මචන් තමන් කවුද කියන එක හරියටම හොයාගන්න. එතන තමා සාර්ථකත්වය තියෙන්නේ. අපි ජිවිතේ මොනම දේ කරත් අපේ අවසාන අරමුණ වෙන්නේ සතුට නැත්නම් සැනසීම කියන දෙය. මේ දේවල් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එක ගෙදරක සහෝදරයෝ දෙන්නෙක් ගත්තත් එක්කෙනෙක් මිල මුදල්, ඉඩකඩම් , යානවාහන කියන දේවල් එක්රැස් කිරීම ඇතුලේ සාර්ථකත්වය දකින්න පුළුවන්. ඒ දේ ඇතුලේ එයාට සතුට, සැනසීම තියෙනවනම් එයා සාර්ථකයි කියල එයා හිතනවා. අනිත් සහෝදරයා මහණවෙලා සියලුදේම අත් හැරලා අධ්‍යාත්මික ජීවිතයකට යනවනම් එතන එයාට සතුට සැනසීම තියෙනවනම් එයාට අනුව එයා සාර්ථකයි. ඒ හන්ද තමන්ගේ සතුට සැනසීම තියෙන තැන තමන්ම හොයාගන්න ඕනේ. ඒක අපේ අම්මා තාත්තටවත් අපි වෙනුවෙන් කරන්න බෑ.Thanks
අඩෝ කකාවනං ඇත්ත ඒත් ඉතාම සරල ජිවිත ගත කරනඅයත් සතුටින් ඉන්නව බං.. මට මතක් වෙන්නෙ අර කියමන....” මිරිවැටි සගලක් නැතිව හඩනා මා දෙපා නොලද්දෙක් සිනා සෙනු දුටුවෙමි”…..
ඒ වගේම එක සහෝදරයෙක් මට යානවාහන, මිලමුදල් තියෙනවා. මගේ සහෝදරයා මහන උනා එයා අසාර්ථකයි කියල කියන්නත් බෑ මහන උන කෙනාට මම සියලුදේම අත්හැරලා මහන උනා මගේ සහෝදරයා මිලමුදල් යාන වාහන පස්සේ යනවා එයා අසාර්ථකයි කියල කියන්නත් බෑ. ඒක සාපේක්ෂ දෙයක්. තමන් කරන දේ මොනවා උනත් අවසානේ සතුට , සැනසීම හොයන එක තමයි මිනිස්සු සාර්ථකත්වය විදියට දකින්නේ.