මොකක්ද මේ ක්වන්ටම් විද්‍යාව (Quantum Mechanics) කියන්නේ?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්වන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රභලතම පියවර වෙන්නේ Erwin Schrodinger කියන විද්‍යාඥයාගේ සමීකරනය (Schrodinger's Equation)
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    අපිට ඔය කතා ඔක්කොම A/L class එකේදි කියල දුන්න නිමල් හෙට්ටිආරච්චි sir, පේරාදෙණිය යුනියෙ ක්වන්ටම් ප්‍රොෆෙසර්.. දන්න අඳුරන අය ඉන්නවද කිරියෙ?:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට ඔය කතා ඔක්කොම A/L class එකේදි කියල දුන්න නිමල් හෙට්ටිආරච්චි sir, පේරාදෙණිය යුනියෙ ක්වන්ටම් ප්‍රොෆෙසර්.. දන්න අඳුරන අය ඉන්නවද කිරියෙ?:yes:

    Klayak contacts thibba
     

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    ක්වන්ටම් විද්‍යාව තමයි දැනට ලෝකේ පිළිගන්නේ නවීනතම විද්‍යාව හැටියට. මොකක්ද මේ ක්වන්ටම් විද්‍යාව කියන්නේ. :eek:

    ක්වන්ටම් විද්‍යාව ආරම්භය වෙන්නේ ක්වන්ටම් භෞතික විද්‍යාව (Quantum Physics/Mechanics) සමග:cool: දැන් එය සියලු විද්‍යාවන් කරා පැතිරී තියෙනවා. ක්වන්ටම් ජීව විද්‍යාව, ක්වන්ටම් පරිගණක විද්‍යාව, ක්වන්ටම් මනෝ විද්‍යාව වගේ සියලුම විද්‍යාවන් දැන් ක්වන්ටිකරණය(Quantization) වෙලා තියෙනවා. :)

    මේ සියලු දේ අරබෙන්නේ Max Planck කියන ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයා සමග :yes:. 20 වෙනි සියවසේ අන්තිම කාලේදී සම්ප්‍රදායික/පුරාණ භෞතික විද්‍යාවට (Classical mechanics/Newtonian Mechanics) ආපු විශාලම අභියෝගය උනේ කෘශ්ණ වස්තු විකිරණය (Black Body radiation) කියන සංසිද්දිය පැහැදිලි කිරීමට අසමත් වීම :sorry:. 1900 දී Max Plank පරමානු/අනු ඉතා කුඩා දෝලක (oscillators) ලෙස උපකපනය කර කෘශ්ණ වස්තු විකිරණය කියන සංසිද්දිය ඉතා සාර්ථකව පැහැදිලි කරනවා.

    මේ සියලු ක්වන්ටම් විද්‍යාවන් ආරම්භ වෙන්නේ මේ සරල සමීකරණයෙන්. :cool:
    planck_equation.jpg


    planck.jpg


    නමුත් එතනින් එහාට කවුරුත් මේ සමීකරණය යොදාගත්තේ නෑ. කෘශ්ණ වස්තු විකිරණය කියන සංසිද්දියයට පස්සේ පුරාණ භෞතික විද්‍යාවට තවත් විශාල අභියෝගයක් ආවා. ඒ තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය (Photo electric effect) කියන සංසිද්දිය පැහැදිලි කිරීමට අසමත් වීම. මේ සංසිද්දිය පැහැදිලි කරන්නේ අපි කවුරුත් දන්න අල්බෙර්ට් අයින්ස්ටයින් 1905 දී :cool:. අයින්ස්ටයින්ට මේ පැහැදිලි කිරීම සදහා තමයි Nobel prize එක ලැබෙන්නේ. ඒ වෙනකොටත් අයින්ස්ටයින් විශේෂ සාපෙක්ෂ්තාවාදය ඉදිරිපත් කරලා තිබ්බේ. නමුත් ඒක ඒ වෙනකොට පිළිගෙන තිබුනේ නැ. (විශේෂ සාපෙක්ෂ්තාවාදය ගැන දැනගන්න මේ Tread එක කියවන්න http://www.elakiri.com/forum/showthread.php?t=1723829) අයින්ස්ටයින් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන සංසිද්දිය පැහැදිලි කරන්නේ Max Planck ගේ සමීකරණය යොදාගෙන. සියලු විද්‍යුත්-චුම්භක තරංග ශක්ති පැකට්ටු (Energy packets) වලින් සමන්විත වෙනවා එම ශක්තිය Max Plank ගේ සමීකරණයෙන් ලබා දෙනවා කියන උපකල්පනය මත. අද දකින Laser, LED bulbs සියලු දේ පදනම් වෙන්නේ මේ උපකල්පනය මත. ඒක නිසා ක්වන්ටම් භෞතික විද්‍යාවේ පියවරු දෙන්න ලෙස හැදින්වෙන්නේ Planck සහ අයින්ස්ටයින්. නමුත් පස්සේ කලෙක අයින්ස්ටයින් ක්වන්ටම් භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන පස්සේ බලමු. :nerd:

    ක්වන්ටම් භෞතික විද්‍යාවේ අත්භූත බව පටන් ගන්නේ Davisson–Germer කියන විද්‍යාඥයන් දෙදෙනා කරපු Double Slit Experiment කියන පරීක්ෂණයෙන් පස්සේ. මේ පරීක්ෂණයේ ප්‍රතිපල තේරුම් ගැනීමට තවමත් භෞතික විද්‍යාඥයන් උත්සහ කරනවා. මේ පරීක්ෂණයේ නිගමනය උනේ එකම ඉලෙක්ට්‍රෝනයකට එකම වෙලාවේ තැන් 2ක ඉන්න පුලුවන් කියන එක :shocked:. ඊට පස්සේ සියලුම භෞතික විද්‍යාඥයන් ක්වන්ටම් භෞතික විද්‍යාව තේරුම් ගැනීමට උත්සහ කරනවා සහ විවිද පරීක්ෂණ කරනවා. ඒ අතර Neils Bohr, Paul Dirac, Enrico Fermi, Heisenberg, Erwin Schrodinger වගේ විද්‍යාඥයන් ක්වන්ටම් භෞතික විද්‍යාව වර්ධය කරා ඒ අතරේ අයින්ස්ටයින් ක්වන්ටම් භෞතික විද්‍යාව අසත්‍යක් බව ඔප්පු කරන්න මහන්සි උන. එකට හේතු උනේ ක්වන්ටම් භෞතික විද්‍යාවේ තියෙන අත්භූත බව හා ඕනෑම දෙයක් සිදුවීමට සම්භාවිත්වක් ක්වන්ටම් භෞතික විද්‍යාව තුල තියෙන නිසා. මොකද අයින්ස්ටයින් කොයි වෙලාවකවත් අත්භූත දේවල් හෝ සම්භාවිතාවක් ගැන විශ්වාස නොකර නිසා. :no:("Quantum mechanics is very impressive. But an inner voice tells me that it is not yet the real thing because God does not play dice" -Albert Einstein)

    ක්වන්ටම් භෞතික විද්‍යාවේ ප්‍රභලතම පියවර වෙන්නේ Erwin Schrodinger කියන විද්‍යාඥයාගේ සමීකරනය (Schrodinger's Equation)
    seq13.gif


    මේ සමීකරණයෙන් තමයි ක්වන්ටම් භෞතික විද්‍යාවේ සියලු ගණනයන් කරන්නේ. භෞතික විද්‍යාවට සම්බන්ධ සියලු දෙනා මේ සමීකරණය දවසට තුන් හතර සැරයක් විසදනවා ;). මේ සමීකරණයෙන් පෙන්නන්න පුලුවන් ඕනෑම වස්තුවකට එකවර තැන් කිහිපයක ඉන්න පුලුවන් සම්භාවිතාව :shocked:. හැබයි ඒ සම්භාවිතාව විශාල වස්තු සදහා අඩු අගයක් ගන්නේ. සමහරු මේ සදහා අර්ථකතන දෙනවා අපේ ශරීරය එක තැනක තිබ්බට හිත වෙන ඕනෙම තැනක තියෙන්න පුලුවන් වගේ දේවල් මේ සමීකරණයෙන් පෙන්නන්න පුලුවන් කියල:oo:. මේ සමීකරණය විසදලා එකේ ප්‍රතිපල හා ඒ සදහා තියෙන පරීක්ෂණ කරපු කෙනෙක්ට මේ අපි දකින දේ සත්‍ය නෙමයි කියල හිතෙන වාර ගාන අනන්තයි. :yes:

    කොහොම හරි අද වෙනකොට ක්වන්ටම් භෞතික විද්‍යාවේ සත්‍ය ඉතා හොදින් වැටහ ගන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා;). අද තියෙන ඉතා සංකීර්ණ ඉලෙක්ට්‍රොනික පරිපත, I.C නිර්මානය කරන්න, radar, laser beam වලට ක්වන්ටම් භෞතික විද්‍යාවේ සිද්ධන්ත පාවිච්චි කරනවා :cool:. ක්වන්ටම් මනෝ විද්‍යාව අද වෙනකොට නැවත වරක් ඉපදීම ගැන කතා කරනවා. තව මේ ක්වන්ටම් භෞතික විද්‍යාවේ විශවාස කරන්න බැරි අත්භූත දේවල් ගොඩක් Schrodinger's Equation වලින් අනුමාන කරන්න පුළුවන් quantum entanglement වගේ සංසිද්ධි. එක ගැන වෙන වෙලාවක කියන්නම්. :nerd:

    සමහරු කියනවා ක්වන්ටම් භෞතික විද්‍යාව සත්‍යට ඉතා අසන්න බවයි. මගේ අදහස නම් ක්වන්ටම් භෞතික විද්‍යාව පරම සත්‍ය වන බෞද්ධ දර්ශයනයට ඉතා අසන්න බවයි. මට ඒ සදහා ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්. :)


    quote-i-think-i-can-safely-say-that-nobody-understands-quantum-mechanics-richard-feynman-228654.jpg

    patta machan rep+++