යෙහොවා සාක්ෂිකාරයෝ කියන්නේ යේසුස් වහන්සේ අදහන අය නොවේ ඒ අය අදහන්නේ Antichrist ව
මෙන්න ඒ ගැන බයිබලයේ තියන විදිය
මතෙව් 13 : 24-30
24 උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.
25 මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය.
26 කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය.
27 එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳි කොයින්දැයි ඔහුට කීවෝය.
28 සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය.
29 එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරල්ලා; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමග ඉදිරෙන්ට පුළුවන.
30 කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට ඇරපල්ලා. කපන කාලයේදී-පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බැඳපල්ලා. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරපල්ලායයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.
මතෙව් 13 : 34-43
34 යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක.
35 මෙසේ වූයේ- උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.
උපමාව තේරුම්කර දීම
මතෙව් 13 : 36
36 එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය.
37 උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම්
මනුෂ්‍ය පුත්‍රයාය (යේස්සු වහන්සේ);
38 කෙත නම් ලෝකයය; හොඳ බීජ නම්
රාජ්‍යයේ පුත්‍රයෝය(පියානන් වහන්සේ, පුත්‍රයානන් වහන්සේ ශුද්ධාත්මයානන් වහන්සේගේ ත්‍රිත්වය ප්‍රකාශ කරන ක්‍රිස්තියානි සභාව); කිරිඳි නම්
නපුරාගේ පුත්‍රයෝය (යෙහොවා සාක්සිකාරයො); ඒවා වපුළ සතුරා නම්
යක්ෂයාය(Antichrist ).
39 කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය.
40 එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය.
41 මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට,
42 ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.
43 එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.
Holy Bible Sri Lanka 2.0
http://tiny.cc/biblelkios
http://tiny.cc/biblelkandroid