මේවා ඉතින් සම්පූර්ණ හරියි කියන්නත් බෑ සම්පූර්ණ වැරදියි කියන්නත් බෑ. grey area. ලංකාවෙ විතරක් වෙන දේකුත් නෙවෙයි, ISP ලා එක එක limits දාපු රටවල් ගොඩක වෙන දෙයක්.
එක පැත්තකින් ISP ලාට විශේෂ පාඩුවක් වෙන්නෙ නෑ, මොකද ඔය විදියට data ගන්න නම් මුලින් මොකක්හරි social media, entertainment වගේ package එකක් සල්ලි දීලා active කරගන්න වෙනවානෙ. free ගන්නවා නෙවෙයිනෙ.
ඕකෙන් අනිත් 4G users ලාට bandwidth එක අඩු වෙලා පාඩුවක් වෙනවා, හැබැයි මේවා වැඩියෙන් පාවිච්චි නොකරන කාලෙත් අලුතින් tower එකක් වත් නොදා අලුතින් connection විතරක් දීලා network එක slow වෙලා තිබුණේ ගොඩක් තැන්වල. Fibre නම් ඕවා පාවිච්චි කරා කියලා අනිත් users ලාට ලොකු වෙනසක් වෙලා නෑ.
ISP ලා සාධාරණ වුණානම් ඔය වගේ දේවල් කරන්න users ලා පෙළඹෙනවා අඩුයි. අනවශ්‍ය විදියට සීමාවන් දාලා අයුතු ලාභ ගන්න ගිය එකේ ප්‍රතිපල තමයි ඔය
මීට වඩා වැරදියි තමන් පාවිච්චි කරපු දේවල්වල බිල නොගෙවා ඉඳලා පොලු තියන එක. තව ඉතින් රැවටිලා අඩුවට ගත්ත key එකකින් Windows activate කරගෙන, software free trial misuse කරලා "අපෝ මං නම් හොරකන් කරන්නෙ නෑ, වංචා කරන්නෙ නෑ" කියලා හිත සනසගත්තාට වැඩක් නෑ ඒවාත් වංචාවල් තමයි මේ වගේම. Piracy ත් එහෙම තමයි. සියලු කෙළෙස් නසන්න අමාරුයි ලංකාවේ ජීවත්වෙනකොට