මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගොඩාක් අය මේකෙ අහලා තිබ්බ කොවිඩ් හැදුනහම බොන්න ඕනේ බෙහෙත් ගැන,, එඈඅට විවිද උත්තරත් දාල තිබ්බ Vit C, D, Zincovit වගේ පිලිතුරු..

    අපි මුලින්ම තෙරුම්ගමු තමන්ගෙ Covid level අදුරගන්නෙ කොහොමද??.. PCR එකක් කොහොමද කියවන්නේ කියන එක..

    ඔයාලගේ PCR එකේ බලන්න තියනවා CT Value කියලා එකක්.. ඔය පහල තියෙන්නේ මගේ වාට්ටුවෙ මම කරපු PCR එකක්... එකෙ බලන්න CT Value එක.. මේකෙන් මොකක්ද කියැවෙන්නේ..

    9e6efe92-9b95-4d18-b841-f4a5b2a52c52.JPG

    CT Value (Cycle Threshold)

    මොකක්ද මේ RT - PCR එකක් කියන්නේ
    Reverse transcription polymerase chain reaction (RT-PCR)

    කෙටියෙන්ම කිව්වොත් මේකෙදි අපි කරන්නේ Virus RNA එක වෙන් කරගෙන, ඒක විශේශ වූ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් මෙන්න මේ RNA එක අදුර ගැනීමයි,, ඇත්තටම මීට වඩා සන්කීර්න ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්න, ඒ කියන්නේ ඉතාම කුඩා Virus ප්‍රමනයක් උනත් මෙ ක්‍රමයෙන්වෙ detect නවා...

    එතකොට Rapid Antigen (RAT)???

    මේකෙදි අදුරගන්නෙ Virus ප්‍රෝටීනයි.. මේක ගොඩාක්ම ගැලපෙන්නේ රෝග ලක්ශන තියෙන අයටයි.. RAT Positive කියන්නේ ඔයාට තියෙන්නේ High viral load එකක්, ඔයාගෙන් තව කෙනෙක්ට හැදෙන්න ලොකු අවස්තාවක් තියනව... එතකොට Low viral load තියෙන කෙනෙක්ගෙ මෙක NEGATIVE වෙන්න තියෙන අවස්තාව වැඩියි... ඒ අයට PCR පරීක්ශනයකුත් කිරීම ඉත වැදගත්.. දැන් මම උඩින් දාපු .PCR report එක අයිති පුද්ගලයාට මම RAT එකකුත් කලා, නමුත් ඒක Negative...

    දැන් බලමු CT Value (Cycle Threshold) එක ගැන.

    කෙටියෙන්ම කිව්වොත් virus එක detect කරගන්න test එක run වෙන්න ඕනෙ cycle ගනනයි... Cycle ගනන අඩු වෙනවා කියන්නේ CT VAlue එක අඩුයි... වැඩි වෙනවා කියන්නේ CT value එක වැඩියි... එහෙනම් CT VAlue එක වැඩි උන කියලා නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, අඩු උනොත් තමයි...

    සාමාන්‍යයෙන් CT එක 35 අඩු උනොත් තමයි අපි Positive කියලා කියන්නේ, හැබැයි 35ට වැඩි වෙලා Neg කියලා report එකක් ආවා කියල Covid නැහැ කියන්න බැහැ, මොකද ඒ අවස්තාවෙ ඔයගෙ CT එක තමයි ඒ, ඕක වෙනස් වෙන්න පුලුවන්...

    අනික් එක .CT Value එකෙන් කියවෙන්නේ නැහැ ඔයගෙ රෝගයේ severity එක, එහෙමත් නැත්නම් අමාරු වෙනවද නැද්ද කියන එක... නමුත් ඒකෙන් කියැවෙනවා ඔයගෙන් රෝගය බෝ කිරීමේ හැකියාව, CT value එක අඩු වෙනවා කියන්නෙ ඔයාගෙන් රෝගය බෝ වීමෙ හැකියාව වැඩියි..

    දැන් හිතන්න ඔයාට පොසිටිව් උන කියලා...

    ඔයව Home Quarantine/ Intermediate or Treatment center එකකට දානවද, Discharge කරනවද කියන එක අදාල පුද්ගලයින් විසින් තීරනය කරයි...
    අලුත්ම Circular එකේ හැටියට CT Value එක 30ට වැඩිනම් අපි කිසිම Quarantine එකක් කරන්නේ නැහැ, කෙලින්ම ගෙදර යවනවා,, සාමන්ය විඩිහට වැඩ ටික කරන් යන්න කියලා, නමුත් තමුන්ට Covid තියෙනව කියන එක ගැන සිහියෙ තියාගන්න වෙනවා...

    දැන් බලමු මොනවද ඕනෙ බෙහෙත්..

    රෝග ලක්ශන නැති හා මද රෝග ලක්ශන තිබෙන නිවෙස් වල හා අතර මැදි මද්‍යස්තාන වලට දාන අයට අපේ National Guideline එකෙ බෙහෙත් දෙන්න කියලා නැහැ.... අපි කියනව ඒකට Supportive & Symptomatic care කියලා..
    අනික් විශේෂ දෙය තමයි එයාලට තියෙන දියවැඩියාව, ප්‍රෙශර්, වකුගඩු අමාරුව, හදවතේ ප්‍රශ්න මේවා ටික හරියට control කරන්න ඕනේ...

    නමුත් Intermediate Center එකක වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මම කරන දේවල් තමයි මේ...
    අතට පැනඩෝල් දෙනවා ඕනෙ වෙලාවට ගන්න.
    දවසට දෙසැරයක් ගන්න VIT C දෙනවා (නමුත් මෙයින්ව Covid ලට විශේෂ හොදක් වෙන්නෙ නැහැ, පුරුදක් විදිහටයි දෙන්නේ.)

    Vit C, ZIncovit, Vit D ගන්න කියල කීප තැනකම තිබ්බ, අපිත් දෙනවා, නමුත් Placebo effect එකක් ඇරෙන්න Covid සුව වීම ඉක්මන් වීමක් නැහැ...

    Zinc දෙන්න එපා කියල trials කිහිපයක්ම තියනවා.....

    අපි centers වල බෙහෙත් දෙන්න හේතුව තමයි බෙහෙත් නොදුන්නොත් හතර වටෙන් අපිට calls එනවා ලේඩා ගැන බලන්නෙ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ කියලා,, මේකයි ඇත්ත... මේ බෙහෙත් ටික දෙන්නේ හිත සතුටු කරන්න...

    දැන් ප්‍රශ්නෙ තමයි බෙහෙත් නැතුව ඛොමද සනීප වෙන්නේ?? අපි පොඩි කාලෙ හෙම්බිරිස්සවක් හෙදුනහම අම්මලා මොකද කරන්නෙ??? අන්න ඒ ටික කරන්න..

    මූලිකම දෙ සැහැල්ලු වෙන්න.. බය නැති කරගන්න, මේක මහ බයානක ලෙඩක් කියලා හිතන්න එපා...
    උනු වතුර විතරක්ම බොන්න, හුමාලය අල්ලන්න, දවසකට දෙවරකට වඩ එපා ඒකත්..
    කොත්තමල්ලි සුවදරනි වගෙ දෙවල් බිව්වට කමක් නැහැ..

    ආයෙත් කියනව Vit C, D, Zinc ගැන කරපු Trial වලින් හොයාගේ තියනවා මේවායෙන් Covid සුව වීම ඉක්මන් වීමක්වත්, අමාරු වීම අඩු වීමක් වත් වෙන්නේ නැහැ...

    අනික් එක තමයි Vaccine එක. ඔයාට රෝගය වැලදිලා කොච්චර කාලෙකින්ද Vaccine එක ගහන්න පුලුවන්?
    Positive උන දිනයේ ඉදන් සති 4කින් තමයි ගහන්න කියලා reccommend කරලා තියෙන්නේ, ඒ කියන්නෙ නිරෝදායන සති දෙකෙන් පස්සෙත් තව සති දෙකක් ඉන්න ඕනේ..

    පරිස්සන් වෙන්න, මොනවහරි අහන්න තියෙනවනම් අහන්න...
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Mata sinopharm 2nd dose gahapu wele idan fever awa.. eeka gahanna kalin kisi awulak thibune na.. ewele wassa nisa mawa tikak themuna vehicle trouble ekak apu nisa. Edama hawasa doctor hambenna giyama behethak dunne na. Panadol tikak beela inna kiwwa. Man 2nd dose gatthe 10 wenida.. dan nam fever na. Eth aga ridenawa. Kammaliy.. Oximeter eke 97-98 wage pennanawa..

    Suwadada danenne na. Rasa danenneth na
    Husma ganna noticeable amaruwak na.. hathiyak enne na

    Man PCR ekak da karanna ona Antigen test ekak da.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    Oka dose eke effect ekak ban.anika baya unamath oya leda tika enawa.
     
    • Like
    Reactions: Ozone4

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Oka dose eke effect ekak ban.anika baya unamath oya leda tika enawa.
    Ehema wennath puluwan. Eth nikan ignore karala hitiyoth kelawei kiyala bayai. Ada test ekak karaganna ona. Pcr ekak karanna thamai hithuwe nam
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mata sinopharm 2nd dose gahapu wele idan fever awa.. eeka gahanna kalin kisi awulak thibune na.. ewele wassa nisa mawa tikak themuna vehicle trouble ekak apu nisa. Edama hawasa doctor hambenna giyama behethak dunne na. Panadol tikak beela inna kiwwa. Man 2nd dose gatthe 10 wenida.. dan nam fever na. Eth aga ridenawa. Kammaliy.. Oximeter eke 97-98 wage pennanawa..

    Suwadada danenne na. Rasa danenneth na
    Husma ganna noticeable amaruwak na.. hathiyak enne na

    Man PCR ekak da karanna ona Antigen test ekak da.
    Vaccine effect eka wenna athi bro,, thawa dawas 3k wage yanakota aduwak nowunoth RAT ekak karaganna..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    බොහොම ස්තුති මගේ රැපිඩ් අන්ටිජෙන් එක පොසිටිව් උනා පස්සේ ගද සුවද රස නැතුව ගිය දවස් කිහිපයක් කැස්ස තිබ්බා තද උන එක්ක දැන් කැස්ස අඩුයි තද ඔලුවේ කැක්කුම උන ගතිය තාම තියෙනවා .දවල් ටැප් එක ඇරලා ඇත හෝදන්න ගියාම අතට වතුර වැටුනම තද කැක්කුමක් අවා මස් ගලවනවා වගේ කැක්කුමක් .අගත රිදෙනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Thank you very much! Hope you'll stay safe doc.
    Meantime please create more medical based threads if you have time.

    බොහොම ස්තුති මගේ රැපිඩ් අන්ටිජෙන් එක පොසිටිව් උනා පස්සේ ගද සුවද රස නැතුව ගිය දවස් කිහිපයක් කැස්ස තිබ්බා තද උන එක්ක දැන් කැස්ස අඩුයි තද ඔලුවේ කැක්කුම උන ගතිය තාම තියෙනවා .දවල් ටැප් එක ඇරලා ඇත හෝදන්න ගියාම අතට වතුර වැටුනම තද කැක්කුමක් අවා මස් ගලවනවා වගේ කැක්කුමක් .අගත රිදෙනවා
    Dan kochchara dawasda bun?
    ------ Post added on Aug 13, 2021 at 1:43 PM
     
    • Like
    Reactions: divoomdelux