වෙ :lol:
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මයිත්‍රී රනිල් එලවන්න දෙන්නෙ නෑ හත්තිලව්වෙ :lol:

    ඔයිට වඩා දේශපාලන පෙරලි වෙනව බං ලංකාවෙ. මහින්ද + ෆොන්සේක + චන්ද්‍රිකා එකතුවෙන්නත් බැරි නෑ. මේක ලංකාවනෙ :D:D:D:rofl::rofl::rofl:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    you ppl are soooo dumb
    mahinda = my3 = ranil there is no difference at all
    they tax us and improve their living conditions
    all politicians in SL are wealthier generations ahead of you

    feed their greed more
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් අපි මේ වෙලාවෙ මහන්සි වෙන්න ඕන මෛත්‍රි එලවන්න වත් ආණ්ඩු පෙරලන්න වත් නෙවෙයි. මහින්ද මෛත්‍රි එකතු කරන්න. මමනම් දකින්නෙ මෛත්‍රි හොද මිනිහෙක් හැටියටයි. රනිල් චන්ද්‍රිකා දෙන්න තමයි අකමැති වැඩියෙන්ම මේ දෙන්න එකතු වෙනව දකින්න. මෛත්‍රී නෙවෙයි රට කන්නෙ රනිල. මගේ නම් පෞද්ගලික මතය මෛත්‍රි + මහින්ද එකතු උනානම් රට සංවර්ධනය කරන්න ලේසියි මෛත්‍රි + රනිල්ට වඩා. උබල මොකද කියන්නෙ. ? :confused::confused:

    අනේ පලයන් බන් යන්න.මෛත්‍රී බබා වෙන්නැති.ඌට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැති එකෙක්ද?
    ඌ ඇවිල්ලා පඹයෙක්.ඌත් එක්ක මොන සහයෝගෙන් වැඩ කිරිල්ලක්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා
    මේ ආණ්‌ඩුව කුමන්ත්‍රණවලින් හොල්ලන්න බැහැ
    තව අවුරුදු 5 කින් රට සුරපුරයක්‌ කර
    ඔබේ බලාපොරොත්තු ඉටුකරනවා
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

    2975-10-maithripalas-100-day-work-programme.jpg

    අපි මේ රටේ බලය ගත්තේ දවසකින්, සතියකින්, මාසයකින් රටේ ප්‍රශ්න විසඳනවා කියලා නොවේ. තවත් වසර පහකින් මේ රට මොනතරම් ලස්‌සන රටක්‌ද කියලා ඔබට බලාගන්න පුළුවන් යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

    අම්පාර, පලමුණෙයි ක්‍රීඩා සංකීර්ණයේ පැවති මුස්‌ලිම් කොංග්‍රසයේ 19 වැනි ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

    මම තමුන්නාන්සේලාගේ ප්‍රදේශයට පැමිණියේ ඉතාමත් සතුටින් බව ප්‍රකාශ කරන්න ඕන.

    මට මෙම අවස්‌ථාවට ආරාධනා කිරීම පිළිබඳව රවුµa හකීම් මහතා ඇතුළු මුස්‌ලිම් කොංග්‍රසයේ සියලු සාමාජිකයින්ට මගේ ගෞරවනීය ස්‌තූතිය පුද කරනවා.

    :rofl::rofl::rofl:

    පහක් යනකොට රටක් තිබුනොත් මදෑ.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    අනේ පලයන් බන් යන්න.මෛත්‍රී බබා වෙන්නැති.ඌට දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැති එකෙක්ද?
    ඌ ඇවිල්ලා පඹයෙක්.ඌත් එක්ක මොන සහයෝගෙන් වැඩ කිරිල්ලක්ද

    හරි එහෙනම් උබ කියපන්කො මොකක් කලොත්ද හොද කියල. මෛත්‍රි බලෙන් එලවන්නද? මරන්නද? නැත්නම් තව අවු 4ක් බලන් ඉන්නද චන්දයක් එනකම්? තව 4ක් යනකම් හිටියොත්නම් රටක් නැත පුතේ.